Monday, October 27, 2014

ශ්‍රී දළදා මාළිගාව

ශ්‍රී දළදා මාළිගාව


(ශ්‍රී දළදා මාලිගාව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී දළදා මාළිගාව
Zahntempel Kandy.jpg
ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාව
තොරතුරු
සංස්ථාපනය1595
නිර්මාතෘ(න්)පළමුවන විමලධර්මසූරිය
භික්‍ෂූන් වහන්සේ(ලා)අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′38″N 80°38′19″Eඛභ්ඩාංක7°17′38″N 80°38′19″E
වෙබ් අඩවියwww.sridaladamaligawa.lk
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

වෙනත් නම්

දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.

දළදා වහන්සේ

මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.

දළදා මාළිගාවේ පිහිටීම

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාළිගයේ ඉතිහාසය

Dalada Maligawa Sri Lanka H.jpg
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. අස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

දළදා මාළිගයේ ගොඩනැගිලි

වැඩසිටින මාළිගය

අලුත් මාළිගය

පත්තිරිප්පුව

ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.

දියවඩන නිළමේ තනතුර

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.
කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.
"කොට්ටෙ කළාලේ කිසිල්ලේ
දත මැද ගෙන යන්න රාළේ"
ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.
පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.
මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.
දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.
ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.
දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.
වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.

සිව් මහා දේවාල

දළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවාසෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.
  1. නාථ දේවාලය
  2. විෂ්ණු දේවාලය
  3. කතරගම දේවාලය
  4. පත්තිනි දේවාල

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

Kandy-llibresagrat3.jpg
Kandy-llibresagrat2.jpg
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
  1. සමාධි පිළිමය
  2. පැරණි ධාතු කරඩුව
  3. සිරි පතුල
  4. රිදී කලය
  5. කැටයම් කරන ලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.
දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.
හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.
ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.
1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,

ආශ්‍රිත ලිපි

පින්තූර ගැලරිය

පත්තිනි දේව පූජා

පත්තිනි දේව පූජා



This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.

හැඳින්වීම

පතිවෘත්තාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් සිදු වූවකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකතු වී ගමට සෙතක් ශාන්තියක් සලස්වා ගැනීමත්, ගමේ සාමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමත්, පත්තිනි දේව පූජා වලින් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම පත්තිනි දේවිය ඇදහීම වැඩි වශයෙන් සිදුවන අතර එහිදී වඩා වැදගත් වන කිරි අම්මාවරුන්ගේ දානය, අං කෙළිය හා පොල් කෙළිය සම්බන්ධයෙන් විමසීමක් කෙරේ.

කිරි අම්මාවරුන්ගේ දානය


This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
ඉතා පුරාණයේ සිටම ගම් වල පැවත එන චාරිත්‍රයකි කිරිඅම්මාවරුන්ගේ දානය. බොහෝ විට කාන්තාවකට දරු උපතක් සිදුවීමට පෙරාතුව හෝ පැපොල සරම්ප වැනි බෝවන රෝගයක් වැලඳුන විට හෝ කුඩා දරුවකුගේ කිසියම් අසනීප තත්වයක් නිසා හෝ එබඳුවූ අවස්ථාවක ඉක්මනින් නිරෝගී සුවය පතා කිරි අම්මාවරුන් සඳහා බාරයක් ගැට ගැසීම සිරිතකි.
බොහෝවිට බාරය සිදුවන්නේ බදාදා හෝ සෙනසුරාදා දිනකය. බාරය පිරිමහන්නේද එවැනිම වූ කෙම්මර දිනකදීය. මෙම බාරය සඳහා කිරි අම්මාවරු හත්දෙනෙක් යොදා ගැනීම වඩා ප්‍රකටය. කිරි අම්මාවරුන්ගේ දානයට අනිවාර්යෙන්ම සහභාගි කර ගනු ලබන්නේ දරුවන් වැදූ මව්වරුන් පමණය.
ආරාධනා ලැබූ කිරි අම්මාවරු උදෑසනම අදාල නිවසට පැමිණේ. ඔවුන්ට වාඩි වීම සඳහා බිම පැදුරු එලා ඊට උඩින් සුදු රෙදි පිරුවට අතුරා තබා තිබේ. වාඩි වූ පිරිසට කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ආදිය එක් වර්ගයකින් තුනක් බැඟින් ලැබෙන ලෙස තුන්වරක් බෙදයි. බොහෝවිට එය කරන්නේ අදාල බාරයට හේතු වූ පුද්ගලයා විසිනි.එසේම කිරිපැණි භාජනය බැඟින්ද ඒ කිරි අම්මාවරුන්ට පූජා කෙරේ. තවද බුලත් කොලයක් පුවක් ඉරුවක් කාසි වලින් පඬුරක්ද මෙසේ දෙනු ලැබේ. මේ කටයුතු සිදු කිරීමට පෙර හඳුන්කූරු දුම්මල වැනි සුවඳ වර්ග හා බුද්ධ පින්තූරයක් සමඟ පොල්තෙල් පහනක්ද දල්වා අම්මාවරුන් සමීපයේ තබනු ලබයි. මෙසේ මූලික කටයුතු අවසන් වීමෙන් වූ පසු කිරි අම්මලා ගෙදර අයද සමඟ පන්සිල් සමාදන්ව බුදුන් වැඳීමක් කරනු ලැබේ. එයින් පසු තෙරුවන් වැඳ පත්තිනි දේවිය සිහිපත් කරමින් යාතිකාවක් පලපුරුදු කිරි අම්මා කෙනෙකු විසින් සිදුකරනු ලැබේ.
සෙත් පැතීම සඳහා යොදා ගන්නා කවියක්
  එර්දි වෙලා උඩු ගුවනේ වඩින්නේ
  එර්දි සලුව ගෙන පවන් සලන්නේ
  සුද්ද ඇතිව දෙන දන් පිලිගන්නේ
  සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ

අං කෙළිය


This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
පත්තිනි දේවියට කෙරෙන උපහාරයක් හැටියට පැවැත්වෙන්නකි. ගම් දෙකක (උඩුපිල හා යටිපිල) දෙපිරිසක් එක්ව අන්දර කොවුලින් සකස් කරන ලද අං "අං රිකිල්ල" නම් තවත් ලොකු කඳක බැදගෙන අවුත් එකිනෙක ක්‍රමවත්ව පටලවා ගහක හා කඳක බැඳ රඳවා ඇද කඩා දැමීම එහි මූලික ක්‍රියාදාමයයි.
පත්තිනි දේවියගේ කතාවක එන සිද්ධියක් මෙම ක්‍රීඩාවට මුල් වූ සේ සලකනු ලැබේ. ඇය තම සැමියා වන පාලගයාර් සමඟ මල් නෙලන්නට ගියාය. පාලගයාර් ගසට නැග මල් කඩද්දී පත්තිනි බිම සිට මල් නෙළුවාය. ඒ අතර ඔවුන් මල් නෙළු කෙකි එකට පැටළිණි. එය ගලවා ගන්නට දෙදෙනාම නොකැමති වූහ. දෙදෙනා දෙපසට අදිද්දී පාලගයාර්ගේ කෙක්ක කැඩී ගියේය. අං කෙළිය පවත්වනු ලබන්නේ එම සිද්ධිය අනුස්මරණය කරන්නටය.
  පා ලඟ ගස උඩ ඉඳ මල් ඉත්තට කෙකි ලා
  ඊ ළඟ පත්තිනි මදවියගේ රන් කෙකි අවු ලා
  මෙ ලක්දිවේ හැම දෙවියෝ අදිති එක් වෙ ලා
  එදා පටන් මේ අං කෙළිය උපත ඇති වෙ ලා
මුළු ක්‍රීඩාව තුළම ඇත්තේ ආගමික මුහුණුවරකි. මල්පැල ඉදිකිරීම, පහන් දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම, කෙම්මර කිරීම ආදියෙන් ඒ වග පැහැදිලි වෙයි. එක් පිලක අඟ බිඳියාමෙන් ක්‍රීඩාව අවසන් වෙයි. එහෙත් ක්‍රීඩා වාරයක් අවසන් වීමට එක් අඟක් පිට පිට වාර තුනක් දිනිය යුතුය. එ

=[සංස්කරණය]

=====
සේ තුන්වරක් දිනන ලද අඟ රිදී මුදුවක් පලඳවා ගමේ දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

