Showing posts with label බෞද්ධ සoස්කෘතිය. Show all posts
Showing posts with label බෞද්ධ සoස්කෘතිය. Show all posts

Friday, November 21, 2014

සඳහිරු සෑය

වසර 1600 කින් පසු ඉදිවන විශාලතම දාගැබ අනුරාධපුර සඳහිරු සෑය



ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවන රිය පෙරහර 12 වන දා කොළඹ සිට මහනුවරට 13 වන දා මහනුවර සිට අනුරාධපුරයට රිය පෙරහර ගමන් ගන්නා මඟ දෙපස දී මල් පූජාවට සැදැහැවතුන්ට අවස්ථාවක්






මනුෂ්‍යත්වයේ සංකේතයක් ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් ආරම්භ වූයේ 2010 නොවැම්බර් මස 22 වැනිදාය. එම සඳහිරු සෑය ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උදාර උසස් අරමුණක් සමඟය. තිස් වසරක් පුරා මෙරට ලොව දරුණුතම ත්‍රස්තවාදී යුද්ධයක් පැවැතිණි. එම බිහිසුනු යුද්ධය මානුෂීය මෙහෙයුම මඟින් අවසන් කර සාමයේ සංකේතයක් ලෙස එම සඳහිරු සෑය ඉදි වේ.
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුළ මෙරට උපන් විශාල දරු පිරිසක් ජීවිත පරිත්‍යාග කළේ ය. ඒ ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහාය. මව්කුසයේ සිටි අහිංසක දරුවන්ගේ සිට කිරි දරුවන්, ගැබිනි මව්වරුන්, ගොවියන්, වෘත්තිකයන්, පාසල් දරුවන්, විවිධ තරා තිරම්වල අහිංසක පුරවැසියන් භික්ෂූන් වහන්සේද ඇතුළු පදිකවේදිකාවේ සිට රටේ ජනාධිපතිවරු දක්වා යුද්ධය වෙනුවෙන් රටේ මනුෂ්‍යයන්ගේ ජීවිත අහිමිවුණි. හැමදෙනාම අනුස්මරණය කරමින්, ඒ හැම කෙනෙක්ම නැතිවීම තුළ ඒ ඒ අයගේ ඤාතීන්ට, ඒ ඒ අයගේ දරුවන්ට ඒ ඒ අයගේ හිතමිතුරන්ට සිදු වූ පාඩුව කොතෙක්දැයි කිව නොහැකි තරම්ය. ඒ ඒ අයගේ ජීවිතවල පුද්ගල වටිනාකම් මෙතකැයි කියා තක්සේරු කළ නොහැකිය. එබැවින් ඒ සියලු දෙනාට පින් දෙන්නත්, එම ත්‍රස්තවාදය නිසා තමන්ට ඇති වී තිබෙන දුක, වේදනාව තුනී කර ගැනීමට ඒ අයගේ උදාර පරිත්‍යාගයට, අහිමිවීමට නැවත කළ හැකි වෙනත් දෙයක් නොවේ.
එබැවින් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා දෙස් විදෙස් වශයෙන් ලබාගෙන එම සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කර මෙතෙක් හෙළ රජවරුන් විසින් කරන ලද මහා නිර්මාණයකට සමාසන්නව සිදු කරන අද්විතීය අනුස්මරණීය පුණ්‍ය මහෝත්සවයකි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උදාර සංකල්පනාවකට අනුව සඳහිරු සෑය ඉදිකිරීම් ආරම්භ කරන ලදී. සඳහිරු සෑය ඉදිකිරීම් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ද ශ්‍රම දායකත්වයෙන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේත් දේශීය හා විදේශීය දායකත්වය මත පේසා වළලු තුනේ ඉදිකිරීම් අවසන්කර ගර්භයේ ධාතු කුටිය ඉදිකිරීම් නිමවා මෙම මස 23 වන දා හයදහසකට අධික මහ සඟරුවන පෙරටු කර ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරේ. සඳහිරු සෑය නිර්මාණයේ දී එය පොළොව මතුපිට සිට උසින් අඩි 280 පමණ වේ. අඩි 50 කට ආසන්න පොළොව යට සිට පොළොව පාදම තිබේ. සඳහිරු සෑයේ විශ්කම්භය අඩි 255 කි. සඳහිරු සෑයේ වටප්‍රමාණය අඩි 802 කි. සඳහිරු සෑය නිර්මාණය කිරීමේ දී එය ලෝකයේ ඉදිවන විශාලම කලාගාරයක් බවටද පත් වේ. සඳහිරු සෑය වටා සලපතල මළුවට පහළින් කොටස විශාල කලාගාරයක් බවට පත් කිරීම සඳහා ජාතක කතා, බෝසත් සිරිත, අසිරිමත් බුදු සිරිත, ලංකා ශාසන ඉතිහාසය, දම්සක් පැවැතුම් සූත්‍රයේ අදාළ සංකල්ප මූර්තිමත් කෙරේ.
රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානය සිදුවූයේ කෙසේද? ඒ අයුරින්ම පෙර රජ දවස සිදුකළ සියලු පුද පූජා චාරිත්‍ර සියලු පූජා ද්‍රව්‍ය, රන් රුවන්, මුතු, මැණික් සියල්ල තැන්පත් කර එම ධාතු නිධාන පූජෝත්සවය පැවැත්වේ.
මෙම ඓතිහාසික අවස්ථාව මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක්ද වනු ඇත. එබැවින් මෙය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසය තුළ අපට වසර 1600 කට පසු දක්නට ලැබෙන, නැවත අපේ ජීවිතයේ පමණක් නොව ඇතැම් විට සංසාර ගමනේ දී බොහෝ කලකට පවා දක්නට නොලැබෙන ඉතාම පරම භාග්‍ය සම්පන්න වාසනාවන්ත අවස්ථාවකි. එම මහඟු අවස්ථාව සියල්ලන්ටම සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමටද අවස්ථාව උදාවී ඇත. එම සඳහිරු සෑයේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය සියැසින් දැක බලා වැඳ පුදා ගැනීමද උදාර පින්කමක් වනු ඇත.
සඳහිරු සෑය ජාති, ආගම්, ආදී කිසිදු භේදයකින් තොරව ඓතිහාසික පූජනීය වස්තුවක් ලෙසත්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙන බුද්ධ පූජාවක් ලෙසත් සඳහිරු මහ සෑ ව්‍යාපෘතිය සඳහන් කළ හැකි ය. එම සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රිය පෙරහරෙන් වැඩම කරවීම මෙම 12 වන දා ආරම්භ කැරේ.
සඳහිරු සෑයේ නිධන් කෙරෙන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දා උදෑසන අරලියගහ මන්දිරයේ සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා වැඩම කරනු ඇත. ශ්‍රී දළදා මාලිගාවේ සිට නොවැම්බර් 13 වනදා අනුරාධපුරය වෙතද එම රිය පෙරහර පැවැත්වේ.
සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රිය පෙරහරකින් වැඩම කරවීම.
සඳහිරු සෑය ගර්භයේ තැන්පත් කිරීමට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහර 2014 නොවැම්බර් 12 වන දින උදෑසන අරලියගහ මැදුරේ සිට රිය පෙරහරින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව දක්වා ද, 2014 නොවැම්බර් 13 දින ශ්‍රී දළදා මාලිගාවේ සිට අනුරාධපුරය වෙතද ගමන් ගැනීමට නියමිතව ඇත. එහි ගමන් මාර්ගය සහිත විස්තර පහත පරිදි වේ.
2014 නොවැම්බර් 12 දින පෙරවරු 09.00 ට අරලියගහ මැදුරින් ආරම්භ කරන රිය පෙරහර ලේක්හවුස්, මරදාන දුම්රිය හන්දිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ, ඇල්දෙණිය බැලුම්මහර ඔස්සේ නිට්ටඹුව වෙත පෙරවරු 11.00 වන විටද වේවැල්දෙණිය, වරකාපොළ, නෙලුම්දෙණිය හරහා කෑගල්ල වෙත පස්වරු 02.30 වන විටද මාවනැල්ල, කඩුගන්නාව, පේරාදෙණිය පසුකරමින් මහනුවර වෙත පස්වරු 5.30 වන විට පැමිණීමට නියමිතව ඇත.
2014 නොවැම්බර් 13 දින පෙරවරු 09.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ කර අඹතැන්න, මාවතපොල හරහා මාතලේ වෙත පෙරවරු 10.45 වන විටද පලාපත්වල, හුන්ගන්වල පසුකරමින් නාවුල වෙත පස්වරු 12.30 වන විටද ලේනදොර හරහා දඹුල්ල වෙත පස්වරු 02.00 වන විටද මඩාටුගම පසුකර කැකිරාව, වෙත පස්වරු 3.00 වන විටද මරදන්කඩවල වෙත පස්වරු 04.00 වන විටද ගල්කුලම වෙත පස්වරු 6.00 වන විටද කවරක්කුලම හන්දිය පසුකරමින් අනුරාධපුරය වෙත පස්වරු 07.00 වන විට ළඟා වීමට නියමිතව ඇත.
එම රිය පෙරහර ගමන් කරන මාර්ගයේ දී මඟ දෙපස සිට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙත මලින් පූජෝපහාර දැක්වීමට සැදැහැවතුන් සඳහා අවස්ථාව උදාවී ඇත. මෙම මස 14 වන දා සවස 5 ට රුවන්වැලි මහ සෑය අබියසදී විශේෂ කප්රුක් පූජාවක්ද, එමෙන්ම අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ අබියසදී ද ආගමික වතාවත් සිදු කෙරෙන අතර එය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදී ද විශේෂ ආගමික වතාවත් සිදුකර එදින රාත්‍රී 9 ට පමණ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ සති පිරිත් දේශනාව සඳහා ගරුතර මහා සඟරුවන සඳහිරු සෑ පරිශ්‍රයට පුද පෙරහරෙන් වැඩම කරවනු ලැබේ. එදින රාත්‍රී සත් දින පිරිත් දේශනාවද ආරම්භ කැරේ.
මෙම මස 15 වන දා සිට 21 වන දා දක්වා එම ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා මහජනතාවගේ වන්දනාවට පෙරවරු 6 සිට රාත්‍රී 9 දක්වා විවෘතව පවතී. සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය නිමිත්තෙන් මෙම 21 වන දා අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ දී විශේෂ බෞද්ධ සම්මන්ත්‍රයක්ද පැවැත්වේ. 23 වන දා ශ්‍රී සර්වඥ ධාතු නිධානෝත්සවය සිදු කෙරේ.

