Showing posts with label ථෙරවාදී බුදු දහම. Show all posts
Showing posts with label ථෙරවාදී බුදු දහම. Show all posts

Sunday, June 7, 2015

ඉතා පැරැණි සිංහල බණ කතා


භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව
අතීත කාලයෙහි හෙළදිව රම්‍ය වූ අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ පවුලක් විය. (2) ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත්දෙනෙක් ද එක් දුවක්දැයි දරුවෝ අට දෙනෙක් වුහ. (3) දුක්භික්භයාදී භය තුනක් හටගත් කල්හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝද අඳුනන්නෝ ද පරලොව ගියහ. (4) ගෝපනය කළ සිතැති පි‍්‍රයශීලී වූ එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැලඳී. (5) ඒ කුලය ඒ තෙරුන්ට බොහෝ කලක් සංග්‍රහ කෙළේය. කාලවිපත්තිය නිසා රෝග - දුර්භික්ෂාදී භය තුනක් හටගත් විට සැටයොදුන් දිගැති මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය.
(7) රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍ය අවසන් වූ විට ඔවුහු ආහාර සොයමින් කඳුරටට ගියහ. (8) යටකී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහවනයට පිවිසියහ. (9) එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමු ගස්මුල්වල විසූහ. (10) වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමුකොට තෙරුන්ට දී පසුව ඔවුහු අනුභව කළහ.
(1) මෙසේ වසන ඔවුන්ට අවුරුදු දොළසක් ගතවිය. ඔවුන්ගේ ආහාරය අල ගෙඩි ආදියක් විය. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ. (12) දික් වූ නියපොතු ද ලොම් ද ඇති, කෙට්ටු වු සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු පේ‍්‍රතයන් මෙන් භයානකව පෙනුණාහ. (14) එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ පේ‍්‍රතයන් වැනි මොවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍රයද බිම දමා දිව්වේය. (15) ඔවුහු ඒ වස්ත්‍රය ගෙන “කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය” යි කියා සිය සොහොයුරියට දුන්හ. (16) ඇය එය හැඳගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය. (17)
තෙරුන් දුටු ඒ තරුණිය නැවත කඩමාලු හැඳගෙන ඒ අලුත් වස්ත්‍රය තෙරුන්ට දුණි. (18) එය දී සොහොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිටවී ගොස් පඳුරු අතරෙහි සැඟවි සිටියාය. (19) තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැඳගෙන මෙසේ කල්පනා කෙළේය. (20) “වනය මැද වසන දිළිඳු උපන් මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුෂ්කර දෙයක් කළාය. (21) පෘතග්ජන වූ මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නොකළ යුතුය. ආශ්‍රවක්ෂයට නොපැමිණ මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි” යි (22) මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ ශීලශුද්ධිය බලා පිරිසිදු සිල් ඇතිබව දැක බවුන් වඩා රහත් විය.
(23) සක්දෙව් රජ මේ කාරණය දැක මනොඥවූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක දමා ගෙනවුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරී ගියේය. (25) නැගණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පඳුරු අතරේ සිටි ඇය සොයා ගත්හ. (26) එවිට ඔවුහු “ නැගණියෙනි, කුමකට භය වුවාද ? සැඟවුණේ කුමකට දැ”යි ඇසූහ. (27) ඈ නිදාගත් තැනින් නැගිට සිදුවූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය. (28) එයසා සතුටු සිතැති ඒ සියලුදෙන සාධුකාර දී ඒ පසුම්බිය දැක එය කුමක්දැයි විමසා බැලූහ. එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍රයක් දකින්ට ලැබී එය ඈ අතට දුන්හ. (30) එය ඈට ලැබුණු පසු ඒ වස්ත්‍රය ක්ෂය නොවන්නක් යයි ඕ දැනගති.
(31) එවිට සතුටට පත් සොහොයුරෝ “එය කවුරුන් දෙන ලද්දක් ද? මේ පසුම්බිය කොහෙන් ලැබුණා දැයි ඇගෙන් විමසූහ. (32) “තෙරුන්ට වස්ත්‍රය දී මම බියපත්ව නිදා ගත්තෙමි. දැන් මම මෙය දකිමි. මාගේ කීම පිළිගත මැනවැ”යි ඕ කීය. (33) “සොඳුර, ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. (34) ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර දී තුමූද ඒ කඩමාලු ඉවත දමා දිව්‍ය වස්ත්‍ර ඇඳ ගත්හී (35) මෙසේ දිව්‍ය වස්ත්‍ර හැඳගත් ඒ අටදෙන තෙරුන් ඉදිරිකොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.
(36) මේ දුර්භික්ෂ කාලයේදී ම එක් භික්ෂුනමක් මුළු අනුරාධපුරයෙහි ඇවිද කිසි අහරක් නොලද්දේය. (37) තිස්ස නැමැති තරුණයෙක් ඒ භික්ෂු නම දැක තමාගේ ගෙට දුවගොස් සොහොයුරිය අමතා “ඉදින් මේ ගෙයි කැඳ බත් ආදී යම් කිසිවක් ඇත්නම් වහා සොයා ගෙනෙව; මම කාලදානයක් දෙන්නෙමි” යි කීය. (39) “සොහොයුර, දහසක් වටිනා මැණිකක් මිස අන්කිසි ආහාරයක් මේ ගෙයි නැතැ” යි තරුණිය කීය. (40) පින් කැමති ඒ තරුණයා දහසක් වටිනා ඒ මැණික ගෙන ගෙයින් ගෙයට ගොස් යම්කිසි ආහාරයක් ලබාගෙනවුත් එය ඒ භික්ෂුවට පිළිගැන්වීය. (42) ඒ භික්ෂාව පිළිත් වැඩූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති ඒ භික්ෂුනම ඒ ආහාරය වලඳන්ට පෙරම උත්සාහ කොට රහත් බවට පත් විය.
(43) ඒ කාරණය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සතුටුව සාධුකාර දුණි. (44) සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා “දේවතාවෙනි, කවරෙකුට සතුටු වූවෙහිද ? කවරෙකුට ප්‍රශංසා කෙරෙහිද ?” යි විචාළේය. (45) “මහරජ, මේ නුවර තිස්ස නමැති තරුණයෙක් දහසක් වටිනා රත්නයක් විකුණා භික්ෂුනමකට දානයක් දුණි. (46) ඒ පිණ්ඩපාතය ලැබූ භික්ෂුනම සංවේගයට පත්ව රහත් ඵලයට පැමිණියේය. (47) ඔහුගේ දානානුභාවයෙන්ද තෙරුන්ගේ වීර්යයෙන්ද සතුªටු වූ මම ඒ දෙනට සාධුකාර දුනිමි” යි දේවතාවා කීය.
(48) එයැසූ රජතුමා නුවණැති මිනිසකු අමතා “ඒ තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනෙව“ යි නියම කොට යැවීය. (48) ඒ මිනිසා වහාගොස් ඒ තරුණයා ;සායාගෙන ආවේය, රජතෙම ඔහු දැක: (50) තිස්ස, තෝ කළ පිනැත්තෙහි, මට ඒ පිනෙන් කොටසක් දෙව. මාගේ භාණ්ඩාගාරික තනතුරද දරව“ යි කීය. (52) ඔහුට සතුටු වූ මහරජ ඇත්අස්රිය ආදි නොයෙක් දේ ද මහත් ධනයක් ද දුණි.
(53) මෙසේ තනතුරු ලැබූ තිස්ස ඇමතියා එක් දිනක් නහනු කැමතිව නුවරින් පිටත ගොස් නාන තොටකට පැමිණියේය. (54) අර කී කැලේ විසු සොහොයුරෝ සත්දෙන මේ අවස්ථාවේදී නැගණිය සමග නගරයට ආහ. (55) එන්නාවූ ඒ තරුණයා දුටු තිස්ස ඇමතිතෙමේ පිළිබඳ සිතැතිව ඇය තමාගේ බිරිඳ කරගනු කැමතිව (56) “සියල්ලන්ට පසුව යන සර්වාංගසුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙව්” යයි කීය. (57) සොහොයුරෝ යහපතැයි කියා හොබනා සිරුරු ඇති ඒ තරුණිය භාණ්ඩාගාරික තිස්ස ඇමතියාට දුන්හ.
(58) මෙලොවදීම ලත් විපාක ඇති ඒ දෙදෙන තමන්ගේ ගෙයි වරින්වර නොයෙක් පින්කම් කළහ. (59) ඒ දෙදෙන මහසෑයට පූජා පිණිස ගැල් සැටක් බර වස්ත්‍රවලින් කොඩි සාදා නැංවූහ.
(60) මෙසේ ඔවුහු ත්‍රිවිධරත්නයන් නොයෙක් ආකාරයෙන් පුදා කුණුකය හැරදමා දිව්‍ය ශරීර ලබාගත්හ. (61) එබැවින් රත්නත්‍රය හැමදෙන විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නම් හෙතෙම තිස්ස ඇමතියා මෙන් වන්නේ

අපායේ උපතක්‌

අපායේ උපතක්‌
ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.
මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.
විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. මන්ද නිරිසතා කනුවේ ඇලී තිබුණු ස්‌වභාවයක්‌ භික්‍ෂුවට දර්ශනය විය. යමපල්ලා අත තිබූ ආයුධ දෙකින් ඇනීම නිසා ලෝකයේ සත්වයෙකුට විඳිය හැකි දරුණුම වේදනාව විඳිමින් නිරිසතා ලතෝනි දෙනවිට තවත් යම පල්ලන් දෙදෙනෙක්‌ ආරක්‍ෂකයන් සේ ඊට නුදුරින් බලාසිටියේය. යමපල්ලාගේ ස්‌වභාවය අඩි 7 ක්‌ පමණ උසැති කළු පැහැති කාපිරි මිනිසෙක්‌ සේ තොල්, ඇස්‌ ලොකු රෞද්‍ර, උඩුකය නිරාවරණය වී ඇති, රෙදි කඩක්‌ දනහිස තෙක්‌ දැරූ අයෙකි. එම නිරයේ දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව සිතන්නේ මෙම නිරිසතා වේදනාවෙන් මියගොස්‌ නැවතත් එම කොටයේම ඉපැදෙමින්, නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක්‌ විඳින බවයි.
නිරිසතා කොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ මොහොතේම කර්මය විපාක දීම ඇරඹේ. මනුෂ්‍ය ලෝකයේ හරකෙක්‌ මරන්නේ යම් සේද, ආයුධ උපයෝගී කරගෙන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස්‌ කරන්නේ යම් සේද, එම නිරිසතාවද හරක්‌ වේශයෙන් පෙනීසිටි යමපල්ලා විසින් ආයුධ දෙකින් ඇන මරා දමනු ලබයි. මෙසේ කල්ප ගණනාවක්‌ නැවත ඉපැදෙමින්, නැවත මැරුම් කයි. කර්ම විපාකය ගෙවෙන තෙක්‌ දුක බරපතළය. මෙහිදී නිරි සතා විඳින වේදනාව නිසා ඇතිවන සිත් වෛරය, ක්‍රෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එහෙයින් නිරයේ දුක තව තවත් වැඩිවෙමින් දුකෙන් දුකටම ඇදී යයි.
සතුන් වේදනාත්මකව මරා දමන, සතුනට දුක්‌ දෙන ඔබත්, මේ ක්‍රියාවන් කිරීමට පෙර මොහොතක්‌ සිතන්න. ඔබ අනුනට දෙන දුක කෲර වද හිංසා පොලියත් සමඟම ඔබට ලැබේවි. ලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ දෙය, ඔබ ආසා කළ දෙය ඔබට ලබාදෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටියදී තමා කැමති කළේ, තමන් උදෙසා හෝ අනුන් උදෙසා හරක්‌ මැරීමටයි. මෙය ඔබට විනෝදයක්‌, සතුටක්‌ වූවාටද සැක නැත. ඔහු නිරයේ නිරිසතෙක්‌ ලෙස ගවයා බැඳ සිටි කණුවේ මුදුනත පහළවන මොහොතේ, කණුවේ බැඳ සිටි ගවයා දැක සතුටට පත්වෙන්නේ, පෙර ආත්මයේ තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ නිමේෂයේදී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට පෙර මතකය අවධිකිරීමක්‌ වැනිය.
ප්‍රාණඝාතයට සිත ඇතිවන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක්‌ කන්දරාවක්‌ උරුම කොට දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපිද, ප්‍රේත ලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ

