Showing posts with label වෙහෙර විහාර. Show all posts
Showing posts with label වෙහෙර විහාර. Show all posts

Friday, November 21, 2014

සඳහිරු සෑය

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය



ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවන රිය පෙරහර 12 වන දා කොළඹ සිට මහනුවරට 13 වන දා මහනුවර සිට අනුරාධපුරයට රිය පෙරහර ගමන් ගන්නා මඟ දෙපස දී මල් පූජාවට සැදැහැවතුන්ට අවස්ථාවක්






මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2010 නොවැම්බර් මස 22 වැනිදාය. එම සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය. තිස් වසරක් පුරා මෙරට ලොව දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැතිණි. එම බිහිසුනු යුද්ධය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර සාමයේ සංකේතයක් ලෙස එම සඳහිරු සෑය ඉදි වේ.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුළ මෙරට උපන් විශාල දරු පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ ය. ඒ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහාය. මව්කුසයේ සිටි අහිංසක දරුවන්ගේ සිට කිරි දරුවන්, ගැබිනි මව්වරුන්, ගොවියන්, වෘත්තිකයන්, පාසල් දරුවන්, විවිධ තරා තිරම්වල අහිංසක පුරවැසියන් භික්ෂූන් වහන්සේද ඇතුළු පදිකවේදිකාවේ සිට රටේ ජනාධිපතිවරු දක්වා යුද්ධය වෙනුවෙන් රටේ මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමිවුණි. හැමදෙනාම අනුස්මරණය කරමින්, ඒ හැම කෙනෙක්ම නැතිවීම තුළ ඒ ඒ අයගේ ඤාතීන්ට, ඒ ඒ අයගේ දරුවන්ට ඒ ඒ අයගේ හිතමිතුරන්ට සිදු වූ පාඩුව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. ඒ ඒ අයගේ ජීවිතවල පුද්ගල වටිනාකම් මෙතකැයි කියා තක්සේරු කළ නොහැකිය. එබැවින් ඒ සියලු දෙනාට පින් දෙන්නත්, එම ත්‍රස්තවාදය නිසා තමන්ට ඇති වී තිබෙන දුක, වේදනාව තුනී කර ගැනීමට ඒ අයගේ උදාර පරිත්‍යාගයට, අහිමිවීමට නැවත කළ හැකි වෙනත් දෙයක් නොවේ.
එබැවින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙස් විදෙස් වශයෙන් ලබාගෙන එම සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කර මෙතෙක් හෙළ රජවරුන් විසින් කරන ලද මහා නිර්මාණයකට සමාසන්නව සිදු කරන අද්විතීය අනුස්මරණීය පුණ්‍ය මහෝත්සවයකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පනාවකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදී. සඳහිරු සෑය ඉදිකිරීම් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේත් දේශීය හා විදේශීය දායකත්වය මත පේසා වළලු තුනේ ඉදිකිරීම් අවසන්කර ගර්භයේ ධාතු කුටිය ඉදිකිරීම් නිමවා මෙම මස 23 වන දා හයදහසකට අධික මහ සඟරුවන පෙරටු කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරේ. සඳහිරු සෑය නිර්මාණයේ දී එය පොළොව මතුපිට සිට උසින් අඩි 280 පමණ වේ. අඩි 50 කට ආසන්න පොළොව යට සිට පොළොව පාදම තිබේ. සඳහිරු සෑයේ විශ්කම්භය අඩි 255 කි. සඳහිරු සෑයේ වටප්‍රමාණය අඩි 802 කි. සඳහිරු සෑය නිර්මාණය කිරීමේ දී එය ලෝකයේ ඉදිවන විශාලම කලාගාරයක් බවටද පත් වේ. සඳහිරු සෑය වටා සලපතල මළුවට පහළින් කොටස විශාල කලාගාරයක් බවට පත් කිරීම සඳහා ජාතක කතා, බෝසත් සිරිත, අසිරිමත් බුදු සිරිත, ලංකා ශාසන ඉතිහාසය, දම්සක් පැවැතුම් සූත්‍රයේ අදාළ සංකල්ප මූර්තිමත් කෙරේ.
රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානය සිදුවූයේ කෙසේද? ඒ අයුරින්ම පෙර රජ දවස සිදුකළ සියලු පුද පූජා චාරිත්‍ර සියලු පූජා ද්‍රව්‍ය, රන් රුවන්, මුතු, මැණික් සියල්ල තැන්පත් කර එම ධාතු නිධාන පූජෝත්සවය පැවැත්වේ.
මෙම ඓතිහාසික අවස්ථාව මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්ද වනු ඇත. එබැවින් මෙය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය තුළ අපට වසර 1600 කට පසු දක්නට ලැබෙන, නැවත අපේ ජීවිතයේ පමණක් නොව ඇතැම් විට සංසාර ගමනේ දී බොහෝ කලකට පවා දක්නට නොලැබෙන ඉතාම පරම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවකි. එම මහඟු අවස්ථාව සියල්ලන්ටම සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමටද අවස්ථාව උදාවී ඇත. එම සඳහිරු සෑයේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමද උදාර පින්කමක් වනු ඇත.
සඳහිරු සෑය ජාති, ආගම්, ආදී කිසිදු භේදයකින් තොරව ඓතිහාසික පූජනීය වස්තුවක් ලෙසත්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන බුද්ධ පූජාවක් ලෙසත් සඳහිරු මහ සෑ ව්‍යාපෘතිය සඳහන් කළ හැකි ය. එම සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රිය පෙරහරෙන් වැඩම කරවීම මෙම 12 වන දා ආරම්භ කැරේ.
සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දා උදෑසන අරලියගහ මන්දිරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා වැඩම කරනු ඇත. ශ්‍රී දළදා මාලිගාවේ සිට නොවැම්බර් 13 වනදා අනුරාධපුරය වෙතද එම රිය පෙරහර පැවැත්වේ.
සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රිය පෙරහරකින් වැඩම කරවීම.
සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දින උදෑසන අරලියගහ මැදුරේ සිට රිය පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා ද, 2014 නොවැම්බර් 13 දින ශ්‍රී දළදා මාලිගාවේ සිට අනුරාධපුරය වෙතද ගමන් ගැනීමට නියමිතව ඇත. එහි ගමන් මාර්ගය සහිත විස්තර පහත පරිදි වේ.
2014 නොවැම්බර් 12 දින පෙරවරු 09.00 ට අරලියගහ මැදුරින් ආරම්භ කරන රිය පෙරහර ලේක්හවුස්, මරදාන දුම්රිය හන්දිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, ඇල්දෙණිය බැලුම්මහර ඔස්සේ නිට්ටඹුව වෙත පෙරවරු 11.00 වන විටද වේවැල්දෙණිය, වරකාපොළ, නෙලුම්දෙණිය හරහා කෑගල්ල වෙත පස්වරු 02.30 වන විටද මාවනැල්ල, කඩුගන්නාව, පේරාදෙණිය පසුකරමින් මහනුවර වෙත පස්වරු 5.30 වන විට පැමිණීමට නියමිතව ඇත.
2014 නොවැම්බර් 13 දින පෙරවරු 09.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කර අඹතැන්න, මාවතපොල හරහා මාතලේ වෙත පෙරවරු 10.45 වන විටද පලාපත්වල, හුන්ගන්වල පසුකරමින් නාවුල වෙත පස්වරු 12.30 වන විටද ලේනදොර හරහා දඹුල්ල වෙත පස්වරු 02.00 වන විටද මඩාටුගම පසුකර කැකිරාව, වෙත පස්වරු 3.00 වන විටද මරදන්කඩවල වෙත පස්වරු 04.00 වන විටද ගල්කුලම වෙත පස්වරු 6.00 වන විටද කවරක්කුලම හන්දිය පසුකරමින් අනුරාධපුරය වෙත පස්වරු 07.00 වන විට ළඟා වීමට නියමිතව ඇත.
එම රිය පෙරහර ගමන් කරන මාර්ගයේ දී මඟ දෙපස සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙත මලින් පූජෝපහාර දැක්වීමට සැදැහැවතුන් සඳහා අවස්ථාව උදාවී ඇත. මෙම මස 14 වන දා සවස 5 ට රුවන්වැලි මහ සෑය අබියසදී විශේෂ කප්රුක් පූජාවක්ද, එමෙන්ම අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ අබියසදී ද ආගමික වතාවත් සිදු කෙරෙන අතර එය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ද විශේෂ ආගමික වතාවත් සිදුකර එදින රාත්‍රී 9 ට පමණ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ සති පිරිත් දේශනාව සඳහා ගරුතර මහා සඟරුවන සඳහිරු සෑ පරිශ්‍රයට පුද පෙරහරෙන් වැඩම කරවනු ලැබේ. එදින රාත්‍රී සත් දින පිරිත් දේශනාවද ආරම්භ කැරේ.
මෙම මස 15 වන දා සිට 21 වන දා දක්වා එම ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා මහජනතාවගේ වන්දනාවට පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා විවෘතව පවතී. සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය නිමිත්තෙන් මෙම 21 වන දා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දී විශේෂ බෞද්ධ සම්මන්ත්‍රයක්ද පැවැත්වේ. 23 වන දා ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය සිදු කෙරේ.