Monday, October 27, 2014

පින

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති
සුබුද්ධික සුපින්වත,
මේ වස් කාලය යි. වස්කාලය යනු ගිහි, පැවිදි දෙපක්ෂයම පින් රැස්කර ගන්නා අවධියයි. දුරු රට බොහෝ කලක් විසූ අයකු තම රටට ආ විට ඤාතීහු, මිත්‍රයෝ ,සුහදයෝ ඉදිරියට ගොස් සිප වැළඳ පිළිගනිත් ද, පි‍්‍රය බස් කියත් ද, සතුටු වෙත් ද එසේම පුද්ගලයා පරලොව යද්දි පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඤාතියා වෙයි.හිතැති මිතුරායි, යහපත් වූ සුහදයා යි. පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යන තෑගි, සම්පත් නමැති අතෙහි දරා පිළිගන්නේ පිනයි.
ජීවිතය ඉපදීම හා මරණය උරුම කොට ඇත. සසර සැරිසරනා සියලු සත්වයෝ උපදිති; මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස් කරති. රැස් කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොටගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාදය වේ. කළණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කළණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායෑම වේ. එය සතුටයි. ‘චිත්තං පුණාතීති පුඤ්ඤං’ සිත පිනා යෑම පිනයි.’හදයං පුණාතීති පුඤ්ඤං’ හදවත පිනා යෑම පිනයි.
බණ නම් නිබොරුය මුනිවර යින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුයි. නිතර නිතර පින් කළ යුතුයි. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය, ඇති කර ගත යුතුයි.පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.
පෙරභවයන් හි රැස් කළ පින් මේ භවයේ දී පරිභෝජනයට ගනියි.මේ භවයේ රැස්කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදි අප අත නොහරින අපේ සෙවනැල්ල සේ සිටින්නේ පිනයි.
විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්තුව, පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනැවින් කියා පායි. බරණැස ඉසිපතනය අසල නන්දික නම් තරුණයෙක් වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන කෙරෙහි ප්‍රසන්නයි. පන්සල අමදියි. භික්ෂූන්ට උපස්ථාන කරයි. දන් දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මවුපියන්ට ඇප උපස්ථාන කරයි. ඔහුගේ ඇවැස්ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස් ඇත්ති ය.ඇවැස්ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියා ය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද යහපත්ව කටයුතු කරයි.මෙසේ වෙනස් වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි.ඕ ද එය පිළිගෙන ඉටු කරයි. මවුපියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය.රේවති ය එම නිවෙසෙහි ගෘහණිය විය. දරු දෙදෙනකුද ලැබීය.
නන්දික ඉසිපතනාරාමයට ගබඩා සතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්ටු සතරක සංඝාවාසයක් ඉදිකොට පිදීය. මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක් පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක් එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියකු නැති දෙවඟණන් පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල, තවමත් මිනිස් ලොව වසන, සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක් වී ය.මෙය මුගලන් හිමි පිරිස් මැද දී බුදුන්ට දැන්වූ කල එය එසේ වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.
නන්දික දුරක වෙළෙඳාම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. “මා පිටතට ගිය පසුත් භික්ෂූන් වහන්සේට, දුගී මගී යාචකාදීන්ට දෙන දන්වැට පවත්වාගෙන යන්න.” එහෙත් නන්දික ගිය පසු එම දන්වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා’ යි භික්ෂූන්ට නින්දා අපහාස වන අයුරින් දොස් පරොස් පවරයි.
නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවෙසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්ෂූන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක් ලබා දෙයි. රේවතිය ද තමන්ගේ යස ඉසුර නැති කළේ භික්ෂූන් වහන්සේ යැයි උන්වහන්සේට ගර්හා කරමින් කතා කරයි.
නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින් ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යැයි මුලින් ප්‍රසිද්ධ කොට යක්ෂයන් දදෙනෙකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් විථිවල ඇවිදවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස් නන්දිකගේ සුවඳ පැතිරී, දෙවඟණන් පිරිවැරි, රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යැයි කියයි. “ඒ මගේ පැරැණි සැමියා. මා මෙහි රඳවන්න යැ’යි රේවතිය ඉල්වයි. මෙහි සිටින්නේ පින් කළ අයයි, ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යැ’යි කියා සංසවක නම් අපායට ගෙන යයි.
ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍ර වලින් යුත්, ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්ත වූ ,නහය පැලී යන තරම් දුගන්ධය ඇති තැනකි.යොදුන් සියයක් උසය. යොදුන් සියයක් වටය. මේ ගුථ නම් නරකයෙහි වැටුණ සත්වයන් තියුණ තුඩු ඇති ඉහත දැක්වූ පණුවන් විසින් හාත්පසින්ම සිඳ මස් කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇටය, ඇට මිදිලු සිඳ මස් ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක් හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස් උගුලා කන්නේය. මිනිස් ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් මෙහි එක දවසකි. එයින් තිහක් මාසයකි. එයින් මාස දොළහක් අවුරුද්දකි. එයින් අවුරුදු දහස් ගණනක් මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස් දැමීය. මේ කතා පුවත් තුළින් මතු දැක්වෙන අදහස් අපට ලැබෙයි.
පින් මෙලොව දීම සැප ලබා දෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි.මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි.එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමණු වලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොව දී විපාක දෙයි. විපාක දුන් කල හෝ එය සකසා නොගත්තොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක් දුක් විඳියි.
එසේනම් දුර්ලභව මිනිස් භවයක් ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය කරුණාව දැක්වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසා නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතින්ට අනුව කම් සැප විඳීම, සත්‍ය වූ සමඟිය ඇති කරන්නා වූ ද ප්‍රිය වූ ද අර්ථවත් වචන කතා කිරීම,ලෝභි නොවීම, නිවැරැදි දැක්ම ආදි වශයෙන් වූ පින් කළ යුතුයි. කඨින චිවර, අටපිරිකර , සංඝාවාස, බණ පොත්, බුදුපිළිම හා වච්චකුටි පූජාව, සඟසතුව දන් දීම මේ ආදිය අට මහා පින්ය. ළිං පොකුණු, ශාලා,ඒ දඬු පාලම්, මල්වතු ,උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රි‍්‍ර දෙක්හි පින් වැඩෙන පින්කම්ය. විහාර ආරාම අතුපතු ගා පිරිසුදු කිරීම, මං මාවත් පිරිසුදු කිරීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, ආරක්ෂා කිරීම පිනකි. රත්නත්‍රයට ගරුකිරීම, මවුපිය නැඳිමයිලන්, වැඩිහිටියන් හා ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටු විය හැකි යහපතක් වූ සියල්ල පින්ය.
එසේ නොවන දේ පව් ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ.දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ.අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණ තුළ ඇති තතු නොකියයි.මේ නිසා වැරැදි වින්දනයක් ලබා දෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැකීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදි කෙලෙස් තුළින් හරයක් නැති දේ රැස් කරයි.නොදැනීම කරණ කොට ගෙන දුකට පත්වෙයි.
අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදු මඟයි.ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි ගමන් කිරීමෙන් සීල, සමාධි, ප්‍රඥා වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති පි‍්‍රය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින් මෝරා ගොස් සසර මඟ තරණය කොට විමුක්තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.

මහ රහතුන් වැඩි මග



අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම් බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340) විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
ඇත්තෙන්ම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය ගම්මැදි ඓතිහාසික විහාරස්ථානයක් නොවන බවත් එය ස්ථිර වශයෙන්ම යෝගාවචර භික්‍ෂූන් වෙනුවෙන් පරිසර පද්ධතියට අනුකූලව ගොඩනංවන ලද වන සෙනසුනක් බව සාක්‍ෂි දත්ත, නටබුන් ආදිය පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි නිගමනයකට එළඹිය හැකිව තිබේ.
මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කි. මී. 20 ක් පමණ ගිය තැන දී හමුවන ‘ඉබ්බාගමුව‘ මංසන්දියෙන් ‘මඩගල්ල’ පාරේ පැමිණ ‘අරන්කැලේ’ ග්‍රාමයට ළඟා වීමෙන් අරණට පිවිසිය හැකි ය. වටව ඇති කඳු පන්ති මධ්‍යයේ, විශේෂයෙන් ඓතිහාසික වශයෙන් වටිනා දොළුකන්ද කඳු මෙවුලට ආසන්නව දුම්කන්ද සමීපයේ මෙම වන අරණ පිහිටා තිබෙයි.
වියළි කලාපයට අයත් වසරේ වැඩි මාස ගණනක් වියලි කටුක පරිසර ලක්‍ෂණ මතු කරන පසුබිමක වැඩිමනක් දකින්නට ලැබෙන්නේ හරිත පැහැ පත් නොමැති වියළි ගහ කොළ ය. එහෙත් සසුන් මඟ සන්සුන් ගමන් ඇති පහන් සිතිවිල්ලෙන් පොහොසත් සිත් ඇති අවුල් වියැවුලින් තොර නිවුණු මනසකට අවැසි සුව ඇති භූමියක මෙම වන සෙනසුන ඉදිවී තිබීමෙන් පෙනී යන්නේ අවශ්‍යතාවයට ඉතා උචිත සුදුසු පරිසරයක් අරණ්‍ය සඳහා තෝරා ගෙන ඇති බවකි.
ගිරි සිඛර ඉහැත්තෑවේ සිට වැසි සමයට ඇද හැළෙන ජල ධාරාවෝ අපතේ නොහරිමින් සුරක්‍ෂිත කරමින් සෑදූ ජල පොකුණු තටාංගනාදියෙන් අරන්කැලේ පොහොසත් කර තිබෙ යි.
නිරන්තරයෙන් සිහිල් පරිසරයක ස්වාභාවය රඳවමින් මේ බිමේ වැඩෙනා ගහ කොළ පවා කටුක චිත්‍ර නො මවමින් සොඳුරු පරිසරයක චමත්කාරය සිතට ප්‍රදානය කර යි. රූස්ස හැඩ ඇති රුක් පෙළ මෙන්ම නෙක අතට විහිදුණු සොබා සොඳුරු බව වඩවන ලතාවෝ පරිසරයක විචිත්‍රවත් බව සුරැකීමට රටා මෝස්තර මව යි.
ජනප්‍රවාදයේ පැවැසෙන්නේ දුරාතීතයේදී මෙය දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වෙනුවෙන් කැපවූ පින් බිමක් බව ය.
එය අතිශෝක්තියක් වුව ද, නැති වුව ද මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක් වැඩසිටි විහාර සංකීර්ණයක්ව පැවැති බව පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. අරන්කැලේ වන සෙනසුන් බිමේ ඇති සුවිශේෂීම ලක්‍ෂණය නම් කිලෝ මීටරයකට ආසන්න දිගක් සහිත පෙත් මග ය. එය සෙනසුන රමණීය කළ අප සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අපූරු ඉදිකිරීමක්ම ය. මෙවන් දිගු පෙත් මගක් වෙනත් වන අරණකදී දැක ගැනීම උගහට ය.
වන සෙනසුන මැදින් දිවෙන පෙත් මගෙහි, සම බිමේ ගමන් කර තැනකදී පිය ගැට කීපයක් නැග නැවත සම බිමට පා තැබිය හැකි ය. එසේ දිගු සක්මනකින් පසු වක්‍රාකාර වූ වටරවුමකට පිවිසිය හැකි වෙයි. ගමන වෙහෙස නම් වෘත්ත කණ්ඩියේ හිඳගෙන විඩා නිවා ගැනීමට පුළුවන. වන අරණේ ආවාස කුටි වෙතට පිවිසෙන මංසන්දියක් වශයෙන් ද පෙරදී මෙතැන සැකසුනා විය හැකි ය. පෙත් මග දෑළ මහා රුක් පෙළ මේ යන සන්සුන් ගමනේ දී ඔබට සිසිලස ද සෙවණ ද සළසනු ඇත. අද අප දකින මාර්ගයක වටරවුම් තාක්‍ෂණය දුරාතීතයේදීත් භාවිතයට ගැනුණු හැටි මෙතැන දී අපට දැක ගැනීමට ලැබීම ද විශේෂයකි.
පෙත්මග යනු පා යුග්මයෙන් යනෙන මග ය. එදා මේ වන සෙනසුන විහාර සංකීර්ණයේ ඔබ මොබ වැඩියේ විමුක්ති මාර්ගයට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ ය. එවන් භික්ෂූන් වහන්සේ නිබඳව ගමන් කරන්නේ, සයන ගත වන්නේ, යහන් ගත වන්නේ, සිටගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ය.
අද හෝ හෙට හෝ මතු දිනක අරන්කැලේ වන සෙනසුන වෙත පැමිණ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ඔබ ද ගමන් කරනු ඇත. දුවන්නන් වාලේ දුවන්නට සිත් නොදෙන සන්සුන් ගමනකට ආරාධනා කරනා අරන්කැලේ පෙත් මඟ මත දී ඔබගේ විසිරුණු සිත එක් අරමුණක රැඳෙන බව නම් නො අනුමාන ය. එයම භාවනාවකි. නිබඳ දිවෙන, කැළඹෙන සැලෙන අප මනසට ද මෙවැනි සන්සුන් ගමන් යන්නට පා යුගලට ආරාධනා කරන මේ පෙත් මග මත දී ඔබේ සිත ඔබට විදානයක් දෙනු ඇත.
‘නොදුවන්න සකි සඳ
යන්න සන්සුන් ගමනින්ම’
ඒ අසිරිය විඳින්නට අරන්කැලේ පෙත් මඟ දිගේ දිනෙක ඔබත් ඇවිද යන්න. යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්ම සුසැඳි උණු පැන් හල, පධාන ඝර, සම්මුඛ ශාලා, පියසක් සහිත සක්මන් කුටි, චක්‍ර මණ්ඩප, සෝපාන පන්ති, භාවනා කුටි, දිය පොකුණු, සීමා මාලකාදියෙන් පොහොසත් අරන්කැලේ වන සෙනසුන පෙත් මග අග ඇති කටාරම් ලකුණු ඇති ස්වාභාවික ගල් ලෙන මතින් කියැවෙන්නේ මෙය ක්‍රි. පූ. 2 – 1 වැනි සියවස දක්වා දුරාතීතයකට නෑකම් කියන බවකි.
ලක් බිමේ අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ මේ කුටියේ බව ජනප්‍රවාදයේ පැවැසෙයි. එය අරන් කැලේ අරණ සේනාසනයට තවත් ගෞරවයකි.
මා දැන් ඔබ සමඟම අරන්කැලේ අරණ වෙත පිවිසුනේ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ය. තව දුර යන්නට බොහෝ තැන් ඇතත් විමැසීමට බොහෝ දේ ඉතිරි වී ඇතත් පිටුවේ සීමා ඉමට පැමිණ ඇති බැවින් විරාමය තබන්නට අදට අවසර පතමි.
අපි ඉතින් ආපසු හැරී එමු. එහෙත් මේ පෙත් මග ස්පර්ශ කළ ඔබ පා යුග්මය ද පින්වන්ත බව සිතන්න.
සබඳ, ඇත්තෙන්ම මේ අප දැන් පසු ගමන් යන්නේ, සංසාර විමුක්තිය සොයා යන මඟ ඇලීම්, බැඳීම්, ගැටීම්, කිසිත් නොමැති නිවන් පින් බිම වෙතට පිවිස මරු පැරැදූ මහ රහතන් වහන්සේ වැඩි පෙත් මඟ ඔස්සේම නොවේදැයි මොහොතක් නැවැතී සිතන්න.