Sunday, March 29, 2015

ලෝක විනාශය බුදු ඇසින්

රාජකීය පණ්ඩිත මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමියෝ විස්තර කරති.
සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ.
ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.
මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය. උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්ම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.
නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.
මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලොක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි.
මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.
සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලයථ ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ.
නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ නිසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි.
මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.
මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය.
මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ.
මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය.
තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.
එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ.
මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා  වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි.
මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.
එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.)
මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.
ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ.
මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.
ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය.
මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ.
භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.
භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.
මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.
මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ.
මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි.
මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය.
අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති.
ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය.
(මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. )
මන්දාරම්නුවර විමලවංශ තිස්ස හිමි

Saturday, October 18, 2014

ථේරවාද

therawada-bududhama
ථේරවාද 

වචනානුසාරයෙන් ගත් කළ, "තෙරණුවන්ගේ ඉගැන්වීම්" හෝ "පැරැන්නන්ගේ ඉගැන්වීම්", හෙවත් ආදීතම බෞද්ධ සම්ප්‍රදාය වෙයි. එහි ආරම්භය ඉන්දියාවේ ය. එය සාපේක්ෂකව තිතිරකුවාදීය. සාමාන්‍යයෙන් වඩා සමීප වෙන්නේ පැරණිතම බුදුදහමට ය. ශත වර්ෂ ගණනාවක් යනතුරු එය ශ්‍රී ලංකාවේ අතිප්‍රමුඛ වූ ආගම විය (ජනගහණයෙන් 70% ක් පමණ අදහන්නකි).) ගිණිකොන දිග ආසියාවේ කාම්බෝජය, ලාඕස්, බුරුමය, තායිලන්තය වැනි රටවල ද බහුල වශයෙන් අදහන ආගමකි. එය නිරිත දිග ආසියානු රටවල සමහර පැති වල, එනම් චීනයේ ශාන් සහ තාලි යන ජන වාර්ගික කොටස් අදහන ආගමකි. වියට්නාමයේ කේමර් අය ද, බංගලාදේශයේ බරුවා, චක්මා සහ මග් යනාදීන් ද, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අය ද අදහන අතර මෑතක දී සිංගප්පූරුවේ සහ බටහිර රටවල ද ජනප්‍රියත්වයක් ඇතිවෙමින් පවතින්නකි. අද ලෝකයේ ථේරවාද බෞද්ධාගමිකයන් මිලියන සියයකට වඩා ලොව පුරා ඇතැයි සැලකේ. පසුගිය දශකයන්හි දී ථේරවාද දහම බටහිර රටවල මෙන්ම එය බිහි වූ ඉන්දියාවේ ද නැවත පුනර්ජීවයක් ලබා ඇතැයි කියැවේ.

