Showing posts with label ධර්මාශෝක රජතුමා. Show all posts
Showing posts with label ධර්මාශෝක රජතුමා. Show all posts

Wednesday, October 22, 2014

ධාර්මික රජු හා දස රාජ ධර්මය

ධාර්මික රජු පිළිබඳ බුදු දහමේ එන පරමාදර්ශී රජු සක්විති රජුය.

"සක්විති රජු ධාර්මිකව , සාධාරණව, ධාර්මික පාලකයෙකුව සිව්දිග ජයගෙන, ජනපද තහවුරු කොටගෙන, දඬු අවි නොගෙන, දැහැමෙන් සෙමෙන් මේ පෘථිවිය ජයගෙන වෙසෙයි."





දස රාජ ධර්මය
  1. රජතුමා කුසල් දහම් කරමින් තම දරුවන් හා රටවැසියන් ඒ කෙරේ යොමු කරවීම.
  2. තමා යටතේ සිටින ඔටුනු පලන් රජවරුන්ට සංග්‍රහ කර ඔවුන් රැකගැනීම.
  3. තමා යටතේ සිටින ඔටුනු නොපලන් රජවරුන්ටද සංග්‍රහ කර ඔවුන්ද රැකගැනීම.
  4. තම සේනාවට නිසි වේලාවට ආහාරපාන  හා වැටුප් දී ඔවුන් රැකගැනීම.
  5. බමුණන්ට ආහාරපාන, ඇඳුම් පැළඳුම්ද ගොවීනට බීජ, ආහාරපාන,ගොනුන් හා නගුල් ආදිය දී ඔවුන්   රැකගැනීම.
  6. තම යටත්වැසියාට ආහාරපාන දී ඔවුන් රැකගැනීම.
  7. මහණ බමුණන්ට සිව්පසයෙන් සංග්‍රහ කර රැකගැනීම.
  8. පක්ෂීන්ට සිව්පාවුන්ට අභය දානය දී ඔවුන් රැකගැනීම.
  9. අධර්ම ක්‍රියාවලින් මුළුමනින්ම වැළකීම.
  10. දුප්පතුන් හට ධනය දීම.

ධර්මාශෝක අධිරාජයා : රාෂ්ට්‍ර පාලනය

      බෞද්ධ විග්‍රහයට අනුව රටක පාලකයා හෙවත් රජු ධාර්මික විය යුතුය. "ධම්මිකෝ ධම්ම රාජා" යන්නෙන් එය කියැවේ. රටේ මිනිසුන්ට මෙන්ම සතා සීපාවාටද රජු විසින් ආරක්ෂාව සැපයිය යුතුය. දැහැමි රජු පිළිබඳ බුදු දහමේ එන පරමාදර්ශී චරිතය සක්විති රජුය. දැහැමි පාලනය පිළිබඳව තව කියවන්න.

     ගෞතම බුදුන් වහන්සේ හා සබැඳි බෞද්ධ ඉතිහාසය තුළ හමුවන ප්‍රථම ධාර්මික ප්‍රතිපත්තිය අනුගමනය කළ රජු වන්නේ ධර්මාශෝක රජුය. යුදයෙන් රටවල් ආක්‍රමණ කර යටත් කරගැනීමේ ප්‍රතිපත්තිය අත්හැර ධාර්මිකව රාජ්‍යය පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් හෙතෙම සකස් කර ගත්තේය. එය වනාහී "ධර්ම විජය" ප්‍රතිපත්තියයි.

ධර්ම විජය ප්‍රතිපත්තිය

සියලු භීෂණයෙන් තොර, හිංසාවෙන් තොර පාලන ප්‍රතිපත්තියකි. "සියලු මිනිසුන් මාගේ දරුවෝය.." හෙතෙම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ධර්ම විජය ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කර දැක්විය හැකිය.