Thursday, October 23, 2014

වස් සමයෙහි පිළිවෙත් පුරමු

අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.
මාස 03ක් මුළුල්ලෙහිම භික්ෂුව සහ ගිහියාගේ ක්‍රියාකාරකම් විනය ප්‍රඥප්ති කඩ නොකොට ආරක්ෂා වන්නේ නම් ඒ තුළ කඨින පින්කමක් චීවර මාසය තුළ සිදුකළ හැකිය. මේ නිසාම වස් වසන සෑම තැනකම කඨිනයක් නියමාකාරයෙන් සිදුකිරීමේ වාතාවරණ සැලසෙන්නේ නැත. භික්ෂුව මෙන්ම ගිහියා විසින්ද මේ ස්වභාවය පිළිබඳ නිවැරදි අවබෝධය සකසාගත යුතුය. ලෝකමානයෙන් පින්කම් කිරීම අතහැර අවබෝධයෙන්ම පින්කම්හි නිරත වීම වඩාත් කුසල් සම්පාදනයට හේතුවේ.
වස් විසීමේදී සෙනසුන් තෝරා ගැනීමේ සිට විනයානුකූලව කටයුතු කිරීම අවශ්‍යය. මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි සෙනසුන් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණාවන් කිහිපයක් මෙසේ දක්වා ඇත.
1. වන සතුන්ගෙන් හිරිහැර වන ස්ථාන
2. සොරුන්ගෙන් කරදර ඇතිවන ස්ථාන
3. අමනුෂ්‍ය කරදර ඇති ස්ථාන
4. දායකගම (ගොදුරුගම) ගින්නෙන් විනාශ වීම
5. ගොදුරුගම ජලයෙන් යටවීම
6. වැඩ වෙසෙන සෙනසුන ජලයෙන් යටවීම
මෙවැනි ස්වභාවික විපත් ඇති වුවහොත් භික්ෂුවට සෙනසුනේ සිටීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. එහෙයින් සමාදන් වූ ශික්ෂාව ජේදනය විය හැකිය. වස් විසීමේදී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
වස් විසීම ආරම්භ කළ දින සිටම පවාරණය දක්වාම දායකයා පැහැදෙන අයුරින් භික්ෂුව සිටිය යුතු වේ. ධර්මයට අනුව භික්ෂුව නිරන්තරවම ගිහියාගේ ශ්‍රද්ධාව වැඩි වන ලෙස සිටීම අතිශය වැදගත්ය. වස් කාලසීමාව නිරන්තරවම පැහැදීම ජනිත වන ලෙස විසිය යුතුවේ.
අප්පසන්නානං වා පසාදාය
පසන්නානං වා භීයේ‍යාභාවය
“නුපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම පිණිසත් භික්ෂුව ක්‍රියා කළ යුතුය”
වස් ආරාධනා කරනු ලබන දායක පිරිස මෙන්ම සමාදන් වන භික්ෂුවද තම තත්ත්වයට නොසුදුසු කතාවෙන් ඉවත්විය යුතුය. විශේෂයෙන් ඒ බව ධම්ම පදයේදී පවා නිරන්තරව සඳහන් වේ. අනුන්ගේ අඩුලුහුඬුකම් සෙවීමෙන් ඉවත්ව තම තමන්ගේ දුර්වලතාවයන් හඳුනාගත යුතුය. තවෙකු විසින් කළ නොකළ දෑ නොසොයා තමා විසින් කළ යුතු දේ මෙන්ම මතෛක් නොකළ දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
න පරේසං විලෝමානි
නපරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
“අනෙකා කළ නොකළ දෑ වැඩක් නැත. තමා විසින් කළ යුතු දේ පිළිබඳව සොයමින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න”
පරාභව මෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේදීද ඉහත ගුණයම අවධාරිතය ‘නිද්ද්‍රාශීලී සභාසීලී” ලෙස පරාභව සූත්‍රයේදී අවධාරණය කරනුයේ අර්ථ විරහිත වචනයෙන් කාලය වැය කිරීම, පිරිහීම හෙවත් පරාභවයට හේතුවන බවයි. “අප්පකිච්චෝ” යනුවෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙහිදී අවධාරණය වන්නේ නිවන් සාධනයෙහිලා අල්පකෘත්‍ය හෙවත් වැඩ කටයුතු අඩු කෙනෙකු විය යුතු බවය. වැඩකටයුතු අඩු යන්නෙන් පැහැදිලි කරනුයේ තම අරමුණට නොවැදගත් දෑ බැහැර කිරීමයි. වස් සමාදන් වන භික්ෂුව මෙන්ම ගිහියාද තම අරමුණ අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම චතුර්විධ වාග් දුශ්චරිතයෙන් ඉවත් විය යුතුවේ. කඨින පින්කම අරමුණක් කොට ගනිමින් එයම කමටහනක් බවට පත්කර ගැනීම තුළ වෙන අරමුණු තමාට නොයෙයි. එයම චිත්ත සමාධියට මගකි. තුන් මාසය පුරාම යමෙකු එම සිතුවිල්ලෙන් කල් ගෙවන්නේද එයම කඨිනානිසංස වර්ධනයට හේතුවක් වේ.
ගිහියා හෝ පැවිද්දා නිවන අරමුණු කරන්නේ නම් ඔහු විසින් අත්හළ යුතු කතා 32ක් (දෙතිස් කතා) ධර්මයෙහි සඳහන්ය. මෙම අනවශ්‍ය කතා වෙනත් කාලයන්ටත් වඩා වස් කාල සීමාවට බොහෝ සෙයින්ම අදාළ කරගත හැකිය. එය මෙසේ දැක්විය හැකිය.
1. රාජ කතා - රජුන් පිළිබඳ කතා 2. චෝර කතා - සොරුන් පිළිබඳ කතා 3. මහ ඇමැතිවරුන් පිළිබඳ කතා 4. යුද්ධ සේනාවන් පිළිබඳ කතා 5. බියවීම පිළිබඳ කතා 6. යුද්ධයන් පිළිබඳ කතා 7. ආහාර පිළිබඳ කතා 8. පාන වර්ග පිළිබඳ කතා 9. ඇඳුම් පිළිබඳ කතා 10. මල් මාලා ආදිය පිළිබඳ කතා 11. සුවඳ වර්ග පිළිබඳ කතා 12. නෑයන් පිළිබඳ කතා 13. රථවාහන පිළිබඳ කතා 14. ගම් පිළිබඳ කතා 15. නියම් ගම් පිළිබඳ කතා 16. නගරයන් හි සුන්දරත්වය පිළිබඳ කතා 17. ජනපදයන් පිළිබඳ කතා 18. ස්ත්‍රීන් පිළිබඳ කතා 19. ශූර ක්‍රියා පිළිබඳ කතා 20. මත්පැන් පිළිබඳ කතා 21. වීථි හෙවත් මාර්ග පිළිබඳ
කතා 22. පැන් තොටට එන ස්ත්‍රීන් පිළිබඳ කතා 23. පූර්ව ප්‍රේතයන් පිළිබඳ කතා 24. නිශ්චල දේ පිළිබඳ කතා 25. ලෝකය පිළිබඳ අර්ථ විරහිත කතා 26. සාගර පිළිබඳ කතා 27. නොනැසී පවතින ආත්මයක් පිළිබඳ කතා 28. සියල්ල මරණයෙන් කෙළවර වේ නැවත භවයක් නැත පිළිබඳ කතා 29. ධන ධාන්‍යයෙන් සම්පත්වලින් වැඩේ යැයි අනෙකාගේ දියුණුව පිළිබඳ හිස් කතා 30. බොහෝ දෙනාගේ විනාශය පිළිබඳ කතා  31. පස්කම් සුවය පිළිබඳ කතා 32. ශරීරයට දුක්දීම නිවනට හේතුවේ ආදී වශයෙන් සිදුවන නිරර්ථක කතා
ඉහත දක්වන ලද කතා තුළින් ලෝභය වැඩි වී ද්වේෂය
ඉපදීම සිදුවේ. එය මෝහය වර්ධනය වීමකි. ආධ්‍යාත්මික පාරිශුද්ධිය මගහර වන්නකි. ධර්ම දේශන උපදෙස් දීමේදී අදාළ කරුණු ඔප්පු කිරීම විෂයෙහි සත් ච්ෙතනාවෙන් සිදුකරන එවැනි කතා අකුසල් නොවේ. අයහපතින් වැළකීම චාරිත්‍ර ශීලයට අයත් අතර යහපත් යමක යෙදීම චාරිත්‍ර ශීලයයි. වස් සමය චාරිත්‍ර ශීලය වර්ධනය කරන කාලසීමාවක් කරගත යුතුය.
වස් ආරාධනා කර වස් සීලයෙහි පිහිටීම, ස්තූපයක අත්තිවාරම හා සමානය, කඨින චීවරය පූජාව කොත් පැළඳවීම වැනිය. එසේ නම් කොතක් පැළඳවීමට අංගසම්පූර්ණ ස්තූපයක් අවශ්‍ය වේ. වස් තුන් මාසය පුරාම ගිහියා මෙන්ම පැවිද්දා විසින් කඨිනය, අරමුණු කර ගනිමින් යහපත් බාහිර ක්‍රියාකාරකම් මගින් ආධ්‍යාත්මය සංවර්ධනය කරගත යුතුවේ. ඉහත දැක්වූ අයහපතෙන් ඈත්ව යහපතෙහි පිහිටීම වැදගත් වේ. වස් ශික්ෂාව නැවත නැවත ස්මරණය කළ යුතුය. භික්ෂුවට සිව් පසයෙන් උපස්ථාන කළ යුතුය. රාත්‍රියට පමණක් නොව උදේ දවල් දානය ලැබුණේදැයි සෙවිය යුතුය. මෙය ස්තූපයේ ආසනය, පේසාවළලු, දේවතාකොටුව, හතරැස් කොටුව, කොත් කැරැල්ල වේ. භික්ෂුව නිරන්තර දායක පිරිසට ධර්මය කියා දිය යුතුය. එය ස්තූපයේ ගර්භයයි. මෙලෙස ගිහි පැවිදි දෙපක්ෂයම වස් කාලය ගත කරන්නේ නම් කඨිනය නැමති කොත පළඳවා දෙව් මිනිස් සැප කෙළවර උතුම් නිවන සාක්ෂාත් කරගත හැකිවේ.