Tuesday, November 4, 2014

අනුරාධපුර රුවන්වැලි සෑය




ජය ශ්‍රී මහා බෝධින්වහන්සේට උතුරු දෙසින් හා ථූපාරාමයට දකුණු දෙසින් දුටුගැමුණු මහ රජතුමා විසින් කරවන ලද පළමු වන විශාල දාගැබ වශයෙන් සැලකෙන ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ පිහිටා තිබේ.

රුවන්වැලි මහා සෑය
“කකුද” නම් වැව කෙළවර පිහිටවූ ටැම් ලිපියට අනුව ක්‍රි. පූ: 138 දී දුටුගැමුණු මහ රජතුමා විසින් මෙම ස්තූපය ගොඩනඟන ලද බව සඳහන්ව ඇත. ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ද්‍රෝණයක් පමණ මෙහි නිධන් කොට ඇති බැවින් මහා ස්තූපය නමින් හඳුන්වන අතර, එනිසාම රුවන්වැලි මහා සෑය සැදැහැවතුන් හැම කෙනෙකුගේම ගෞරවනීය පූජනීයත්වයට පාත්‍රව ඇත.
වංශ කතාවල සඳහන්ව ඇති පරිදි මෙම ස්තූපයේ අවශ්‍ය බර පැන සඳහා අනුරාධපුර අවට ජනතාව විසින් රන් රිදී මුතු මැණික් හා තඹ ලබාදුන් අතර, ශක්‍ර දේවේන්ද්‍රයා විසින් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් සූදානම් කරදුන් බව පැවසේ. පසුකාලීන අභයගිරිය හා ජේතවනය වැනි විශාල ස්තූප ගොඩනැගුණ නමුදු “ රුවන්වැලි සෑය”, “ මහා සෑය,” “ මහා ථූපය” යන නම්වලින් සඳහන් කළේ ස්ථූප ගොඩනැගීමේදී පසුකාලීනව තරගකාරී බවක් ඇතිවී තිබූ බැවිනි. කිසිඳු ස්තූපයක මේ තරම් සර්වඥධාතුන් වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කොට නොමැති බැවින් අසමාන වූ ස්තූපයක් හැටියට “ මහා ථූපය” නමින් රුවන්වැලි මහා සෑය හඳුන්වනු ලබයි. පසුකාලීනව “ රත්නමාලි”, “ස්වර්ණමාලි” “හේමමාලි”, “රුවන්වැලිසෑ” යන නම්වලින් සාහිත්‍ය ග්‍රන්ථවල මෙම ස්තූපය හඳුන්වා ඇත. එකල ස්තූපය අඩි 120 ක් උස් විය. මෙහි වැඩ නිමවීමට ප්‍රථම දුටුගැමුණු මහ රජතුමා අභාවයට පත්වූ බැවින් සද්ධාතිස්ස රජු විසින් සෙසු වැඩ කොටස නිම කළේය. ඉන්පසු ලඤ්ජිතිස්ස රජතුමා වේදිකාව මත හුණුගල් අතුරණ ලද අතර කල්ලාගරාජ රජු වේදිකාව වටා වැලි මළුව සෑදූ අතර භාතිකාභය රජු තෙමහල් පේසාවක් සාදවා මතුපිට බදාම තැවරූ අතර, මහාභාතික මහානාග රජු ඇත් පවුර පුළුල් කර වැලිමළුව සාදවා ඇත. මේ ආකාරයට රුවන්වැලි සෑය ගොඩනැඟීමේදී දුටුගැමුණු මහ රජතුමා එහි ආරම්භකයා ලෙස කටයුතු කර ඇත. ඉන් පසු මෙම ස්තූපය ගොඩනැගීමේදී රජවරු විශාල ප්‍රමාණයකගේ දායකත්වය මේ සඳහා ලැබී ඇති බව සඳහන්ව ඇත.
වර්තමානයේ දක්නට ලැබෙන රුවන්වැලි මහා සෑය 1873 නාරංවිට සුමනසාර හිමියන් ප්‍රතිසංස්කරණය ආරම්භ කොට 1902 අගෝස්තු මාසයේ අනුරාධපුර රත්නමාලි චෛත්‍යය සංවර්ධන සමිතියට භාර කොට ඇත. වසර ගණනාවක ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු 1933 දෙසැම්බර් මාසයේ හතරැස් කොටුවේ ධාතු නිධන් කොට ඇත. 1940 ජුනි මාසයේ පොසොන් පොහොය දා කොත් පැළඳීම සිදු කෙරිණි. වර්තමානයේ ස්තූපය මුදුනේ දක්නට ලැබෙන චූඩාමාණික්‍ය බුරුම රටෙන් ලබාගන්නා ලද එකකි. 1970 දී සලපතල මළුවේ ඉතිරිව තිබූ නටබුන් අනුව සාදන ලද පරිවාර ස්තූ®ප හතරේ කොත් පළඳවන ලදී. ප්‍රතිසංස්කරණවලින් පසුව වර්තමානය වනවිට ස්තූපයේ උස අඩි 338 වන අතර පරිමාණය 942ක් වේ. රන් ආලේප කරන ලද කොත් වහන්සේ සහ චූඩාමාණික්‍යයේ උස අඩි 25 ක් පමණ වේ. අක්කර පහක ( 5 ) හතරැස් මළුව වටා පිහිටා ඇති මළුවේ එක් පැත්තක දිග අඩි 465 කි. පැරැණි ඇත් පවුර වෙනුවට අලුත් ඇත් පවුරක් තනා ඇති අතර පැරැණි ඇත් පවුරේ කොටසක් ද ඊට පෙර මළුවේ පැවැති කොටසක් ද, අලුත්වැඩියා නොකළ බස්නාහිර දෙසින් කොටසක්ද දක්නට ලැබේ. දුටුගැමුණු මහ රජතුමා සිහිවීමට කළ ස්මාරකයක් ලෙස හා ද්‍රෝණයක් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ නිධන් කොට තැනූ අනුස්මරණීය පූජනීය වස්තුවක් ලෙස මෙම ස්තූපය ඉතිහාසයට එක්වී ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ

මහා විහාර භූමියේ පූජනීය ස්ථාන අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රුවන්වැලි සෑයට දකුණු දෙසින් පිහිටා ඇති අතර දෙවන පෑතිස්ස රජු දවස සංඝමිත්තා තෙරණිය විසින් දඹදිව බුදුරජාණන් වහන්සේ පිටදුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කළ බවට ඉතිහාසයේ වංශ කතාවල සඳහන්ව ඇත.
ඓතිහාසික ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රෝපණය කිරීමට දෙවන පෑතිස් රජු අඩි 21 ක් උසින් යුත් ගොඩැල්ලක් තනා ඇත. එහි දිග අඩි 71 ක් වූ අතර පළල අඩි 57 ක් තිබුණ බව සඳහන් වේ. මාලක කිහිපයකට බෙදන ලද මෙම ගොඩැල්ලේ පළමු මාලයේ ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලදී. බෝධි මළුව පිළිබඳව සඳහන් කිරීමේදී ශ්‍රී මහා බෝධින් වහන්සේ වටා පරිවාර බෝධීන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් දක්නට ලැබේ. වන සතුන් බෝ මළුවට ඇතුළුවීම වැළැක්වීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ අත්ථදස්සී නම් හිමි නමකගේ මූලිකත්වයෙන් විශාල කළුගල් ප්‍රාකාරයක් කරන ලද්දක් බවත්, එය උසින් අඩි 10 ක් බවත් සඳහන් වේ. වර්තමානය වනවිට මෙම භූමිය තුළ තිබෙන යම් යම් ගොඩනැගිලිවල මුල්ම කාලයේ ස්වරූපය අද දක්නට නොලැබුණත්, ඊට වඩා දියුණු තත්වයෙන් මහජනයාගේ පහසුව සඳහා නොයෙක් ආකාරයේ අංගෝපාංග එකතු වී ඇත.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් තනා ඇති විහාර ගෙයි, පළමුවෙන්ම තනවා ඇත්තේ වසභ රජතුමාය. ඉන්පසු විවිධ වූ රජවරුන් යටතේ මෙම විහාර ගෙයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ඇත. අනිමිස ලෝචන ප්‍රතිමාව නමින් හැඳින්වෙන ගලෙන් නෙලන ලද බුදු පිළිමයක් ඇත් දළ පවුරෙන් වටවූ මළුවේ දකුණු පසින් දක්නට ලැබේ. මෙයට අමතරව සත් සතිය නමින් තවත් කුඩා පිළිම ගෙවල් කිහිපයක් ද (වර්තමානයේ දක්නට නැත ) නාගයකු පිටට නෙරවපු කැටයම් කරන ලද නාග කුලුනද මළුවේ දක්නට ලැබේ. මේවා වර්තමානයේ සුළු වශයෙන් වෙනස් වීමට භාජනය වී ඇත.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ මූලික කරගෙන විවිධ ආකාරයේ පුද පූජා, චාරිත්‍ර විධි වර්තමානයේදීත් එපරිදිම පවත්වනු ලැබේ. ප්‍රධාන වශයෙන්ම බෝධීන් වහන්සේ මූලික කරගෙන උත්සව අවස්ථා හතරක් පවත්වනු ලැබේ.