සම්ප්‍රදායේ ආරම්භය

ථේරවාද සම්ප්‍රදාය විභජ්ජවග්ග නොහොත් විභජ්ජවාද නොහොත් 'විශ්ලේෂණයේ ධර්මය' ලෙසින් ද පැවත එන්නයි.ස්ථවිරවාද නොහොත් 'ථෙරනුවන්ගේ ඉගැන්වීම්' තව දුරටත් පවත්වා ගෙන යන දහමකි. ඉන්දියාවේ ධර්මාශෝක රජු සමයේ, එනම් ක්‍රි. පූ. 250 පමණ දී තුන්වැනි ධර්ම සංගායනාව කාලයේ දී පටන් ගත් සම්ප්‍රදායක් ලෙසින් සැලකේ. විභජ්ජවාදීන් තමන් දුටුවේ ස්ථවිරවාදීන්ගේ සත්‍යලබ්ධික අදහස් පවත්වා ගෙන යන අය ලෙසයි. තුන්වැනි ධර්ම සංගායනාවේ දී ඔවුන්ව ස්ථිවිර ලෙසත්, ථෙර ලෙසත්, 'ගුරු පරම්පරාවේ වැඩිහිටියන්' ලෙසත් හඳුන්වන ලදි. විභජ්ජවාදීන්ගේ අදහස් පැරණි ස්ථවිර අදහස් හා සමාන කම් තිබුණත් ඒවා සම්පූර්ණයෙන් ම සමාන නොවුණි. තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු ඔවුන් පදිංචි වී ස්ථාන එකිනෙකා වෙතින් ඈත් වූ නිසා විභජ්ජවාදීන් කණ්ඩායම් හතරකට පරිනාමය වූහ: මහීසාසක (Mahīśāsaka), කාශ්‍යපිය (Kāśyapīya), ධර්මගුප්තක සහ තාම්‍රරපර්නිය (Tāmraparnīya). ථේරවාද පැවත එන්නේ තාම්‍රරපර්නිය නොහොත් "ලංකාවේ පෙළපතෙනි." සමහර පැරණි බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව ථේරවාද එන්නේ කෙළින් ම විභජ්ජාවාදීන් වෙතිනි.
තාම්‍රරපන්නිය යන නාමය ලංකාවේ පෙළපතට ලැබෙන්නේ ඉන්දියාවේ දී ය. එහෙත් විභජ්ජවාදීන්ගේ ආගමික මූලාශ්‍ර වල එහි දී ධර්මයේ වෙනස්කම් සිද්ධ වූවා යැයි සඳහනක් නැත. නමින් පෙන්වන්නේ භූගෝලීය සාධකයක් පමණි. තම්බපණ්නී තාම්‍රරපන්නි යනු ලංකාවට වැටී තිබුණ නම් වෙති. තම මූලාරම්භය ගැන කියන ථේරවාදීන් කියනුයේ තමනට එම ඉගැන්වීම් ලැබුනේ තුන්වැනි ධර්ම සංගායනාවෙන් බවයි. එහි දී කියැවෙන්නේ ඒවා විභජ්ජවාදය ලෙස හැඳින්වුනු බවයි.  7 වැනි සියවසේ දී ක්ෂුවාන්සැන්ග් (Xuanzang) සහ යි යින්ග් නොහොත් අයි චින්ග් නම් චීන වන්දනාකරුවන් ද ශ්‍රී ලංකාවේ මේ බෞද්ධ සම්ප්‍රදාය ගැන සඳහන් කරන්නේ ස්ථවිර (Sthavira) යනුවෙනි. පැරණි ඉන්දියාවේ සංස්කෘත භාෂාව පරිහරණය කළ එම සම්ප්‍රදායන් ඔවුන් ස්ථවිර (Sthaviras)යැයි කියන ලදහ. එහෙත් පාලි සිය භාෂාව ලෙස පරිහරණය කරන ලද්දවුන් ඔවුනට 'ථෙර' (Theras) යැයි කියන ලදි. සංස්කෘත බසින් එන 'ස්ථවිර' (Sthaviras) සහ පාලි බසින් එන 'ථෙර' (Theras) දෙකම වචනානුසාරයෙන් දැක්වෙන්නේ 'වැඩිහිටියන්' (The Elders) ලෙසටයි. මේ සම්ප්‍රදාය ථෙරවාද යන තමන් හඳුන්වා ගැනීම සඳහා අඩුම වශයෙන් හතරවැනි සියවස සිට පමණ දී ලිඛිත භාවිතයට ගෙන ඇත. එය මුලින් ම ලිඛිතව සඳහන් වන්නේ දීපවංශයේ (Dipavamsa) ය.
ඉන්දියාවේ පසු කාලීන ථේරවාද බුදුදහම ගැන දැනගන්නට වැඩි තොරතුරක් නැත. මූලාරම්භ වූ රටේ එය නැති වී ගිය දින ගැන කිසිම සඳහනක් සොයා ගන්නට ද නැත.
ලංකාවට ථේරවාද සම්ප්‍රදාය පැමිණි කාලයේ ම එය බුරුමය වෙත ද ගිය බවත් යම් සහක්‍රියාවක් ක්‍රමයෙන් වර්ධනය වී ගිය හැටිත් දැකගන්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, 10 වැනි සියවස අවසන දී, ලංකාව තුල යුද්ධ වලින් බුද්ධාගම නැති වී ගිය කල, බුරුමයෙන් ආ තෙරණුවන් කණ්ඩායමක් විසින් එය යළි ස්ථාපිත කරන ලදැයි කියැවේ. බුරුමය හා ශ්‍රී ලංකාව එකිනෙකා අතර වූ බුද්ධාගම ප්‍රමාණවත් ලෙසකින් නැවත ස්ථාපිත කරගන්නා ලදි. 11 වැනි සියවසේ දී ඉන්දියාවේ බුද්ධාගම නැති වී ගිය කල මේ රටවල් දෙකේ බුද්ධාගමට වාසස්ථානයක් තහවුරු වී තිබුණි. අනතුරුව ක්‍රමයෙන් තායිලන්තය, ලාඕස් සහ කාම්බෝජය යන රටවල් වලට ද ථේරවාද බුද්ධාගම පැතිර යන ලදි. 
ශ්‍රී ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රාජකීය පෙළපත් විසින් බුද්ධාගම සමඟ අත්වැල් බැඳ ගෙන තිබුණි. ඒ රටවල සත්‍යලබ්ධිකත්වය බලයෙන් ක්‍රියාත්මක කරන ලද නිසා ථේරවාද සාම්ප්‍රදායික ලෙසින් පවත්වාගන්නට හේතු වූවා යැයි ද සැලකේ. මෙය ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය පුරා ඒ රට අනිකුත් රටවල් හා පවත්වන සබඳතාවයන් සමඟින් වෙනස් ලෙසකින් පෙනෙන්නට තිබෙන්නකි.
යටත්විජිතවාදීන් විසින් කරන ලද වෙනස්කම් නිසා ද බෞද්ධ පුනර්ජීවයක් ඊට එරෙහි ව පැන නැඟී ඇත. බටහිර යටත්විජිතවාදීන් සහ ක්‍රිස්තියානි මිෂනාරීවරුන් උවමනාවෙන් ම යම් ආකාරයක වූ ක්‍රිස්තියානි පල්ලි හැදියාවක් ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රටවල බෞද්ධ ස්වාමීන්වහන්සේලාට නියම කරන ලදි. එනම් පන්සලට සීමා වූ ධර්ම බෙදා දෙන කටයුතු සහ ඒකීය පුද්ගලයාට නිවන් මඟ කියාදෙන කටයුතු වලට ස්වාමීන්වහන්සේලා සීමා කර තැබීමයි.  බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට පෙර, බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේ ම මහණුන් ගිහි ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීමෙන් යුතු වූහ. ඔවුනට විශාල සාහිත්‍ය නිර්මාණ පිරිනමන්නට සමත් වූහ. බ්‍රිතාන්‍යයන් විසින් පාලනය අල්ලා ගැනීමෙන් පසුව බෞද්ධ පංසල් තීව්‍රර පරිපාලනයකට මුහුණ දුනි. ඔවුන්ගේ මුදල් වියදම් කරන්නට අනුමැතිය ලැබුනේ ආගමික කටයුතු සඳහා පමණි. අධ්‍යාපන පද්ධතියේ පාලනය ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ලැබිණ. ඔවුන්ගේ වේතන රජයෙන් නඩත්තු කළ මිෂනාරී වැඩ වලට යෙදවුණි. විදේශීය පාලනය යටතේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය පාලන යටතේ දී සංඝ සමාජය තුල ජෛවයෙන් අඩපණ තත්වයක් බිහිවිය. වල්පොල රාහුල තෙරණුවන්ට අනුව, එතෙක් අධ්‍යාපනය, සමාජ කටයුතු හා සුබසාධනය සඳහා බෞද්ධ ආගමික නායකයන්ට තිබි සමාජ තත්වය ඉවත් කර එය ක්‍රිස්තියානි මිෂනාරින් වෙත පවරන ලදි. එයින් ඇති වූයේ සමාජයේ ආයතන වල ඉහළ තනතුරු දැරූ අය වෙත බලපෑම් කරන්නට මෙතෙක් බෞද්ධ ආගමික නායකයන්ට තිබි අවස්ථාව ස්ථිර කාලීනව ඉවත් වීමයි.  පශ්චාත් යටත්විජිත සමයේ බොහෝ බෞද්ධ තෙරණුවන් මේ සුසමාදර්ශය වෙනස් කරන්නට කැප වූහ. සමාජයේ බුද්ධාගමට හිමි ව තිබි තැන යළි ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකාවේ හා බුරුමයේ උත්සාහයන් වර්ධනය විය.
ශ්‍රී ලංකාවේ ථේරවාදීන් තම සම්ප්‍රදායට නව ජීවයක් ලබාගනු පිණිස බටහිර සංස්කෘතිය වෙත නෙත් යොමු කළහ. ක්‍රිස්තියානි මිෂනාරිවරු විසින් ස්වදේශී වූ සංස්කෘතියකට තර්ජනය කරන ලදි.  ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ථේරවාදීන් විසින් ථේරවාදය පතුරුවා හරින්නට කටයුතු කළහ. ඔවුන්ට සහාය දෙන්නට ආවේ පරමවිඥානාර්ථවාදීන්ය. ඔවුන් පැරණි ඥානය ගැන සොයා බැලූ අයයි. එය වෙනත් මූලාශ්‍ර වලින් මෙන් ම පාලි සුත්ත පිටකයේ සහ බුද්ධාගම තුලින් සොයා ගත හැකි යැයි සිතූ අයයි. ඇමෙරිකන් කර්නල්වරයෙකු වූ ද, පරමවිඥානාර්ථවාදීන්ගේ සංගමයේ සම නිර්මාතෘවරයෙක් සහ පළමු සභාපති තනතුර ද දැරූ සර් හෙන්රි ඕල්කොට් සහ හෙලේනා බ්ලැවැට්ස්කි දෙදෙනා 1880 මැයි 25 වැනි දා බුද්ධාගම ආගම කරගත් ප්‍රථම ඇමෙරිකානු යුරෝපීය බෞද්ධයන් සේ මහජනතාවට දැනුම් දීමක් කළහ. ඔවුන් දෙදෙනා ගාල්ලේ වැලිවත්තේ වූ විජයානන්ද විහාරයේ දී පන්සිල් පද පහ රැගෙන ඇත්තේ 1880 මැයි 19 වැනිදා ය. පරමවිඥානාර්ථවාදීන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ බෞද්ධ පාසැල් ගණනාවක් ඉදි කරන ලදි. කොළඹ ආනන්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඒවා ලෙස සැලකේ. 1885 දී බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න උපදෙස්කරුවෙක් ලෙසින් ද ඕල්කොට් කටයුතු කරන ලදි. එය පසු කාලයේ දී ලෝක බෞද්ධ සංවිධාන විසින් බෞද්ධ සම්ප්‍රදායික ධජයක් ලෙසින් පිළිගන්නා ලදි. ඔවුන් හා එක් වූ මුල් ථේරවාදියෙක් ලෙස සැලකෙන්නේ අනගාරික ධර්මපාලය. විපස්සනා භාවනා ක්‍රම යළි ස්ථාපනය කරන්නට අනගාරික ධර්මපාල උත්සාහයක් ගත්තේය. ඒ සඳහා පාලි ත්‍රිපිටකයෙන් හා විසුද්ධි මග්ගයෙන් ක්‍රමවේදයක් සොයා ගියේය. මැද පංතියේ අය සොයා ගිය ධර්මපාල ඔවුන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවස්ථාවක් සහ ආගමික අනන්‍යතාවයක් ලබා ගන්නට වෙහෙස විය. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය දක්වනු සඳහා ද පාවිච්චියට ගැනිණ. පරමවිඥානාර්ථවාදීන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආගමික හැදියාව වෙනසකට භාජනය වී මෙතෙක් පැවිද්දන් පමණක් නියැළුනු භවානා ක්‍රමවේදයන් ගිහියන් ද භාවිතා කරන්නට අවසර ලද්දහ.