පෙරහරට පෙර ගමන්.

සෙන්කඩගල පෙරහර උදානය

දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්‍රදාය යි.
දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.
ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.
පෙරහරට පෙර ගමන්..
සෙන්කඩගල පෙරහර උදානය
දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්‍රදාය යි.
දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.
ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්‍රදාය යි.
දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.
ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.

සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ බෞද්ධ සාහිත්‍යය

සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ බෞද්ධ සාහිත්‍යය

පැරැණි බෞද්ධ සාහිත්‍යය, පාලි, සංස්කෘත හා බුදු දහම පැතිර ගිය රටවල භාෂාවලින් ලියැවී ඇත. ටිබෙට් , චීන සිංහල ආදි වශයෙනි. අති උතුම් බෞද්ධ සාහිත්‍ය මුළුමණින්ම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රිපිටකයෙනි. එකල සාහිත්‍යය යන්න යෙදුවේද, සකලවිධ ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් පැහැදිළි කිරීමටය. මෙම තුන් පිටකය සෑම බෞද්ධයෙකු විසින්ම ලබා ඇති මිනිස් භවය තුළදී දැන ඉගෙනීම, යහපත් කරුණකි. සසර ගමනට හෝ සසරින් මිදීමට හෝ ඉතාම විශේෂ කාර්යයක් ලෙස තේරුම් ගත යුතුය. මෙම භවයේදී ලැබිය හැකි මෙම උතුම් අවස්ථාව, ඊළඟ භවයකදී හෝ කරගන්නෙමු යැයි සිතීම මුළාවක් හෙයිනි.
එබැවින් කියවා හෝ අසා හෝ දැන ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමට ප්‍රමාද නොවීමත් සුගතිගාමී වීමට හෝ නිවනට මග වන නිසයි. මෙම බුදු දහම අන්තර්ගත තුන් පිටකය බෞද්ධ සාහිත්‍යය ලෙස මෙහිදී හඳුන්වන්නේ, නූතන සාහිත්‍යය, අර්ථයෙන් නොව ඉතා ගරු ගාම්භීර අර්ථයෙනි.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
විනය පිටකය, සුත්ත විභංග , මහා විභංග , භික්ඛුණී විභංග, කන්ධක, මහාවග්ග, චූලවග්ග , පරිවාර යන ග්‍රන්ථ වලින් සමන්විතය.
සූත්‍ර පිටකය , දීඝනිකාය, මජ්ඣිම නිකාය , සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේත වත්‍ථු, ථෙර ගාථා, ථෙරී ගාථා, ජාතක , නිද්දේශ , පටිසම්බිධා, අපාදාන, බුද්ධවග්ග, චරියා පිටක වලින් සමන්විතය.
අභිධම්ම පිටකය, ධම්ම සංගනී, විභංග , ධාතු කථා, පුද්ගල පඤ්ඤප්ති, කථා වත්ථු, යමක, පට්ඨාන ආදියෙන් යුක්තය. මෙම පාලි සාහිත්‍යයට පරිබාහිරව , මෙම ධර්මය විග්‍රහ කරනුවස් ලියැවුණු සාහිත්‍යයක්ද ඇත. මිලින්ද ප්‍රශ්නය, නෙත්ති ප්‍රකරණය, විනය සහ අභිධර්මය ගැන, බුද්ධදත්ත ථෙර සාමින් ලියනලද, විනය හා අභිධර්මය සම්බන්ධ, ධර්ම ග්‍රන්ථ, පාලි ත්‍රිපිටකය ගැන ලියන ලද විමර්ශන, බුද්ධඝෝෂ හෝ ධර්මපාල ථෙර සාමින් ලියන ලද , පාලි ත්‍රිපිටක හා ජාතක කථා පිළිබඳ විවේචන ග්‍රන්ථ ද ලංකා ඓතිහාසික සම්ප්‍රදාය ගොඩනැගූ දීපවංශය, මහාවංශය හා චූලවංශය හා සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායට අනුගතව ලියන ලද, පසුකාලීන පාලි ග්‍රන්ථ ආදියයි.
මෙයට සම්බන්ධව ,කච්චායන සහ මොග්ගල්ලාන, ව්‍යාකරණ ග්‍රන්ථද , රූපසිද්ධි සහ සද්ධානිති ද අති ප්‍රසිද්ධය. බුද්ධඝෝෂ හිමියන් රචිත විශුද්ධි මාර්ගය , බුදු දහම පිළිබඳ කුඩා විශ්වකෝෂයක් වැනිය. පාලි ග්‍රන්ථ මෙන්ම එකල රචනා කළ සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ දුර්ලභය. මහායාන හා හීනයානයට අයත් සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ දක්නට ඇත. ලෝකෝත්තරවාදීන්ගේ මහාවස්තු විනය ගැන රචනාවූවකි. එහි දීඝ නිකායේ, මජ්ඣිම නිකායේ සූත්‍රද, පාලි ජාතක කතාද දක්නට ඇත. බුදුන්ගේ චරිතය විස්තර කරන ලලිත විස්තරය, මහායාන කෘතියකි. එහි වෛපුල්‍ය සූත්‍රයේ කොටස් දැකිය හැකිය. බුද්ධචරිතය රචනා කළ අශ්වගෝෂද, ජාතක මාලාව ලියූ ආය¸ශූරයන්ද වැදගත්ය.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
පාලි අපාදාන අනුව ලියන ලද, අවාදානයද හොඳ නරක කර්ම නිසා ඇතිවන හොඳ නරක විපාක කියාදෙන කථාන්තර අඩංගු කෘතියකි. මහායාන සූත්‍ර අතර, අෂ්ටසහස්රික ප්‍රඥාපාරමිතා, සද්ධර්මපූන්ඩරිකය, ලලිතවිස්තරය , ලංකාවතාරය, ස්වර්ණ ප්‍රභාෂා, ගන්‍ධව්‍යුහ , තථාගත ග්‍යුහක, සමාධිරාජ හා දශභූමිශ්වර වැදගත්ය. මේවා වෛපුල්ය සූත්‍ර නමි. මෙම බෞද්ධ සාහිත්‍යයේ උසස් නිර්මාණකයන් වූයේ නාගාර්ජුන , වසුබන්ධු , සහ අසංගය.
ඉන්දියානු බෞද්ධ කෘතීන් පරිවර්තනය කර රචිත ටිබෙට් බෞද්ධ කෘතීන් 4,566 ක් පමණ ඇති බව ‘පී.වී.බාපත් ‘ මහතා පෙන්වා දී ඇත. මේවා කොටස් දෙකකි. කන්ජූර් නමින් ප්‍රසිද්ධ අංශයේ කෘතීන් 1,108 ක් ද, බස්තාන් - හ්ග්යුර් නම් තන්ජූර් අංශයේ කෘතීන් 3458 ක් ද වේ.කන්ජූර් අංශ කෘතීන් කොටස් හතකි. 1.විනය ,2.ප්‍රඥා පාරමිතා 3.බුද්ධාවතම්ශාක 4.රත්නකූට ,5.සූත්‍ර ,6.නිර්වාන, 7.තන්ත්‍ර යනුවෙනි. තන්ජූර් තන්ත්‍ර සහ සූත්‍ර යනුවෙන් කොටස් දෙකකි.
ඉන්දියානු කෘතීන්ගෙන් චීන භාෂාවට පරිවර්තිත කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇත. ‘බනියු නන්ජියෝ ‘ සඳහන් කරන අන්දමට කෘතීන් 1662 කි. ඒවා, සූත්‍ර පිටක, විනය පිටක , අභිධම්ම පිටක, සහ විවිධ අංශ වශයෙන් රචනා කොට ඇත. ඊට පසු කලෙක සඳහන් වන අන්දමට බෞද්ධ කෘතීන් 2,184 ක් පමණ ලියැවී ඇත. ඊඒධ්ඉඩ්ර්‍ණ “තයිෂෝ” ගේ මුද්‍රණ වෙළුම් 55 කින් මේවා නිකුත් කොට ඇත.වෙනත් වෙළුම් 25 ක චීන හා ජපන් කෘතීන් රාශියක් පළ කර ඇත. මැන්චූරියන් හා මොන්ගෝලියන් භාෂාවලින්ද ටිබෙට් ‘තන්ජූර්’ පරිවර්තන කර ඇත. මේ අන්දමට බුදු දහම පැතිරුනු බොහෝ රටවල භාෂාවලින් අති විශාල ප්‍රමාණයක් බෞද්ධ ග්‍රන්ථ රචනා කර ඇති අතර ඉන් බලාපොරොත්තු වූයේ මිනිස්කම වර්ධනය කොට සසරදුකින් මුදවා ගැනීමයි.
පාලි හා සංස්කෘත බෞද්ධ සාහිත්‍යය කෘතීන් විමසීමෙන් එය වටහා ගත හැකිය. අනිත්‍ය, දුඞඛ, අනාත්ම , ලෝකයක, ජාති, ජරා, ව්‍යාධි, මරණවලට පත්වන සත්වයා තේරුම් ගැනීමත්, මිනිසාට ඇති මනස නිසි නිවැරදි බුදු මගට යොමුකර දුකින් මිදවීමත්, බෞද්ධ ධර්ම සාහිත්‍යයේ එකම අරමුණ වූ බව පැහැදිලිය. එකලෙක බෞද්ධ කෘතීන් පාලියෙන්ද, ප්‍රාකෘත මිශ්‍ර සංස්කෘත හා පිරිසුදු සංස්කෘත භාෂාවෙන්ද තිබිණ.”මන්ජූශ්‍රී මූලකල්ප හැර වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක් නොමැති අවධියක්ද විය.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
එයට හේතුවූයේ ආරාම වල භික්‍ෂූන්ට හෙරණුන්ට පමණක් බුදු දහම ඉගෙනීම සීමාවූ කලද වූ නිසයි. මෙහි ඵලය වූයේ සතුරු උවදුරු සමග ආරාම විනාශවන විට ග්‍රන්ථ සාහිත්‍ය කෘතීන්ද නැති භංගස්ථාන වූ නිසයි. නූතන අවදියට ඉතිරිවුනු ග්‍රන්ථ ලැබුණේ ඉන්දියාවෙන් පිටත රටවලිනි. ලංකාව, බුරුමය , සියම, සහ නේපාල චීන, ටිබෙට් ,මොන්ගෝලි ග්‍රන්ථ පරිවර්තක වලිනි.
චීන සහ ටිබෙට් ග්‍රන්ථ නාමාවලී වල ග්‍රන්ථ රාශියක් ගැන සඳහන් වේ. ඒ හැරුණු විට මධ්‍යම ආසියාවෙන්ද, මුල් සංස්කෘත කෘතීන් හමුවී ඇත. “රාහුල් සන්ක්‍රිත්යායන් “ හා මහාචාර්ය ජී.ටුකී ගේ සෙවීම් අනුව, මධ්‍යම ආසියාව, ගිල්ගිට් ට්ධ්ඹ්ට්ධ්ඊ හා ටිබෙට් රටවලින් ක්‍රි.ව. 5 , 6 යන සියවස්වලට අයත් ග්‍රන්ථ හමුවී ඇත. මේවා බොහොමයක් ස්තූප හා ආරාමයට ගොඩනගන ලද ගල්කුටිවල තිබී හමුවී ඇත. ඉන් අදහස් වන්නේ මෙම ග්‍රන්ථ කියවීමට නොව වැඳුම් පිදුම් සඳහා පමණක් යොදාගත් බවයි. බොහෝ විහාර පොත්ගුල්ද මේ හා සමානය.
බෞද්ධ සාහිත්‍යය ලෙස සටහන් කෙරෙන ධර්ම ග්‍රන්ථ ලේඛන ඉතා පුළුල් ලෙස කොටස් දෙකකට බෙදේ. පාලි හා මිශ්‍ර සංස්කෘත බසින් ලියා ඇති හීනයාන ග්‍රන්ථ හා පිරිසුදු හා මිශ්‍ර සංස්කෘත බසින් ලියන ලද මහායාන ග්‍රන්ථ වශයෙනි. ඒවා වැඩිදුරටත් හීනයාන හා මහායාන ලෙස නිකාය වලටද බෙදී යයි. බුදුදහම හා බුදුන් තේරුම් ගැනීමට නම් මෙම කෘතීන් කියවීම වැදගත්ය.
සැබෑ බෞද්ධයෙකුට කියවා නිම කළ නොහැකි තරම් ධර්ම විස්තර මෙම කෘතීන්හි අඩංගුය. මනස ධර්ම ස්කන්ධයෙන් පුරවාගෙන සැනසීමට මග මෙම කෘතීන් කියවීමයි. අති විශාල තෘප්තියක් ඉන් ලැබිය හැකිය. වැඩකට ඇති මෙම කෘතීන් කියවීමෙන් සිත පිරිසුදු කර ගත හැකිය.
බෞද්ධ කෘතීන්ගේ ප්‍රධානම අංගය වන්නේ බුදුන්ගේ චරිත විස්තර කථා රචනාය. මෙහිලා ප්‍රධාන ග්‍රන්ථ පහක් ඇත.මහා සාංගික එනම් ලෝකෝත්තරවාදීන්ගේ මහාවස්තු කථාව, සර්වාස්තිවාදීන්ගේ, ලලිත විස්තරය, පිරිසුදු සංස්කෘත භාෂාවෙන් ‘අශ්වකෝෂ’ විසින් රචිත බුද්ධ චරිතය , ජාතක කථාවලට හැඳින්වීමක් වැනිවූ පාලි නිදානකථා, සහ “ ධර්මගුප්ත” විසින් රචිත අභිනිෂ්ක්‍රමණ සූත්‍රයයි. මෙහි චීන පරිවර්තනය”බීල්” නම් ලේඛකයා විසින් 1875 දී”රොමෑන්ටික් ලෙජන්ඩ් ඔෆ් සාක්‍ය බුද්ධ “ නමින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත.