පොල් කෙළිය


This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
මෙයද පත්තිනි දේවියට කෙරෙන පූජාවක් හැටියට සලකනු ලබන්නකි. අං කෙළියේදී මෙන්ම පොල් කෙළියේදීද පොල් මල්පැල වල තබා දුම්මල අල්ලා පේ කොට වත් පිළිවෙත් අනුව සිදු කරනු ලැබේ. මෙහිදීද උඩුපිල යටිපිල වශයෙන් දෙපිලක් එක්ව තරඟ කරනු ලැබේ. එක් පිලකින් එවනු ලබන පොල් ගෙඩිය අනෙක් පිලේ අයකු විසින් පොල් ගෙඩියකින්ම ගසා බිඳ දැමීම මෙහිදී කරනු ලබන ක්‍රියාවයි.
පහරදීම සඳහා පොල් එවන්නාද පහර දෙන්නාද යන දෙදෙනාම හොඳ පලපුරුදුකාරයන් වීම මෙහිදී අත්‍යවශ්‍යවෙයි. එමෙන්ම මෙම ක්‍රීඩාවද සිදු කරනු ලබන්නේ කෙම්මර දවස්වල පමණකි.
  සෙල්ලම් සිරිපද මෙ අප රකිනවා
  පුල්වන් දෙවිරජ වරම් ලැබෙනවා
  පුල් පියුමක් දෙවි සුරත දරනවා
  පොල් පූජාවට වරම් ලැබෙනවා

  පද කර කවි කීව්වේ ඔබෙ නාමෙට
  ලෙඩ රෝ දුක් දුරුවෙයි ඔබෙ නාමෙට
  සියළු රෝග දුරුවෙයි තෙද හළඹට
  තෙද වරමක් ලැබුණා පොල් කෙළියට

පත්තිනි දේවිය

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • දැදුරු ඔය බඩ විත්ති. ඇන්.ටී.කරුණාතිලක
  • අපේ විත්ති. කේ.ඇම්.ධර්මදාස
  • විවිධත්ව‍යෙන් යුතු වයඹ සාහිත්‍ය වංශය. කේ.ඇම්.ධර්මදාස