පාලි ත්‍රිපිටකයේ පරිවර්තනය හා ප්‍රකාශනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට පාලි ත්‍රිපිටකය ගිහි සමාජය අතට පත්විය. එය බටහිරට පමණක් නොව නැගෙනහිර සමාජයට ද ලැබුණු ප්‍රථම වතාව එයයි. පරමවිඥානාර්ථවාදී සංගමයෙන් ථේරවාද බුද්ධාගමේ ජනප්‍රියත්වයට ආධාර ලැබිණ. එය 20 වැනි සියවසේ ආරම්භය දක්වා පැවතිණ. 1970 ගණන් වල දී නැවත පිබිදීමක් ඇති විණ. එයින් බටහිර වැසියන් තවත් පිරිසක් සත්‍යය සොයා පාලි සූත්‍ර පිටකය මුද්‍රණයටත්, පසුකාලීනව එය අන්තර්ජාලයට එකතු කරන්නටත් දායක වූහ.
පාලි භාෂාවෙන් කියැවෙන වචනයකින් හැදෙන විභජ්ජවාදය නම් වූ සංකල්පය ථේරවාද දර්ශනයෙන් ප්‍රරෝහනය කරන්නකි. වචනානුසාරයෙන් එහි අර්ථය වන්නේ විභජනය නොහොත් විශ්ලේෂණය ඉගැන්වීම (Teaching of Analysis) යනුවෙනි. මේ ධර්මයට අනුව අන්තර්දෘශ්ටියක් ඇතිවිය යුත්තේ එය සොයා යන්නාගේ අත්දැකීම්, විවේචනාත්මක ගවේෂණය සහ විචාරය පෙරදැරිව ය. එය අන්ධ භක්තියෙන් උත්පාදනය වන්නක් නොවේ. කෙසේ නමුදු, ථේරවාද සම්ප්‍රදායේ ලියකියැවිලි වල පිළිපැදිය යුතු ක්‍රමවේදයකට වැදගත් තැනක් ලැබෙයි. ඒ ක්‍රමවේදය නම් ප්‍රඥාවන්තයන්ගේ උපදෙස් වල දී සහ ඒවා ගැන තමන්ගේ අත්දැකීම් වල අගැයුම් වලින් යන දෙකෙන් ම විභාග කොට පමණක් යම් පිළිවෙතක නියැළෙනවා ද නැද්ද යන්න තෝරාගත යුතු විනිශ්චය තමන් සතු බවයි.
ථේරවාද ධර්මයේ කියැවෙන පරිදි සියළු මිනිසුන්ගේ දුකට හේතුව තණ්හාවයි. ක්‍රෝධය, ව්‍යාපාදය, පිළිකුල, කෑදරකම, ඊර්ෂ්‍යාව, උඩඟුකම, ද්වේෂය, බිය, කාමාස්වාදය, ප්‍රගස්තය, ලාලසාව, නොරිස්සුම්කම, වික්ෂේපය, පළිගැනීම, විෂාදය, සාංකාව, සිරුරට ඇල්ම යනාදීන් මේ තණ්හාව උපදවන ක්ලේෂයන් සේ සැලකෙයි. රළු, මධ්‍යම හෝ සියුම් යන මට්ටම් වලින් ක්ලේෂයන් ඇති විය හැකියි. මෙය නිතර ඇතිවන ප්‍රපංචයකි. තාවකාලිකව පවතින්නකි. අනතුරුව අතුරුදහන් වන්නකි. ක්ලේෂයන් යනු තමනට පමණක් නොව අනුන්ට ද අහිතකර බව ථේරවාදීන් විශ්වාස කරති. මිනිසෙක් විසින් කරන තිරිසන් වැඩ යැයි සැලකෙන සියල්ල සිද්ධ වෙන්නේ ක්ලේශයන් පෙරමුණු කරගත් නිසා යැයි සැලකේ.
අවිජ්ජා නොහොත් අවිද්‍යාව නිසා මේ ක්ලේශයන් තුලින් හැදියාවන් උපදිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ධර්මාවබෝධයක් නැති මනස් තුල මේ තත්වය උපදී. ක්ලේෂයන්ගේ ග්‍රහණයට හසු වී ඉන්නේ ධර්මාවබෝධයෙන් තොර අයයි. ධර්මාවබෝධය නොමැති පිරිස් විසින් සත්‍යය ගැන වැටහීමක් නැති නිසා ක්ලේශයන් අල්ලා ගෙන සිටිති. එහෙත් යථාර්ථය නම් මේ මානසික ක්ලේෂයන් වනාහී මනසේ හටගත්, මනසේ බලපෑම් වලට යටත් වී සිටිමින්, ධර්මාවබෝධයෙන් තොර වූ හෙයින් දුක හා ආතතිය පිළිගෙන ඇති අයහපත් මානසික තත්වයක් පමණි. එසේම ථේරවාදීන් විශ්වාස කරන්නේ ධර්මාවබෝධයෙන් තොර වූවන් තම සිරුර තමාගේය යැයි අල්ලා ගෙන ඊට ගැති වී සිටිනා බවයි. නමුත් යථාර්ථය දකින කල සිරුර නම් මහාභූත නොහොත් මූලික පදාර්ථ හතරකින් (පොළව, වතුර, ගින්න සහ වායුව) නිමැවුනු අනිත්‍ය ප්‍රංපචයකි. මරණයෙන් පසුව සිරුර වියෝජනය වී විසිරී යයි. මනසට සත්‍ය ස්වභාවය සහ යථාර්ථය දැකිය නොහැකි සේ වළක්වා ඇත්තේ මානසික ක්ලේශයන් වල බලපෑම් වලිනි. පුහුණුවක් නොලබන මනස මේ ක්ලේෂයන් තව තවත් වර්ධනය කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දෙන්නේ ක්ලේෂයන් දුර්වල කර සහමුලින් නැති කරන මාර්ගයයි.
ධර්මාවබෝධයකින් තොර වූවන් සිය සංවේදන දොරටු හයෙන් (ඇස්, කන්, නාස, දිව, ස්පර්ශය, මනස) ලෝකය අත්දකිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ක්ලේෂයන් වෙතින් අඳුරු වූ මනසින් ඒවා තමන් කැමති පරිදි උපුටා ගෙන, අවබෝධ කරගෙන, නිගමනයන්ට එළඹෙති. මෙවැනි තත්වයක දී අවබෝධයන් හා නිගමනයන් ඇති කරගන්නේ සත්‍යය තත්වය යැයි තමන් විසින් ගොඩනඟා ගන්නා වූ මෝහය තුලින්.ඥාන නම් තත්වයේ දී, භෞතික වූ සංවේදන දොරටු බොඳ වී යයි. මානසික ක්ලේෂයන් යටපත් කෙරෙයි. යහපත් මානසික ගති ලක්ෂණයන්ට ශක්තියක් ලැබෙයි. එවිට මනස යථාර්ථයේ සත්‍ය ස්වභාවය ගවේෂණය පිණිස යොදවා ගතහැකියි.
ක්ලේෂයන් ඇතිවන අවස්ථා තුනකි. විරෝධයක් නොදක්වන අවස්ථාවේ දී ක්ලේෂයන් අකර්මන්‍ය ව අනුසාය (anusaya) ලෙසකින් මානසිකත්වයේ පතුලක රැඳී සිටියි. එහෙත් සංවේදන උත්තේජයකින් පරියුත්තාන (pariyutthana) බවක් ඇතිවිය හැකියි. එවිට සවිඥානය කරා පැමිණෙන අයපහත් සිතුවිලි, ආවේග හා චේතන වලින් මේ ක්ලේෂයන් දැකිය හැකියි. ඒවාට තවත් ශක්තිය එකතු වූ විට, එවිට ක්ලේෂයන් අනතුරුදායක වූ විතික්කම (vitikkama) තත්වයට උත්සන්න වෙයි. එහි දී ශාරීරික හෝ වාචික ක්‍රියාවන් හට ගනියි.
දුකින් හා ආතතියෙන් ගැලවීමට මේ ක්ලේෂයන් සදහටම මුලිනුපුටා දැමිය යුතු යැයි ථේරවාදීන් විශ්වාස කරති. සතිපට්ඨාන නොහොත් සිහිකල්පනාව වැඩීමෙන් ක්ලේෂයන් මනස යටත් කරගන්නටත් ශාරීරික ක්‍රියාවන් පාලනය කරන්නටත් ගන්නා උත්සාහය වැළැක්විය හැකියි. ඉන්පසු ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය කුමක් දැයි අන්තර් ගවේෂණයකින්, විශ්ලේෂණයකින් හා අත්දැකීමෙන් හා අවබෝධයෙන් ලබාගන්නේ ඥානය භාවිතයෙනි. මේ ක්‍රියාවලිය සෑම සියළු ක්ලේෂයක්ම හඳුනාගන්නට නැවත නැවතත් භාවිතා කළ යුත්තකි. මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නාට එවිට ඒ ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් එතැනින් නිර්වානය අවබෝධයටත් මාර්ගය පෑදේ. සංස්කෘතික පදය වන නිර්වාන හෝ පාලි පදය වන නිබ්බාන යන්න ථේරවාදීන්ගේ පරම අරමුණයි. නිබ්බාන නම් පරම සුඛයයි. එයින් නැවත ඉපදීමත්, ලෙඩදුකට ගොදුරු වීමත්, වයෝවෘද්ධ බවත් හා මරණයත් යනාදියෙන් ගැලවීමට හැකිය.
ථේරවාද බුද්ධාගම අදහන අය විශ්වාස කරන්නේ සෑම ඒකීය පුද්ගලයෙකුම තම ස්වයං-පිබිදීමටත් විමුක්තිය සොයා ගැනීමටත් පුද්ගලික වගකීමකින් යුතු වූවෙක් බවයි. තම ක්‍රියාවන් සඳහා වගකීම තමන් ගත යුතුය යන්න පාලි භාෂාවේ 'කර්ම' සහ සංස්කෘතික භාෂාවේ 'කම්ම' යනාදියෙන් කියැවෙන්නේ එය ගැනයි. බුදුන් වදාළ යථාර්ථයේ සත්‍යය ස්වභාවය ගැන විශ්වාස කිරීමෙන් හෝ ඉගෙනීමෙන් පමණක් ඵලක් නැත. පිබිදීම ලබන්නට හැකිවන්නේ පුද්ගලයා තමන් විසින් එය ඍජු අත්දැකීමකින් තමන් සඳහා අවබෝධ කරගන්නේ නම් පමණයි. තමන් වෙනුවෙන් සත්‍යය සොයා ගැනීම සඳහා බුදුන් කියාදුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුය. ථේරවාද විශ්වාසයේ දී, බුදුවරුන්ට හෝ දෙවියන්ට හෝ වෙනත් පූජනීයත්වයෙන් යුතු අයට මිනිසාට පිබිදීමක් ලබා දීමට නොහැකියි. ඔවුන්ට මිනිසාව නැවත නැවත සිද්ධ වෙන සංසාර චක්‍රයෙන්, එනම් ඉපදීම, ලෙඩ රෝග වැළඳීම, වයෝවෘද්ධ වීම සහ මරණය යනාදියෙන් ගලවා ගැනීමට නොහැකියි. ථේරවාදීන්ට බුදුන් යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියාදුන් ගුරුවරයා පමණකි. දෙවියන් සහ අනෙකුත් පූජනීය සේ සලකන අය ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, ද්වේෂයට, පළිගැනීමට, තණ්හාවට, ගිජුබවට, මෝහයන්ට හා මරණයට මුහුණ දෙන්නා වූ අයයි.
බුදුන්ගේ පළමු අනුගාමික පරම්පරාවන් කිහිපයක් ලෙස දැඩි උවමනාවෙන් සහ කැපවීමෙන් පුහුණුවෙන අයෙකුට එම ජීවිතයේ දී ම නිබ්බාන අත් කරගන්නට හැකි වේ යැයි විශ්වාසයයි. අනෙකුත් අයට, හැම ජීවිතයක දී ම වැඩි වැඩියෙන් අවබෝධයට ඉඩ ලැබී යථාර්ථය දකින උත්සාහයට ජීවිත කාලයන් කිහිපයක් යනු ඇතැයි සැලකේ. නිබ්බාන යන තත්වයට පැමිණියා වූවෙක් නම් වෙන්නේ අර්හත් ලෙසිනි. පුද්ගලයෙක්ව විමුක්තිය කරා ගෙන යන්නට මාර්ගෝපදේශනයක් දෙන්නට පරම ඥානයෙන් යුතු වූ බුදුන් වාසය කරනා කල අනුගාමිකයෙක් ලෙසින් වඩාත් ඉක්මණින් නිබ්බාන අවබෝධයට හැකි වේ යැයි විශ්වාස කෙරේ.
ථේරවාද දහමේ දී, නිබ්බාන පසක් කරගන්නා අර්හත් වහන්සේලා බුදුන් හා සමාන ලෙසකින් විමුක්තිය ලැබූ අය ලෙසින් සැලකිල්ලට පාත්‍ර වෙති. මන්ද, නිබ්බාන යනුවෙන් ඇත්තේ එක වර්ගයකි. බුදුන් අර්හත් වහන්සේලාට වඩා ඉහළින් ඉන්නේ ඔහු මාර්ගය තමන් විසින් අවබෝධ කරගෙන එය අනුන්ට ඉගැන්වූ නිසා පමණි. එය ඖපචාරික ලෙසින් කියුවොත් ධර්මයේ චක්‍රය කැරකැවූයේ බුදුන් විසිනි. අර්හත් වහන්සේලා යනු බුදුන් කියු දහම අවබෝධයෙන් නිබ්බාන පසක් කරගත් අයයි. ථේරවාදීන්ට අනුව බුදුන් යනු ඉතා සුපිරි දක්ෂතාවයෙන් යුතු වූ උතුම් පුද්ගලයෙක් ලෙසින් ගෞරවයට පාත්‍ර වෙන්නෙකි. ථේරවාදීන් මෛත්‍රිය වැනි පාලි සුත්ත පිටකයේ සඳහන් වෙන අනාගතයේ දී බිහිවෙන පසේ බුදුවරුන් විශ්වාස කරන්නේ නැත. බුදුන්ට පෙර අතීතයක වුවා යැයි කියන තවත් බුදුවරුන් ද විශ්වාස කරන්නේ නැත.
සාම්ප්‍රදායිකව ථේරවාදීන්ට බුදුන් කියා දුන් පංච ශීලය වැනි සරල ශික්ෂාපද අනුගමනයෙන් සරල ප්‍රතිලාභ ලබාගත හැකිය. එසේ නැත්නම් සත්‍යය පිළිබඳ ඍජු අත්දැකීම් ගවේෂණය තුලින් බුදුන් කියාදුන් ඥාන ගවේෂණයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනයෙන් තමන්ගේ විමුක්තිය සොයා යා හැකිය.