Monday, October 27, 2014

ශ්‍රී දළදා මාළිගාව

ශ්‍රී දළදා මාළිගාව


(ශ්‍රී දළදා මාලිගාව වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී දළදා මාළිගාව
Zahntempel Kandy.jpg
ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකාව
තොරතුරු
සංස්ථාපනය1595
නිර්මාතෘ(න්)පළමුවන විමලධර්මසූරිය
භික්‍ෂූන් වහන්සේ(ලා)අස්ගිරිය පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, මල්වතු පාර්ශවයේ මහනායක ස්වාමින්වහන්සේ, දියවඩන නිලමේ
රටශ්‍රී ලංකාව
ඛණ්ඩාංක7°17′38″N 80°38′19″Eඛභ්ඩාංක7°17′38″N 80°38′19″E
වෙබ් අඩවියwww.sridaladamaligawa.lk
ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති දළදා මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ.

වෙනත් නම්

දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ.

දළදා වහන්සේ

මහනුවර දළඳා මාළිගාවේ ඉදිරිපස පෙනුම
අතීතයේ සිටම ජනතාවගේ පිලිගැනීම වූයේ රටේ රජතුමාට දන්ත ධාතූන් වහන්සේගේ සහ පාත්‍රා ධාතූන් වහන්සේගේ භාරකාරීත්ව හිමි විය යුතු බවය. මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්‍රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ. මධ්‍යකාලීන යුගයයෙන් පසු පාත්‍රා ධාතූන් වහන්සේට සිදුවූදේ අභිරහසක්ව පවතී, එනමුත් දළදා වහන්සේ නිරුපද්‍රිතය.

දළදා මාළිගාවේ පිහිටීම

Sri Lanka - 029 - Kandy Temple of the Tooth.jpg
සෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල දළදා මාළිගාව පිහිටා ඇත. මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්‍රිකය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්‍රදේශ වේ.

දළදා මාළිගයේ ඉතිහාසය

Dalada Maligawa Sri Lanka H.jpg
මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්‍රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රි වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්‍රමබාහු (ක්‍රි.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්‍රි.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්‍රදේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්‍රවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්‍රාහ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්‍රමබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්‍රමබාහු රජසමයේ (ක්‍රි.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. අස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්‍රමබාහු (ක්‍රි.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැම්පත්කර චෛත්‍යක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්‍රි.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්‍රි.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්‍රි.ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්‍රි වික්‍රම රාජසිංහ (ක්‍රි.ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්‍රාසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්‍ර,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත.

දළදා මාළිගයේ ගොඩනැගිලි

වැඩසිටින මාළිගය

අලුත් මාළිගය

පත්තිරිප්පුව

ක්‍රි.ව. 1805 ති 1812ත් අතර ඉදිකර ඇත. ගෘහ නිර්මාණ සැලසුම අලකේෂශ්වර ඩිංගිරිඅප්පු හෙවත් දේවේන්ද්‍ර මූලාචාරී විසින් සිදුකර ඇත.

දියවඩන නිළමේ තනතුර

වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල
පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ක්‍රම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්‍රි දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.
කන්ද උඩරට පාලනය ඉංග්‍රිසින් අතට පත්වන විට ක්‍රි.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්‍රි . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. .
දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්‍ර සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්‍රථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ.
"කොට්ටෙ කළාලේ කිසිල්ලේ
දත මැද ගෙන යන්න රාළේ"
ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්‍යවහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී.
පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි.
මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්‍ය පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි.
මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්‍යරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්‍ය හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි.
දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්‍රිසි පාලකයන් විසින් තම රාජ්‍ය වගකීමෙන් මිදී ක්‍රි.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය.
ශ්‍රි දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්‍රි දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්‍රථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්‍ය බල මහිමයෙන් ලැබෙන භාග්‍යකයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්‍ය පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්‍රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්‍රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්‍රදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්‍රි දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්‍ය කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී.
දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ.
වර්තමානයෙහි ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර හා ක්‍රියාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්‍රි දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්‍රමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්‍යාධාර ප්‍රදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්‍යාධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්‍රි ලංකාවට පැමිණෙන විදේශ රාජ්‍ය අමුත්තන් ද මෙරට රාජ්‍ය පාලකයන් හා අන්‍ය ප්‍රභූවරු ද මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති.

සිව් මහා දේවාල

දළඳා මාළිගාව ආශ්‍රිත ප්‍රධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්‍රි විෂ්ණු , ශ්‍රි කතරගම, ශ්‍රි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවාසෙංකඩගල රාජකීය පරිශ්‍රය තුල පිහිටා ඇත. ශ්‍රි දළඳා මාළිගාවේ සතර මංගල්‍යයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්‍රි රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්‍රි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි.
  1. නාථ දේවාලය
  2. විෂ්ණු දේවාලය
  3. කතරගම දේවාලය
  4. පත්තිනි දේවාල

දළදා මාලාගවේ සතර මංගල්‍යයන්

සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය

දළඳා මාළිගාවේ ඇත් පන්තිය

SL52tooth.jpg
  1. සිංහ රාජා
  2. ඒකදන්තයා
  3. ඉන්දි රාජා
  4. සුමන
  5. විජය රාජා
  6. ජය රාජා
  7. කදිරා
  8. නාලක
  9. මියන් රාජා
  10. බුරුම රාජා
  11. මිගාර
  12. කාවේරි
  13. නවම් රාජා
  14. කණ්ඩුල

කෞතුකාගාරය

Kandy-llibresagrat3.jpg
Kandy-llibresagrat2.jpg
දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත.
  1. සමාධි පිළිමය
  2. පැරණි ධාතු කරඩුව
  3. සිරි පතුල
  4. රිදී කලය
  5. කැටයම් කරන ලද ඇත්දත් දෙක
  6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම
  7. කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය
  8. ලේන්සු
  9. හේමකඳ
ශ්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත.
දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්‍රී දළදා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.
හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.
ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්‍රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමාගේ කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්‍රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.
1814 වර්ෂයේදී ශ්‍රී වික්‍රමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්‍රි දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,

