Showing posts with label බෞද්ධ දර්ශනය. Show all posts
Showing posts with label බෞද්ධ දර්ශනය. Show all posts

Sunday, June 7, 2015

අපායේ උපතක්‌

අපායේ උපතක්‌
ප්‍රාණ ඝාතය කරමින් හරකුන් මරණ ලද මිනිසෙක්‌ මරණින් පසු එම කර්ම විපාකය ගෙවන දර්ශනයක්‌ මෙහි සටහන් කරමි.
මෙය නිරයේ දර්ශනයකි. හැබැයි එහි ගිනි දළු නොවීය. තිබුණේ අඩි 10 ක පමණ උස කොටයකි. එහි හරකෙක්‌ දිගේලි කොට බැඳ තිබිණි. ක්‍ෂණයකින් හරකා දිගේලිකර බැඳ තිබුණු කොටයේ මුදුනත නිරිසතෙක්‌ ප්‍රතිසන්ධිය ලැබීය. එම නිරිසතාව භික්‍ෂුව සමාධියේදී දුටුවේ මිනිසකුගේ රූපකාය සහිතවය. නිරිසතාගේ ඕලාරික කය භික්‍ෂුවට ඝන ස්‌වරූපයෙන් දර්ශනය විය.
විපාකය විඳීම පිණිස නිරයේ එම කොටයේ මුහුණත බදාගෙන සතුටින් එම සතා පහළ වූ සැනින්, හරකා දෙස බලන එම නිරිසතා සතුටු සිනා පහළ කරනවා. මන්ද ඒ මොහොතේ හරකා සැපක්‌ හැටියටයි නිරිසතා දකින්නේ. එහෙත් නිමේෂයකින් කොටයේ බැඳ තිබූ හරකා තියුණු උල් සහිත ත්‍රිශූලයක්‌ වැනි කැපෙන ආයුධ දෙකක්‌ අත් දෙකේ ඇති යෝධ යමපල්ලෙක්‌ බවට පත්විය. හරකා ඉදිරි ගාත් දෙක ඔසවා යම පල්ලෙක්‌ බවට පත්වෙද්දී නිරිසතා මරහඬින් කෑගසයි. තියුණු ආයුධ දෙකින් කොටයේ මුදුනත එල්ලී සිටින නිරිසතා දැඩි ලෙස ඇනුම් කයි. නිරිසතා බිමට පැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. මන්ද නිරිසතා කනුවේ ඇලී තිබුණු ස්‌වභාවයක්‌ භික්‍ෂුවට දර්ශනය විය. යමපල්ලා අත තිබූ ආයුධ දෙකින් ඇනීම නිසා ලෝකයේ සත්වයෙකුට විඳිය හැකි දරුණුම වේදනාව විඳිමින් නිරිසතා ලතෝනි දෙනවිට තවත් යම පල්ලන් දෙදෙනෙක්‌ ආරක්‍ෂකයන් සේ ඊට නුදුරින් බලාසිටියේය. යමපල්ලාගේ ස්‌වභාවය අඩි 7 ක්‌ පමණ උසැති කළු පැහැති කාපිරි මිනිසෙක්‌ සේ තොල්, ඇස්‌ ලොකු රෞද්‍ර, උඩුකය නිරාවරණය වී ඇති, රෙදි කඩක්‌ දනහිස තෙක්‌ දැරූ අයෙකි. එම නිරයේ දර්ශනය එතැකින් නිමා වුවද, භික්‍ෂුව සිතන්නේ මෙම නිරිසතා වේදනාවෙන් මියගොස්‌ නැවතත් එම කොටයේම ඉපැදෙමින්, නැවත නැවතත් එම විපාකයම කල්ප ගණනාවක්‌ විඳින බවයි.
නිරිසතා කොටය මත පහළවී එහි බැඳ තිබූ හරකා දකිද්දී නිරිසතා සතුටට පත්විය. ඒ මොහොතේම කර්මය විපාක දීම ඇරඹේ. මනුෂ්‍ය ලෝකයේ හරකෙක්‌ මරන්නේ යම් සේද, ආයුධ උපයෝගී කරගෙන එම ආයුධ වලින්ම හරකාට අනිමින්, කපමින් ඌව මස්‌ කරන්නේ යම් සේද, එම නිරිසතාවද හරක්‌ වේශයෙන් පෙනීසිටි යමපල්ලා විසින් ආයුධ දෙකින් ඇන මරා දමනු ලබයි. මෙසේ කල්ප ගණනාවක්‌ නැවත ඉපැදෙමින්, නැවත මැරුම් කයි. කර්ම විපාකය ගෙවෙන තෙක්‌ දුක බරපතළය. මෙහිදී නිරි සතා විඳින වේදනාව නිසා ඇතිවන සිත් වෛරය, ක්‍රෝධය, ගැටීම පදනම් කරගත් ඒවාය. එහෙයින් නිරයේ දුක තව තවත් වැඩිවෙමින් දුකෙන් දුකටම ඇදී යයි.
සතුන් වේදනාත්මකව මරා දමන, සතුනට දුක්‌ දෙන ඔබත්, මේ ක්‍රියාවන් කිරීමට පෙර මොහොතක්‌ සිතන්න. ඔබ අනුනට දෙන දුක කෲර වද හිංසා පොලියත් සමඟම ඔබට ලැබේවි. ලෝක ධර්මය එතරම්ම සාධාරණය. ඔබ කැමති කළ දෙය, ඔබ ආසා කළ දෙය ඔබට ලබාදෙයි. මනුෂ්‍ය ලෝකයේ සිටියදී තමා කැමති කළේ, තමන් උදෙසා හෝ අනුන් උදෙසා හරක්‌ මැරීමටයි. මෙය ඔබට විනෝදයක්‌, සතුටක්‌ වූවාටද සැක නැත. ඔහු නිරයේ නිරිසතෙක්‌ ලෙස ගවයා බැඳ සිටි කණුවේ මුදුනත පහළවන මොහොතේ, කණුවේ බැඳ සිටි ගවයා දැක සතුටට පත්වෙන්නේ, පෙර ආත්මයේ තමා කැමැති කළ මතක සංඥා නිසාය. ඒ නිමේෂයේදී නිරිසතා ලබන සතුට කර්ම විපාකයට පෙර මතකය අවධිකිරීමක්‌ වැනිය.
ප්‍රාණඝාතයට සිත ඇතිවන මොහොතේම එම සිත අනිත්‍ය වශයෙන් දකින්න. එවැනි සිත් සංසාරයේ ඔබට මහා දුක්‌ කන්දරාවක්‌ උරුම කොට දුන් බව දකින්න. උතුම් මනුෂ්‍යයෙක්‌ ලෙස ඉපිද, ප්‍රේත ලෝකයට, නිරයට යැමට ලැඡ්ජාව බය ඇතිකරගන්න. නිතර මෙම කර්ම විපාකයන් මනසින් අත්දකින්න. අප්‍රමාදීව ක්‍රියාත්මක වෙන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ

Thursday, June 4, 2015

බටහිර ලොවට සතිපට්ඨානය ඕනෑ වෙයි



“දුන්නිග්ගහස්ස ලහුනො
යත්ථකාම නිපාතිනො
චිත්තස්ස දමථො සාධු
චිත්තං දන්තං සුඛාවහං”