ථේරවාදයේ මූල ධර්මයන්

ථේරවාද දර්ශනය ගැන මූලික වශයෙන් කිව යුතු දෙයක් නම් එය ජීවිතය ගැන නොනැනවතී කෙරෙන විශ්ලේශණ ක්‍රියාවලියක් බවයි. එය ආචාර ධර්ම මාලාවක් සහ ප්‍රතිපත්ති මාලාවක් ගැන පමණක් වූවක් නොවේ.
ථේරවාදයේ පරම සිද්ධාන්තය ලෙස ගැනෙන්නේ 'චත්තාරි අරියසච්චානි' නොහොත් චතුරාර්ය සත්‍යය යන්නයි. ඉතාමත් සරල ආකාරයෙකින් විස්තර කරන්නේ නම්, ගැටළුව, හේතුව, විසඳුම සහ විසඳුම කරා යන මාර්ගය ලෙසින් හැඳින්විය හැකියි.

චතුරාර්ය සත්‍යය

1. දුක්ඛ ආරියසච්ච (දුක) - මෙය පුළුල් වශයෙන් ප්‍රවර්ග තුනකට බෙදිය හැකිය. නෛසර්ගික වශයෙන් පවතින දුක, ලෝකයේ සියළු ක්‍රියාවන් හි දී අයෙක් අත්විඳින දුක, එදිනෙදා ජීවිතයේ අයෙක් අත් විඳින දුක: එනම් උපත, වයෝවෘද්ධ වීම, රෝගාතුරු වීම, දුකින් තැවීම යනාදියෙන් වූව අඩංගු වෙයි. කෙටියෙන් කිවහොත්, ප්‍රිය කරන බැඳීම් වලින් වෙන් වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද, අප්‍රිය කරන බැඳීම් වලට එක්වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද ඊට ඇතුලත් වේ. දෙවැනි දුක ප්‍රවර්ගය නම්, වෙනසට භාජනය වීම නිසා ඇතිවන දුකයි. එයින් අදහස් වෙන්නේ 'යහපත්' යැයි අදහස් කරන ලද තත්වයකට ඇති බැඳී සිටීමේ දී තත්වය වෙනස් වීම නිසා එයින් දුකක් ඉපදීමයි. තෙවැනි ප්‍රවර්ගය නම්, 'සංඛාරා දුක' යනුවෙන් හැඳින්වේ. එය අවබෝධයට වඩාත් දුෂ්කර වූවයි. නිශ්චිත වූ පංචකන්ධයන් නැතැයි ද නිතරම වෙනස්වන සුළු අනන්‍යතාවයක් ඇතැයි ද අවබෝධයට හැකියාවක් බොහෝ අයට දුෂ්කර වූ නිසා ද දුක ඇතිවේ.
2. දුක්ඛසමුදාය ආරියසච්ච (දුකට හේතුව) - තණ්හාව, නම් බැඳීමට හා පරාධීන බවට ගෙන යන්නකි. එය දුකට හේතුවයි. මෙය හැඳින්වෙන්නේ 'තණ්හාව' යන නාමයෙනි. එහි කොටස් තුනක් පැහැදිලි ලෙසින් විස්තර කෙරෙයි. 'කාම තණ්හා' යනු සංවේදන හරහා අත්විඳින සුවයයි. ඒවාට දර්ශන, හඬ, ස්පර්ශ, රස, ආඝ්‍රාණ සහ මානසික සංකල්ප අයත් ය. 'භව තණ්හා' යනු පැවතෙන ක්‍රියාවලියකට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම සඳහා ඇති ආශාව ඇතුල් වෙන වෙනත් විවිධ ආකාරයෙන් දකින්නට ලැබෙන්නකි. 'විභව තණ්හා' නම් පැවැත්වෙන ක්‍රියාවලියෙන් ඉවත් වන්නට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම-නැතිබව සඳහා ඇති දැඩි ආශාව ද ස්ව-නිරුද්ධිය සඳහා වූ දැඩි ආශාවෙන් ද යුතු වෙයි.
3. දුක්ඛනිරෝධ ආරියසච්ච (දුක නැති කිරීම) - අයෙකුට මුළු ලෝකයම තම දුක නැති කිරීම සඳහා, එසේ සැමදා දුක නැතිව පවතිනු සඳහා, තමනට ගැලපෙන පරිදි හදාගන්නට නොහැකියි. මෙය වෙනස යන මූලික සිද්ධාන්තය කඩ කරන්නකි. ඒ නිසා අයෙක් කළ යුතු වන්නේ තමන්ගේ මනස බැඳීම් වලට හසු නොවෙන සේ සකසා ගැනීමයි. එවිට වෙනස කුමන ස්වභාවයකින් වූවත්, එයට තමන්ගේ මනසට සහනය සැලසෙන අයුරින් සකසා ගත හැකියි. තෙවැනි ආර්ය සත්‍යය කෙටියෙන් සඳහන් කරන්නේ නම්, හේතුව නම් වූ තණ්හාව තුරන් කරන කල දුක තුරන් කරත හැකිය. මෙය ත්‍රිපිටක මූලාශ්‍රයන්හි බුදුන්ගේ වදන් වලින් කියැවෙන්නේ "හේතුවකින් හට ගන්නේ කුමක් ද, හේතුව නැති කරන්නට ද පුළුවන," යනුවෙනි.
4. දුක්ඛනිරෝධගාමිනීපටිපදා ආරියසච්ච (දුක නැති කිරීමේ මාර්ගය) - මෙය ආර්ය අෂ්ටාංලික මාර්ගයයි. එය විමුක්තිය නොහොත් නිබ්බානය කරා ගෙනයන්නයි. මෙය දළ වශයෙන් සටහන් කරද්දී, නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි), නිවැරදි අරමුණ (සම්මා සංකප්ප), නිවැරදි කතාබහ (සම්මා වාචා), නිවැරදි ක්‍රියා (සම්මා කම්මන්ත), නිවැරදි ජීවනමාර්ගය (සම්මා ආජීව), නිවැරදි උත්සාහය (සම්මා වායාම), නිවැරදි සිහිය (සම්මා සති) සහ නිවැරදි සිත එකඟ කර ගැනීම (සම්මා සමාධි) යන පිළිපැදිය යුතු මාර්ග අටෙන් යුතුය.

වැදගත් ලක්ෂණ තුනක්

සංස්කාරයන් පැහැදිලි කරන ථේරවාද චින්තනයේ වැදගත් ලක්ෂණ තුනක් මෙසේය.
1. අනිච්චා (නැසෙන සුළු වීම): වෙනස පවතී. සියළු සංස්කාරයන් වෙනසට භාජනය වෙන සුළුය. ශාරීරික ලක්ෂණ, අගය, හිතාගෙන සිටින දෑ, සිද්ධාන්ත, දැනුම යනාදී සියල්ලක්ම වෙනසට ලක්වේ. කිසිවක් සදාකාලිකව පවතින්නක් නොවේ. යමක් සදාකාලිකව පවතින්නට නම් කිසිම වෙනසකට භාජනය නොවන හේතුවක් තිබිය යුතුයි. එහෙත් සියළු හේතු නැවත නැවත ඇතිවන සේ බැඳී ඇත්තෙන් වෙනසට භාජනය නොවන කිසිවක් තිබිය නොහැක.
2. දුක්ඛා (දුක) - තණ්හාව නිසා දුක ඇතිවේ. තණ්හාව යනු සංක්‍රාමී වූවකි, වෙනසට භාජනය වන්නකි. වැනසී යන්නකි. යම් වස්තුවක අඩංගු වෙන නැසෙන සුළු ස්වභාවය නිසා බලාපොරොත්තු කඩවීම හා දුක ඇතිවීමට එය හේතු පාදක වෙයි. 'හොඳ', 'සුව පහසු', 'තෘප්තිමත්' යනාදී වශයෙන් ලොව හැම දෙයකට ම ලේබල් අලවන හැදියාවක් ඇත. 'කැමති' හෝ 'අකමැති' යැයි කියා ලේබල් අලවන්නේ අපි. ඒ නිසා දුක නිර්මාණය කරන්නේ ද මුලින් ම අප විසින් මයි. මෙසේ ලේබල් අලවන හැදියාව අත්හරින්නට අයෙකුට හැකිනම්, 'කැමති' යැයි ලේබල් අලවන දේවල් පසුපස හඹා යෑමෙන් නිදහස් විය හැකිනම්, එවැන්නට පරම විමුක්තිය ලබාගත හැකිය. ගැටළුව නම් හේතුවයි, විසඳුම නම් මාර්ගයයි. ඒ දෙකම ඇත්තේ තමන් තුලම මිස පිටස්තර තැනක නොවේ.
3. අනත්තා (ආත්මයක් නැති) - අනත්තා යන සංකල්පයෙන් කියැවෙන්නේ "වෙනස් නොවන්නා වූ ස්ථිර වූවක් නැතැයි" යන්නයි. පුද්ගලයෙකු තුල සදාකාලික වූ, ආවශ්‍යක වූ ප්‍රපංචයක් නැත. පංචස්කන්ධයන් වලින් හැදෙනා ප්‍රාණියාගේ භෞතික රූපය, වේදනා දැනීම, සංඥාවන් දැනීම, සංකාර නොහොත් මානසික රූපක ඇතිවීම, විඥාන නොහොත් එළඹ සිටි සිහියක් තිබීම යනාදිය සියල්ල ගත්කල එහි කිසිවක් 'මම' යැයි හඳුන්වන්නට නොහැකියි. පිළිසිඳ ගත් මොහොතේ පටන් සියළු ප්‍රාණීන් නිතරම වෙනස්වෙන නොනැවතෙන ප්‍රවාහයකට හසු වී සිටිති. මේ ප්‍රපංචය දැකීමට හැකි අයුරින් තම මනස දියුණු කරගන්නට උත්සාහ ගැනීම ථේරවාදය අනුගමනය කරන්නා වෙතින් බලාපොරොත්තු වෙන්නකි.
භෞතික ලෝකයේ වස්තූන් වලට ඇති ඇල්ම සහ බැඳීම් මේ ලක්ෂණ තුන ඍජුව හඳුනා ගැනීමෙන් ඇතිවන්නේ පරම නිදහස් වූ නිබ්බාන නම් වූ නිදහස යන වචානුසාරයෙන් වූ ස්වභාවයට පත්වන්නට හැකියාවයි.

වැදගත් ශික්ෂාවන් තුනක්

නිබ්බාන කරා යන මාර්ගය, නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න සමහර අවස්ථාවල දී හැඳින්වෙන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවන් වලින් යුතු ධම්මානුධම්ම පටිපදාව හැටියට. ඒවා වර්ග තුනකි: සීල නොහොත් ශික්ෂණය, සමාධි නොහොත් මානසික පුහුණුව සහ ප්‍රඥා නොහොත් ඥානය දියුණු කර ගැනීම.