  1. මහජන සුභසාධනය
  2. ධර්ම යාත්‍රා සංකල්පය
  3. සතුන්/ ගහකොළ කෙරේ දැක්වූ මනුෂ්‍යත්වය

1. මහජන සුභසාධනය


  • රජු පරාර්ථය මුල් කරගත් පාලකයෙක් විය.
  • ආරෝග්‍යශාලා පිහිටවීය (ගිරිනාර් සෙල් ලිපිය ).
  • ඖෂධ වෘක්ෂ වගා කළේය(ගිරිනාර් සෙල් ලිපිය 2).
  • ජලාශ කරවීය (ගිරිනාර් සෙල් ලිපිය 2).
  • සෙවණ පිණිස රුක් රෝපණය කළේය (ගිරිනාර් සෙල් ලිපිය 2).
  • ළිං කැණවීය.
  • අභිශේකය ලබා 27 වසරක් තුළ 25 වතාවක් සිරකරුවන් නිදහස් කළේය.
  • දසරාජ ධර්මයන්ගෙන් එකක් වන "අවිරෝධතාව" හෙවත් පරස්පර මතධාරීන් හා සුහදව විසීමත්, සප්ත අපරිහානී ධර්මයන්ගෙන් එකක් වන ආගමික සහනශීලිත්වයත් අනුගමනය කළේය.


2. ධර්ම යාත්‍රා සංකල්පය

"යුක්ත", "රාජුක" හා "ප්‍රාදේශික" යන නිලධාරීන් පත්කර  මුළු භාරතය පුරාම ආර්ථික හා සදාචාරාත්මක සැලසුම් දියත් කළේය.ඒවා රජුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.



3. සතුන්/ ගහකොළ කෙරේ දැක්වූ මනුෂ්‍යත්වය

  • රජ මාළිගාවේ මුළුතැන් ගෙහි ආහාරය පිණිස විශාල ලෙස සතුන් මැරීමේ පිළිවෙත බොහෝ ලෙසින් අඩුවිණි. එය සම්පූර්ණයෙන්ම නැතිවන මට්ටමට ගෙන එන බව රජු 1-ගිරි ලිපියේ සටහන් කරයි.
  • "මෙහි කිසි සතකු නසා යාග නොකළ යුතුය. සමාජ (උත්සව) නොපැවත්විය යුතුය."(1 ගිරි ලිපිය)
  • "දෙවියන්ට ප්‍රිය වූ රජතුමා සියලු සතුන්ගේ පීඩා රහිත බවද සංයමයද සමචර්යාවද සතුටින් විසීමද කැමැති වෙයි."(12 ගිරි ලිපිය)
  • "තම තමන් ගැන සිතා බැලීම කරණ කොට ගෙන සත්වයන් නොමැරීම නිසාද මිනිසුන්ගේ ධාර්මික දියුණුව වැඩිවිය."(7 ටැම් ලිපිය)
  • "ධර්මාශෝක රජතුමා මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආරෝග්‍යශාලා පිහිටවීය. මිනිසුන්ට හා සතුන්ට බෙහෙත් සඳහා අවශ්‍යයවන වෘක්ෂලතා රෝපණය කරවීය."(ගිරිනාර් අංක 2)
  • "මාඝාතය" හෙවත් සතුන් නොමැරීම , පැනවූ ප්‍රථම බෞද්ධ අධිරාජයා අශෝක රජතුමාය. සතුන් පමණක් නොව වෘක්ෂලතා ආදියද ආරක්ෂා කළ යුතු බව එහි සඳහන් වේ.

අශෝක අධිරාජයා


අශෝක අධිරාජයා
මෞර්ය සමය
Chakravatin.JPG
චක්‍රවර්තී රජෙක්(අශෝක රජු වියහැකි) 1වන සියවස BC/CE. ආන්‍ද්‍ර ප්‍රදේශය, අමරාවතී. Preserved at Musee Guimet
රාජ්‍ය කාලයබු.ව. 273-232
ඔටුනු පැලඳීමබු.ව. 270
සම්පූර්ණ නමAshoka Bindusara Maurya
පදවි නාමSamrat. Other titles include Devanampriya Priyadarsi, Dhammarakhit, Dharmarajika, Dhammarajika, Dhammaradnya, Chakravartin, Samrat, Radnyashreshtha, Magadhrajshretha, Magadharajan, Bhupatin, Mauryaraja, Aryashok, Dharmashok, Dhammashok, Asokvadhhan , Ashokavardhan, Prajapita,Dhammanayak, Dharmanayak
අවසන් කටයුතුAshes immersed in GangesRiver, possibly in Varanasi,Cremated 232 BC, less than 24 hours after death
පූර්වප්‍රාප්තිකයාබින්දුසාර
අනුප්‍රපාප්තිකයාDasaratha Maurya
රැජනMaharani Devi
භාර්යාවන්Rani Tishyaraksha
Rani Padmavati
Rani Kaurwaki
රාජකීය දරුවෝමහේන්ද්‍රසංඟමිත්තා,Teevala, Kunala
රාජ වංශයMauryan dynasty
පියාබින්දුසාර
මවRani Dharma or Shubhadrangi
ආගමබෞද්ධහින්දු

අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අධිරාජයෙකි. බොහෝ විට ඔහුව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ අති ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙන් කෙනෙකු ලෙසයි. යුද්ධ ජයග්‍රහණයන් කීපයකින් පසු අශෝක අධිරාජයා වර්තමාන ඉන්දියානු භූමියෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළේය. ඔහුගේ අධිරාජ්‍යය බටහිරින් වර්තමාන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ පර්සියාවේ කොටසක් දක්වාද නැගෙනහිරින් වර්තමාන බෙංගාලය ඇසෑම් ආදී ඉන්දීය ප්‍රාන්ත දක්වාද දකුණින් මයිසූර් ප්‍රාන්තය දක්වාද විහිදුනේය. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්යස්ථානය වූයේ මගධ දේශයයි.(වර්තමානයේ බිහාර් ප්‍රාන්තයයි) දිග් විජය කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. බුදුන් වහන්සේගේ ජීවිතයට අදාල වැදගත් ස්ථාන වල ස්මාරක පිහිටුවීය. ඔහුගේ නම අශෝකා යන්නෙහි තේරුම ශෝකයෙන් තොර වූ තැනැත්තා යන්නයි. ඔහුගේ ආඥාවන්හි ඔහු සඳහන් වන්නේ "දේවානම්ප්‍රිය ප්‍රියදර්ශි" නොහොන් දෙවියන්ට ප්‍රිය වූ සහ සැවොම දැකීමට කැමති තැනැත්තා වශයෙනි. විද්‍යා ප්‍රබන්ධ ලේඛක H.G.වේල්ස් අශෝක ගැන කියන්නේ මෙලෙසිනි. :"ඉතිහාසය තුල දහස් ගණනක් රජවරු සහ අධිරාජයෝ සිටියහ. ඔව්හු 'අති ශ්‍රේෂ්ඨ' "නෛකශ්රීන් විරාජමාන" "උත්කෘෂ්ඨ" යනාදි උපාධානයන්ගෙන් තමන්ම හඳුන්වා ගත්හ. ඔවුන් බැබලුනේ සුලු කාලයක් පමනි. සුලු කලෙකින් මතකයෙන් ගිලිහි ගියේය. එහෙත් අශෝක රජතුමා බැබැලුනේය. නොනවත්වා බැබලුනේය. දීප්තිමත් තරුවක් මෙන් අද දක්වා බබලන්නේය"
ඔහුගේම අඥාවන් සහිත ලියවිලි සමග ඔහුගේ පුරාවෘත්තය දෙවැනි සියවසේ 'අශෝකාවදාන' සහ 'දිව්‍යාවදාන' මෙන්ම සිංහල වංශකථාවක් වූ මහාවංශයේද විස්තරව ඇත. ඔහුගේ අධිරාජ්‍යය තුල තිබී කැණීමකදි මතු වූ සලකුණක් අද ඉන්දියාවේ රාජ්‍ය සංකේතය ලෙස භාවිතා වේ.*col.

තුන්වන ධර්ම සංඝායනාව (ක්‍රි.පූ. 250)[සංස්කරණය]

අශෝක රජතුමා ක්‍රි.පූ. 250 දී පාටලී පුත්‍ර නගරයේ දී (වර්තමාන‍යේ පැට්නා ) තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට අනුග්‍රහය දැක්වීය. එය මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි අරමුණු වුයේ රාජකීය අනුග්‍රහය නිසා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් බුදු සසුනට එක්වූ අන්‍ය ආගමිකයන් සසුනෙන් පිට කර සංඝ ශාසනය සංශෝධනය කිරීමයි. තුන්වැනි ධර්ම සංඝායනාවෙන් අනතුරුව බෞද්ධ ධර්ම දූතයෝ දහම ප්‍රචාරය කිරීම සඳහා ලෝකය පුරා ගමන් කළහ.


