අශෝක අධිරාජයා | |
---|---|
මෞර්ය සමය | |
චක්‍රවර්තී රජෙක්(අශෝක රජු වියහැකි) 1වන සියවස BC/CE. ආන්‍ද්‍ර ප්‍රදේශය, අමරාවතී. Preserved at Musee Guimet
| |
රාජ්‍ය කාලය | බු.ව. 273-232 |
ඔටුනු පැලඳීම | බු.ව. 270 |
සම්පූර්ණ නම | Ashoka Bindusara Maurya |
පදවි නාම | Samrat. Other titles include Devanampriya Priyadarsi, Dhammarakhit, Dharmarajika, Dhammarajika, Dhammaradnya, Chakravartin, Samrat, Radnyashreshtha, Magadhrajshretha, Magadharajan, Bhupatin, Mauryaraja, Aryashok, Dharmashok, Dhammashok, Asokvadhhan , Ashokavardhan, Prajapita,Dhammanayak, Dharmanayak |
අවසන් කටයුතු | Ashes immersed in GangesRiver, possibly in Varanasi,Cremated 232 BC, less than 24 hours after death |
පූර්වප්‍රාප්තිකයා | බින්දුසාර |
අනුප්‍රපාප්තිකයා | Dasaratha Maurya |
රැජන | Maharani Devi |
භාර්යාවන් | Rani Tishyaraksha Rani Padmavati Rani Kaurwaki |
රාජකීය දරුවෝ | මහේන්ද්‍ර, සංඟමිත්තා,Teevala, Kunala |
රාජ වංශය | Mauryan dynasty |
පියා | බින්දුසාර |
මව | Rani Dharma or Shubhadrangi |
ආගම | බෞද්ධ, හින්දු |
අශෝක අධිරාජ්‍යයා කි.පු 304 - 232 ඉන්දියාවේ සිටි මෞර්ය පෙළපතට අයත් අධිරාජයෙකි. බොහෝ විට ඔහුව හඳුන්වනු ලබන්නේ ඉන්දියාවේ අති ශ්‍රේෂ්ඨ රජවරුන්ගෙන් කෙනෙකු ලෙසයි. යුද්ධ ජයග්‍රහණයන් කීපයකින් පසු අශෝක අධිරාජයා වර්තමාන ඉන්දියානු භූමියෙන් වැඩි ප්‍රදේශයක් පාලනය කළේය. ඔහුගේ අධිරාජ්‍යය බටහිරින් වර්තමාන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ පර්සියාවේ කොටසක් දක්වාද නැගෙනහිරින් වර්තමාන බෙංගාලය ඇසෑම් ආදී ඉන්දීය ප්‍රාන්ත දක්වාද දකුණින් මයිසූර් ප්‍රාන්තය දක්වාද විහිදුනේය. ඔහුගේ රාජ්‍ය පාලනයේ මධ්යස්ථානය වූයේ මගධ දේශයයි.(වර්තමානයේ බිහාර් ප්‍රාන්තයයි) දිග් විජය කිරීමේ කැමැත්තෙන් පෙළුණු අශෝක රජතුමා කාලිංග දේශය සමග කරන ලද සටනේදී සිදු වූ මහා මනුෂ්‍ය සංහාරය සියැසින්ම දුටුවේය. ඉන් කල කිරීමට පත් වූ ඔහු එවකට පැවති වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේය. ඉන් පසු බුද්ධාගම ආසියාව පුරා පතළ කිරීමට ඔහු කැපවූයේය. බුදුන් වහන්සේගේ ජීවිතයට අදාල වැදගත් ස්ථාන වල ස්මාරක පිහිටුවීය. ඔහුගේ නම අශෝකා යන්නෙහි තේරුම ශෝකයෙන් තොර වූ තැනැත්තා යන්නයි. ඔහුගේ ආඥාවන්හි ඔහු සඳහන් වන්නේ "දේවානම්ප්‍රිය ප්‍රියදර්ශි" නොහොන් දෙවියන්ට ප්‍රිය වූ සහ සැවොම දැකීමට කැමති තැනැත්තා වශයෙනි. විද්‍යා ප්‍රබන්ධ ලේඛක H.G.වේල්ස් අශෝක ගැන කියන්නේ මෙලෙසිනි. :"ඉතිහාසය තුල දහස් ගණනක් රජවරු සහ අධිරාජයෝ සිටියහ. ඔව්හු 'අති ශ්‍රේෂ්ඨ' "නෛකශ්රීන් විරාජමාන" "උත්කෘෂ්ඨ" යනාදි උපාධානයන්ගෙන් තමන්ම හඳුන්වා ගත්හ. ඔවුන් බැබලුනේ සුලු කාලයක් පමනි. සුලු කලෙකින් මතකයෙන් ගිලිහි ගියේය. එහෙත් අශෝක රජතුමා බැබැලුනේය. නොනවත්වා බැබලුනේය. දීප්තිමත් තරුවක් මෙන් අද දක්වා බබලන්නේය"
ඔහුගේම අඥාවන් සහිත ලියවිලි සමග ඔහුගේ පුරාවෘත්තය දෙවැනි සියවසේ 'අශෝකාවදාන' සහ 'දිව්‍යාවදාන' මෙන්ම සිංහල වංශකථාවක් වූ මහාවංශයේද විස්තරව ඇත. ඔහුගේ අධිරාජ්‍යය තුල තිබී කැණීමකදි මතු වූ සලකුණක් අද ඉන්දියාවේ රාජ්‍ය සංකේතය ලෙස භාවිතා වේ.*col.