හික්කඩුව කුමාරකන්ද රජමහා විහාරයේ බිතු සිතුවමක්
මීට අමතර ග්‍රන්ථ රාශියකින් බුදුගුණ හා චරිතය රචනා කර ඇතිවාක් මෙන්ම, පෙරකල සිටියායි සඳහන් විවිධ බුදුන් ගැන, මහාපදාන සූත්‍රයේ විස්තර කර ඇත. නිදසුනක් ලෙස විපස්සී බුදුන්ගේ ප්‍රතිරූපයක් ලෙසගෞතම බුද්ධ චරිතය විවරණය කර ඇත. අරිය පරියේෂණ හා මහා පරිනිබ්බාණ සූත්‍රවලද බුද්ධ චරිතයේ අවස්ථා විග්‍රහ කර ඇත. සුත්තනිපාත, අපාදාන, සහ මහාවංශයේද බුදුන්ගේ ජීවන තොරතුරු විස්තර කර ඇත.
පාලි මහාබෝධිවංශයෙහි සූවිසි බුද්ධ චරිත නිර්මාණය කර ඇත. බුදුන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳ , අවුරුදු 45 ක තොරතුරු ජාතක හා සූත්‍ර හැඳින්වීම්වලද, විනය පිටකයේද විස්තර කෙරේ. බුද්ධ චරිත විස්තර වඩාත් ක්‍රමානුකූලව ලියා ඇත්තේ ‘ලලිත විස්තරයේය’ එහි වන විචිත්‍ර ගාථා හා ගද්‍ය පාඨ මගින් ශ්‍රද්ධා භක්තිය ජනනය කරවයි. විවිධ සම්ප්‍රදාය මගින්, ඉතා පැහැදිළිව චරිත විවරණය කර ඇත. බෞද්ධ ජාතක කථා මේ සඳහා මැනවින් යොදා ගෙන ඇත. බුද්ධ චරිතය විග්‍රහ කරන ‘මහාවස්තුව‘ මුද්‍රිත පිටු 1325 කි. විනය පිටකයට අයත් මුල්ම කෘතිය වන මෙහි මහා සාංගීක අදහස් දැක්වේ.
ඔවුහු විසුවේ ,වෛශාලි හා පාටලීපුත්‍රවලය. පසුකාලයේදී ආන්ද්‍ර දේශයේ, අමරාවතී හා නාගර්ජුන කොණ්ඩයට යන ලදී. මෙම කෘතීන්ගේ ශෛලීන් අනුව ක්‍රි.ව. 1 හෝ 2 සියවස් වල රචිත බව පිළිගැනේ. ජනප්‍රවාද, ඓතිහාසික තොරතුරුද , දක්නට ඇත. මෙම කෘතියේ බුදුබව ලබාගැනීමට හේතු වූ ප්‍රකෘති චර්යාවන් පෙන්වා දෙන බැවින්, කියවන අයට බෞද්ධ වත් පිළිවෙත් මැනවින් අවබෝධ කරවයි.
මිනිස් සමාජය යහ මගට යොමු කරන පුවත්ද නිර්මාණ කර ඇත. අපායන් පිළිබඳ තොරතුරු නිදසුනකි. ශ්‍රමණ බ්‍රාහ්මණයනට අවනතවීම, ගරු කිරීම, උපදෙස් ගැනීම, වැඩිහිටියනට සැලකීම, උපදෙස් ගැනීම, යහපත් ගති පැවතුම් , දාන, ශීල , භාවනාදියද , බුදුන් පිදීම හා ඵලද විවරණය කෙරී ඇත. යහපත් ගති පැවතුම් බෝසත් මගට යොමු කරවන බව පහදා දෙයි. බොහෝ ජාතක කතා ඒ සඳහා නිදසුන් කොට දක්වා ඇත.
සැබෑ බෞද්ධ මග යන්නවුනට මෙම කෘතීන් කියවීම වැදගත්ය. සෑම බෞද්ධ කථාවක්ම කියවීමෙන්, ධර්ම ඤාණය පුළුල්වේ. එය නිවනට මගයි. බුදුවීමට පෙරුම් දම් පිරූ බෝසත් කථා කියවීමෙන්, දුකින් මිදීමට, දුන් ධර්ම මාර්ගය, අනුගමනය කිරීමෙන් මේ ලබා උපන් මිනිස් භවයේදීම නිවන් සාක්ෂාත් කරගැනීමට බුද්ධිමත් මිනිසාට හැකිවෙයි. මෙම බෞද්ධ කෘතීන් රචනා කර ඇත්තේ එය පැහැදිලි කර දීමටය.
සූත්‍ර පිටකයට අයත්, නිකාය ග්‍රන්ථ කියවීමෙන්, බෞද්ධ චරිතයක් ගොඩනගාගත් මිනිසාට , ධර්ම මාවත ඉබේම විවෘත වෙයි. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය , ඛුද්දක නිකාය කියවීමෙන් බුදු මග පසක් වේ. එය නිවනයි. මෙම සූත්‍ර විස්තර කරන්නේ ඒ සඳහා අවශ්‍ය ධර්මයයි. මෙම සූත්‍ර අවබෝධ කර ගැනීමට අද ඕනෑම වුවමනා බෞද්ධයෙකුට පුළුවන. සාමාන්‍ය ලිපියකින් එය විවරණය කළ නොහැකිය.
ධම්මපදය බෞද්ධ සාහිත්‍යයේ, විශිෂ්ඨතම නිර්මාණයයි. එය විශ්ව සාහිත්‍ය කෘතියක් ලෙස විශ්ව විද්වතුන්ගේ විවරණයයි. බෞද්ධ , අබෞද්ධ, සියලු දෙනා අතරම ජනපි‍්‍රය කෘතියකි. බුදුන්ගේ ධර්මය එහි අන්තර්ගත වේ. ආසියානු බෞද්ධයන් එකල මෙය කටපාඩමින් භාවිතා කරන ලද බව සඳහන් වේ. ගාථා 423 ක්ද, “ ධම්මපද වග්ග“ එනම් පරිච්ඡේද 26 කින්ද යුක්ත වේ. යහපත් මිනිසෙකු හැදීම මෙහි අභිමතාර්ථයයි. සීල, සමාධි, ප්‍රඥා ඇති කොට යහපත් මිනිසෙකු බිහි කිරීම එහි උසස් අරමුණයි.
අවිද්‍යාවෙන් මුදා අඳුරෙන් ධර්මාලෝකය වෙත ගෙනයාමට මෙම ධම්මපදය ප්‍රබල කෘතියක් වෙයි. මෙවැනි බෞද්ධ කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒවා වෙනම විමසීමෙන්, බෞද්ධ පාඨකයාට ඉමහත් ප්‍රයෝජනයක් ලබාදෙයි. අනෙකුත් රටවල මෙන්ම ලංකාවේ බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදාය යටතේ ලියවුණු සාහිත්‍ය කෘතීන් විශාල ප්‍රමාණයක් අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ලියවී ඇත.විශේෂයෙන් පාලියෙන් හා සිංහලෙන් ලියා ඇති උසස් සාහිත්‍ය කෘතීන් හා කාමයෙන් මිදුනු යහපත් සමාජයක් ඇති කිරීම බැව් ඒවා මැනවින් කියවීමෙන් වටහා ගත හැකිය. ලාංකික විශිෂ්ඨ සාහිත්‍ය සම්ප්‍රදාය, ගොඩනැගුනේ බුදු දහම පදනම් කරගෙන, මිනිසා සසර දුකින් මුදනු පිණිස මිස, බොළඳ කාමයෙන් අශ්ලීල තෘප්තියක් ලබා දීමට නොවේ.