භාවනා

භාවනා යනුවෙන් අදහස් වෙන්නේ ධනාත්මක ලෙසින් මනස ශක්තිමත් කර ගැනීමයි. සමත හා විපස්සනා යන පුළුල් වශයෙන් දෙවර්ගයකින් වූ භාවනාව නම් ඥානය පාදා ගැනීමේ වැදගත් ක්‍රමවේදයකි. සමත යන්න වචනානුසාරයෙන් ගත් කළ අදහස් වෙන්නේ "කුසලතාවය ඇති කිරීම" යන්නයි. ඊට ඇති අනෙකුත් අදහස් නම් "ශාන්ත, සංසුන්". ""දෘශ්‍යමාන" සහ "ඉෂ්ට කර ගැනීම" යනාදියයි. විපස්සනා යන්නේ අදහස "විදර්ශනාව", "අන්තර්ඥානය" යනාදියයි. මේ සංදර්භයෙන් ගත් කළ සමත භාවනාව යනු පුද්ගලයාට මනසේ ඒකාග්‍රතාවය තහවුරු කරන්නා කුසලතාවය වඩවන්නකි. මනස එසේ නිසි පමණින් ඒකාග්‍රතාවයකින් යුතු වූ පසු විපස්සනා භාවනාව විසින් ඉදිරිපත් කරන්නේ අඥානයේ තිරය උස්සා චතුරාර්ය සත්‍යය දැකීමට හැකියාවයි.
පාලි ත්‍රිපිටක විසින් බුදුන් තම අනුගාමිකයන්ට ඥානාවබෝධය කරා යෑමට චිත්ත සමාධි නම් පිළිපැදිය යුතු පිළිවෙත් කියා දී ඇත. ප්‍රංපචයන් තුලින් ගවේෂණයෙන් හා ඍජු අත්දැකීම් වලින් විමුක්තිය කරා යන්නට බුදුන් ද භාවිතයට ගත්තේ ඥානයයි.  සම්මා සමාධි නොහොත් නිවැරදි සිහිය එළඹවා ගැනීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් පියවරක් වෙයි. සමාධි යන්න වර්ධනය කරගැනීමට ආනාපානසති භාවනාව නොහොත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය හා බැඳි භාවනා ව්‍යායාමයකින්, 'කසින' නම් වූ යම් දෘශ්ටිමය වස්තූන් ඇසුරින් සහ නැවත ප්‍රතිචාරයෙන් යුතු වගන්ති වලින් ද පුළුවන. සමථ භාවනාව සඳහා උපයෝගී කරගන්නා වස්තු 40 ක් සම්ප්‍රදායික ලැයිස්තුවේ සඳහන්ය. සෑම වස්තුවකට ම විශේෂිත වූ ඉලක්කයක් ඇත. උදාහරණයක් වශයෙන් 'කායානුපස්සනා' හෝ 'කායාගතසති' යන ශරීරයේ විවිධ අංගයන් ගැන සැලකිල්ලෙන් යුතුව කරන භාවනාව හේතුවෙන් තමන්ගේ සිරුරටත් අනුන්ගේ සිරුරැ වලටත් ඇති බැඳීම් අඩුකරගත හැකියි. එයින් සංවේදනයෙන් ඇතිවන ආශාවන් අඩුකරගත හැකිය. මෙත්තා නොහොත් මෛත්‍රිය භාවනාවෙන් තමන්ටත් අනිත් ජීවින්ටත් හොඳ යහපත් හා සතුටු හැඟීම් පැතිරවීමේ හැකියාවෙන් යුතුය. මෛත්‍රිය භාවනාව ව්‍යාපාදය, ක්‍රෝධය සහ බිය නැති කරගැනීම සඳහා පාවිච්චියට ගන්නකි.

මාර්ග ඵල

ථේරවාදී පිළිවෙත් අනුගමනයෙන් විමුක්තිය ලබනා මාර්ග ඵල හතරක් කරා යන්නට අවස්ථාව පෑදේ:
  1. සෝතාපන්න මාර්ග ඵලය - පළමු බන්ධන තුන (එනම් "මම" යැයි අල්ලා ගෙන ඉන්නා මායාව, විචිකිච්ඡාව, වත් පිළිවෙත් වලට ඇති ඇබ්බැහිය) විනාශ කර දමන්නට සමත් වෙන්නා වූ අය දොම්නස් තත්වයන්ට වැටීමෙන් (ඔවුන් සත්ව, ප්‍රේත, හොල්මන් හෝ අපාය ජීවින් ලෙසින් ඉපදීමෙන්) නිදහස් වෙති. ඔවුන් නිවන් අවබෝධයට පෙර නැවතත් හත්වතාවක් උපදති.
  1. සකෘදාගාමි මාර්ග ඵලය - පළමු බන්ධන තුන (එනම් "මම" යැයි අල්ලා ගෙන ඉන්නා මායාව, විචිකිච්ඡාව, වත් පිළිවෙත් වලට ඇති ඇබ්බැහිය) මෙන්ම රාගය හා ද්වේශය ද අඩු කරගන්නට හැකියාව ලැබීමයි. ඔවුන් නිවන් අවබෝධයට පෙර නැවතත් එක් වතාවක් උපදිති.
  1. අනාගාමී මාර්ග ඵලය - ප්‍රාථමික බන්ධන පහ වූ සංවේදනයන් තුලින් උපදින තණ්හාවන් විනාශ කර දමන්නට සමත් වෙන අයයි. ඔවුන් නැවතත් මිනිස් ලෝකයේ උපදින්නේ නැති අයයි. ඔවුන් දිව්‍යලෝකයේ ඉපිද නිබ්බාන අවබෝධයට ඉඩ ලබනා අයයි. නැවත ඉපදීමක් සිද්ධ නොවන මේ මාර්ග ඵලය ගිහියන්ගේ ඉලක්කය වීමට සුදුසු යැයි ආදී පොතපතේ සඳහන් වෙයි.
අර්හත් - බෝධි නොහොත් විමුක්තිය කරා ළඟා වූවන්, අජරාමර වූ, ක්ලේශයන් ගෙන් තොර වූ, අවිද්‍යාව හා බැඳීම් වලින් තොර වූ තත්වයක් මෙයින් කියැවේ. පැවිද්දන් විසින් ඉලක්ක කරගත යුතු තත්වයක් ලෙසින් ආදී පොතපතේ අර්හත් තත්වය සඳහන් වේ

ධර්ම සටහන්

පාලි ත්‍රිපිටකය ථේරවාද සම්ප්‍රදායේ වඩාත්ම ගෞරවනීය ස්ථානය උසුලන ගෞතම බුදුන් ගේ ඉගැන්වීම් සටහන්ගත වූ ධර්ම සටහන් අතරින් ප්‍රමුඛ ස්ථානය ගන්නයි. ආගම ගැන සුත්ත හා විනය යන පිටකයන් දෙක තුල එකිනෙකෙහි සඳහන් තොරතුරු වල අතිච්ඡාදනයක් දැකිය හැකියි. චීන භාෂාවෙන් සහ යම් තරමකට සංස්කෘත භාෂාවෙන් ද, පාකෘති, ටිබෙටන් යන භාෂා වලින් ද එහි නොයෙකුත් කොටස් ඉන්දියාවේ ඇති ථේරවාද නොවන සම්ප්‍රදායන් තුලින් දැකිය හැකිය. මේ පදනම අනුව, ත්‍රිපිටකයේ මේ කොටස් දෙකම ඉතාම පැරණි හා වඩාත්ම ප්‍රාධිකාරී ග්‍රන්ථ ලෙස බෞද්ධ විද්‍යාර්ථීන් සලකති. ථේරවාදී අය තවමත් භාවිතා කරන පාලි ත්‍රිපිටකය, ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ යැයි සැලකේ. ඒ කාලයේ ආගමික ඇදහිලි පරිහරණය වූ වාචික සම්ප්‍රදාය අනුව ශතක ගණනාවක් පුරා ගෙන ගිය මේ ත්‍රිපිටකය ක්‍රි. පූ. අවසන් සියවසේ දී ග්‍රන්ථාරූඪ වෙයි. එය අද ථේරවාදීන් සලකන අන්දමට ශ්‍රී ලංකාවේ හතරවැනි ධර්ම සංගයානාවේ දී සිද්ධ වූවකි. තම ත්‍රිපිටකය සම්පූර්ණයෙන් සටහන් ගත කිරීමට මුලින්ම පියවරක් ගත්තේ බෞද්ධ සම්ප්‍රදායයන් අතරෙන් ථේරවාදීන්ය.
ත්‍රිපිටකයේ එකතු වී ඇති බහුතරයක් විශේෂයෙන් ම "ථේරවාදී" වූ විස්තර නොවේ. ඒවා මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වල යෙදුනු නොයෙකුත් අය අතින් එකතු වූ සංචිතයකි. පීටර් හාර්වි නම් වූවාට අනුව එහි පසුකාලීන සත්‍යලබ්ධික ථේරවාද අදහස් සමඟ නොගැලපෙන අදහස් ද ඇතුලත්ය. ඔහු පහදන අන්දමට:
 
ථේරවාදීන්, එකල, ත්‍රිපිටකයට කාලයක් තිස්සේ කොටස් එකතු කරන්නට ඇත. එහෙත් ඔවුන් ඊට කළින් යුගයේ දී ලැබුන කොටස වෙනස් කර නැති බව පෙනේ. (The Theravadins, then, may have added texts to the Canon for some time, but they do not appear to have tampered with what they already had from an earlier period.)
පාලි ත්‍රිපිටකයේ කොටස් තුනකි: විනය පිටකය, සුත්ත පිටකය සහ අභිධම්ම පිටකය. මේවායෙන්, අභිධම්ම පිටකය අන්තිමට එකතු වූව ලෙස සැලකේ. පළමු ධර්ම සංගායනාවේ දී බහුතර විද්‍යාර්ථීන්ගේ මතයට අනුව තිබුනා යැයි සැලකෙන්නේ මුල් පිටක දෙක පමණි. පාලි අභිධම්ම පිටකය ථේරවාදී සම්ප්‍රදායෙන් බැහැර වූවන් පිළිගන්නා ලද්දක් නොවේ.
4 වැනි හෝ 5 වැනි සියවසේ දී ත්‍රිපිටකය සඳහා පාලි අට්ඨකතා නොහොත් අටුවා කතාවන් පළමුවෙන් ලියූ අය සේ සැලකෙන්නේ බුද්ධඝෝෂ ථෙරනුවන්ය. ඒවා ලියැවෙන්නේ පැරණි සිංහලෙන් ලියැවුන් පැරණි ලේඛන ආශ්‍රයෙනි. ඔහුට පසුව වෙනත් බෞද්ධ ස්වාමීන්වහන්සේලා විසින් විවිධ අටුවාවවන් ලියා තැබුහ. මේ සියල්ලම ථේරවාද උරුමය සේ සැලකේ. කෙසේ වුවත් මේ සටහන් වලට ත්‍රිපිටකයට ලැබෙන වැදගත් ස්ථානය ලැබෙන්නේ නැත. තායි සංග්‍රහය වෙළුම් 45 කින් යුතුය. බුරුම සංග්‍රහය වෙළුම් 40 කින් ද, සිංහල සංග්‍රහය වෙළුම් 58 කින් ද යුතුය.
ථේරවාද බෞද්ධයන්ට අනුව චීන සහ ටිබෙටන් ධර්ම සටහන් අයස්ථාභූත වෙති. තවත් විදියකින් කියන්නේ නම් ඒවායේ ඇත්තේ බුදුන් දෙසූ නිර්මල දහම නොවේ

ශ්‍රී ලංකාවේ බුද්ධාගම


ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගම ථෙරවාදයට ඇතුළත් වන අතර ජනගහනයෙන් 70% ක්ම බෞද්ධ ආගමිකයන්ය. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ශ්‍රී ලංකාවේ ජනගනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.
දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු දහම හදුන්වා දිමෙන් පසුව, අඛණ්ඩව පැවති ගෙන ආ සඟ පරපුර හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේය. මෙය වෙනත් ඕනෑම බෞද්ධ රටක නොමැති තත්වයක්. බුද්ධාගම පිරිහීමට ලක්වු ඇතම් අවස්ථාවල ශ්‍රී ලාංකිය සඟ සසුන, මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් සමග පැවති සම්බන්ධතා උපයෝගි කරගෙන නැවත පුනර්ජීවනය ලැබීය. මහායානය බලවත් වු කාලවලදි මෙන්ම යටත් විජිතවාදී රාජ්‍ය නිලධාරීන් බුද්ධාගම නොසළකා හැරි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ සමාජයට විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. ‍එහෙත් නැවත නැවත (විශේෂයෙන් 19 ශත වර්ෂය තරම් මෑත කාලය තුළදී ) ලැබු පුනර්ජීවනයන් නිසා ථෙරවාදී බුදු දහම වසර 2000ක පමණ කාලයක් ජීවමානව පැවතුණි.