චන්ද්‍රගුප්ත රජතුමාගේ මුණුබුරෙකු වූ අශෝක අධිරාජ්‍යා, ඉතිහාසඥයන්ගේ මතයට අනුව ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු විය. දක්ෂ රණකාමියෙකු වූ හෙතෙම තම අධිරාජ්‍යය පුළුල් කර ගැනීමට දකුණු හා බටහිර ඉන්දියාව සිය බල පරාක්‍රමය පැතිරවීමට කටයුතු කළේය. නමුත් කාලිංග දේශය යටත් කරගැනීමට සිදුකළ සටනින් සිදුවුන මහා මනුෂ්‍ය සංහාරයෙන් පසුව ඔහුගේ ජීවිතයේ මහත් පෙරළියක් සිදුවිය. සිදුවූ විනාශයන් පිළිබඳ මහත් කණස්සල්ලට පත්වූ හෙතෙම බුදු දහම වැළද ගත්තේය.
ඉන්පසුව වඩාත් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ එතුමා දඩයම වැනි හිංසාවාදී ක්‍රියා තහනම් කළේය. අසල්වැසි රාජ්‍යයන් සමඟ වඩාත් මිත්‍රශීලීව කටයුතු කිරීමටද පෙළඹිණි. තමා වැළඳ ගත් බුදුදහම එම රාජ්‍යයන් වලද ප්‍රචාරය කිරීමට අශෝක අධිරාජ්‍යය මහත් කැපවීමෙන් කටයුතු කළ බවටද පුරාවෘත්තයන්හි සඳහන් වේ

අශෝක අධිරාජයා අනුග්‍රාහය දැක්වු ධර්මදූත චාරිකා

තුන් වැනි ධර්ම සංගායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළේ අශෝක රජතුමා ය. ථේරවාදී බෞද්ධ තොරතුරු වලට අනුව අශෝක රජතුමා ස්ථවිරවාද නොහොත් ථෙරවාදී ශාඛාවක් වූ විභජ්ජවාදීන්ට සහයෝගය දක්වා ඇත. එහෙත් ඉතිහාසඥයින් පවසන්නේ සත්‍ය සිදු වීමේ පැහැදිළි තත්වය එය නොවන බවයි. ඒ මන්ද කියතොත් සංගායනාව කැඳවන ලද්දේ පාඨලීපුත්‍ර යෙහි සිටි සංඝයා අතරින් බෞද්ධ නොවන අය පලවා හැරීම පිණිස වන බැවිනි. මෙම සංඝායනාවෙන් පසු අශෝක රජතුමා බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා විදේශ රටවල් කරා යවන ලදි. මහා වංශයේ xii පරිච්ඡේදයේ සඳහන් වන පරිදි පහත සඳහන් වන්නේ එසේ ධර්මදූත සේවය ව්‍යාප්ත කළ රටවල් පිළිබඳ ලේඛණයකි.
රටේ නමධර්මදූත කණ්ඩායමේ නායකයා
කාශ්මීර - ගාන්ධාරමජ්ඣන්තික
මහීසමණ්ඩල (මයිසූර්)මහාදේව
බනවාසී (කර්නාටක)රක්ඛිත
අපරන්තක (කොන්කන්)යෝන ධම්මරක්ඛිත
මහාරට්ඨ (මහාරාෂට්‍ර)මහා ධම්මරක්ඛිත
යෝනක දේශය (බැක්ට්‍රියා/සෙලෙයුසිඩ් අධිරාජ්‍යය)මහා රක්ඛිත
හිමවන්ත (නේපාලය)මජ්ඣිම
සුවන්නභූමි (තායිලන්තය/මියැන්මාර්)සෝන සහ උත්තර
ලංකාදීප (ශ්‍රී ලංකාව)මහා මහින්ද (අශෝක රජුගේ පුතා)
අශෝක රජතුමා එතුමාගේ 13 වැනි ආඥාවෙන් “යෝන දේශය” ගැන විශේෂයෙන් පැහැදිළි කරන්නේ එම කාලයේ බොහෝ හෙලනිස්තික් (ග්‍රීක) පාලන ප්‍රදේශවලට බුදු දහම ලැබී තිබුනු බවකි. ඒ අනුව පුරාණ ග්‍රීසියට හා ඊජිප්තුවට බුදුදහම හඳුන්වා දුන්නේ අශෝක රජතුමාය. ඉහත කී ආඥාවේම බුදු දහම ලැබුනු අනෙක් ප්‍රදේශ ලෙස “චෝල” සහ පාණ්ඩ්‍ය” දේශ සඳහන් වේ. පහත සඳහන් රටවල් සහ පාලකයින් ධර්ම විජයග්‍රහණයට නතු වූ රටවල් ලෙස එකී 13 වැනි ආඥාවේම සඳහන් වේ.
රටේ පාලකයාඅධිරාජ්‍යයේ නම
ඇන්ටියෝකස් ii තියොස්සෙලෙයුසිඩ් අධිරාජ්‍යය (වර්තමාන මධ්‍යම ආසියාව)
දෙවෙනි ටොලමි ෆිලඩෙල්ෆස්ටොලමි ඊජිප්තුව
ඇන්ටිගොනස් ගොනස්ටාමැසිඩෝනියාව
සයිරින් හි මාගාස්සයිරන් (වර්තමාන ලිබියාව)
ඉපිරස්හි දෙවැනි ඇලෙක්සැන්ඩර්ඉපිරස් (වර්තමාන ග්‍රීසිය සහ ඇල්බේනියාව)
චෝල දේශය
පාණ්ඩ්‍ය දේශය