Wednesday, October 22, 2014

වස්සානයයි සිවුරේ කථාවයි තුන්සිවුර

වස්සානයයි සිවුරේ කථාවයි තුන්සිවුර


“අනුජානාමි භික්ඛවෙ. න රජනානි, මූල රජනජ ඛන්ධරජනං
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”
එනම්, 1.මුල් පඬු, 2. දඬු පඬු 3.පොතු පඬු 4. කොළ පඬු 54. මල් පඬු 6. ගෙඩි පඬු
එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.
1.නිල්, 2.දම් 3.කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ
මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි.සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. 1.පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4.පඬු හැන්දක් 5.පඬු කළයක් 6.පඬු ඔරුවක්
ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.
මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුටහ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙසේ අනුමත කළහ.
“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං 
එකචචියං උත්තරාසංඝං, එකවචියං අන්තරාවාසකං”

මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.
එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.
1.අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර 
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර 
3. එක් පටක් ඇති අඳනා සිවුර 
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර 
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර 
6.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර 
7.පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර 
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.

1.අග්ගළං – අණ්ඩලිම 
2.තුන්නං – නූලෙන් එල්ලීම 
3.ඔවට්ටිකං – වැට් කොට මැසීම 
4.කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම 
5.දැළහී කම්මං – දැඩි කිරීම

මෙසේ සිවුරු පරිහරණය කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්
1.නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම 
2.දික් දාවලු ඇති සිවුරු දැරීම 
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම 
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම 
5.සැට්ට දැරීම 
6.හිස් වෙළුම් දැරීම

මෙහිදි බුදුරජාණන් වහන්සේගේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.
”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න
සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්‍ය ආපන්හි දුක්කටස්ස”
මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්
1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි 
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි 
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි 
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි 
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි 
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි 
7 . සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි 
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි 
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි 
10. මල් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි 
11. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි 
12.අඟිය නො දැරිය යුතියි 
13. සැට්ට නො දැරිය යුතුයි 
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි

යමක් මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.
සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අටක් ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.
මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය
1.දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම 
2.දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම 
3.දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම 
5.දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි 
6.පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි.

මෙසේ විවිධ සංශෝධනවලින් යුක්තව භික්ෂූන් වහන්සේලා භාවිතා චීවරය විවිධාකාර සංවර්ධනය විය. එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.

Monday, October 20, 2014

මහින්දාගමනයට පසු

මහින්දාගමනයට පසු ලංකාවේ ඉදි කළ ප‍්‍රථම දාගැබ
මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවීමට පෙර සාදන ලද දාගැබ් දෙකක් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. එයින් එකක් ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ ගිරිහඬු වෙහෙරය. අනෙක මහියංගණයේ දාගැබය. එසේ වුවද පුරාවිද්‍යාත්මකව ඔප්පු කළ හැකි ප‍්‍රථම දාගැබ සාදන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග‍්‍රහයෙනි. මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදිය. මෙම දාගැබ අදත් ථූපාරාමය නමින් දැකගත හැකිය. ඒ දාගැබ එදා නිර්මාණය කළාට පසුව විවිධ රජවරුන් විසින් ඒ ඒ කාලවල දී ප‍්‍රතිසංස්කරණය කරන ලදී.මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජතුමා විසින් අභය වැව අසළ මෙම දාගැබ සාදවන ලදී. සුමන සාමනේරයන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව ද, බුදුරජාණන් වහන්සේගේ පාත‍්‍ර ධාතුව ද, තවත් ධාතුන් වහන්සේලා ද පාටලීපුත්ත නගරයෙන් (දඹදිව) වැඩම කරවා ඒවා සියල්ලම පළමුව මිශ‍්‍රක පබ්බත යේ මිහින්තලේ තැන්පත් කළේය. ඒ නිසාම එය ෙච්තිය පබ්බත යන නාමයෙන් ද හැඳින්වුණි.
ථූපාරාමයේ ධාතු නිදන් කිරීම සඳහා ඇතෙකු පිට එම ධාතුන් වහන්සේලා වැඩම කරවූයේය. ධාතූන් වහන්සේලා ඇතාගෙන් ඉවතට ගැනීමට නොහැකි විය. ඒ නිසා ඇතාගේ උසට අභය වැවෙන් මැටි ගෙන එහි දාගැබක් නිර්මාණය කරවා එහි ධාතූන් වහන්සේ තැන්පත් කළේය. ථූපාරාමය නමින් හැඳින්වුණු ස්තූපය ලාංකික බෞද්ධයින්ගේ අති පූජනීය ස්ථාන වලින් එකකි. මෙකල ථූපාරාම දාගැබ අඩි 164 1/2 කවාකාරව ඇත. කවාකාර වේදිකාව මත පොළොවේ මට්ටමින් අඩි 11 උසින් පිහිටා තිබේ.දාගැබ වටා සම කේන්ද්‍රිකව පිහිටුවන ලද ස්තම්භ පිහිටුවා තිබුණි. ඒවායේ කුලුණු හිස් කැටයම් කර තිබේ. ගල් කණු පේළි වලින් පැහැදිලි වන්නේ මෙම ථූපාරාමයට වටදාගෙයක් හෙවත් ෙච්තියඝරයක් තිබුණු අන්දමය. මෙම දාගැබේ මුල් ස්වරූපය ධාන්‍යාකාරය. එහෙත් අද දක්නට ලැබෙන ස්වරූපය අනුව ගණ්ඨාකාරය. මේ දාගැබේ මෙකල උස අඩි 63 කි. විශ්කම්භය අඩි 53 කි. ලංජිතිස්ස රජතුමා (කි‍්‍ර. පූ. 119 - 109) විසින් ථූපාරාමයට ශෛලමය කංචුකයක් (විශාල කළ බව) මහාවංසයේ සඳහන් වේ. මේ දාගැබ සඳහා වටදා ගෙයක් සාදවන ලද්දේ වසභ (කි‍්‍ර. ව. 65 - 109) රජතුමාගේ අනුග‍්‍රහයෙනි. මීට අමතරව ගෝඨාභය, ධාතුසේන, දෙවැනි අග‍්‍රබෝධි, මානවම්ම, දෙවැනි මහින්ද ආදී සිංහල නරපතියෝ ද ථූපාරාමය දාගැබ සංරක්ෂණ කටයුතුවලට දායක වූහ.ථූපාරාමය දාගැබක් පමණක් නොවේ. ඒ අවට තවත් ආගමික ගොඩනැගිලි රාශියක් ද දක්නට ලැබේ.

Saturday, October 18, 2014

රුවන්මැලි සෑය

බුරුමයේ චූඩා මාණික්‍යයක් සවි කර රුවන්මැලි සෑය නූතනයේ ඉදි කළ හැටි


ශ්‍රී ලංකාවේ තිබෙන ස්ථූප අතරින් ලංකාවාසී වගේම ලෝකවාසී බෞද්ධයන්ගේ වන්දනාවට වැඩියෙන්ම පාත්‍රවුණු ස්ථූපය විදිහට රුවන්මැලි සෑය හඳුන්වන එක අතිශයෝක්තියක් නෙමේ. අනුරාධපුර යුගයේ රාජ්‍ය කළ හෙළ රාජාවලියේ ඉහළම ස්ථානයක වැජඹෙන දුටුගැමුණු රජතුමා විසින් කරවන්නට යෙදුණු රුවන්මැලි සෑය ශ්‍රී ලංකාවේ මහා ස්ථූප ඉදිකිරීමේ යුගය ආරම්භ කළා. 


අසදෘශ සෑයේ ප්‍රමාණය ගැන මෙයින් අවබෝධයක් ගත හැකියි
ලංකාවේ තිබෙන ස්ථූප අතුරින් උසින් තෙවැනි ස්ථානයට පත්වුණත් වැඩි වශයෙන් වන්දනාවට ලක්වෙන ස්ථූපය වුනේ ඇයි කියන එකත් ටිකක් විමසලා බලමු. ඒකට හේතුව තමා ලෝකය පුරා තිබෙන බෞද්ධ ස්ථූප අතුරින් වැඩිම සර්වඥ ධාතු ප්‍රමාණයක් නිධන්ව පවතින්නේ රුවන්මැලි සෑය තුළ වීම. 

ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතූන් වහන්සේලා බෙදීම
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව කොටස් 8 කට වෙන් කෙරුණු සර්වඥ ධාතුවලින් රාම ග්‍රාමයට ලැබුණු සර්වඥ ධාතු ද්‍රෝණය පසුව තැන්පත් කෙරුණු ස්ථූපය මුහුදට සෝදාගෙන ගිහින් ඒ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයට ලැබුණු බවත් රුවන්මැලි සෑයේ ධාතු නිධානෝත්සවයට මේ සර්වඥ ධාතු ද්‍රෝණය නාග ලෝකයෙන් වැඩමවූ බව තමා වංස කතා කියන්නේ.

මේ විශේෂත්වය නිසාම මහා ථූපය, අසදෘශ ථූපය නමින් රුවන්මැලි සෑය ගෞරව පිණිස නම් භාවිතා කෙරෙනවා. ඒ වගේමයි පෙර රජ දරුවන්ගේ පටන් මේ දක්වාම විවිධාකාරයේ පුද පූජාවන්ටත් රුවන්මැලි සෑය පාත්‍රවෙලා තිබෙනවා. 

රුවන්මැලි මහා සෑයේ හරස්කඩ සටහනක්
[උපුටා ගැනීම Shreen Amendra රචිත Beyond the Seeing Eye: The Mahathupa of Lanka  කෘතියෙන්]
ඉතින් රුවන්මැලි සෑය ගොඩනගන්න ආරම්භ කරපු ආකාරය, ධාතු නිධන් කළ ආකාරය වගේම ස්ථූපයේ කටයුතු නිමා කළ ආකාරය ගැන වංස කතා තුළ කතාන්දර රාශියක් තිබෙනවා. ඒ සම්බන්ධව විස්තර ඇතුළත් කෘතියක් පහත තිබෙන සබැඳියකින් භාගත කරගන්න ඔබට පුලුවන්]

ඒත් මේ සටහනෙන් අවධානය යොමු කරන්නේ රුවන්මැලි සෑයේ නූතන කතා පුවත සම්බන්ධව. 

රජරට රාජධානි බිඳවැටිලා නිරිත දිගට වෙන්න රාජධානි ගොඩනැගීමත් එක්ක ක්‍රමයෙන් රුවන්මැලි සෑය වගේම අනෙකුත් සිද්ධස්ථානවලට එතරම් රාජ අනුග්‍රහයක් වුණු බව පෙනෙන්න නැහැ. ඒත් නොවුණාම නෙමේ. ඒත් රජරට රාජධානි තිබුණු සමයේ තිබ්බ ශ්‍රී විභූතියට පත්කරන එක නම් බොහොම අසීරු වුණා. අවසානයට සිද්ධ වුණේ මේ ප්‍රදේශ ක්‍රමයෙන් වල් බිහිවෙලා මහජනයාගේ මතකයෙන් ඈත්වෙලා යන එක. 


වල් බිහිව පැවති රුවන්මැලි මහා සෑය
මේ වගේ පසුබිමක තමා 1873 දී ගම්පොළ ප්‍රදේශයේ ඉදන් අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන අවුරුදු 23 ක් පමණ වුණු තරුණ හාමුදුරුවෝ වල් බිහිවෙලා තිබුණු මේ මහා ථූපය දැකලා බොහොම කම්පාවෙලා නැවත වරක් පෙර රජ දරුවන්ගේ කාලයේ රුවන්මැලි සෑය තිබුණු ශ්‍රී විභූතියටම පත්කරන්න අධිෂ්ඨාන කරගන්නේ. බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රයන්ගේ සහයත් මේ කටයුත්තේදී උන්වහන්සේට හිමිවෙනවා.

ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි

ඒ අනුව 1884 දී රුවන්මැලි සෑය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී අනුරාධපුර දිසාපතිතුමාගේ දැනුවත් කිරීමෙන් මේ ගැන බලන්න ආපු ඒ කාලයේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි තමන්ගේ පුද්ගලික මුදල්වලින් රුපියල් 1000 ක් රුවන්මැලි සෑය සංවර්ධනයට පරිත්‍යාග කරලා තිබුණේ. [ගිරිගෝරිස් රජ්ජුරුවෝ කියලා මිනිස්සු හඳුන්වපු මේ ආණ්ඩුකාරතුමා ලංකාවේ පැරණි උරුමය සුරකින්න හුඟක් කැපවුණු කෙනෙක්. 1876 දී කොළඹ ජාතික කෞතුකාගාරය ආරම්භ කරන්න මුල් වෙන්නේත් මෙතුමාම තමා] ඒ වගේමයි එවකට හිටිය බෞද්ධ දානපතියන් රාශියකුත් මේ සඳහා දායක වෙලා තියෙනවා.

 සෑ රදුන් වන්දනාවට පිවිසීමට තිබූ දොරටුව

මේ විදිහට කටයුතු සිදුවෙද්දී 1912 දී හදපු බැමිවල තිබුණු දෝෂයක් නිසා චෛත්‍යය කඩාවැටීමත් එක්ක සුමනසාර හාමුදුරුවෝ රුවන්මැලි මහ සෑ පිළිසකර කිරීමේ කටයුත්ත තාවකාලිකව නවත්තනවා. 

 කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි

ඒත් ඒ අවුරුද්දේම තමන් වහන්සේගේ සහයට ආපු ඇවරිවත්තේ කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමි සම්බන්ධ වීමත් එක්ක එතුමාගේ සභාපතිත්වයෙන් රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතිය පිහිටුවා ගෙන නැවත වරක් කටයුතු ආරම්භ කරන්න සුමනසාර හාමුදුරුවෝ කටයුතු කරනවා.

රුවන්මැලි සෑය සොයාගන්නා විට වූ ප්‍රමාණය සහ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරන අයුරු පෙන්වන සැලසුමක්
[උපුටා ගැනීම James G. Smither ගේ Architectural Remains: Anuradhapura, Ceylon කෘතියෙන්]
රන්සිරිනෙල් වෙද රාළහාමිගේ මූලිකත්වයෙන් රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවුණු ආකාරය ගැන ඉරිදා දිවයිනේ ලිපි මාලාවක් පළවුනා. මෙන්න ඒවත් කියවන්නකෝ.

රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 01
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 02
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 03 
රුවන්මැලිය යළි ගොඩනැගූ පරපුරේ රස කතා - 04

දොන් හෙන්ද්‍රික් සිටුගේ

මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී අකුරැස්ස ප්‍රදේශයේ ධනවතෙක් වුණු දොන් හෙන්ද්‍රික් සිටුගේ රුවන්මැලි සෑයේ ඉදිකිරීම් කටයුතුවලට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කිරීමත් සුවිශේෂී සිදුවීමක්.මේ ඒ ගැන ලංකාදීපේ තිබුණු කතාව. 

රුවන්මැලි සෑ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වෙන්න පෙර නාරංවිට සුමනසාර හාමුදුරුවෝ අපවත් වෙනවා. මීළඟට 1932 අවුරුද්දේදී මේ යෝධ ව්‍යාපෘතියට ලක්ෂ දෙක හමාරක් පරිත්‍යාග කරපු ඒ වගේම ඊට පස්සේත් සම්බන්ධ වෙලා හිටිය දොන් හෙන්ද්‍රික් සිටුගේත් මියයනවා. 

ගර්භ කොටසේ පිළිසකර කිරීමේ කටයුතු
ඊට පස්සේ මහා ථූපයේ හතරැස් කොටුවට මුල්ගල තැබීමෙන් පස්සේ රුවන්මැලි චෛත්‍යවර්ධන සමිතියේ සභාපති විදිහට අමිල මෙහෙයක් කරපු කුමාරසිංහ රන්සිරිනෙල් පෙරේරා වෙද රාළහාමිත් 1935 දී පමණ මියයනවා.

ඊට පස්සේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ දියණිය විවාහ කරගෙන හිටිය මහර ඒබරං එදිරිසිංහ වෙද අප්පු චෛත්‍යවර්ධන සමිතියේ මූලිකත්වය අරගෙන චෛත්‍යය පිළිසකර කිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යනවා. 

රුවන්මැලි මහ සෑයේ ලෝහමය කොත

ඒ වෙද්දී රුවන්මැලි සෑයට පළඳවන්න කොතක් නිර්මාණය කිරීමේ බරපතළ කාර්යයටත් චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් අත ගහලා තිබුණේ. ඒ කාර්යය පිළිමතලාව ප්‍රදේශයේ පිත්තල කර්මාන්තයේ යෙදෙන පිරිසකට රන්සිරිනෙල් වෙද රාළහාමි භාර කරලා තිබුණේ. ඒ යටතේ අඩි 26 ක් උස ඒ වගේම ටොන් 6 ක් පමණ බර ලෝහමය කොතක් නිර්මාණය කරවන්න ඔවුන් සමත් වුණා.

පිළිමතලාවේ ඉදන් කොළඹට රැගෙන ආපු විශාල පිත්තල කොත් වහන්සේගේ ස්වර්ණාලේප කිරීමේ කටයුත්ත ඉන්පස්සේ සිදු කරලා තියෙනවා. ඒක සුභ මොහොතින් ආරම්භ කළේ රන්සිරිනෙල් වෙද රාළහාමිගේ බිරිඳ වුණු මැටිකොටුවේ හාමිනේ.

මාස තුනක පමණ කාලයක් ඇතුළත ස්වර්ණාලේප කරලා නිමා කෙරුණු කොත් වහන්සේ ඊට පස්සේ ඇවරියවත්ත සුමිත්‍රාරාම විහාරයේ තැන්පත් කරලා තබනවා.

බුරුම ජාතික යූ. විනයාලංකාර නාහිමියන්
කොත් වහන්සේ ඒ විදිහට නිර්මාණය කරගෙන යද්දී ගැටලුව වුණේ මේ කොතට ගැලෙපන චූඩා මාණික්‍යයක් හම්බ නොවුණු එක. පත්තරවල දැන්වීම් පළ කරලා අවුරුදු කීපයක්ම කොතට ගැළපෙන චූඩා මාණික්‍යයක් කපා ගන්න පළිඟුවක් හෙව්වත් හම්බුණේ නැති නිසා මේ සඳහාපොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ සහ දෙමටගොඩ මකුටාරාමයේ නිර්මාතෲ වගේම ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක බුරුමයේ විනයාලංකාර නාහිමියන් හමුවෙලා මේ සම්බන්ධව උදව්වක් ඉල්ලන්න චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් කටයුතු කරනවා. 

මේ කාර්යයේ වටිනාකම තේරුම් ගත්තු විනයාලංකාර හාමුදුරුවෝ 1933 දී බුරුමයට වැඩම කරලා විශාල ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. රැන්ගුන් නුවරින් මැණික් සම්බන්ධ ප්‍රකට මෝගොක් නගරයට වඩින උන්වහන්සේට අවසානයේදී තමන් වහන්සේට අවශ්‍ය ප්‍රමාණයේ පළිඟුවක් හම්බවෙනවා. යූ.ටො, දෝනන්ටේ, ෂන්ඨිදස් සහ  යූ.මට් කියන හතර දෙනාට අයිති වුණු මේ පළිඟුවේ වටිනාකම රුපියල් 6000 ක් පමණ වුණා. 