“සිත අල්ලා තබාගැනීම අපහසුය. සිත ඉතා ශීඝ්‍රවේග සහිතයි. සිත, කැමති, කැමති අරමුණකට යන්නේය. සිත දමනයකොට ගැනීම යහපත්ය. සිත සන්සුන්කොට ගත් තැනැත්තා සුවය ලබන්නේය. ධම්මපදයේ චිත්ත වග්ගය.
සියවස් විසිදෙකකටත් අධික කාල පරිච්ඡේදයක් මුළුල්ලේ, ශ්‍රී ලංකාව, බුදු දහම ඉතා ගැඹුරින් දැන සිටියේ ය. අපගේ උදාරතර මාතෘභූමිය වන, මේ පරිශුද්ධ ලක් දෙරණෙහි වාසය කළ සැදැහැවත්තු, මෙයට අවුරුදු දෙදහස් එකසිය පනහකට පමණ පෙර, බුද්ධ වචනය ග්‍රන්ථාරූඪ කොට තැබූහ.
මාතලේ ආලෝක විහාරයේ දී, එතෙක් කට පාඩමින් පැවත ආ ත්‍රිපිටක ධර්මය ලේඛන ගත කෙරිනි. එසේ ලියා තබන ලද පුස්කොළ පොත් ප්‍රමාණය අලි නවදෙනෙකු තරම් උස් වූයේ යැයි, වාර්තා ගත වෙයි. මෙසේ අපි, සියවස් ගණනක් මුළුල්ලේ බුද්ධ ධර්මය රැකගෙන එන්නෙමු. අපේ ගිහි පැවිදි බොහෝ දෙනා ඒ සනාතන දහමේ බෙලෙන්, උසස් මාර්ග ඵලවලට ද එළඹෙති.
එහෙත්, අද බටහිර ලෝකයේ පෘථුල ජන ප්‍රවාහයක් විසින්, අමා මෑණියන්ගේ දහමෙහි හරය, තමන්ගේ එදිනෙදා දිවිපෙවෙත සරුසාර කොටගෙන ආධ්‍යාත්මික ප්‍රගතියක් ලබාගනිමින් බුදුදහමේ ආරක්ෂකයන් වූ අපට පවා මා හැඟි ආදර්ශ හා මාර්ගෝපදේශ සපයන්නට පටන්ගෙන සිටිති. මේ මහා සද්ධර්ම පුනර්ජීවනය, අද බහුල වශයෙන් ප්‍රකාශයට පත්වන්නේ, ලෞකික හා භෞතික චර්යාවලින් ඉතා උස් කූටයකට නැඟ සිටින රාජ්‍යයක් වශයෙන්, ලොව සුපතළව සිටින ඇමෙරිකා එක්සත් ජනපද මහා රාජ්‍යයේයි. මේ දේශයේ ජනතාව, මනස සන්සුන් කොට ගැනීම සඳහා සති පට්ඨානය පුරුදු කරති. ඒ හා ආශ්‍ර භාවනා ක්‍රම ආදියේත් යෙදෙති. තාක්ෂණික වශයෙන් සහ සුඛෝපභෝගී ජීවන ක්‍රම පරිහරණය කිරීම් වශයෙනුත් අද ලොව අග්‍රගණ්‍ය දේශවලින් මුල් පෙළේ සිටින රාජ්‍යයක් හැටියට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි අද ව්‍යාප්තව තිබෙන ආධ්‍යාත්මික විප්ලවය, බොහෝ දෙනාට විස්මය දනවන සුළු සිද්ධි දාමයකි. ඒ මහා රාජ්‍යය, ප්‍රාන්ත පනහකින් තැනී තිබේ. අද ජනපද සියල්ලේම සතිපට්ඨාන ඇබ්බැහිය පවතී. එපමණක් නොවේ අලුත්ම වාර්තාවලට අනුව, බටහිර රාජ්‍ය තිහක පමණක් දැනට මේ සතිපට්ඨාන ශික්ෂණය ක්‍රමය පවත්නේ ය. මේ ප්‍රබල ආත්ම ශික්ෂණ විප්ලවයේ තතු සොයන්නට පෙර, මේසා විශාල ජන සංඛ්‍යාවක් සතිපට්ඨානය සොයා යෑමට තුඩුදුන් බලවේග කවරේද කියාත් අප විසින් සළකා බැලිය යුතු වෙයි.
මෙයට ප්‍රධාන හේතුව නම් ඒ ඉසුරුමත් රාජ්‍ය බොහොමයක වෙසෙන, ජනතාවගේ අභ්‍යන්තර තත්ත්වයයි. ඔවුන්ට යාන, වාහන, මිල, මුදල් උච්චතම කායික සුඛ විහරණ, ආදිය නො අඩුව තිබෙන්නේ විය හැකිය. එහෙත් ඔවුනතුරින් බොහෝ දෙනෙකුගේ මනස දැඩි ආතතියක ග්‍රහණයට අසුවී ඇත්තේ ය.
ඔවුන්ගේ සිත් සතන්වල සැනසීමක්, මතිමාත්‍ර වශයෙන් හෝ දැකිය හැකි නොවේ. ඔවුන් අධි වෙහෙසින්, හැඩ ගස්වා ගනු ලබන බාහිරාටෝපයෙන් දිදුලන, සරුව පිත්තල ලෝකයෙහි, අරුතක් ඔවුන්ට දැනෙන්නේ නොවේ. ඒ අයගේ ජීවිත භාජනවල හිස්බව, ඔවුන්ගේ ආතතිය තවතවත් තීව්‍ර කරන්නේ ය.
මෙවැනි ජීවන පීඩනයකින් මිදෙන්නට මං පෙත් සොයන මහා ජනකාය උදෙසා, අපරදිග උගතුන් කිහිපදෙනෙක්, සතිපට්ඨාන ශික්ෂණයක් නිර්මාණය කොට ගත්හ.
ඒ උගතුන් විසින් නිර්මිත, නවීන සතිපට්ඨාන ක්‍රමය නම් කෙරෙන්නේ, සිහිය පිහිටුවා ගැනීම පදනම්කොට, ගත් ආතති ප්‍රහීණ කිරීමේ චිකිත්සාව“වශයෙනි. එය ඉංගිරිසියෙන් නම් කෙරෙන්නේ. “මයින්ඩ්ෆුල්නස් බේස්ඩ් ස්ට්‍රෙස් රිඩක්ෂන්” යන යෙදුමෙනි. මේ නවීන සතිපට්ඨාන ආචාර්යවරුන්ගේ ආත්මාභ්‍යාස විධි, ඇතැම්විට, තරමක් සිනාවට සුදුසු යැයි යමෙකුට පෙනෙනු ඇත. කායික මානසික නිරෝගීතාවයක් හා ආධ්‍යාත්මික සුවයක් ගෙන එන රහස් මන්ත්‍රය එය බොහෝ දෙනා අවබෝධ කොටගෙන සිටිති. තමන්ට, ඒ මඟින් ලද හැකි වූ සහනය, කිසිසේත් මායාවක් නොව, ඉතාම පැහැදිලි ආධ්‍යාත්මික සන්සුන්බවක් හැටියට, මේ පාඨමාලාවට සහභාගී වූ බොහෝ දෙන පෞද්ගලිකවම අවබෝධකොටගෙන සිටිති.
බටහිර ලෝකයට මේ නවීන සතිපට්ඨාන ක්‍රමය ගෙන ආ අලුත්ම “සෘෂිවරයා” නම් මැසචුසෙස්ට් තාක්ෂණික ආයතනයේ විද්වතෙකු වූ “යොන් කබාට් සින්” බුදුහිමියන් මෙයට, අවුරුදු 2600 කට පෙර වදාරන ලද දහමක හරය, ඔහු සිය ශ්‍රාවකයන්ට පාඨමාලාවක් වශයෙන් පුහුණු කරන්නේය.
ආතතියෙන් පෙළෙන බොහෝ නවීනයන්ට මූණ පාන්නට සිදුවන අධි පීඩක අර්බුදය නම්, මේ මොහොතේ ඉටුකළ යුතු දෙය කෙරෙහි පූර්ණ චිත්තාවධානය යොමුකළ හැකි නොවීමයි. මේ නූතන සතිපට්ඨාන පාඨමාලාවේ මූලික අභිප්‍රාය වන්නේ, ශ්‍රාවකයාට සිය මනස සන්සුන් කොට ගන්නට න්‍යායයක් සම්පාදනය කොට දීමයි. අතීතයේ සිදුවූ දේ පිළිබඳව හෝ මත්තේ සිදුවිය හැකි දේ ගැන හෝ එතරම් සිත යොමුකොටගෙන මේ එළඹි මොහොත නාස්ති නොකොට දමන්නේ නැතිව මෙම මොහොත ගැන පූර්ණ චිත්ත අවධානය සහමුලින්ම යොමු කිරීමට ශ්‍රාවකයා පුහුණු කරනු ලැබේ. මෙය බුදුහිමියන් විසින් සතිපට්ඨානය ගැන එදා වදාළ සනාතන දහමේ, වර්තමාන ස්වරූපයක් වැනියි.
බුදු හිමියෝ එදා මෙසේ දෙසූහ.
“අතීතං නානු කපපන්නි,
නප්ප ජප්පමනාගතං
පච්චුප්පන්නේන යාපෙන්ති
පස වණෙණා පසීදති”

