සුඛෝපභෝගී ජීවිතයකට උරුම ලද සිද්ධාර්ථ කුමරුට විවිධ සෘතු වලදී විසීමට විශේෂයෙන් තැනු මාළිගා තුනක් තිබුණි. එම මාළිගා තුන රම්‍ය, සුරම්‍ය, සුභ යනුවෙන් හැඳින්විණි. සිද්ධාර්ථ කුමරු බලවත් රජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ආගමික ඉගැන්වීම් හා මිනිසුන්ගේ දුක් කම්කටොළු පිළිබඳව සිද්ධාර්ථ කුමරුට දැනගැනීමට ඉඩ නොතැබුවේය. සිද්ධාර්ථ කුමරුන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වූ මහාප්‍රජාපතී ගෝතමී දේවියයි.
සිදුහත් කුමරුට වයස 16 ක් සම්පූර්ණ වූ පසු සුද්දෝදන රජතුමා විසින් ඔහුව යශෝධරා කුමරියට විවාහ කර දෙන ලදි. යශෝධරා කුමරිය සිද්ධාර්ථ කුමරුගේ සම වයසේ පසු වූ ඔහුගේ ඥාති සොහොයුරියකි. ඇය පුතෙක් බිහි කළාය. ඔහු රාහුල නම් විය. අවුරුදු 29 ක් ගිහිගෙහි සැපවිඳි සිද්ධාර්ථ කුමරු සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්ම ගියේය.
No comments:
Post a Comment