බෞද්ධ පුරා විද්‍යාත්මක නටඹුන් බොහොමයක් තිබෙන මාලදිවයින වැනි රටවල් ගැන අශෝක රජුගේ ලේඛනවල සඳහන් නොවන නමුදු මෙම රටවල් වලින් (ශ්‍රී ලංකාව තායිලන්තය වැනි) කිහිපයකට අශෝක ධර්මදුත සේවාව ලැබුණු බව පෙනී යයි. එම රටවල් ධර්මදූත චාරිකාවේ සාර්ථකත්වය සහ ඓතිහාසික සැබෑ තත්වයට විශ්වාසනීය සාක්ෂි සපයයි. පුදුමයකට කාරණයක් නම් මේ පිලිබඳ බටහිරින් තොරතුරු සොයා ගැනීමට නොමැති වීමයි.

දඹදිවට අගරජ වූ ධර්මාශෝක රජතුමා

ධර්මාශෝක රජතුමා ලක්දිව ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.
ලක්දිව බුදුසසුන පිහිටුවීමේ මාහැඟි අවස්ථාව සමරන මෙවන් සමයක ඒ උතුම් ධර්මදූත සේවාවට හා තෙවැනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජතුමා පිළිබඳ වෙසෙසින් අවධානය යොමු වේ. එතුමන්ට ශාසන ඉතිහාසයේ සුවිශේෂී තැනක් හිමිවන අතරම ශ්‍රී ලාංකේය බෞද්ධයන් වන අපට එතුමන්ගේ ගුණ සිහිකිරීම අතිශයින්ම වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ සිද්ධස්ථාන සොයා ගෙන එම සිද්ධස්ථානවල අශෝක ස්ථම්භ පිහිටුවා බෞද්ධයන්ට වැඳ පුදා ගැනීමට අවස්ථාව සැලසීමෙන් ධර්මාශෝක රජතුමා විසින් සිදු කරන ලද ශාසනික මෙහෙය සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම කරන ලද සදානුස්මරණීය සේවාවකි. ධර්මාශෝක රජතුමා ලක්දිව බෞද්ධ ජනතාවට විශේෂ ගෞරවයක් දැක්වූ අයකු බව ලක්දිවට එවන ලද ධර්මදූත කණ්ඩායමේ නායකත්වයට තම පුත් මිහිඳු මහ රහතන් වහන්සේම තෝරා ගැනීමෙන් පැහැදිලි වේ. එපමණක් නොව ලක්දිව බෞද්ධ ජනතාවගේ නිරන්තර වන්දනාවට පූජනීයත්වයට ලක්වන ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමටත් මෙරට භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමටත් තම දියණිය වූ සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීමද සුවිශේෂි සිදුවීමකි.
බොහෝ ඈත අතීත කාලයක බරණැස් නුවර මී පැණි වෙළෙඳාමේ නියුක්ත වූ සහෝදරයෝ තිදෙනෙක් වූහ. වැඩිමල් සොහොයුරා ඈත ගම්වලට ගොස් මී පැණි එකතු කරයි.