බුදුහිමියන් ධර්මය වදාළේ, බුද්ධ ශ්‍රාවකයන්ගේ මනසෙහි පහන් බව පිළිබඳ රහස විමසූ කෙනෙකුට පිළිතුරු වශයෙනි. බුදුහිමියන්ගේ පිළිතුරේ අරුත මෙසේය. “ඔවුහු (බුද්ධ ශ්‍රාවකයෝ) අතීතය ගැන තැවෙන්නෝ නොවෙති. ඔවුහු අනාගතය ගැන පුන පුනා ජප කරමින් සිටින්මෝත් නොවන්නාහ. ඔවුහු වර්තමානයෙහි මේ එළඹි මොහොතෙහි වෙසෙති. ඒ නිසා ඔවුන්ගේ මනස, ඡවි වර්ණය පැහැදිලිය. මේ සතිපට්ඨාන ක්‍රමය, බටහිර ලෝකයේ උසස් බුද්ධිමතුන්, ඉසුරුමත් ධනවතුන්, අති සාර්ථක ව්‍යාපාරිකයන් ආදීන් අතර, අද මුල්බැසගෙන තිබෙන්නේ, මෙය මෙතෙක් බටහිර ලෝකයා දුටු සාමාන්‍ය භාවනාක්‍රමයෙන් ඔබ්බට යන හෙයිනි. මේ මොහොතේ එළඹි ඉතා සුළු දෙයක් ගැන හෝ පූර්ණ අවධානය යොමු කරන්නට පුහුණුවීම, නවීන ලෝකයේ, පවත්නා අසීමිත ආරමිමණ වලින් ඒ මේ අත ඇදි ඇදී ගොස්, තමන්ගේ ජීවිතය නිෂ්ඵල කොට ගැනීමෙන් වැළකීමට ආධ්‍යාත්මය පුරුදු කරන මා හැඟි චිකිත්සා ක්‍රමයි. එළඹි සිහියෙන් සක්මන් කිරීම, සිහිය පිහිටුවාගෙන යම් යම් ක්‍රියාවන්හි යෙදීම ආදී අභ්‍යාස, මේ ආධ්‍යාත්මික ශික්ෂණයට අයත්ය. ඒ සියල්ලම, බුදුහිමියන්ගේ සතිපට්ඨාන ක්‍රමයෙහි ආගත ක්‍රම හා විධිය.
මේ නවීන සතිපට්ඨාන ක්‍රමය උගන්වන විද්වත්තු මෙය බුදුහිමියන්ගේ ධර්මයෙහි ඇතුළත් බව දනිති. එහෙත්, ඒ ගැන ඔවුන් සඳහන් නොකරන්නේ, නිගරුවකින් නොව, එවැනි දෙයකින් වුවද, මනසෙහි අවධානය බිඳි යා හැකි හෙයිනි.
බුදු හිමියන් විසින් සතිපට්ඨාන ක්‍රියාදාමයේ දී අනුදක්නාලද මූලික අභ්‍යාස ක්‍රමයක්වන ආනාපාන සති භාවනාවද, මේ නවීන “සෘෂිවරුන්” විසින් ඉතා පෘථුල වශයෙන් අනුමත කෙරේ. මේ නවීන සතිපට්ඨාන ක්‍රමය, ඉතා ප්‍රබල ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ ය. ඒ පිළිබඳව ලියැවුණු පොත් පත් සමූහය අතිශයින්ම බහුලය.
අද ලොව මහා ව්‍යාපාරය විසින්ද මේ නවීන සතිපට්ඨාන ක්‍රමය සඳහා පෘථුල සහයෝගයක් සැපයෙන්නේ ය. අමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ උභය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු පවා මේ ශික්ෂණය කෙරේ අද ප්‍රබල උනන්දුවක් දක්වති. ටිම්රයන් නමැති ඒ උභය මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයා, මේ සතිපට්ඨාන ක්‍රමය කොපමණ අගේ කළේ ද කිවහොත්, ඔහු, මේ සතිපට්ඨාන ක්‍රමය රටේ විද්‍යායතනයන්ටද ලබාදිය යුතුයැයි යෝජනා කළේ ය. මේ මන්ත්‍රිවරයා, මෙම සතිපට්ඨාන ක්‍රමයට කොපමණ ඇබ්බැහි වූයේද කිවහොත්, ඔහු වරක් පැය තිස්හයක් මුළුල්ලේ නිහඬතාවය රැකගෙන, වචනයකුදු නොතපලා සිටියේ ය. ඔහුගෙ ආධ්‍යාත්මික ශික්ෂණය පිළිබඳ ග්‍රන්ථයක්ද කළේ ය. “එළඹ සිටි සිහියෙන් යුත් ජාතියක්” (මයින්ඩ්ෆුල් නේෂන් ) නමැති ඒ ග්‍රන්ථය, ඔහුගේ ගැඹුරු කැපවීම පිළිබඳව විශිෂ්ට නිදර්ශනයකි. සන්නද්ධ හමුදාවනටත් මේ සතිපට්ඨාන ක්‍රමය පුහුණු කරන්නට පුරෝගාමීහු පියවර ගෙන සිටිති. ශ්‍රී ලංකාව වැනි පෞරාණික සතිපට්ඨාන රාජ්‍යයක, අද යුගයේ දී, මේ ප්‍රායෝගික සන්සුන් සිත පිහිටුවාලනු පිණිස, විද්‍යාලයන්ටත් මේ සතිපට්ඨාන ක්‍රමය යොමුකළ යුතු වන්නේ ය. මේ රටේ බොහෝ දෙනා, අපට අයත් මහා ධන නිධානවල ශ්‍රේෂ්ඨත්වය අවබෝධකොට ගන්නේ විදේශිකයන් ඒවායේ අගය, ඇති සැටියෙන් දැක, ඉන් උච්චතම සෙත ලබාගන්නට පටන් ගත් විටයි.
 

  බක්මස අමාවක පෝය
බක්මස අමාවක පෝය අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදා පූර්වභාග 3.37 ට ලබයි. 19 වැනිදා ඉරිදා පූර්වභාග 0.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් මස 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 25 වැනිදා සෙනසුරාදාය.

 

පොහෝ දින දර්ශනය
Full Moonඅමාවක
අපේ‍්‍රල් 18
First Quarterපුර අටවක
මාර්තු 27
Full Moonපසෙලාස්වක
මැයි 03
Second Quarterඅව අටවක
මැයි 11

Monday, October 27, 2014

පින

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති
සුබුද්ධික සුපින්වත,
මේ වස් කාලය යි. වස්කාලය යනු ගිහි, පැවිදි දෙපක්ෂයම පින් රැස්කර ගන්නා අවධියයි. දුරු රට බොහෝ කලක් විසූ අයකු තම රටට ආ විට ඤාතීහු, මිත්‍රයෝ ,සුහදයෝ ඉදිරියට ගොස් සිප වැළඳ පිළිගනිත් ද, පි‍්‍රය බස් කියත් ද, සතුටු වෙත් ද එසේම පුද්ගලයා පරලොව යද්දි පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඤාතියා වෙයි.හිතැති මිතුරායි, යහපත් වූ සුහදයා යි. පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යන තෑගි, සම්පත් නමැති අතෙහි දරා පිළිගන්නේ පිනයි.
ජීවිතය ඉපදීම හා මරණය උරුම කොට ඇත. සසර සැරිසරනා සියලු සත්වයෝ උපදිති; මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස් කරති. රැස් කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොටගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාදය වේ. කළණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කළණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායෑම වේ. එය සතුටයි. ‘චිත්තං පුණාතීති පුඤ්ඤං’ සිත පිනා යෑම පිනයි.’හදයං පුණාතීති පුඤ්ඤං’ හදවත පිනා යෑම පිනයි.
බණ නම් නිබොරුය මුනිවර යින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුයි. නිතර නිතර පින් කළ යුතුයි. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය, ඇති කර ගත යුතුයි.පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.
පෙරභවයන් හි රැස් කළ පින් මේ භවයේ දී පරිභෝජනයට ගනියි.මේ භවයේ රැස්කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදි අප අත නොහරින අපේ සෙවනැල්ල සේ සිටින්නේ පිනයි.
විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්තුව, පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනැවින් කියා පායි. බරණැස ඉසිපතනය අසල නන්දික නම් තරුණයෙක් වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන කෙරෙහි ප්‍රසන්නයි. පන්සල අමදියි. භික්ෂූන්ට උපස්ථාන කරයි. දන් දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මවුපියන්ට ඇප උපස්ථාන කරයි. ඔහුගේ ඇවැස්ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස් ඇත්ති ය.ඇවැස්ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියා ය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද යහපත්ව කටයුතු කරයි.මෙසේ වෙනස් වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි.ඕ ද එය පිළිගෙන ඉටු කරයි. මවුපියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය.රේවති ය එම නිවෙසෙහි ගෘහණිය විය. දරු දෙදෙනකුද ලැබීය.