පින

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති
සුබුද්ධික සුපින්වත,
මේ වස් කාලය යි. වස්කාලය යනු ගිහි, පැවිදි දෙපක්ෂයම පින් රැස්කර ගන්නා අවධියයි. දුරු රට බොහෝ කලක් විසූ අයකු තම රටට ආ විට ඤාතීහු, මිත්‍රයෝ ,සුහදයෝ ඉදිරියට ගොස් සිප වැළඳ පිළිගනිත් ද, පි‍්‍රය බස් කියත් ද, සතුටු වෙත් ද එසේම පුද්ගලයා පරලොව යද්දි පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඤාතියා වෙයි.හිතැති මිතුරායි, යහපත් වූ සුහදයා යි. පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යන තෑගි, සම්පත් නමැති අතෙහි දරා පිළිගන්නේ පිනයි.
ජීවිතය ඉපදීම හා මරණය උරුම කොට ඇත. සසර සැරිසරනා සියලු සත්වයෝ උපදිති; මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස් කරති. රැස් කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොටගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාදය වේ. කළණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කළණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායෑම වේ. එය සතුටයි. ‘චිත්තං පුණාතීති පුඤ්ඤං’ සිත පිනා යෑම පිනයි.’හදයං පුණාතීති පුඤ්ඤං’ හදවත පිනා යෑම පිනයි.
බණ නම් නිබොරුය මුනිවර යින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුයි. නිතර නිතර පින් කළ යුතුයි. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය, ඇති කර ගත යුතුයි.පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.
පෙරභවයන් හි රැස් කළ පින් මේ භවයේ දී පරිභෝජනයට ගනියි.මේ භවයේ රැස්කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදි අප අත නොහරින අපේ සෙවනැල්ල සේ සිටින්නේ පිනයි.
විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්තුව, පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනැවින් කියා පායි. බරණැස ඉසිපතනය අසල නන්දික නම් තරුණයෙක් වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන කෙරෙහි ප්‍රසන්නයි. පන්සල අමදියි. භික්ෂූන්ට උපස්ථාන කරයි. දන් දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මවුපියන්ට ඇප උපස්ථාන කරයි. ඔහුගේ ඇවැස්ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස් ඇත්ති ය.ඇවැස්ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියා ය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද යහපත්ව කටයුතු කරයි.මෙසේ වෙනස් වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි.ඕ ද එය පිළිගෙන ඉටු කරයි. මවුපියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය.රේවති ය එම නිවෙසෙහි ගෘහණිය විය. දරු දෙදෙනකුද ලැබීය.
නන්දික ඉසිපතනාරාමයට ගබඩා සතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්ටු සතරක සංඝාවාසයක් ඉදිකොට පිදීය. මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක් පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක් එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියකු නැති දෙවඟණන් පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල, තවමත් මිනිස් ලොව වසන, සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක් වී ය.මෙය මුගලන් හිමි පිරිස් මැද දී බුදුන්ට දැන්වූ කල එය එසේ වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.
නන්දික දුරක වෙළෙඳාම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. “මා පිටතට ගිය පසුත් භික්ෂූන් වහන්සේට, දුගී මගී යාචකාදීන්ට දෙන දන්වැට පවත්වාගෙන යන්න.” එහෙත් නන්දික ගිය පසු එම දන්වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා’ යි භික්ෂූන්ට නින්දා අපහාස වන අයුරින් දොස් පරොස් පවරයි.
නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවෙසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්ෂූන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක් ලබා දෙයි. රේවතිය ද තමන්ගේ යස ඉසුර නැති කළේ භික්ෂූන් වහන්සේ යැයි උන්වහන්සේට ගර්හා කරමින් කතා කරයි.
නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින් ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යැයි මුලින් ප්‍රසිද්ධ කොට යක්ෂයන් දදෙනෙකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් විථිවල ඇවිදවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස් නන්දිකගේ සුවඳ පැතිරී, දෙවඟණන් පිරිවැරි, රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යැයි කියයි. “ඒ මගේ පැරැණි සැමියා. මා මෙහි රඳවන්න යැ’යි රේවතිය ඉල්වයි. මෙහි සිටින්නේ පින් කළ අයයි, ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යැ’යි කියා සංසවක නම් අපායට ගෙන යයි.
ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍ර වලින් යුත්, ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්ත වූ ,නහය පැලී යන තරම් දුගන්ධය ඇති තැනකි.යොදුන් සියයක් උසය. යොදුන් සියයක් වටය. මේ ගුථ නම් නරකයෙහි වැටුණ සත්වයන් තියුණ තුඩු ඇති ඉහත දැක්වූ පණුවන් විසින් හාත්පසින්ම සිඳ මස් කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇටය, ඇට මිදිලු සිඳ මස් ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක් හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස් උගුලා කන්නේය. මිනිස් ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් මෙහි එක දවසකි. එයින් තිහක් මාසයකි. එයින් මාස දොළහක් අවුරුද්දකි. එයින් අවුරුදු දහස් ගණනක් මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස් දැමීය. මේ කතා පුවත් තුළින් මතු දැක්වෙන අදහස් අපට ලැබෙයි.
පින් මෙලොව දීම සැප ලබා දෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි.මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි.එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමණු වලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොව දී විපාක දෙයි. විපාක දුන් කල හෝ එය සකසා නොගත්තොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක් දුක් විඳියි.
එසේනම් දුර්ලභව මිනිස් භවයක් ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය කරුණාව දැක්වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසා නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතින්ට අනුව කම් සැප විඳීම, සත්‍ය වූ සමඟිය ඇති කරන්නා වූ ද ප්‍රිය වූ ද අර්ථවත් වචන කතා කිරීම,ලෝභි නොවීම, නිවැරැදි දැක්ම ආදි වශයෙන් වූ පින් කළ යුතුයි. කඨින චිවර, අටපිරිකර , සංඝාවාස, බණ පොත්, බුදුපිළිම හා වච්චකුටි පූජාව, සඟසතුව දන් දීම මේ ආදිය අට මහා පින්ය. ළිං පොකුණු, ශාලා,ඒ දඬු පාලම්, මල්වතු ,උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රි‍්‍ර දෙක්හි පින් වැඩෙන පින්කම්ය. විහාර ආරාම අතුපතු ගා පිරිසුදු කිරීම, මං මාවත් පිරිසුදු කිරීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, ආරක්ෂා කිරීම පිනකි. රත්නත්‍රයට ගරුකිරීම, මවුපිය නැඳිමයිලන්, වැඩිහිටියන් හා ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටු විය හැකි යහපතක් වූ සියල්ල පින්ය.
එසේ නොවන දේ පව් ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ.දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ.අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණ තුළ ඇති තතු නොකියයි.මේ නිසා වැරැදි වින්දනයක් ලබා දෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැකීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදි කෙලෙස් තුළින් හරයක් නැති දේ රැස් කරයි.නොදැනීම කරණ කොට ගෙන දුකට පත්වෙයි.
අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදු මඟයි.ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි ගමන් කිරීමෙන් සීල, සමාධි, ප්‍රඥා වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති පි‍්‍රය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින් මෝරා ගොස් සසර මඟ තරණය කොට විමුක්තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.