දෙවැන්නා එම මී පැණි ගෙනැවිත් දෙයි. බාල මලණුවන් එම මී පැණි විකිණීම කරයි. එකල ගන්ධ මාදන පර්වතයේ වාසය කරන එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් යම් කිසි ව්‍යාධියක් සඳහා මී පැණි ලබා ගැනීමට පිණ්ඩපාතයේ වැඩි සේක. එම පසේබුදුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩියේ ඉහත කී බාල මලණුවන් මී පැණි වෙළෙඳාම් කරන වීථීයේ මය. එකල එක්තරා කුල ගෙයක බැලමෙහෙවර කරන ස්ත්‍රියක් පැන්ගෙන ඒමට කළයක්ද ගෙන යන විට මේ පසේ බුදුන්වහන්සේ දැක අවුත් පසඟ පිහිටුවා වැඳ ‘ස්වාමීනි කුමක් සඳහා වැඩි සේක්දැ” යි ඇසුවාය. ‘එම්බා නැඟණියනි, මී පැණි ටිකක් අවශ්‍යව ඇති බැවින් වැඩියෙමි’ යි පසේ බුදුන් වහන්සේ පිළිතුරු දුන් සේක.
“ස්වාමීනි අර පෙනෙන්නේ මී පැණි විකුණන තැනයි”යනුවෙන් එම ස්ත්‍රිය අත දිගුකොට පෙන්වූ විට පසේ බුදුරජාණන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේට මී පැණි නොලැබුණොත් තමන් හැඳ සිටි ඇඳුම හෝ විකුණා මී පැණි ලබාදෙමි’යි සිතා එම ස්ත්‍රිය එහිම රැඳී සිටියාය.
මී පැණි වෙළෙඳසැල ඉදිරිපිටට පසේ බුදුන් වහන්සේ පැමිණි පසු උන්වහන්සේ ඉදිරියට පැමිණි වෙළෙන්දා පසඟ පිහිටුවා වැඳ පාත්‍රය අතට ගෙන මී පැණි කළයක් පාත්‍රයට වත් කළේය. පාත්‍රය පිරී ඉතිරී මීපැණි පිටතටද ගලා ගියේය. එය දැක වෙළෙන්දා මහත්සේ සතුටුව මී පැණි දුන් පිනෙන් දස දහසක් යොදුන් දඹදිව එක්සේසත් කොට දඹදිවට අගරජ වෙම්වා යි පැතීය.පසේ බුදුන් වහන්සේද වෙළෙන්දාගේ පැතීම ඒ ආකාරයෙන්ම සිද්ධ වන බව දැන ආශිර්වාද කොට ආපසු එනවිට ඉහතකී ස්ත්‍රිය හමුවිය.
මී පැණි ලැබී ඇති බව දැනගත් ස්ත්‍රිය වෙළෙන්දා කුමන ප්‍රාර්ථනාවක් කළේ දැයි ඇසුවාය. ඔහු දඹදිව අග රජකම පැතූ බව ප්‍රකාශ කළ විට “මඳක් වැඩ සිටිය මැනැවයැ” යි පවසා එම ස්ත්‍රිය වහ වහා නිවෙසට ගොස් තමා හැඳ සිටි වස්ත්‍රය සෝදා, වළල්ලක් කොට පාත්‍රය යටට තබා ගන්නැයි පසේ බුදුන් වහන්සේට පූජා කළාය. එසේ පූජා කොට මීපැණි වෙළෙන්දා අග රජවන විට එතුමාගේ අග මෙහෙසිය වෙම්වායි පැතුවාය. වෙළෙන්දා ගේ හා ස්ත්‍රියගේ පැතුම් ඒ ආකාරයෙන්ම සිද්ධවන බව දැන පසේබුදුන් වහන්සේ ස්ත්‍රිය බලා සිටියදීම අහසට නැඟී ගන්ධ මාදන පර්වතයට වැඩි සේක. එම මී පැණි පාත්‍රයෙන්ම පසේ බුදුන් වහන්සේගේ රෝගය සංසිඳිණි.
ඉන් පසු එක් දිනෙක වෙළෙඳ සහෝදරයෝ තිදෙනා එකතුව වෙළෙඳාමේ අය වැය පරීක්‍ෂාකර බැලූහ.එවිට එක් මී පැණි කළයක අඩුවක් දැන ඒ පිළිබඳ බාල සහෝදරයාගෙන් විමසීය. තමා පසේ බුදුන් වහන්සේ නමකට මී පැණි කළය පූජා කළ බවත්, පින් අවශ්‍ය නම් පින් අනුමෝදන් වන ලෙසත්, නැතහොත් මී පැණි කළය හෝ එහි මිල හෝ දෙමි’යි කීය.