නන්දික ඉසිපතනාරාමයට ගබඩා සතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්ටු සතරක සංඝාවාසයක් ඉදිකොට පිදීය. මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක් පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක් එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියකු නැති දෙවඟණන් පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල, තවමත් මිනිස් ලොව වසන, සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක් වී ය.මෙය මුගලන් හිමි පිරිස් මැද දී බුදුන්ට දැන්වූ කල එය එසේ වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.
නන්දික දුරක වෙළෙඳාම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. “මා පිටතට ගිය පසුත් භික්ෂූන් වහන්සේට, දුගී මගී යාචකාදීන්ට දෙන දන්වැට පවත්වාගෙන යන්න.” එහෙත් නන්දික ගිය පසු එම දන්වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා’ යි භික්ෂූන්ට නින්දා අපහාස වන අයුරින් දොස් පරොස් පවරයි.
නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවෙසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්ෂූන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක් ලබා දෙයි. රේවතිය ද තමන්ගේ යස ඉසුර නැති කළේ භික්ෂූන් වහන්සේ යැයි උන්වහන්සේට ගර්හා කරමින් කතා කරයි.
නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින් ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යැයි මුලින් ප්‍රසිද්ධ කොට යක්ෂයන් දදෙනෙකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් විථිවල ඇවිදවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස් නන්දිකගේ සුවඳ පැතිරී, දෙවඟණන් පිරිවැරි, රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යැයි කියයි. “ඒ මගේ පැරැණි සැමියා. මා මෙහි රඳවන්න යැ’යි රේවතිය ඉල්වයි. මෙහි සිටින්නේ පින් කළ අයයි, ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යැ’යි කියා සංසවක නම් අපායට ගෙන යයි.
ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍ර වලින් යුත්, ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්ත වූ ,නහය පැලී යන තරම් දුගන්ධය ඇති තැනකි.යොදුන් සියයක් උසය. යොදුන් සියයක් වටය. මේ ගුථ නම් නරකයෙහි වැටුණ සත්වයන් තියුණ තුඩු ඇති ඉහත දැක්වූ පණුවන් විසින් හාත්පසින්ම සිඳ මස් කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇටය, ඇට මිදිලු සිඳ මස් ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක් හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස් උගුලා කන්නේය. මිනිස් ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් මෙහි එක දවසකි. එයින් තිහක් මාසයකි. එයින් මාස දොළහක් අවුරුද්දකි. එයින් අවුරුදු දහස් ගණනක් මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස් දැමීය. මේ කතා පුවත් තුළින් මතු දැක්වෙන අදහස් අපට ලැබෙයි.
පින් මෙලොව දීම සැප ලබා දෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි.මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි.එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමණු වලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොව දී විපාක දෙයි. විපාක දුන් කල හෝ එය සකසා නොගත්තොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක් දුක් විඳියි.
එසේනම් දුර්ලභව මිනිස් භවයක් ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය කරුණාව දැක්වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසා නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතින්ට අනුව කම් සැප විඳීම, සත්‍ය වූ සමඟිය ඇති කරන්නා වූ ද ප්‍රිය වූ ද අර්ථවත් වචන කතා කිරීම,ලෝභි නොවීම, නිවැරැදි දැක්ම ආදි වශයෙන් වූ පින් කළ යුතුයි. කඨින චිවර, අටපිරිකර , සංඝාවාස, බණ පොත්, බුදුපිළිම හා වච්චකුටි පූජාව, සඟසතුව දන් දීම මේ ආදිය අට මහා පින්ය. ළිං පොකුණු, ශාලා,ඒ දඬු පාලම්, මල්වතු ,උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රි‍්‍ර දෙක්හි පින් වැඩෙන පින්කම්ය. විහාර ආරාම අතුපතු ගා පිරිසුදු කිරීම, මං මාවත් පිරිසුදු කිරීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, ආරක්ෂා කිරීම පිනකි. රත්නත්‍රයට ගරුකිරීම, මවුපිය නැඳිමයිලන්, වැඩිහිටියන් හා ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටු විය හැකි යහපතක් වූ සියල්ල පින්ය.
එසේ නොවන දේ පව් ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ.දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ.අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණ තුළ ඇති තතු නොකියයි.මේ නිසා වැරැදි වින්දනයක් ලබා දෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැකීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදි කෙලෙස් තුළින් හරයක් නැති දේ රැස් කරයි.නොදැනීම කරණ කොට ගෙන දුකට පත්වෙයි.
අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදු මඟයි.ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි ගමන් කිරීමෙන් සීල, සමාධි, ප්‍රඥා වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති පි‍්‍රය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින් මෝරා ගොස් සසර මඟ තරණය කොට විමුක්තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.