තුන්වන ධර්ම සංඝායනාව (ක්‍රි.පූ. 250)[සංස්කරණය]
අශෝක රජතුමා ක්‍රි.පූ. 250 දී පාටලී පුත්‍ර නගරයේ දී (වර්තමානයේ පැට්නා ) තුන්වන ධර්ම සංගායනාව පැවැත්වීමට අනුග්‍රහය දැක්වීය. එය මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහි අරමුණු වුයේ රාජකීය අනුග්‍රහය නිසා ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් බුදු සසුනට එක්වූ අන්‍ය ආගමිකයන් සසුනෙන් පිට කර සංඝ ශාසනය සංශෝධනය කිරීමයි. තුන්වැනි ධර්ම සංඝායනාවෙන් අනතුරුව බෞද්ධ ධර්ම දූතයෝ දහම ප්‍රචාරය කිරීම සඳහා ලෝකය පුරා ගමන් කළහ.
චන්ද්‍රගුප්ත රජතුමාගේ මුණුබුරෙකු වූ අශෝක අධිරාජ්‍යා, ඉතිහාසඥයන්ගේ මතයට අනුව ඉන්දියාවේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නරපතියෙකු විය. දක්ෂ රණකාමියෙකු වූ හෙතෙම තම අධිරාජ්‍යය පුළුල් කර ගැනීමට දකුණු හා බටහිර ඉන්දියාව සිය බල පරාක්‍රමය පැතිරවීමට කටයුතු කළේය. නමුත් කාලිංග දේශය යටත් කරගැනීමට සිදුකළ සටනින් සිදුවුන මහා මනුෂ්‍ය සංහාරයෙන් පසුව ඔහුගේ ජීවිතයේ මහත් පෙරළියක් සිදුවිය. සිදුවූ විනාශයන් පිළිබඳ මහත් කණස්සල්ලට පත්වූ හෙතෙම බුදු දහම වැළද ගත්තේය.
ඉන්පසුව වඩාත් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ එතුමා දඩයම වැනි හිංසාවාදී ක්‍රියා තහනම් කළේය. අසල්වැසි රාජ්‍යයන් සමඟ වඩාත් මිත්‍රශීලීව කටයුතු කිරීමටද පෙළඹිණි. තමා වැළඳ ගත් බුදුදහම එම රාජ්‍යයන් වලද ප්‍රචාරය කිරීමට අශෝක අධිරාජ්‍යය මහත් කැපවීමෙන් කටයුතු කළ බවටද පුරාවෘත්තයන්හි සඳහන් වේ
අශෝක අධිරාජයා අනුග්‍රාහය දැක්වු ධර්මදූත චාරිකා
තුන් වැනි ධර්ම සංගායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළේ අශෝක රජතුමා ය. ථේරවාදී බෞද්ධ තොරතුරු වලට අනුව අශෝක රජතුමා ස්ථවිරවාද නොහොත් ථෙරවාදී ශාඛාවක් වූ විභජ්ජවාදීන්ට සහයෝගය දක්වා ඇත. එහෙත් ඉතිහාසඥයින් පවසන්නේ සත්‍ය සිදු වීමේ පැහැදිළි තත්වය එය නොවන බවයි. ඒ මන්ද කියතොත් සංගායනාව කැඳවන ලද්දේ පාඨලීපුත්‍ර යෙහි සිටි සංඝයා අතරින් බෞද්ධ නොවන අය පලවා හැරීම පිණිස වන බැවිනි. මෙම සංඝායනාවෙන් පසු අශෝක රජතුමා බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා භික්ෂූන් වහන්සේලා විදේශ රටවල් කරා යවන ලදි. මහා වංශයේ xii පරිච්ඡේදයේ සඳහන් වන පරිදි පහත සඳහන් වන්නේ එසේ ධර්මදූත සේවය ව්‍යාප්ත කළ රටවල් පිළිබඳ ලේඛණයකි.