එයාල හතර දෙනා විනයාලංකාර හාමුදුරුවන්ට මේ පළිඟුව පරිත්‍යාග කිරීමත් එක්ක 1938 හාමුදුරුවෝ පළිඟුවත් අරගෙන ලංකාවට වඩිනවා. චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් ලංකාවේ පළිඟුවලට වඩා වැඩි දීප්තියක් තියෙන මේ පළිඟුව දැකලා හුඟක සතුටු වෙනවා. ඒත් ඊට පස්සේ ඇතිවෙන ගැටළුව තමා මේ තරම් විශාල පළිඟුවක් කපන්න තරම් යන්ත්‍ර ලංකාවේ නොතිබුණු එක. 

ඒ නිසා මේ පළිඟුවෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට චූඩා මාණික්‍යය කැපීමේ ආධාරය චෛත්‍යවර්ධන සමිතියේ නිලධාරීන් විනයාලංකාර හිමියන්ගෙන් ඉල්ලීමත් එක්ක උන්වහන්සේ නැවතත් බුරුමයට වැඩම කරලා මෝගොක් නගරයේ පළිඟු කපන ශිල්පීන්ට ඒ කාර්යය භාර කරනවා. 

පළිඟුව කපාගෙන යද්දී එක් පැත්තකින් අවශ්‍ය ප්‍රමාණය නොතිබුණු නිසා චූඩා මාණික්‍යය කැපීමේ කාර්යය ඇණ හිටිනවා. උත්සහවන්ත භික්ෂුවක් වුණු විනයාලංකාර හාමුදුරුවෝ පසුබට වෙන්නේ නැතුව ආයි පාරක් චූඩා මාණික්‍යයට අවශ්‍ය වෙන ප්‍රමාණයේ පළිඟුවක් හොයන්න පටන් ගන්නවා. 

කලින් පළිඟුව පරිත්‍යාග කරපු හතර දෙනාටම මේ පාරත් පළමු පළිඟුවටත් වඩා විශාල ප්‍රමාණයේ පළිඟුවක් ලැබිලා තිබුණා. ඒ තරම් විශාල පළිඟුවක් මීට පෙර මෝගොක් ආකරවලින් නොලැබුණු බව තමා කියවෙන්නේ. වටිනාම රුපියල් 8000 ක් පමණ වුණු ඒ පළිඟුව ඔවුන් විනයාලංකාර හාමුදුරුවන්ට පරිත්‍යාග කරනවා. 

ඊට පස්සේ විනයාලංකාර හාමුදුරුවෝ පළිඟු කපන ශිල්පීන් ලවා උස අඟල් 18 ක් වට ප්‍රමාණය අඟල් 25½ වන විදිහට චූඩා මාණික්‍යයක් කප්පවනවා. මේ චූඩා මාණික්‍යයේ බර රාත්තල් 12½ ක් වුණා.

පළිඟුව කපලා අවසන් වුණාට පස්සේ ඒක නිකම්ම ලංකාවට භාර දෙන්නේ නැතුව රත්තරන් ආධාරකයක චූඩා මාණික්‍ය පිහිටවලා ඒක උඩ ධාතු කරඬුවක් කරවන්න විනයාලංකාර හාමුදුරුවෝ තීරණය කරනවා. ඒ යටතේ බුරුම බෞද්ධයන් බොහෝ දෙනා රත්තරන්, රිදී, මැණික් වගේම මුදල් මේ කටයුත්තට පරිත්‍යාග කළා. 

විනයාලංකාර හිමියන්ගෙන් මේ කටයුත්ත බාර ගත්තු මෝගොක් නුවර හිටිය ධනවත් බෞද්ධයෙක් මේ කාර්යයට අවශ්‍ය වෙන උපකරණ අලුතින්ම මිළයට අරගෙන රන්කරුවන් වගේම මැණික් කපන්නන් තමන්ගේ නිවසේ නවතාගෙන කටයුතු ආරම්භ කරනවා. 

ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ සැලැස්ම
මේ ආධාරකය රිදියෙන් වාත්තු කරලා රන් ආලේප කරලා ඒ ආධාරකය පුරාම මැණික් අල්ලලා ඒ මත චූඩා මාණික්‍යය පිහිටවලා චූඩා මාණික්‍යය මුදුනේ රත්තරනින් ධාතු කරඬුවක් නිර්මාණය කරලා ඒකත් රත්තරනින් ආවරණය කරලා ඒ මත ඉදන් සතර දිශාවට මැණික් වැල් හතරක් එන විදිහට තමා නිර්මාණය කරන්නේ. මාස 9 ක් කාලයක් මේ සඳහා ගතවෙනවා. 

මේ ස්වර්ණමය ආධාරකයේ උස අඟල් 13 ක් වෙනවා. මේ කටයුත්තට රත්තරන් රාත්තල් 12½ ක් රිදී රාත්තල් 152 ක් යොදා ගෙන තියෙනවා. ස්වර්ණමය ආධාරකයට මැණික් ගල් 4796 ක් සවි කරලා තියෙනවා. ඒ සෑම මැණික් ගලක්ම රුපියල් 25 කට වඩා වටිනාකමින් යුක්ත වුණා වගේම රුපියල් 12,000 ක වටිනාකමක් තියෙන මැණිකකුත් මේ අතර තිබෙනවා.

චූඩා මාණික්‍යය මුදුනේ තැන්පත් කරන්න විනයාලංකාර හාමුදුරුවෝ සර්වඥ ධාතූන් වහන්සේලා එකුන් දස නමක් [9] සූදානම් කරගෙන තබාගන්නවා. ධාතු කරඬුව සවිකරන්න බලාපොරොත්තු වුණු දවසේ ඒක කරන්න බැරිවුණු නිසා පසුවදා ඇවිත් ඒ සඳහා ධාතු තැන්පත් කරලා තිබුණු භාජනය විවෘත කළාම සර්වඥ ධාතූන් වහන්සේලා 98 නමක් දැකගන්න පුලුවන් වෙනවා.  මේ සියල්ලමත් චූඩා මාණික්‍යය මුදුනේ තිබෙන ධාතු කරඬුවේ විනයාලංකාර හාමුදුරුවෝ තැන්පත් කරනවා. 

ශ්වේදගොන් චෛත්‍යය

අවසානයේදී නිර්මාණ කටයුතු නිමා කරපු ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය මෝගොක් නුවර ඉදන් විශේෂ දුම්රියකින් රැන්ගුන් අගනුවරට වැඩම කරවලා රැන්ගුන් නුවර පිහිටි ශ්වේදගොන් චෛත්‍යය සමීපයේ තිබෙන ගොඩනැගිල්ලක තැන්පත් කරලා බුරුමයේ ජනතාවට ප්‍රදර්ශනය කරනවා.

පස්සේ බුරුමයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා වුණු ශ්‍රීමත් Archibald Douglas Cochrane විසින් රාජකීය භාණ්ඩයක් විදිහට මේ චූඩා මාණික්‍යය 1940 දී ලංකාණ්ඩුකාර ශ්‍රීමත් Andrew Caldecott ට විනයාලංකාර නාහිමියන් සහ බුරුම ජාතික භික්ෂූන් වහන්සේලා තුන් නමකුත් රුවන්මැලි සෑයේ කොතේ රන් ආලේප කරන්න බුරුම ශිල්පීන් පිරිසකුත් සමඟ පිටත් කර හරිනවා.

1940 මාර්තු 4 වෙනිදා මේ පිරිස ලංකාවට සැපත් වෙනවා. ඒ සමඟම රතු මැණික් කැට එබ්බවූ රිදී මල් බඳුනක්, ආධාරකයක් සහ වැස්මක් සහිත රිදී පාත්‍රයක්, චූඩා මාණික්‍යය වැසීමට වීදුරු ආවරණයක්, දළදාව ආවරණයට වීදුරු ආවරණයක් පරිත්‍යාග වශයෙන් බුරුමයෙන් ලංකාවට හිමිවෙනවා.

දෙමටගොඩ මකුටාරාමයේදී ප්‍රදර්ශනයට චූඩා මාණික්‍යය තබලා පසුව අනුරාධපුරය බලා වැඩම කරවනවා. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමති ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජූනි 17 වෙනිදා පැවැත්වෙන රුවන්මැලි මහා සෑයේ කොත් වහන්සේ පැළැඳවීමේ පිංකමේදී බෞද්ධයන්ගේ සාදු නාද මධ්‍යයේ රුවන්මැලි මහා සෑයේ කොත් පැළැඳවීම සිදු සිදු කරන්නේ මේ මාහැඟි චෛත්‍ය කර්මාන්තයේ ප්‍රධාන බාසුන්නැහැ විදිහට කටයුතු කරපු පුද්ගලයාගේ අතින්.

මේ මහා අසදෘශ ථූපය වසර සිය ගණනකට පස්සේ නැවත වරක් පිළිසකර කරලා බෞද්ධයන්ගේ වන්දනාවට විවෘත කරන්නේ ජූනි 19 වෙනිදා. 

2011 වසරේදී ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යය පිළිසකර කිරීමෙන් පසු
වසර 70 කට විතර පස්සේ මේ ස්වර්ණමය ආධාරකය සහිත චූඩා මාණික්‍යයේ පිළිසකර කිරීම්පොකුණුවිට විනයාලංකාරාරාමාධිපති කිරිඔරුවේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් පැල්පොල රාහුල හාමුදුරුවෝ විසින් සිදු කරලා 2012 මාර්තු 11 වෙනිදා ඒ කටයුතු නිමා කරනවා. 
http://www.youtube.com/watch?v=Cf8z9mD9G7A
පිළිසකර කිරීම් සිදුකළ ආකාරය

ඒ දවසේ නොමිලේ බෙදා හැරුණු අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ  රචනා කරපු චූඩාමාණික්‍ය වර්ණනාව කියන සටහනෙන් තමා මේ කතාව උපුටා ගත්තේ.  

ඒ සමඟම අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හාමුදුරුවෝ රචනා කරපු "රුවන්මැලි මහා සෑය" ග්‍රන්ථයත් බෙදා හැරියා. ඒ කෘතිය මේ සබැඳියෙන් ගිහින් භාගත කරගන්න පුලුවන්. [මෙය ලබාදුන් ටිරාජ් අධිකාරි අයියාට පිං]

රුවන්මැලි මහ සෑයේ තවත් ඡායාරූප බලන්න මෙතනින් යන්න

ලංකාදීපයේ පළවුණු රුවන්මැලි මහා සෑයේ හුණු ආලේප කරන අයගේ කතාව කියවන්නමෙතනින් යන්න.

ප.ලි.: ඉතිහාසයේ අප්‍රකට කතා අද පළ නොවුණද ඉදිරියේදී පළවන බව කරුණාවෙන් සළකන්න :)