ඉතිහාසය

අවුකන බුදු පිළිමය
සාම්ප්‍රදායික වංශ කථාවන්ට අනුකූලව ලංකාවට බුදු දහම හඳුන්වා දී ඇත්තේ දෙවන සියවසේ ඉන්දියාවේ විසූ අශෝක අධිරාජයාගේ ගේ පුතුන් වූ මහින්ද මහා රහතන් වහන්සේය. එවකට ලංකාව පාලනය දේවානම්පියතිස්ස රජුන් හට භාර වී තිබිණි. මේ කාලය තුළදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාකාවක් ද වැඩම කරන ලදී. ශ්‍රී ලංකා රජුන්ගේ අනුග්‍රහය ඇතැතිව මුල්ම ආශ්‍රමය බිහි විය. ඒ වාගේම පාලි පොත් පත් ලියවීම ආරම්භ විනි. දෙවන සියවසේදී බුදු දහම හඳුන්වා දීමෙන් අනතුරුව එය වැඩිම කාලයක් ව්‍යාප්ත වූයේත් සහ සංඝයා වහන්සේලා වැඩි ප්‍රමාණයක් බිහි වූයේ ශ්‍රී ලංකාවේ පමණි. එම තත්වය හීන වූ අවස්ථාවල මියන්මාරයෙන් සහ තායිලන්තයෙන් පැවිදි පෙලපත් ඈඳ ගන්නා ලදී. මාහායාන ධර්මය ඇති වීමත් සමග ථෙරවාද බුදු දහමේ පැවැත්මට යම් කිසි බලපෑමක් ඇතිවූ නමුත් ථෙරවාද ධර්මය අවුරුදු 2000 කටත් වඩා ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇත. මුලින්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත වුයේ ථෙරවාදී බුදු දහමය. ලංකාවේ ජනගහනයෙන් 70% ථෙරවාදී බුදුදහමේ අනුගාමිකයෝ වෙති. දීපවංශය වැනි වංශකතාවල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමා‍ගේ කාලයේ අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද තෙරුන් ක්‍රි.පු. 2 වැනි සියවසේදි ලංකාවට බුදු දහම ගෙන එන ලදී. මෙම කාලය තුලදිම ශ්‍රී මහා බෝධි අංකුරයද ලංකාවට වැඩම කරන ලද අතර රජුගේ අනුග්‍රහය ඇතිව ප්‍රථම ආරාමයන් පිහිටුවන ලදී. එතෙක් පාලි භාෂාවෙන් කට පාඩමින් රැක ගෙන ආ ධර්ම කරුණු ක්‍රි.පු. 30 දී පමණ ලේඛණාරූඪ කරන ලදී.
දෙවැනි සියවසේ ශ්‍රී ලංකාවට බුදු දහම හදුන්වා දිමෙන් පසුව , අඛණ්ඩව පැවති ගෙන ආ සංඝපරපුර හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ බුදු සසුන බොහෝ කාලයක් පවතින්නේය. මෙය වෙනත් ඕනෑම බෞද්ධ රටක නොමැති තත්වයක්. බුද්ධාගම පිරිහීමට ලක්වු ඇතම් අවස්ථාවල ශ්‍රී ලාංකිය සංඝ සසුන , මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල් සමග පැවති සම්බන්ධතා උපයෝගි කරගෙන නැවත පුනර්ජීවනය ලැබීය. මහායානය බලවත් වු කාලවලදි මෙන්ම යටත් විජිතවාදී රාජ්‍ය නිලධාරීන් බුද්ධාගම නොසළකා හැරි අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ථෙරවාදී බෞද්ධ සමාජයට විශාල අභියෝගයන්ට මුහුණ දීමට සිදු විය. ‍එහෙත් නැවත නැවත (විශේෂයෙන් 19 ශත වර්ෂය තරම් මෑත කාලය තුළදී ) ලැබු පුනර්ජීවනයන් නිසා ථෙරවාදී බුදු දහම වසර 2000ක පමණ කාලයක් ජීවමානව පැවතුණි.

ක්‍රිස්තියානි මිෂනාරී ආක්‍රමණ සහ ය‍ටත්විජිතවාදය

16වන සියවසයේ සිට ක්‍රිස්ත්‍රියානි මිෂනාරීවරු සහ පෘතුගීසි, ලන්දේසි, බ්‍රිතාන්‍ය යන ජාතීන් ශ්‍රී ලංකාවේ ජනතාව කතෝලික, රෙපරමාදු ක්‍රිස්ත්‍රියානි භක්තිකයන් කිරීමට උත්සාහ දැරූහ. 19වන සියවසයේ අග භාගයේදී ජාතික බෞද්ධ ව්‍යාපාරය ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් අනුග්‍රහයෙන් සහ පානදුරාවාදයේ (ක්‍රිස්තියානි පූජකයකු සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අතර පැවති) ජයග්‍රහණයෙන් නැවතත් බලාත්මක වෙන ලදී.

බුදුදහ‍මේ ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය (2001 ජන සංගනන වාර්තාව)
ශ්‍රි ලංකාවේ බුදුදහම වූයේ මහින්ද මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් පසුව 2 වන සියවසේදීය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු බොහෝදෙනා බෞද්ධයින් බවට පත් වූවේය. මහා විහාර නම්වූ පූජාශ්‍රමය බිහි වූයේද මේ යුගයේදීය. ශ්‍රිලංකා වේ පාලි ග්‍රන්ථයන් බිහි වූයේ වට්ටගාමිනී රජුන්ගේ සමයේදීය. ඒ වාගේම ථේරවාද බුදු දහමේ පටන් ගැන්මද මේ යුගයේදී ආරම්භ විය. පසු කලෙක විවරණ ලියන්නන් මඟින් බුදු දහම පිලිබඳව පොත් පත් ලියවුනි. එවන් විශිෂ්ඨ කතෘන් වන්නේ බුද්ධඝෝස (4-5 වන සියවස)සහ ධම්මපාල (5-6 වන සියවස)වැනි රජවරු. එවකට මහායාන ධර්මය දේශයට බලපෑමක් වූ නමුත් කාලයාගේ ඇවෑමේන් ථේරවාදය ප්‍රචලිත විය. ඉන් පසුව අග්නිදිග ආසියාවේම 11 වන සියවස වනවිට ථේරවාදී බුදු දහම ප්‍රචලිත විය.
ඉන්දියානු උප මහද්වීපයේ පෙරදිග ප්‍රදේශයේ මොන් නමැති ජනවාර්ගික කොටස අතර ඉන්දීයානු සංස්කෘතිය තදින්ම ව්‍යාප්ත වී තිබුණි. 3 වැනි සියවසේදී මෙම ජන වාර්ගික කොටස බෞද්ධාගම වැළඳ ගෙන ඇති බවට සඳහන් වේ. එසේ සිදු වූයේ මහා අෂෝක නම් වූ ඉන්දියානු අධිරාජයාගේ සමයේදීය. මධ්‍යම බුරුමයේ පිහිටි පීක්තානෝ නම් වූ මොන් ජනයාගේ බෞද්ධ පන්සල නිමවා ඇත්තේ 1වන සහ 5වන සියවස් අතර යැයි සඳහන් වේ. මොන් ජනවාර්ගිකයන් ගේ බෞද්ධ සිතුවම් හා ඉන්දියානු ගුප්තා සිතුවම් වලට සංස්කෘතිය මුසු වී ඇත. මොන් රාජධානිය ප්‍රචලිත වනවාත් සමග 5 වැනි සහ 6 වැනි සියවස්වලදී අග්නිදිග ආසියාවේ මෙම සිතුවම් කලාව ප්‍රචලිත විය. ඒ වාගේම මොන් වරුන්ගේ බලපෑමත් සමග ථේරවාද දහම ප්‍රචලිත වූ නමුත් උතුරු ප්‍රාන්තයේ 6වන සියවසින් පසුව මහායානය මුලුමනින්ම ප්‍රචලිත විය. අශෝකවාදයේ ඇතුළත් වී ඇති පරිදි හිමාල ප්‍රදේශය තුළින් අශෝක රජුන් ධර්මදූතයින් යවා ඇති බවට සඳහන් වී ඇත.

සංඝ සමාජය

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංඝ සමාජයේ "නිකාය" ලෙසින් හඳුන්වන එකිනෙකට වෙනස් සම්ප්‍රදායයන් පවතින අතර ඉන් ප්‍රධාන නිකයයන් 3 පහත දැක්වේ.
සියම් නිකාය – කීර්ති ශ්‍රී රාජසිංහ රජු සහ වැලිවිට සරණංකර හිමියන්ගේ ආරාධනය පරිදි ලංකාවට වැඩම කළ තායි ජාතික උපාලි හිමියන් විසින් 18 වන සියවසේදී ආරම්භ කරන ලදී
.
අමරපුර නිකාය – 1800 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ මියන්මාරයෙන් ලැබුණු ඉහළත්වයෙන් සලකන පැවිදි පෙලපතකින්ය.

රමාඤ්ඤ නිකාය – අඹගහවත්ත සරණංකර හිමියන් විසින් 1864 දී ආරම්භ කර ඇත.
ඉහත නිකායන් අතරත් වෙනස් ආකාරයේ කුලයන් අනුකූලව තවත් බෙදීම් ඇත. එහෙත් ධර්මයෙහි කිසිදු වෙනසක් නැත.

ථෙරවාදී බුදු දහම

ඉන්දියාවෙන් ලංකාවට එතැනින් කාම්බෝජයට
ථෙරවාදී බුදු දහම දේශසීමා පසු කළ හැටි


ලොව පිරිසිදු ථෙරවාදී බෞද්ධයන් වැඩිපුර ම සිටින රට ශ්‍රී ලංකාව ද නැත්නම් කාම්බෝජය ද යන්න මතභේදයට තුඩු දුන් කාරණයකි. කාම්බෝජය අපේ රටට වඩා බොහෝ ලොකුය. එහෙත් එහි සිටින සෙනඟ අඩු ය. ලංකාව කුඩා වුවත් එහි සිටින සෙනඟ කාම්බෝජයේ සිටින ප්‍රමාණයට වඩා බොහෝ වැඩිය. දෙරටේම ප්‍රධාන ආගම ථෙරවාදී බුදු දහමය. කාම්බෝජයේ ජනගහනයෙන් 87% ක්‌ ඛෙමර් ජාතියට අයත් අතර බෞද්ධයෝ වෙති. ලංකාවේ ජනගහනයෙන් 75% ක්‌ සිංහල වුවද ඔවුන්ගෙන් යම් ප්‍රමාණයක්‌ කතෝලිකයෝ ය.