Thursday, October 23, 2014

වස් සමයෙහි පිළිවෙත් පුරමු

අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.
මාස 03ක් මුළුල්ලෙහිම භික්ෂුව සහ ගිහියාගේ ක්‍රියාකාරකම් විනය ප්‍රඥප්ති කඩ නොකොට ආරක්ෂා වන්නේ නම් ඒ තුළ කඨින පින්කමක් චීවර මාසය තුළ සිදුකළ හැකිය. මේ නිසාම වස් වසන සෑම තැනකම කඨිනයක් නියමාකාරයෙන් සිදුකිරීමේ වාතාවරණ සැලසෙන්නේ නැත. භික්ෂුව මෙන්ම ගිහියා විසින්ද මේ ස්වභාවය පිළිබඳ නිවැරදි අවබෝධය සකසාගත යුතුය. ලෝකමානයෙන් පින්කම් කිරීම අතහැර අවබෝධයෙන්ම පින්කම්හි නිරත වීම වඩාත් කුසල් සම්පාදනයට හේතුවේ.
වස් විසීමේදී සෙනසුන් තෝරා ගැනීමේ සිට විනයානුකූලව කටයුතු කිරීම අවශ්‍යය. මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි සෙනසුන් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණාවන් කිහිපයක් මෙසේ දක්වා ඇත.
1. වන සතුන්ගෙන් හිරිහැර වන ස්ථාන
2. සොරුන්ගෙන් කරදර ඇතිවන ස්ථාන
3. අමනුෂ්‍ය කරදර ඇති ස්ථාන
4. දායකගම (ගොදුරුගම) ගින්නෙන් විනාශ වීම
5. ගොදුරුගම ජලයෙන් යටවීම
6. වැඩ වෙසෙන සෙනසුන ජලයෙන් යටවීම
මෙවැනි ස්වභාවික විපත් ඇති වුවහොත් භික්ෂුවට සෙනසුනේ සිටීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. එහෙයින් සමාදන් වූ ශික්ෂාව ජේදනය විය හැකිය. වස් විසීමේදී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
වස් විසීම ආරම්භ කළ දින සිටම පවාරණය දක්වාම දායකයා පැහැදෙන අයුරින් භික්ෂුව සිටිය යුතු වේ. ධර්මයට අනුව භික්ෂුව නිරන්තරවම ගිහියාගේ ශ්‍රද්ධාව වැඩි වන ලෙස සිටීම අතිශය වැදගත්ය. වස් කාලසීමාව නිරන්තරවම පැහැදීම ජනිත වන ලෙස විසිය යුතුවේ.
අප්පසන්නානං වා පසාදාය
පසන්නානං වා භීයේ‍යාභාවය
“නුපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම පිණිසත් භික්ෂුව ක්‍රියා කළ යුතුය”
වස් ආරාධනා කරනු ලබන දායක පිරිස මෙන්ම සමාදන් වන භික්ෂුවද තම තත්ත්වයට නොසුදුසු කතාවෙන් ඉවත්විය යුතුය. විශේෂයෙන් ඒ බව ධම්ම පදයේදී පවා නිරන්තරව සඳහන් වේ. අනුන්ගේ අඩුලුහුඬුකම් සෙවීමෙන් ඉවත්ව තම තමන්ගේ දුර්වලතාවයන් හඳුනාගත යුතුය. තවෙකු විසින් කළ නොකළ දෑ නොසොයා තමා විසින් කළ යුතු දේ මෙන්ම මතෛක් නොකළ දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
න පරේසං විලෝමානි
නපරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
“අනෙකා කළ නොකළ දෑ වැඩක් නැත. තමා විසින් කළ යුතු දේ පිළිබඳව සොයමින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න”
පරාභව මෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේදීද ඉහත ගුණයම අවධාරිතය ‘නිද්ද්‍රාශීලී සභාසීලී” ලෙස පරාභව සූත්‍රයේදී අවධාරණය කරනුයේ අර්ථ විරහිත වචනයෙන් කාලය වැය කිරීම, පිරිහීම හෙවත් පරාභවයට හේතුවන බවයි. “අප්පකිච්චෝ” යනුවෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙහිදී අවධාරණය වන්නේ නිවන් සාධනයෙහිලා අල්පකෘත්‍ය හෙවත් වැඩ කටයුතු අඩු කෙනෙකු විය යුතු බවය. වැඩකටයුතු අඩු යන්නෙන් පැහැදිලි කරනුයේ තම අරමුණට නොවැදගත් දෑ බැහැර කිරීමයි. වස් සමාදන් වන භික්ෂුව මෙන්ම ගිහියාද තම අරමුණ අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම චතුර්විධ වාග් දුශ්චරිතයෙන් ඉවත් විය යුතුවේ. කඨින පින්කම අරමුණක් කොට ගනිමින් එයම කමටහනක් බවට පත්කර ගැනීම තුළ වෙන අරමුණු තමාට නොයෙයි. එයම චිත්ත සමාධියට මගකි. තුන් මාසය පුරාම යමෙකු එම සිතුවිල්ලෙන් කල් ගෙවන්නේද එයම කඨිනානිසංස වර්ධනයට හේතුවක් වේ.
ගිහියා හෝ පැවිද්දා නිවන අරමුණු කරන්නේ නම් ඔහු විසින් අත්හළ යුතු කතා 32ක් (දෙතිස් කතා) ධර්මයෙහි සඳහන්ය. මෙම අනවශ්‍ය කතා වෙනත් කාලයන්ටත් වඩා වස් කාල සීමාවට බොහෝ සෙයින්ම අදාළ කරගත හැකිය. එය මෙසේ දැක්විය හැකිය.
1. රාජ කතා - රජුන් පිළිබඳ කතා 2. චෝර කතා - සොරුන් පිළිබඳ කතා 3. මහ ඇමැතිවරුන් පිළිබඳ කතා 4. යුද්ධ සේනාවන් පිළිබඳ කතා 5. බියවීම පිළිබඳ කතා 6. යුද්ධයන් පිළිබඳ කතා 7. ආහාර පිළිබඳ කතා 8. පාන වර්ග පිළිබඳ කතා 9. ඇඳුම් පිළිබඳ කතා 10. මල් මාලා ආදිය පිළිබඳ කතා 11. සුවඳ වර්ග පිළිබඳ කතා 12. නෑයන් පිළිබඳ කතා 13. රථවාහන පිළිබඳ කතා 14. ගම් පිළිබඳ කතා 15. නියම් ගම් පිළිබඳ කතා 16. නගරයන් හි සුන්දරත්වය පිළිබඳ කතා 17. ජනපදයන් පිළිබඳ කතා 18. ස්ත්‍රීන් පිළිබඳ කතා 19. ශූර ක්‍රියා පිළිබඳ කතා 20. මත්පැන් පිළිබඳ කතා 21. වීථි හෙවත් මාර්ග පිළිබඳ
කතා 22. පැන් තොටට එන ස්ත්‍රීන් පිළිබඳ කතා 23. පූර්ව ප්‍රේතයන් පිළිබඳ කතා 24. නිශ්චල දේ පිළිබඳ කතා 25. ලෝකය පිළිබඳ අර්ථ විරහිත කතා 26. සාගර පිළිබඳ කතා 27. නොනැසී පවතින ආත්මයක් පිළිබඳ කතා 28. සියල්ල මරණයෙන් කෙළවර වේ නැවත භවයක් නැත පිළිබඳ කතා 29. ධන ධාන්‍යයෙන් සම්පත්වලින් වැඩේ යැයි අනෙකාගේ දියුණුව පිළිබඳ හිස් කතා 30. බොහෝ දෙනාගේ විනාශය පිළිබඳ කතා  31. පස්කම් සුවය පිළිබඳ කතා 32. ශරීරයට දුක්දීම නිවනට හේතුවේ ආදී වශයෙන් සිදුවන නිරර්ථක කතා
ඉහත දක්වන ලද කතා තුළින් ලෝභය වැඩි වී ද්වේෂය
ඉපදීම සිදුවේ. එය මෝහය වර්ධනය වීමකි. ආධ්‍යාත්මික පාරිශුද්ධිය මගහර වන්නකි. ධර්ම දේශන උපදෙස් දීමේදී අදාළ කරුණු ඔප්පු කිරීම විෂයෙහි සත් ච්ෙතනාවෙන් සිදුකරන එවැනි කතා අකුසල් නොවේ. අයහපතින් වැළකීම චාරිත්‍ර ශීලයට අයත් අතර යහපත් යමක යෙදීම චාරිත්‍ර ශීලයයි. වස් සමය චාරිත්‍ර ශීලය වර්ධනය කරන කාලසීමාවක් කරගත යුතුය.
වස් ආරාධනා කර වස් සීලයෙහි පිහිටීම, ස්තූපයක අත්තිවාරම හා සමානය, කඨින චීවරය පූජාව කොත් පැළඳවීම වැනිය. එසේ නම් කොතක් පැළඳවීමට අංගසම්පූර්ණ ස්තූපයක් අවශ්‍ය වේ. වස් තුන් මාසය පුරාම ගිහියා මෙන්ම පැවිද්දා විසින් කඨිනය, අරමුණු කර ගනිමින් යහපත් බාහිර ක්‍රියාකාරකම් මගින් ආධ්‍යාත්මය සංවර්ධනය කරගත යුතුවේ. ඉහත දැක්වූ අයහපතෙන් ඈත්ව යහපතෙහි පිහිටීම වැදගත් වේ. වස් ශික්ෂාව නැවත නැවත ස්මරණය කළ යුතුය. භික්ෂුවට සිව් පසයෙන් උපස්ථාන කළ යුතුය. රාත්‍රියට පමණක් නොව උදේ දවල් දානය ලැබුණේදැයි සෙවිය යුතුය. මෙය ස්තූපයේ ආසනය, පේසාවළලු, දේවතාකොටුව, හතරැස් කොටුව, කොත් කැරැල්ල වේ. භික්ෂුව නිරන්තර දායක පිරිසට ධර්මය කියා දිය යුතුය. එය ස්තූපයේ ගර්භයයි. මෙලෙස ගිහි පැවිදි දෙපක්ෂයම වස් කාලය ගත කරන්නේ නම් කඨිනය නැමති කොත පළඳවා දෙව් මිනිස් සැප කෙළවර උතුම් නිවන සාක්ෂාත් කරගත හැකිවේ.

සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ බෞද්ධ සාහිත්‍යය

සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ බෞද්ධ සාහිත්‍යය

පැරැණි බෞද්ධ සාහිත්‍යය, පාලි, සංස්කෘත හා බුදු දහම පැතිර ගිය රටවල භාෂාවලින් ලියැවී ඇත. ටිබෙට් , චීන සිංහල ආදි වශයෙනි. අති උතුම් බෞද්ධ සාහිත්‍ය මුළුමණින්ම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රිපිටකයෙනි. එකල සාහිත්‍යය යන්න යෙදුවේද, සකලවිධ ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් පැහැදිළි කිරීමටය. මෙම තුන් පිටකය සෑම බෞද්ධයෙකු විසින්ම ලබා ඇති මිනිස් භවය තුළදී දැන ඉගෙනීම, යහපත් කරුණකි. සසර ගමනට හෝ සසරින් මිදීමට හෝ ඉතාම විශේෂ කාර්යයක් ලෙස තේරුම් ගත යුතුය. මෙම භවයේදී ලැබිය හැකි මෙම උතුම් අවස්ථාව, ඊළඟ භවයකදී හෝ කරගන්නෙමු යැයි සිතීම මුළාවක් හෙයිනි.
එබැවින් කියවා හෝ අසා හෝ දැන ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමට ප්‍රමාද නොවීමත් සුගතිගාමී වීමට හෝ නිවනට මග වන නිසයි. මෙම බුදු දහම අන්තර්ගත තුන් පිටකය බෞද්ධ සාහිත්‍යය ලෙස මෙහිදී හඳුන්වන්නේ, නූතන සාහිත්‍යය, අර්ථයෙන් නොව ඉතා ගරු ගාම්භීර අර්ථයෙනි.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
විනය පිටකය, සුත්ත විභංග , මහා විභංග , භික්ඛුණී විභංග, කන්ධක, මහාවග්ග, චූලවග්ග , පරිවාර යන ග්‍රන්ථ වලින් සමන්විතය.
සූත්‍ර පිටකය , දීඝනිකාය, මජ්ඣිම නිකාය , සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේත වත්‍ථු, ථෙර ගාථා, ථෙරී ගාථා, ජාතක , නිද්දේශ , පටිසම්බිධා, අපාදාන, බුද්ධවග්ග, චරියා පිටක වලින් සමන්විතය.
අභිධම්ම පිටකය, ධම්ම සංගනී, විභංග , ධාතු කථා, පුද්ගල පඤ්ඤප්ති, කථා වත්ථු, යමක, පට්ඨාන ආදියෙන් යුක්තය. මෙම පාලි සාහිත්‍යයට පරිබාහිරව , මෙම ධර්මය විග්‍රහ කරනුවස් ලියැවුණු සාහිත්‍යයක්ද ඇත. මිලින්ද ප්‍රශ්නය, නෙත්ති ප්‍රකරණය, විනය සහ අභිධර්මය ගැන, බුද්ධදත්ත ථෙර සාමින් ලියනලද, විනය හා අභිධර්මය සම්බන්ධ, ධර්ම ග්‍රන්ථ, පාලි ත්‍රිපිටකය ගැන ලියන ලද විමර්ශන, බුද්ධඝෝෂ හෝ ධර්මපාල ථෙර සාමින් ලියන ලද , පාලි ත්‍රිපිටක හා ජාතක කථා පිළිබඳ විවේචන ග්‍රන්ථ ද ලංකා ඓතිහාසික සම්ප්‍රදාය ගොඩනැගූ දීපවංශය, මහාවංශය හා චූලවංශය හා සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායට අනුගතව ලියන ලද, පසුකාලීන පාලි ග්‍රන්ථ ආදියයි.
මෙයට සම්බන්ධව ,කච්චායන සහ මොග්ගල්ලාන, ව්‍යාකරණ ග්‍රන්ථද , රූපසිද්ධි සහ සද්ධානිති ද අති ප්‍රසිද්ධය. බුද්ධඝෝෂ හිමියන් රචිත විශුද්ධි මාර්ගය , බුදු දහම පිළිබඳ කුඩා විශ්වකෝෂයක් වැනිය. පාලි ග්‍රන්ථ මෙන්ම එකල රචනා කළ සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ දුර්ලභය. මහායාන හා හීනයානයට අයත් සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ දක්නට ඇත. ලෝකෝත්තරවාදීන්ගේ මහාවස්තු විනය ගැන රචනාවූවකි. එහි දීඝ නිකායේ, මජ්ඣිම නිකායේ සූත්‍රද, පාලි ජාතක කතාද දක්නට ඇත. බුදුන්ගේ චරිතය විස්තර කරන ලලිත විස්තරය, මහායාන කෘතියකි. එහි වෛපුල්‍ය සූත්‍රයේ කොටස් දැකිය හැකිය. බුද්ධචරිතය රචනා කළ අශ්වගෝෂද, ජාතක මාලාව ලියූ ආය¸ශූරයන්ද වැදගත්ය.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
පාලි අපාදාන අනුව ලියන ලද, අවාදානයද හොඳ නරක කර්ම නිසා ඇතිවන හොඳ නරක විපාක කියාදෙන කථාන්තර අඩංගු කෘතියකි. මහායාන සූත්‍ර අතර, අෂ්ටසහස්රික ප්‍රඥාපාරමිතා, සද්ධර්මපූන්ඩරිකය, ලලිතවිස්තරය , ලංකාවතාරය, ස්වර්ණ ප්‍රභාෂා, ගන්‍ධව්‍යුහ , තථාගත ග්‍යුහක, සමාධිරාජ හා දශභූමිශ්වර වැදගත්ය. මේවා වෛපුල්ය සූත්‍ර නමි. මෙම බෞද්ධ සාහිත්‍යයේ උසස් නිර්මාණකයන් වූයේ නාගාර්ජුන , වසුබන්ධු , සහ අසංගය.
ඉන්දියානු බෞද්ධ කෘතීන් පරිවර්තනය කර රචිත ටිබෙට් බෞද්ධ කෘතීන් 4,566 ක් පමණ ඇති බව ‘පී.වී.බාපත් ‘ මහතා පෙන්වා දී ඇත. මේවා කොටස් දෙකකි. කන්ජූර් නමින් ප්‍රසිද්ධ අංශයේ කෘතීන් 1,108 ක් ද, බස්තාන් - හ්ග්යුර් නම් තන්ජූර් අංශයේ කෘතීන් 3458 ක් ද වේ.කන්ජූර් අංශ කෘතීන් කොටස් හතකි. 1.විනය ,2.ප්‍රඥා පාරමිතා 3.බුද්ධාවතම්ශාක 4.රත්නකූට ,5.සූත්‍ර ,6.නිර්වාන, 7.තන්ත්‍ර යනුවෙනි. තන්ජූර් තන්ත්‍ර සහ සූත්‍ර යනුවෙන් කොටස් දෙකකි.
ඉන්දියානු කෘතීන්ගෙන් චීන භාෂාවට පරිවර්තිත කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇත. ‘බනියු නන්ජියෝ ‘ සඳහන් කරන අන්දමට කෘතීන් 1662 කි. ඒවා, සූත්‍ර පිටක, විනය පිටක , අභිධම්ම පිටක, සහ විවිධ අංශ වශයෙන් රචනා කොට ඇත. ඊට පසු කලෙක සඳහන් වන අන්දමට බෞද්ධ කෘතීන් 2,184 ක් පමණ ලියැවී ඇත. ඊඒධ්ඉඩ්ර්‍ණ “තයිෂෝ” ගේ මුද්‍රණ වෙළුම් 55 කින් මේවා නිකුත් කොට ඇත.වෙනත් වෙළුම් 25 ක චීන හා ජපන් කෘතීන් රාශියක් පළ කර ඇත. මැන්චූරියන් හා මොන්ගෝලියන් භාෂාවලින්ද ටිබෙට් ‘තන්ජූර්’ පරිවර්තන කර ඇත. මේ අන්දමට බුදු දහම පැතිරුනු බොහෝ රටවල භාෂාවලින් අති විශාල ප්‍රමාණයක් බෞද්ධ ග්‍රන්ථ රචනා කර ඇති අතර ඉන් බලාපොරොත්තු වූයේ මිනිස්කම වර්ධනය කොට සසරදුකින් මුදවා ගැනීමයි.
පාලි හා සංස්කෘත බෞද්ධ සාහිත්‍යය කෘතීන් විමසීමෙන් එය වටහා ගත හැකිය. අනිත්‍ය, දුඞඛ, අනාත්ම , ලෝකයක, ජාති, ජරා, ව්‍යාධි, මරණවලට පත්වන සත්වයා තේරුම් ගැනීමත්, මිනිසාට ඇති මනස නිසි නිවැරදි බුදු මගට යොමුකර දුකින් මිදවීමත්, බෞද්ධ ධර්ම සාහිත්‍යයේ එකම අරමුණ වූ බව පැහැදිලිය. එකලෙක බෞද්ධ කෘතීන් පාලියෙන්ද, ප්‍රාකෘත මිශ්‍ර සංස්කෘත හා පිරිසුදු සංස්කෘත භාෂාවෙන්ද තිබිණ.”මන්ජූශ්‍රී මූලකල්ප හැර වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක් නොමැති අවධියක්ද විය.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
එයට හේතුවූයේ ආරාම වල භික්‍ෂූන්ට හෙරණුන්ට පමණක් බුදු දහම ඉගෙනීම සීමාවූ කලද වූ නිසයි. මෙහි ඵලය වූයේ සතුරු උවදුරු සමග ආරාම විනාශවන විට ග්‍රන්ථ සාහිත්‍ය කෘතීන්ද නැති භංගස්ථාන වූ නිසයි. නූතන අවදියට ඉතිරිවුනු ග්‍රන්ථ ලැබුණේ ඉන්දියාවෙන් පිටත රටවලිනි. ලංකාව, බුරුමය , සියම, සහ නේපාල චීන, ටිබෙට් ,මොන්ගෝලි ග්‍රන්ථ පරිවර්තක වලිනි.
චීන සහ ටිබෙට් ග්‍රන්ථ නාමාවලී වල ග්‍රන්ථ රාශියක් ගැන සඳහන් වේ. ඒ හැරුණු විට මධ්‍යම ආසියාවෙන්ද, මුල් සංස්කෘත කෘතීන් හමුවී ඇත. “රාහුල් සන්ක්‍රිත්යායන් “ හා මහාචාර්ය ජී.ටුකී ගේ සෙවීම් අනුව, මධ්‍යම ආසියාව, ගිල්ගිට් ට්ධ්ඹ්ට්ධ්ඊ හා ටිබෙට් රටවලින් ක්‍රි.ව. 5 , 6 යන සියවස්වලට අයත් ග්‍රන්ථ හමුවී ඇත. මේවා බොහොමයක් ස්තූප හා ආරාමයට ගොඩනගන ලද ගල්කුටිවල තිබී හමුවී ඇත. ඉන් අදහස් වන්නේ මෙම ග්‍රන්ථ කියවීමට නොව වැඳුම් පිදුම් සඳහා පමණක් යොදාගත් බවයි. බොහෝ විහාර පොත්ගුල්ද මේ හා සමානය.
බෞද්ධ සාහිත්‍යය ලෙස සටහන් කෙරෙන ධර්ම ග්‍රන්ථ ලේඛන ඉතා පුළුල් ලෙස කොටස් දෙකකට බෙදේ. පාලි හා මිශ්‍ර සංස්කෘත බසින් ලියා ඇති හීනයාන ග්‍රන්ථ හා පිරිසුදු හා මිශ්‍ර සංස්කෘත බසින් ලියන ලද මහායාන ග්‍රන්ථ වශයෙනි. ඒවා වැඩිදුරටත් හීනයාන හා මහායාන ලෙස නිකාය වලටද බෙදී යයි. බුදුදහම හා බුදුන් තේරුම් ගැනීමට නම් මෙම කෘතීන් කියවීම වැදගත්ය.
සැබෑ බෞද්ධයෙකුට කියවා නිම කළ නොහැකි තරම් ධර්ම විස්තර මෙම කෘතීන්හි අඩංගුය. මනස ධර්ම ස්කන්ධයෙන් පුරවාගෙන සැනසීමට මග මෙම කෘතීන් කියවීමයි. අති විශාල තෘප්තියක් ඉන් ලැබිය හැකිය. වැඩකට ඇති මෙම කෘතීන් කියවීමෙන් සිත පිරිසුදු කර ගත හැකිය.
බෞද්ධ කෘතීන්ගේ ප්‍රධානම අංගය වන්නේ බුදුන්ගේ චරිත විස්තර කථා රචනාය. මෙහිලා ප්‍රධාන ග්‍රන්ථ පහක් ඇත.මහා සාංගික එනම් ලෝකෝත්තරවාදීන්ගේ මහාවස්තු කථාව, සර්වාස්තිවාදීන්ගේ, ලලිත විස්තරය, පිරිසුදු සංස්කෘත භාෂාවෙන් ‘අශ්වකෝෂ’ විසින් රචිත බුද්ධ චරිතය , ජාතක කථාවලට හැඳින්වීමක් වැනිවූ පාලි නිදානකථා, සහ “ ධර්මගුප්ත” විසින් රචිත අභිනිෂ්ක්‍රමණ සූත්‍රයයි. මෙහි චීන පරිවර්තනය”බීල්” නම් ලේඛකයා විසින් 1875 දී”රොමෑන්ටික් ලෙජන්ඩ් ඔෆ් සාක්‍ය බුද්ධ “ නමින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත.