ආශ්‍රිත ලිපි

පින්තූර ගැලරිය

ගඩලාදෙණිය රජ මහා විහාරය

ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය වශයෙන් ද වහරනු ලැබෙයි.
කොළඹ සිට මහනුවර දක්වාදිවෙන ප්‍රධාන මාර්ගයේ 104 වැනි කි. මී.කණුව ( සැතැ. 65) අසලින් දකුණට ඇති දවුලගල පාරේ මීටර 900 ක් පමණ පැමිණ මෙම ස්ථානයට සමීප විය හැකි ය. ගම්පොල යුගයේ ඔටුණු පලන් රජවරයෙකු වූ iv වන බුවනෙකබාහු ( රාජ්‍ය වර්ෂ 1341 – 1351 ) රජතුමාගේ අනුග්‍රහයෙන් 1වන ධර්මකීර්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සේනාධිලංකාර ඇමැතිතුමා විසින් මෙය කරවන ලද බව වෙහෙරබිම ඇති ශිලා ලේඛණයේ සටහනින් සනාථ වෙයි. මෙය ගොඩනංවන ලද්දේ ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැළසුමකට අනුව ය.
ගම්පොළ යුගයේදී කරවන ලද විශේෂිත වූ විහාරස්ථාන ඇත්තේ ගඩලාදෙණිය රජ මහා විහාරය සහ ලංකාතිලක රජ මහා විහාරය පමණි. ගඩලාදෙණිය විහාරය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින්ම නිමවා ඇති නිසාම මෙහි විශේෂිත ආකර්ශනීය පෙනුමකින් අලංකෘත වී තිබේ. අපගේ පැරැණි විහාර ආකෘතියට වෙනස් වූ හින්දු දේවාල ගෘහ නිර්මාණ ශිල්පයට සමීප සම්බන්ධතාවයකින් මෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ දැක ගැනීමට ලැබෙයි. එම යුගයේ බෞද්ධාගමට හින්දු ආභාෂය කාන්දු වූ වටාපිටාවක් තුළ මෙම විහාරයට ද හින්දු දේවාලයක හැඩරුවට අනුගතවී ඇත. මෙම වකවානුවෙහි සිංහල රජවරු ඉන්දියාවෙන් ආනයනය කළ බිසෝවරුන් සරණ පාවා ගත් බැවින් රජතුමා විහාර වන්දනාවට යනවිට දේවියට හුරු පුරුදු වටාපිටාවක් ඇතිකිරීමේ න්‍යායෙන් මෙවන් විහාරස්ථානයකට හින්දු ලක්‍ෂණ සම්බන්ධ කළා විය හැක. මේ වකවානුවේම කළ මෙයට ආසන්නයේම ඇති ලංකාතිලක රජ මහා විහාරයේ ආකෘතියෙහි ද මෙවැනි ලක්‍ෂණ දැකගත හැකි වුව
ද එහි අපගේ සම්ප්‍රදායික ආකෘතියේ ස්පර්ෂයන් ද හඳුනාගත හැකිය.
එහෙත් ගඩලාදෙණිය විහාරය මතින් දිස්වන්නේ හින්දු දේවාලයකට ආවේනික වු බහුතර ලක්‍ෂණයන් ය. එක අතකින් මෙය අපගේ සම්ප්‍රදායික විහාර ආකෘතියට හිතුවක්කාර පෙනුමක් එක් කළ අභියෝගාත්මක ව්‍යායාමයක් ලෙස ද හැඳින්විය හැකි ය. එමෙන්ම ජාතීන් අතර විරසකය ආගමානුකූලව සමනය කළ සාමයේ සංකේතයක් ලෙසින් ද කෙනෙකුට සිතිය හැකි වේ. කැටයම් සහිත කළු ගලින් කළ විහාරය එකක් පස එකක් පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් ද සමන්විතව තිබෙ යි. එහි ඇතුල් කාමරය රියන් 12 ක් පමණ ලෙස විශේෂ ඔත් පිළිමයකින් හා හිටි පිළිම වහන්සේ සිව් නමකින් ද බිතු සිතුවමින් ද සැදුනේ වෙයි. පිට කුටියේ දකුණු පස බිත්තියෙන් පිටතට පන්නා ඇති කුඩා කුටිය මහා විෂ්ණු දේවාලය තනා ඇත.
විසිතුරු කැටයමින් යුතු ත්‍රිත්ව ගල් කණු දෙකකින් සමන්විත පිටත මණ්ඩපය ආකර්ශණීය වෙයි. කැපූ කළු ගලින් නිමැවූ විහාරයේ  පියස්ස ද නිමවා ඇත්තේ කළු ගලින්ම ය. උඩුමහලෙහි අටැස්කොට කැපූ ගලින් නිර්මාණය කර ඇති දාගැබ හැඩරුවින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය සිහි ගන්ව යි. මෙහි ප්‍රධාන පිළිම වහන්සේ හිඳි පිළිමයකි. ‘සෙල් ලිපියට අනුව මෙම පිළිමය හඳුන්වන්නේ ශක, බ්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරණ ලද වජ්‍රාසනාරූඩව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සාධාතුක මහ පිළිමය වශයෙනි. ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩහුන් පිළිමය තනා ඇත්තේ ගඩොල් සහ බදාම භාවිත කරමිනි. (ලක්දිව සුපතල බුදු පිළිම – මාලිංග අමරසිංහ ) ‘ගඩලාදෙනිය ඉතිහාසය’ නමැති පොත් පිංචෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කත්ඩක්කුලමේ ධර්‍මකීර්ති නාහිමි සඳහන් කර ඇත්තේ මෙය ශෛලමය පිළිමයක් බව යි. එහි මෙසේ ද සඳහන් වෙයි.
“ එතැන් පත්ව තිබූ ප්‍රතිමා වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ තව්තිසා දෙව් වැසි දෙවියන්ට විජම් බණ දෙසන අයුරු දැක්වෙන ස්වර්ණමය ප්‍රතිමාවකි. එම පිලිමය 1412 දී කෝට්ටේ රජ පැමිණි මඪ වැනි පැරකුම්බා රජු විසින් උළු සෙවිලි පියස්සක් කොට වටදා ගෙයක් සාදා මුළු ගොඩනැගිල්ලම කපරාරු කොට සිතියම් කිරීමෙන් ගොඩනැගිල්ලේ ශොභාන්විතත්වය පිරිහී ගිය නමුදු එහි චිරස්ථිතියට එය උපකාරයක් වී තිබේ” යනුවෙනි. “ ප්‍රතිමා ලක්‍ෂණ අනුව මෙය බොහෝවිට ලාංකීය බුදුපිළිමවල ඇති ලක්‍ෂණයන්ට පටහැනිව තනා තිබේ. බුදු පිළිමයේ ලක්‍ෂණ හින්දු දේව රූපවල දැකිය හැකි ලක්‍ෂණයන්ට බෙහෙවින්ම සමාන වන අතර කිසිඳු ආකාරයකින් එහි ශාන්ත බවක් නො පිහිටා තිබේ” (ලක්දිව සුපතල බුදු පිළිම මාලිංග අමරසිංහ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – පුරාවිද්‍යා අධ්‍යයන අංශය) සිද්ධස්ථානයේ ඇති තවත් විශේෂ සැමරුමක් වන්නෙ ඉදිරිපිට ගල් තලාවේ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය යි. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යොදා චෛත්‍යයට ආරක්‍ෂාව සළසා දී තිබේ. මෙය විජයොත්පහය චෛත්‍ය රාජයා වශයෙන් හඳුන්වයි.
ගලින් නිමවූ විහාර ගෙවල් 4 ක් සහ ඇත් රූප 8 ක් අට පැත්තෙන් තිබෙන සේ අඩි 12ක් පමණ උසට සෑදූ අඩිතාලමක් මත නිමැවූ මේ අපූරු නිර්මාණය පිළිසකර කරවා ඇත්තේ මඪ වන පරාක්‍රමබාහු
රජතුමා විසින් බව සඳහන් වෙයි. ඇත් රූ දළ පෘතුගීසීන් විසින් විනාශ කළ බවක් ද කියැවෙයි. ඓතිහාසික වටිනාකමකින් යුතු විහාර භූමියේ බෝධීන් වහන්සේ වටව ඇත්තේ ශෛලමය බෝධි ඝරයකිනි.
දඹදිව දෙව්රම් වෙහෙර සමීපයේ ආනන්ද බෝධියේ අංකුරයක් මගින් මෙය රෝපණය කර ඇත්තේ ද 1 ධර්මකීර්ති මාහිමි පාණන් විසිනි. උපෝසථාගාරය සහ සංඝාවාසය ද කලින් කළ ප්‍රතිසංස්කරණය වි
ඇතත් පැරැණි මුහුණුවර නොවෙනස්ව පැවැතීම භාගයකි.
කෙසේ වෙතත් ගඩලාදෙනිය රජ මහා විහාරය අපගේ විහාර වංශ කතාවේ තවත් එක්තරා විශේෂත්වයකින් හෙබි ජාතික උරුමයකි. යුගයක පිය සටහන් හඳුනා ගැනීමට අවැසි සාධක සොයා යන ගමනේදී ගවේෂකයකුට, නිරීක්‍ෂකයකුට ගඩලාදෙණිය ගල්තලාව මත නැවතී විමසීමට බොහෝ දේ ඉතිරිකර තබා තිබේ. මොනයම් වූ සමාජ පසුබිමක දමිළ වූ ආකෘතියකට සෑදුව ද නොසෙල්වන ශෛලමය ස්මාරකය සහිත. වෙහෙර බිමෙන් හමා එන්නේ සිත සංහිඳියාවට පමුණුවන සාමකාමී බව සන්නිවේදනය කරණා සුළං රැල්ලකි. ගඩලාදෙණිය ජාතික උරුමය අදත් නොනැසී පවතින්නේ විරසක
නොවූ එදා මිනිසුන්ගේ හිත් තුළ පැවැති සංයමයට පින්සිදු වන්නටය. එය හෙටත් සුරැකෙන්නේ එවන් මිනිසුන් නිසාම ය.