මෙයට අවුරුදු 2100 කට පෙර අද කාම්බෝජය තිබෙන තැන එනමින් රටක්‌ තිබුණේ නැත. එහි තිබුණේ Funan Kingdom නමැති ඛෙමර් රාජ්‍යයකි. මේ කලාපයේ මවු කලාපය සුවන්තපුමි හෙවත් ස්‌වර්ණභූමි යන අර්ථය ඇති විශාල අර්ධද්වීපයකි. ෆුනාන් භූමියට එහා පැත්තෙන් මීකොං ගංගාවේ ඩෙල්ටාව විය. මේ මෝය කට දිගේ ෆුනාන් වෙත පැමිණි චීන්නුත්, ඉන්දුනීසියානුවෝත්, ඉන්දියානුවෝත් වෙළෙඳාමෙහි නිරත වූහ. එකල චීනයේ ප්‍රධාන ආගම වයේ බුදු දහම , කොන්ෆියුසියස්‌ දහම සහ තාවෝ දහමය. ඉන්දුනීසියාව මුස්‌ලිම් රටක්‌ විය. චීනුන් සහ ඉන්දුනීසියානුවන්, ෆුනාන් රටට ආවේ වෙළඳාම පිණිස පමණක්‌ ම වූ නිසා ඒ රටේ ආගම් ප්‍රචාරයක්‌ සිදු වූයේ නැහැ. එහෙත් ඉන්දියානුවා මඳක්‌ දුරදිග කල්පනා කර මේ රට හින්දු රාජ්‍යයක්‌ බවට පත් කළොත් යෙහෙකැයි කල්පනා කර එය ක්‍රියාත්මක කළහ. ස්‌වල්ප කාලයක්‌ තුළ ෆුනානය හින්දු රටක්‌ බවට පත් වූ අතර විෂ්ණු සහ ශිව එරට වැසියන්ගේ ප්‍රධාන දෙවිවරු බවට පත් වූහ. ෆුනානය යනු පසු කාලීන කාම්බෝජයේ කලලයයි. මේ ආකාරයෙන් කාම්බෝජය සිය කලල ජීවිතය පටන් ගන්නේ හින්දු රාජ්‍යයක්‌ ලෙසය. එහෙත් බෞද්ධයෝද යම් ප්‍රමාණයක්‌ ඒ රටේ සිටියහ.

ක්‍රි. ව 500 වන විට ෆුනාන් රාජධානිය නිමාවට පත් වී චෙන්ලා (Chenla) නමැති රාජ්‍යයක්‌ එතැනට ආදේශ විය. එය අහල පහල භූමි ප්‍රදේශ කිහිපයක්‌ ඈඳා ගත් වඩා විශාල රාජ්‍යයකි. මේ කාලයේදී එම භූමිය තුළ බුදු දහම ක්‍රමයෙන් පැතිර යන්නට විය. 13 වැනි සියවසේ විසූ චීන ජාතික වංශකතා කරුවකු වන Tonan - lin ලියා ඇති පරිදි ක්‍රි. ව. 400 සහ 500 ගණන් වලදීත් චෙන්ලා රාජ්‍යය තුළ බෞද්ධ විහාරාරාම විය. ත්‍රිපිටකය අධ්‍යයනය කරන භික්‍ෂුන් හා භික්‍ෂුණින් බහුල වශයෙන් ඒවායේ සිටියහ. මේ කාලයේදී චීන අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි ඛෙමර් භික්‍ෂුන් වහන්සේලා දෙදෙනෙක්‌ සංස්‌කෘත ත්‍රිපිටකය චීන බසට පරිවර්තනය කර දීම සඳහා චීනයට වැඩියහ. ඒ කාලයේ චෙන්ලා රාජධානිය පාලනය කළ රදවර්මන් රජතුමා ක්‍රි. ව. 535 දී ඉන්දියානු බෞද්ධ භික්‍ෂුවක වූ ගුනරතන ස්‌වාමිපාදයාණන්ගේ නායකත්වය යටතේ චීනයට බෞද්ධ දූත පිරිසක්‌ යෑවීය. පයින්ම යන දුත පිරිස චීනයට පා තබන්නේ වසර 11 කට පසුය. එහෙත් ඔවුන් එහි ගෙන ගියේ ථෙරවාදී ධර්ම පුස්‌තක නොව මහායාන පුස්‌කොල පොත් 240 ක්‌ බව දැන ගන්නට තිබේ. එහි තේරුම ථෙරවාදය මෙන්ම මහායානය ද එකල චෙන්ලා රාජ්‍යයේ තිබූ බවය. කෙසේ වුවද මේ දූත පිරිස රුදවර්මන් රජු වෙත වැඩවවීම සඳහා සම්බුද්ධ කේෂ ධාතුන් වහන්සේ නමක්‌ චීන අධිරාජ්‍යයාගෙන් ඉල්ලා ඇත. එම ධාතුන් වහන්සේගේ දිග අඩි 12 කි. කෙසේ වුවද පසු කාලයේදී චෙන්ලා රාජධානිය තුළ බුදු දහම පරිහානියට පත් විය. රට තුළ වූ මහායානය බලවත්ව රජවරුන් හා ජනයා අවලෝකිතේෂ්වර බෝධි සත්ත්ව රූපවලට නමස්‌කාර කළහ.

ක්‍රි. ව. 800 වන විට චෙන්ලා රාජධානිය මත වඩා විශාල අන්කෝර් නමැති රාජධානිය පහළ විය. එහි රජතුමා වූ 11 වන ජයවර්මන් තමා දෙව් රජකු බව ප්‍රකාශ කරමින් (එය ඛෙමර් සම්ප්‍රදායකි) අංකෝර් නමැති නගරය තැනවිය. අංකෝර් වට්‌ බෞද්ධ විහාරාරාම ස්‌මාරකය පවතින්නේ එම නගරයේ ය. මෙයට අමතරව ඔහු තවන් අග නගර තුනක්‌ සාදවා ඒවාට හරිහරලය, අමරේන්ද්‍රපුරය සහ මහේදුපර්වත යන නම් තැබීය. අමරේදුපුරය මහායාන නගරයක්‌ විය. එහි ප්‍රධානියා අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවකි. අමරේන්ද්‍රපුරයෙන් දලු ලා වැඩී මහ ගසක්‌ වූ මහායානය රට පුරා පැතිර යන්නට විය. ඒ වූ කලී හින්දු ආගමේ සෙවනැල්ල බුදු දහම මත වැටී තිබූ කාලයකි.

ක්‍රි. ව. 1000 න් පසු පළමුවන සූර්යවර්මන් ඛෙමර් රාජ්‍යයේ රජු බවට පත් වෙයි. ඔහුගේ මව ඛෙමර් කාන්තාවක වූ අතර පියා ඉන්දියාවේ සිරිවිජය නමැති දෙමළ - මැලේ මිශ්‍රණයක්‌ ඇති පරම්පරාවක කෙනෙකි. සූර්ය වර්මන්ගේ පියා එකල මැලේසියානු අර්ධද්වීපයේ පිහිටි තාම්‍රලිංගම් නමැති බෞද්ධ රාජ්‍යයේ රජ වී සිටියේය. ශිව හා රාම දෙවිවරුන්ට ගරු කළත් ඔහු බෞද්ධ රජෙක්‌ විය.

තමා රජ පරම්පරාවකට අයත් බැවින් සිය මවගේ ඛෙමර් මූලය ආයුධයක්‌ ලෙස පාවිච්චි කළ සූර්යවර්මන් කාම්බෝජ සිහසුන අත්පත් කරගත්තේ බලෙනි. මහායාන රජකු වූ නමුදු රටේ ඒ වන විටත් පැවැති හීනයාන හෙවත් ථෙරවාදි බුදු දහමට ඔහු විරුද්ධ වූයේ නැත. මේ රජුට ථෙරවාද බෞද්ධයන් වූ පුරෝහිතයෝ සිටියහ.

වසර 1180 න් පසු ඛෙමර් භූමියේ රජවන්නේ හත්වන ජයවර්මන් ය. මහායාන බෞද්ධයකු වුවද ඔහු එවකට එම භූමියේ පැවැති බුදු දහම වසාගෙන තිබූ හින්දු ලක්‍ෂණ ඉවන් කිරීමෙහි යෙදුණේය. පසු කාලයේදී ථෙරවාද බුදු දහමට මහත් සේ ඇළුම් කළ ඔහු ථෙරවාද සම්ප්‍රදාය යටතේ භික්‍ෂුවක බවට පත් කර උපසම්පදාව ලබනු පිණිස සිය පුත්‍රයා වූ තමිලින්ද ශ්‍රී ලංකාවට එවීය. මේ අනුව 13 වැනි සියවසෙන් පසු අද කාම්බෝජය ලෙස හැඳින්වෙන ඛෙමර් රාජධානියේ රාජ්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ථෙරවාදී බුදු දහමය. නිර්මල ථෙරවාදී බුදු දහම රැගෙන ඛෙමර් දේශයට යන තරුණ භික්‍ෂුව සිය පියාගේ අණ පරිදි එය ප්‍රචාරය කරන්නේය.

තමිලින්ද භික්‍ෂුව ධර්මය ඉගෙන ගන්නේ දේවානම්පියතිස්‌ස රජතුමා විසින් (ක්‍රි. පූ. 247 - 207) සංස්‌ථාපනය කරන ලද මහා විහාරයේදී ය. මෙය අනුරපුරයේ පිsහිටි අතර, ක්‍රි. ව. 930 දී 'විසුද්ධමග්ගය' නමැති බෞද්ධ න්‍යාය ග්‍රන්ථය ලියූ බුද්ධඝෝෂ හිමියෝ මහා විහාරයේ ප්‍රමුඛාචාර්යවරයෙක්‌ වූහ. මහා විහාරයේ ධර්ම සම්ප්‍රදාය විප්ලවීය වූද, අතිශය විනයානුකූල වූද, යථාර්ථවාදී සම්ප්‍රදායකි. 9 වැනි සහ 10 වැනි සියවස්‌වල මෙරට සිදු වූ චෝල ආක්‍රමණවලදී බුදු දහම ට එල්ල කෙරුණු ප්‍රහාර ඉතා බලගතු විය. එවිට බුරුමය, ලාඕසය, කාම්බෝජය යන පිටරටවල එම ථෙරවාදී බුදු දහම වැඩෙන්නට විය.

වසර 10 ක්‌ මහා විහාරයේ ගත කළ තමිලින්ද තෙරණුවෝ ආපසු කාම්බෝජයට පැමිණ ථෙරවාදී සසුන ප්‍රවර්ධනය කර කුල දරුවන් මහණ කරවා පසුව උපසම්පදා කළහ.

ඉපැරැණි ග්‍රන්ථයක්‌ වු ජිනකමාලෙයි කෘතිය ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වූ සම්බන්ධකම් ගැන පැහැදිලි විස්‌තරයක්‌ ගෙනෙයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1967 ක්‌ පිරුණු විට මහතනසිද්දි නමැති කාම්බෝජ භික්‍ෂුවගේ නායකත්වය යටතේ එරට භික්‍ෂුන් අට නමක්‌ ද තායිලන්තයේ නවිස්‌පුරයෙන් භික්‍ෂුන් 25 නමක්‌ ද ශ්‍රී ලංකාවට වැඩම කළහ. ඒ සිංහල භික්‍ෂුන් වහන්සේලා වෙතින් උපසම්පදාව ලබනු පිණිසය.