හික්කඩුව කුමාරකන්ද රජමහා විහාරයේ බිතු සිතුවමක්
මීට අමතර ග්‍රන්ථ රාශියකින් බුදුගුණ හා චරිතය රචනා කර ඇතිවාක් මෙන්ම, පෙරකල සිටියායි සඳහන් විවිධ බුදුන් ගැන, මහාපදාන සූත්‍රයේ විස්තර කර ඇත. නිදසුනක් ලෙස විපස්සී බුදුන්ගේ ප්‍රතිරූපයක් ලෙසගෞතම බුද්ධ චරිතය විවරණය කර ඇත. අරිය පරියේෂණ හා මහා පරිනිබ්බාණ සූත්‍රවලද බුද්ධ චරිතයේ අවස්ථා විග්‍රහ කර ඇත. සුත්තනිපාත, අපාදාන, සහ මහාවංශයේද බුදුන්ගේ ජීවන තොරතුරු විස්තර කර ඇත.
පාලි මහාබෝධිවංශයෙහි සූවිසි බුද්ධ චරිත නිර්මාණය කර ඇත. බුදුන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳ , අවුරුදු 45 ක තොරතුරු ජාතක හා සූත්‍ර හැඳින්වීම්වලද, විනය පිටකයේද විස්තර කෙරේ. බුද්ධ චරිත විස්තර වඩාත් ක්‍රමානුකූලව ලියා ඇත්තේ ‘ලලිත විස්තරයේය’ එහි වන විචිත්‍ර ගාථා හා ගද්‍ය පාඨ මගින් ශ්‍රද්ධා භක්තිය ජනනය කරවයි. විවිධ සම්ප්‍රදාය මගින්, ඉතා පැහැදිළිව චරිත විවරණය කර ඇත. බෞද්ධ ජාතක කථා මේ සඳහා මැනවින් යොදා ගෙන ඇත. බුද්ධ චරිතය විග්‍රහ කරන ‘මහාවස්තුව‘ මුද්‍රිත පිටු 1325 කි. විනය පිටකයට අයත් මුල්ම කෘතිය වන මෙහි මහා සාංගීක අදහස් දැක්වේ.
ඔවුහු විසුවේ ,වෛශාලි හා පාටලීපුත්‍රවලය. පසුකාලයේදී ආන්ද්‍ර දේශයේ, අමරාවතී හා නාගර්ජුන කොණ්ඩයට යන ලදී. මෙම කෘතීන්ගේ ශෛලීන් අනුව ක්‍රි.ව. 1 හෝ 2 සියවස් වල රචිත බව පිළිගැනේ. ජනප්‍රවාද, ඓතිහාසික තොරතුරුද , දක්නට ඇත. මෙම කෘතියේ බුදුබව ලබාගැනීමට හේතු වූ ප්‍රකෘති චර්යාවන් පෙන්වා දෙන බැවින්, කියවන අයට බෞද්ධ වත් පිළිවෙත් මැනවින් අවබෝධ කරවයි.
මිනිස් සමාජය යහ මගට යොමු කරන පුවත්ද නිර්මාණ කර ඇත. අපායන් පිළිබඳ තොරතුරු නිදසුනකි. ශ්‍රමණ බ්‍රාහ්මණයනට අවනතවීම, ගරු කිරීම, උපදෙස් ගැනීම, වැඩිහිටියනට සැලකීම, උපදෙස් ගැනීම, යහපත් ගති පැවතුම් , දාන, ශීල , භාවනාදියද , බුදුන් පිදීම හා ඵලද විවරණය කෙරී ඇත. යහපත් ගති පැවතුම් බෝසත් මගට යොමු කරවන බව පහදා දෙයි. බොහෝ ජාතක කතා ඒ සඳහා නිදසුන් කොට දක්වා ඇත.
සැබෑ බෞද්ධ මග යන්නවුනට මෙම කෘතීන් කියවීම වැදගත්ය. සෑම බෞද්ධ කථාවක්ම කියවීමෙන්, ධර්ම ඤාණය පුළුල්වේ. එය නිවනට මගයි. බුදුවීමට පෙරුම් දම් පිරූ බෝසත් කථා කියවීමෙන්, දුකින් මිදීමට, දුන් ධර්ම මාර්ගය, අනුගමනය කිරීමෙන් මේ ලබා උපන් මිනිස් භවයේදීම නිවන් සාක්ෂාත් කරගැනීමට බුද්ධිමත් මිනිසාට හැකිවෙයි. මෙම බෞද්ධ කෘතීන් රචනා කර ඇත්තේ එය පැහැදිලි කර දීමටය.
සූත්‍ර පිටකයට අයත්, නිකාය ග්‍රන්ථ කියවීමෙන්, බෞද්ධ චරිතයක් ගොඩනගාගත් මිනිසාට , ධර්ම මාවත ඉබේම විවෘත වෙයි. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය , ඛුද්දක නිකාය කියවීමෙන් බුදු මග පසක් වේ. එය නිවනයි. මෙම සූත්‍ර විස්තර කරන්නේ ඒ සඳහා අවශ්‍ය ධර්මයයි. මෙම සූත්‍ර අවබෝධ කර ගැනීමට අද ඕනෑම වුවමනා බෞද්ධයෙකුට පුළුවන. සාමාන්‍ය ලිපියකින් එය විවරණය කළ නොහැකිය.
ධම්මපදය බෞද්ධ සාහිත්‍යයේ, විශිෂ්ඨතම නිර්මාණයයි. එය විශ්ව සාහිත්‍ය කෘතියක් ලෙස විශ්ව විද්වතුන්ගේ විවරණයයි. බෞද්ධ , අබෞද්ධ, සියලු දෙනා අතරම ජනපි‍්‍රය කෘතියකි. බුදුන්ගේ ධර්මය එහි අන්තර්ගත වේ. ආසියානු බෞද්ධයන් එකල මෙය කටපාඩමින් භාවිතා කරන ලද බව සඳහන් වේ. ගාථා 423 ක්ද, “ ධම්මපද වග්ග“ එනම් පරිච්ඡේද 26 කින්ද යුක්ත වේ. යහපත් මිනිසෙකු හැදීම මෙහි අභිමතාර්ථයයි. සීල, සමාධි, ප්‍රඥා ඇති කොට යහපත් මිනිසෙකු බිහි කිරීම එහි උසස් අරමුණයි.
අවිද්‍යාවෙන් මුදා අඳුරෙන් ධර්මාලෝකය වෙත ගෙනයාමට මෙම ධම්මපදය ප්‍රබල කෘතියක් වෙයි. මෙවැනි බෞද්ධ කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒවා වෙනම විමසීමෙන්, බෞද්ධ පාඨකයාට ඉමහත් ප්‍රයෝජනයක් ලබාදෙයි. අනෙකුත් රටවල මෙන්ම ලංකාවේ බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදාය යටතේ ලියවුණු සාහිත්‍ය කෘතීන් විශාල ප්‍රමාණයක් අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ලියවී ඇත.විශේෂයෙන් පාලියෙන් හා සිංහලෙන් ලියා ඇති උසස් සාහිත්‍ය කෘතීන් හා කාමයෙන් මිදුනු යහපත් සමාජයක් ඇති කිරීම බැව් ඒවා මැනවින් කියවීමෙන් වටහා ගත හැකිය. ලාංකික විශිෂ්ඨ සාහිත්‍ය සම්ප්‍රදාය, ගොඩනැගුනේ බුදු දහම පදනම් කරගෙන, මිනිසා සසර දුකින් මුදනු පිණිස මිස, බොළඳ කාමයෙන් අශ්ලීල තෘප්තියක් ලබා දීමට නොවේ.

පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය

පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය

යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැර යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධ පහයි සත්වයාග් මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ.
රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නා හිමියන්ගේ 29 වන ගුණ සමරු පින්කමේදී උන්වහන්සේට උපහාර පිණිසඋන්වහන්සේගේ අවසාන ධර්ම දේශනාව විමසා බැලීම කාලෝචිත වේ.
එම ධර්මදේශනාවේ පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇත.
එනම් සංයුක්ත නිකායේ සළායතන සූත්‍රයේ වච්ඡගොත්ත බ්‍රාහ්මණයා විසින් අසු ප්‍රශ්නයක් “ යස්මිං පනභො ගෞතම සමයේ අග්ගිවාතේන පුට්ඨා දුරම්පි ගම්එති ඉම ස්ස පන භවං ගොතමො කො උපාදානස්මීං පඤ්ඤා පේති “
භවත් ගෞතමයන් වහන්ස යම් කිසි වේලාවක ගිනි දැල් වශයෙන් ගෙනියන ලද්දේ දුරට යන්නේද ඒ අවස්ථාවට භවත් ගෞතමයන් වහන්සේ උපාදානය කොට දක්වන්නේ කුමක්ද?
බුදුන් වහන්සේ වදාළා වචිඡය, යම් කිසි වෙලාවක දුරට ගිනි දැල් ආකාශයෙහි ගෙනි යනවා නම් එහි උපාදානය වාතයයි. වාතය උපාදානය කොට ඒ ගිණි දැල් යනවා කියලා මම පිළිගන්නවා. එතකොට උපාදානය යන්නෙන් බුදුහාමුදුරුවෝ අදහස් කළේ අල්ලා ගන්නා ධර්මය , අල්ලා ගැනීම නොවේ.
වාතය අල්ලා ගෙනයි ගිනිදැල් ගමන් කළේ. එසේ නම් යම් කිසිවකු විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම් කිසි ධර්මයක් විය යුතුය. මෙහිදී වෛදිකයන් විසින් පිළිගෙන තිබූ නොවෙනෙස් ධර්ම පරම්පරාවක් එක් ආත්මයක සිට අනෙක් ආත්මයට යනවා යන්න නොව, පටිච්ඡසමුප්පන්න ධර්ම පරම්පරාවක් යන බව බුදු දහමට අනුව පිළිගැනීමෙන් ආත්මවාදයකට නොවැටෙන බව එම හිමියෝ ප්‍රකාශ කරති. පරිවර්තනයක් නැති කිසිම ධර්මයක් මේ ලෝකේ නැති බව බුදු දහමේ අනාත්මවාදයෙන් ප්‍රකාශ වේ. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික ශරීරය මෙහි අත් හැරලා දාලා යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධයන් පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ උපාදානස්කන්ධයන් පහයි සත්වයාගේ මෙලොව හා පරලොව අතර සම්බන්ධය ගෙනියන්නේ යන්න එම ධර්ම දේශනාවේ අඩංගු වී ඇත.
තව දුරටත් මෙසේ දේශනා කරති. “ මා පිළිගන්නා හැටියට රූප උපාදානාස්කන්ධය, වේදනා උපාදානාස්කන්ධය සංඥා උපාදානාස්කන්ධය, සංඛාර උපාදානාස්කන්ධය යන හතර සහිත විඤ්ඤාණය උපාදානවීම මත තමයි මෙලොව හා පරලොව අතර ගමන් කරන ධර්මය සිදුවන්නේ කිසිදාක විඤ්ඤාණය, රූප, වේදනා සංඤ්ඤා සංඛාරා කියන අනිත් ධර්ම හතර නැතිව කිසි තැනක නොපවතින බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි දේශනා වුණා. ඒ කොතැනද? (සංයුක්ත නිකාය උපායවග්ග 2 සූත්‍රය)
රූපස්කන්ධයෙන් තොරව, වේදනාස්කන්ධයෙන් තොරව,සංඤ්ඤාස්කන්ධයෙන් තොරව සංඛාරා ස්කන්ධයෙන් තොරව, විඤ්ඥාණස්ස ස්කන්ධයාගේ ඒමක් හෝ යාමක් හෝ පැවැත්මක් හෝ දියුණුවක් හෝ කිසි දෙයක් පනවනවයි කියල එකක් කිසි කලෙක වෙන්නට බෑ ඒ මොකද? විඤ්ඤාණය යම් තැනක නම් පවතින්නේ ඒ පවතින තැන රූප වේදනා සංඥා සංඛාර කියන හතර පැවතිය යුතුය.
එසේ නම් තණ්හා සහගත සිතින් අල්ලා ගනු ලැබූ රූපස්කන්ධ, විඤ්ඤාණය සමග යනවා. මේ ඕලාරික රූපස්කන්ධය නොවෙයි. ඕලාරික කය වලදමා පුච්චලදාලා යන අතර මනෝමය කය ගමන් කරනවා. පොට්ඨපාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළා පොට්ඨපාද අත්තපට්ලාභා තුනක් තිබෙනවා ශරීර තුනක් ඕලාරිකො අත්තපට්ලාභො කබලින් කාහාරභක්ඛො (කුඩා කැබලි කොට) කන ආහාරයෙන් පෝෂණය කරන මේ ඕලාරික ශරීරය සහිත ස්කන්ධය මනෝමය අත්තපට්ලාභො රූපී සබ්බංග පචිචංගි අභිනින්ද්‍රයෝ තව රූපයක් තිබෙනවා.
මනෝමය අත්තපට්ලාභය , ඒක මනෝමයයි. එය රූපියි, හැම අත් පා ආදී අංශ ප්‍රත්‍යංගයක්ව තිබෙනවා. ඒවායේ අභිනන්ද්‍රියෝ සියලු ඉන්ද්‍රියයන් ගෙන් යුක්තයි. ඒ මනෝමය අත්තපට්ලාභයයි. දැනට අපේ භෞතික කය තුළම තිබෙන මනෝමය කයයි. රෝහල් වල ශල්‍ය කර්ම කරන අවස්ථාවලදී මෙම මනෝමය කය භෞතික ශරීරයෙන් ඉවත් වී සිවිලිම උඩ සිට ශල්‍ය කර්ම කරන අවස්ථාව බලා සිට නැවත සිහි ආවිට එය විස්තර කළ අවස්ථා දැනට වාර්තා වී ඇත
වච්චගොත්තගේ ගිනිදැල් ප්‍රශ්නය ගැන තවදුරටත් දේශනා කරන හිමියෝ මෙසේ පවසති.
භවත් ගෞතමයන් වයන්ස යම්කිසි සත්වයෙක් ඉමඥ්ච කායං නික්ඛිපති මේ ශරීරයත් අත්හැර දමනවා. ඒ කියන්නේ මැරෙනව.අඤ්ඤතරංච කායං අනුපපන්නො හොති. වෙනත් කයකට ඇතුළු වුණෙත් නෑ. එතකොට මෙතනින් මැරුණා තව කයකට ගියේ නෑ. ඒ මැද්දේ කපොල්ලක් තියෙනවා.
මෙන්න මේ මැද තත්වයෙදි ඒ සත්වයාගේ පැවැත්ම ගැන භවත් ගෞතමයන් වහන්සේ ඔහු උපාදානය කොට සිටින දේ පනවන්නේ කුමක්ද? අල්ලාගෙන ඉන්නේ මොකක්ද? එතැන්දි බුදුරජාණන් වහන්සේ වදාළ වච්ච, මේ කයද අතහරිනවා වෙනත් කයකට ගියෙත් නෑ මම එය තණ්හා උපාදානය අල්ලාගෙන ඉන්නවා කියනවා. “තණ්හා සමගිස්ස තස්මිං සමයේ උපාදානං හෝති” ඒ වෙලාවෙ උපාදානය අල්ලා ගැනීම තිබෙන්නෙ මොකක්ද, තණ්හාසමංගි පුද්ගලයාගේ කෙළෙස් සහිත අවස්ථාවක්.
ඒ කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ එතැන්දි වදාරන්ට ඕනෑ “ එහෙම කපොල්ලක් නැත්නම් වච්ඡය යම් වෙලාවක සත්වයෙක් මේ කය අතහරිනවා නම් තවත් කයකට නො ගියා කියන්නට අවස්ථාවක් නෑ.අසුරු සන දෙකක් ඇතුළත මෙතන චුතිය, අතන උපත්තිය පහළ වුණා. ඒ මැද කපොල්ලක් තියෙන්ඩ බෑ “ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ඩ ඕනෑ.
නමුත් උන්වහන්සේ එහෙම දේශනා කළේ නැහැ. එතකොට උන්වහන්සේ පිළිගත්තා ඒ අතර වෙන කයකට නො ගිහින් මැද කපොල්ලක් තිබෙන බව, ඒ අවස්ථාව තණ්හා උපාදානය මුල්කොට තියෙන්නෙ. ඒ කියන්නෙ “උපාදනස්කන්ධපඤ්චකය තණ්හා පච්චයා උපාදානං “ ඒ කියන්නෙ අල්ල ගන්නවලු, කුමක්ද ඒ අල්ලා ගැනීම? අල්ලා ගැනීම නොවෙයි, දැන් ඔප්පු කළා කලින් බුදුරජාණන් වහන්සේ උපාදාන කියලා තියෙන්නේ ගින්දර ගිනිදැල්වලට.
වාතය, වාතය අල්ලගෙනයි ගිනි දැල් තියෙන්නේ. දැන් මේ සත්වයා මෙතැනින් චුතවෙච්චී සත්වයා, දෙවන මවුකුසකටත් ගියේ නැත්නම් ඔහු කුමක්ද අල්ලාගෙන ඉන්නේ? තණ්හා සමංගි පුද්ගලයාගේ උපාදානස්කන්ධපංචකය, මනෝමය රූපය ඇසුරු කර ගත්ත වේදනා උපාදානස්කන්දය, සඤ්ඤා උපාදානස්කන්ධය සංඛාර උපාදනස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය, පහම තියෙනවා මනෝමය රූපය, ඒ ඇසුරු කර ගත් වේදනා සංඤ්ඤා සංඛාර හා විඤ්ඤාණ .
අවසාන වශයෙන් එම හිමියන් මෙසේ දේශනා කරයි. මෙලොව හා පරලොව අතර සම්බන්ධය පෙන්වන්නේ රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සඤ්ඤා උපාදානස්කන්ධ සංඛාර උපාදානස්කන්ධ කියන උපාදානස්කන්ධ එහෙත් ඒ සියල්ලම පටිච්ඡ සමුප්පන්නව වෙනස් වෙමින් යන ධර්ම පරම්පරාවක්. ඒ නිසා ඇතැම් පොත්වල අටුවාවල තෝරල කියන්නේ තණ්හාව මුල් කරගෙන හිතින් අල්ලා ගැනීම කියලා. ඒක වැරදියි.අල්ලා ගන්නා ධර්මයට උපාදානය කියන්නේ. ඒ නිසා වැරදි අදහස් වලින් අතහරින හැටියට මම කරුණාවෙන් මතක් කරනවා. මම මේ කියපු අදහස් තවදුරටත් පොත් පත් බලලා පර්යේෂණ කරලා තේරුම් ගන්න හැටියට මා ඉල්ලා සිටිනවා. යනුවෙන් එහි දී හිමියන් ධර්ම දේශනාව අවසන් කරයි.