මහ රහතුන් වැඩි මග



අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම් බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340) විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
ඇත්තෙන්ම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය ගම්මැදි ඓතිහාසික විහාරස්ථානයක් නොවන බවත් එය ස්ථිර වශයෙන්ම යෝගාවචර භික්‍ෂූන් වෙනුවෙන් පරිසර පද්ධතියට අනුකූලව ගොඩනංවන ලද වන සෙනසුනක් බව සාක්‍ෂි දත්ත, නටබුන් ආදිය පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි නිගමනයකට එළඹිය හැකිව තිබේ.
මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කි. මී. 20 ක් පමණ ගිය තැන දී හමුවන ‘ඉබ්බාගමුව‘ මංසන්දියෙන් ‘මඩගල්ල’ පාරේ පැමිණ ‘අරන්කැලේ’ ග්‍රාමයට ළඟා වීමෙන් අරණට පිවිසිය හැකි ය. වටව ඇති කඳු පන්ති මධ්‍යයේ, විශේෂයෙන් ඓතිහාසික වශයෙන් වටිනා දොළුකන්ද කඳු මෙවුලට ආසන්නව දුම්කන්ද සමීපයේ මෙම වන අරණ පිහිටා තිබෙයි.
වියළි කලාපයට අයත් වසරේ වැඩි මාස ගණනක් වියලි කටුක පරිසර ලක්‍ෂණ මතු කරන පසුබිමක වැඩිමනක් දකින්නට ලැබෙන්නේ හරිත පැහැ පත් නොමැති වියළි ගහ කොළ ය. එහෙත් සසුන් මඟ සන්සුන් ගමන් ඇති පහන් සිතිවිල්ලෙන් පොහොසත් සිත් ඇති අවුල් වියැවුලින් තොර නිවුණු මනසකට අවැසි සුව ඇති භූමියක මෙම වන සෙනසුන ඉදිවී තිබීමෙන් පෙනී යන්නේ අවශ්‍යතාවයට ඉතා උචිත සුදුසු පරිසරයක් අරණ්‍ය සඳහා තෝරා ගෙන ඇති බවකි.
ගිරි සිඛර ඉහැත්තෑවේ සිට වැසි සමයට ඇද හැළෙන ජල ධාරාවෝ අපතේ නොහරිමින් සුරක්‍ෂිත කරමින් සෑදූ ජල පොකුණු තටාංගනාදියෙන් අරන්කැලේ පොහොසත් කර තිබෙ යි.
නිරන්තරයෙන් සිහිල් පරිසරයක ස්වාභාවය රඳවමින් මේ බිමේ වැඩෙනා ගහ කොළ පවා කටුක චිත්‍ර නො මවමින් සොඳුරු පරිසරයක චමත්කාරය සිතට ප්‍රදානය කර යි. රූස්ස හැඩ ඇති රුක් පෙළ මෙන්ම නෙක අතට විහිදුණු සොබා සොඳුරු බව වඩවන ලතාවෝ පරිසරයක විචිත්‍රවත් බව සුරැකීමට රටා මෝස්තර මව යි.
ජනප්‍රවාදයේ පැවැසෙන්නේ දුරාතීතයේදී මෙය දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වෙනුවෙන් කැපවූ පින් බිමක් බව ය.
එය අතිශෝක්තියක් වුව ද, නැති වුව ද මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක් වැඩසිටි විහාර සංකීර්ණයක්ව පැවැති බව පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. අරන්කැලේ වන සෙනසුන් බිමේ ඇති සුවිශේෂීම ලක්‍ෂණය නම් කිලෝ මීටරයකට ආසන්න දිගක් සහිත පෙත් මග ය. එය සෙනසුන රමණීය කළ අප සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අපූරු ඉදිකිරීමක්ම ය. මෙවන් දිගු පෙත් මගක් වෙනත් වන අරණකදී දැක ගැනීම උගහට ය.
වන සෙනසුන මැදින් දිවෙන පෙත් මගෙහි, සම බිමේ ගමන් කර තැනකදී පිය ගැට කීපයක් නැග නැවත සම බිමට පා තැබිය හැකි ය. එසේ දිගු සක්මනකින් පසු වක්‍රාකාර වූ වටරවුමකට පිවිසිය හැකි වෙයි. ගමන වෙහෙස නම් වෘත්ත කණ්ඩියේ හිඳගෙන විඩා නිවා ගැනීමට පුළුවන. වන අරණේ ආවාස කුටි වෙතට පිවිසෙන මංසන්දියක් වශයෙන් ද පෙරදී මෙතැන සැකසුනා විය හැකි ය. පෙත් මග දෑළ මහා රුක් පෙළ මේ යන සන්සුන් ගමනේ දී ඔබට සිසිලස ද සෙවණ ද සළසනු ඇත. අද අප දකින මාර්ගයක වටරවුම් තාක්‍ෂණය දුරාතීතයේදීත් භාවිතයට ගැනුණු හැටි මෙතැන දී අපට දැක ගැනීමට ලැබීම ද විශේෂයකි.
පෙත්මග යනු පා යුග්මයෙන් යනෙන මග ය. එදා මේ වන සෙනසුන විහාර සංකීර්ණයේ ඔබ මොබ වැඩියේ විමුක්ති මාර්ගයට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ ය. එවන් භික්ෂූන් වහන්සේ නිබඳව ගමන් කරන්නේ, සයන ගත වන්නේ, යහන් ගත වන්නේ, සිටගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ය.
අද හෝ හෙට හෝ මතු දිනක අරන්කැලේ වන සෙනසුන වෙත පැමිණ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ඔබ ද ගමන් කරනු ඇත. දුවන්නන් වාලේ දුවන්නට සිත් නොදෙන සන්සුන් ගමනකට ආරාධනා කරනා අරන්කැලේ පෙත් මඟ මත දී ඔබගේ විසිරුණු සිත එක් අරමුණක රැඳෙන බව නම් නො අනුමාන ය. එයම භාවනාවකි. නිබඳ දිවෙන, කැළඹෙන සැලෙන අප මනසට ද මෙවැනි සන්සුන් ගමන් යන්නට පා යුගලට ආරාධනා කරන මේ පෙත් මග මත දී ඔබේ සිත ඔබට විදානයක් දෙනු ඇත.
‘නොදුවන්න සකි සඳ
යන්න සන්සුන් ගමනින්ම’
ඒ අසිරිය විඳින්නට අරන්කැලේ පෙත් මඟ දිගේ දිනෙක ඔබත් ඇවිද යන්න. යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්ම සුසැඳි උණු පැන් හල, පධාන ඝර, සම්මුඛ ශාලා, පියසක් සහිත සක්මන් කුටි, චක්‍ර මණ්ඩප, සෝපාන පන්ති, භාවනා කුටි, දිය පොකුණු, සීමා මාලකාදියෙන් පොහොසත් අරන්කැලේ වන සෙනසුන පෙත් මග අග ඇති කටාරම් ලකුණු ඇති ස්වාභාවික ගල් ලෙන මතින් කියැවෙන්නේ මෙය ක්‍රි. පූ. 2 – 1 වැනි සියවස දක්වා දුරාතීතයකට නෑකම් කියන බවකි.
ලක් බිමේ අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ මේ කුටියේ බව ජනප්‍රවාදයේ පැවැසෙයි. එය අරන් කැලේ අරණ සේනාසනයට තවත් ගෞරවයකි.
මා දැන් ඔබ සමඟම අරන්කැලේ අරණ වෙත පිවිසුනේ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ය. තව දුර යන්නට බොහෝ තැන් ඇතත් විමැසීමට බොහෝ දේ ඉතිරි වී ඇතත් පිටුවේ සීමා ඉමට පැමිණ ඇති බැවින් විරාමය තබන්නට අදට අවසර පතමි.
අපි ඉතින් ආපසු හැරී එමු. එහෙත් මේ පෙත් මග ස්පර්ශ කළ ඔබ පා යුග්මය ද පින්වන්ත බව සිතන්න.
සබඳ, ඇත්තෙන්ම මේ අප දැන් පසු ගමන් යන්නේ, සංසාර විමුක්තිය සොයා යන මඟ ඇලීම්, බැඳීම්, ගැටීම්, කිසිත් නොමැති නිවන් පින් බිම වෙතට පිවිස මරු පැරැදූ මහ රහතන් වහන්සේ වැඩි පෙත් මඟ ඔස්සේම නොවේදැයි මොහොතක් නැවැතී සිතන්න.