“නුඹගෙන් ණය ගන්නේ කෙසේදැ’යි විමසූ වැඩුමල් සොහොයුරෝ දෙදෙනා එම මුදල් තිබිණි නම් අප තිදෙනාටම ප්‍රයෝජනවත් වන්නේ යැයි පැවසූහ.
“නුඹලා වරදක් නොසිතන්න. අප්‍රමාණ ගුණ ඇති සංවර වූ ඉන්ද්‍රියයන් ඇති, කාෂාය වස්ත්‍ර දරන පසේ බුදුන්වහන්සේ නමකටයි මී පැණි පූජා කළේ යැ’යි බාල සහෝදරයා කීය.
‘එම්බා මලණ්ඩ, මෙකල සැඩොල් කුලේ අයත් කාෂාය වස්ත්‍ර හැඳ ඇවිදියි. නුඹ දන් දුන්නේද එවැනි සැඬොලෙකුට වෙන්න ඕනෑ යැ’යි වැඩුමල් වෙළෙන්දා පැවසීය.
“තොප මී පැණි දන් දුන් අයගෙ ගුණ අපට කියන්නේ ඇයි? තොපගේ පසේ බුදුන් මූදින් එතෙර දමා පියව‘යි දෙවැනි වෙළෙන්දා කීය.
“මහානුභාව සම්පන්න ඒ පසේ බුදුන් වහන්සේට එසේ නොකියනු මැනැවි. සිල්වත් ගුණවත් අයට අපහාස කළ අය අපාගත විය හැකි යැ’ යි බාල සහෝදරයා කීය.
‘තොප ඔය හැටි කියන්නේ නම් අපිත් පින් අනුමෝදන් වෙමු යැයි’ සාධුකාරදී පින් අනුමෝදන් වූහ.
මෙසේ පින් සිදුකරගත් මේ අය පින්දහම් කරමින් දෙව් මිනිස් සැප විඳිමින් සසර සැරි සරා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කලකට පසු දඹදිව උපත ලැබූහ. මී පැණි දන්දී කරන ලද ප්‍රාර්ථනාව අනුව බාල වෙළෙන්දා දඹදිව බින්දුසාර රජුගේ පුත්‍රයා වශයෙන් උපත ලැබීය. මී පැණි වෙළෙඳ සැලට අත දිගු කොට පෙන්වූ ස්ත්‍රිය අසන්ධිමිත්‍රා නමින් ඒ ධර්මාශෝක රජතුමාගේ අගබිසොව බවට පත්වූවාය.
පසේ බුදුන් මූදින් එතෙර දමව’ යි කී දෙවැනි වෙළෙන්දා ඒ නිසාම දඹදිව නොඉපිද ලක්දිව දේවානම්පියතිස්ස නමින් උපත ලැබීය. පසේ බුදුන් චණ්ඩාලයකු වේදැ’යි කී වැඩුමල් සහෝදරයා සැඩොල් ගමක නුග ගසක් යට ඉපදී නිග්‍රෝධ නමින් පැවිදිවී රහත් බව ලැබීය. (ඔහු රජතුමාගේ සුමන නම් සහෝදරයකුගේ පුත්‍රයා වන අතර සැමියා යුද්ධයෙන් පැරැදී මැරී වැටුණු බව අසා දේවිය භයින් තැතිගෙන දුවද්දී මේ නුග ගස යටදී දරු උපත සිදුවූ බව සදහන් වේ) මාලිගාව ඉදිරියෙන් ගමන්ගත් සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මාලිගාවට වැඩමවා දහම් ඇසීමෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ධර්මාශෝක රජතුමා එතැන් සිට බුදුසසුනට අපරිමිත සේවයක් සිදු කළේය. ‘සහස්සවත්ථු’ හා ‘සීහලවත්ථු’ කථාවල දැක්වෙන ආකාරයට ඔහු ලක්දිව උපත ලබා පැවිදිව ‘ඛුජ්ජතිස්ස’ රහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධව පිරිනිවන් පෑ බව සඳහන් වේ.