රටේ නම | ධර්මදූත කණ්ඩායමේ නායකයා |
කාශ්මීර - ගාන්ධාර | මජ්ඣන්තික |
මහීසමණ්ඩල (මයිසූර්) | මහාදේව |
බනවාසී (කර්නාටක) | රක්ඛිත |
අපරන්තක (කොන්කන්) | යෝන ධම්මරක්ඛිත |
මහාරට්ඨ (මහාරාෂට්‍ර) | මහා ධම්මරක්ඛිත |
යෝනක දේශය (බැක්ට්‍රියා/සෙලෙයුසිඩ් අධිරාජ්‍යය) | මහා රක්ඛිත |
හිමවන්ත (නේපාලය) | මජ්ඣිම |
සුවන්නභූමි (තායිලන්තය/මියැන්මාර්) | සෝන සහ උත්තර |
ලංකාදීප (ශ්‍රී ලංකාව) | මහා මහින්ද (අශෝක රජුගේ පුතා) |
අශෝක රජතුමා එතුමාගේ 13 වැනි ආඥාවෙන් “යෝන දේශය” ගැන විශේෂයෙන් පැහැදිළි කරන්නේ එම කාලයේ බොහෝ හෙලනිස්තික් (ග්‍රීක) පාලන ප්‍රදේශවලට බුදු දහම ලැබී තිබුනු බවකි. ඒ අනුව පුරාණ ග්‍රීසියට හා ඊජිප්තුවට බුදුදහම හඳුන්වා දුන්නේ අශෝක රජතුමාය. ඉහත කී ආඥාවේම බුදු දහම ලැබුනු අනෙක් ප්‍රදේශ ලෙස “චෝල” සහ පාණ්ඩ්‍ය” දේශ සඳහන් වේ. පහත සඳහන් රටවල් සහ පාලකයින් ධර්ම විජයග්‍රහණයට නතු වූ රටවල් ලෙස එකී 13 වැනි ආඥාවේම සඳහන් වේ.
රටේ පාලකයා | අධිරාජ්‍යයේ නම |
ඇන්ටියෝකස් ii තියොස් | සෙලෙයුසිඩ් අධිරාජ්‍යය (වර්තමාන මධ්‍යම ආසියාව) |
දෙවෙනි ටොලමි ෆිලඩෙල්ෆස් | ටොලමි ඊජිප්තුව |
ඇන්ටිගොනස් ගොනස්ටා | මැසිඩෝනියාව |
සයිරින් හි මාගාස් | සයිරන් (වර්තමාන ලිබියාව) |
ඉපිරස්හි දෙවැනි ඇලෙක්සැන්ඩර් | ඉපිරස් (වර්තමාන ග්‍රීසිය සහ ඇල්බේනියාව) |
චෝල දේශය | |
පාණ්ඩ්‍ය දේශය |
බෞද්ධ පුරා විද්‍යාත්මක නටඹුන් බොහොමයක් තිබෙන මාලදිවයින වැනි රටවල් ගැන අශෝක රජුගේ ලේඛනවල සඳහන් නොවන නමුදු මෙම රටවල් වලින් (ශ්‍රී ලංකාව තායිලන්තය වැනි) කිහිපයකට අශෝක ධර්මදුත සේවාව ලැබුණු බව පෙනී යයි. එම රටවල් ධර්මදූත චාරිකාවේ සාර්ථකත්වය සහ ඓතිහාසික සැබෑ තත්වයට විශ්වාසනීය සාක්ෂි සපයයි. පුදුමයකට කාරණයක් නම් මේ පිලිබඳ බටහිරින් තොරතුරු සොයා ගැනීමට නොමැති වීමයි.
No comments:
Post a Comment