Thursday, October 23, 2014

සිතට සුව දෙන දිවෙලේගොඩ පින් බිම

සිතට සුව දෙන දිවෙලේගොඩ පින් බිම


අලංකාර බුද්ධ මන්දිරය
දකුණු සිරිලක බොදු සිත් අමන්දානන්දයට පත් කරන අගනා පින්බිමක් ලෙස ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා විහාරය හැඳින්විය හැකි ය. මූලගිරි විහාර සඟ පරපුරට උරුමකම් කියන ඉපැරණි ඓතිහාසික මෙම පින්බිම අද වන විට ලක් වැසි බොහෝ දෙනාගේ අතිමහත් ගෞරවයට පත් වී ඇත. රමණීය කඳු මුදුනක් මත්තෙහි පිහිටා ඇති මෙම පුදබිම ගැන විමසා බැලීමේදී 1865 වර්ෂයට පමණ දුර අතීතයකට අවධානය යොමු කළ යුතුය. කෝදාගොඩ සිද්ධත්ථ හෙවත් මීගහවත්තේ නාහිමියන් දවස ප්‍රදේශයේ සතුන්ගේ රජ දහනක්ව පැවති දිවෙලේගොඩ කඳු මස්තකයෙහි වැඩ විසූ බොහෝ අනුහස් ඇති බෝධීන් වහන්සේ නමක් අසල පොල් අතු මඩුවකින් ආරම්භ කරන ලද කුඩා ආරාමයකින් මෙම ඓතිහාසික පින්බිමෙහි ඉතිහාස කතාව දැක්වේ.
මීගහවත්තේ නාහිමියන් අපවත් වීමෙන් පසු හබරාදූව ශ්‍රී සරණපාල, කෝදාගොඩ පඤ්ඤානන්ද, තල්පෙ පත්තුවේ ප්‍රධාන සංඝනායක කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වහන්සේලා මෙම පින් බිමෙහි අධිපතිධූරය හොබවමින් සුවිශාල ආගමික හා සාමාජීය සේවාවක් ඉටුකර ඇති බව ප්‍රකට කරුණකි.
ඒ අතුරින් සංඝානන්ද නාහිමියන් පිරිත් දේශනා, ධර්ම දේශනා ආදියෙහි ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි යතිවරයාණන් වහන්සේ නමක් ලෙස හැඳින්විය හැකි ය. දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානය ගොඩනැංවීමෙහිලා එවකට වාහල කනංකේ කණුකැටිය වතුයායෙහි අධිපතිත්වය හෙබවූ ඩී.ඩී. වික්‍රමසූරිය මැතිතුමා විසින් සිදුකරන ලද සේවාව අමරණීය ය.
1988 වසරේ දී කෝදාගොඩ ශ්‍රී සංඝානන්ද නා හිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු විහාරාධිපති ධුරයට පත් උන්වහන්සේ ශිෂ්‍ය අක්ෂි වෛද්‍ය විශේෂඥ වරකාපිටියේ සද්ධානන්ද මා හිමියන් තුළ තිබෙන්නා වූ පුණ්‍යකෘත මහිමයත් අධිෂ්ඨානශීලි ශක්තියත් නිසාම මෙම පුදබිම මේ වනවිට ශ්‍රද්ධාකාමීන්ගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනය කරන සියලු විහාරස්ථානයන්ගෙන් සමන්විත පින් බිමක් බවට පත් කොට ඇත.
ලක් දෙරණෙහි කිසිම ස්ථානයක දැකිය නොහැකි දුර්ලභ ගණයේ නිර්මාණයක් වන කොස් දැවයෙන් තනා නිම කරන ලද අඩි 08 ක් උස අඩි 48 ක් වට කැටයම් සහිත ගාම්භීර පෙනුමෙන් යුත් පිරිත් මණ්ඩපය ආරක්ෂා වන පරිදි ඉතා අලංකාර ධර්ම මන්දිරයක්, නව තෙමහල් දාන ශාලාව සහිත ආවාස ගෙයක් විශේෂයෙන් රෝපණය කරන ලද බෝධින් වහන්සේලා විසි අට නමක් සෙවනෙහි බුදුවරයන් වහන්සේලා වැඩ සිටින අයුරු පිළිබිඹු කරමින් නිර්මාණය කරන ලද අටවිසි බෝධින් වහන්සේලා මෙන්ම විශාල මුදලක් වැය කරමින් ඉදිකර ඇති චෛත්‍යය හා බුද්ධ ප්‍රතිමා ආගමික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද ඉතා වැදගත් අපූර්ව නිර්මාණයන් වශයෙන් හැඳින්විය හැකි ය. එපමණක් ද නොව මේ වනවිට සිත් ඇද ගන්නා සුළු අලංකාර ධාතු මන්දිරය වන්දනා කිරීමට පැමිණෙන පිරිස ද අති විශාල ය.
මෙලෙස දිනෙන් දින දීඝ්‍ර දියුණුවක් ලබන දිවෙලේගොඩ පුරාණ විහාරස්ථානය මගින් සිදු කරනු ලබන ආගමික හා සාමාජීය සේවාව ද ඉතා අගය කළ යුතු ය. එසේම මෙම ඓතිහාසික පින් බිමට සුවිශාල ආශිර්වාදයක් ලෙස අනුරාධපුරයෙන් ලැබුණු අඩි 4 ක් දිග ඉපැරණි කිරිගරුඩ සැතපෙන බුද්ධ ප්‍රතිමාව හැඳින්විය හැකිය.

විහාරාධිපති වරකාපිටියේ සද්ධානන්ද මා හිමි
පළාත්වාසී බොහෝ දූ දරුවන්ගේ නැණස පාදා ගැනීම වෙනුවෙන් විහාරස්ථානයේ පවත්වා ගෙන යන ‘ශ්‍රී සංඝානන්ද දහම් පාසල මඟින් ඉටු කරන සේවාව ද විශාලය.
තවද විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් මෙම පුදබිමෙහි විහාරාංග ගාල්ල හා මාතර යන දිස්ති‍්‍රක්ක දෙකටම අයිතිවීම ය. එය පුදුමය උපදවන සුළු අවස්ථාවකි.
ඉමදුව දිවෙලේගොඩ පුරාණ මහා ෂහාරස්ථානයෙහි හෙට දවසෙහි දියුණුව වෙනුවෙන් ද විහාරාධිපති මාහි මියෝ බොහෝ කැප කිරීමක් සිදු කරති. එහි ප්‍රතිඵලයක් වශයෙන් නව විහාරාංග අතරට අසුමහා ශ්‍රාවක හා ශ්‍රාවික ප්‍රතිමා මෙන්ම විහාරාධිපති මාහිමියන්ගේ පැවිදි දිවියට පනස් වසරක් සපිරිම නිමිත්තෙන් දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් පවතින බව සඳහන් කළ යුතුව ඇත.

අට විසි බෝධීන් වහන්සේ

පිරිත් මණ්ඩපය