Showing posts with label ධර්ම සංගායනා. Show all posts
Showing posts with label ධර්ම සංගායනා. Show all posts

Monday, October 20, 2014

‍ප්‍රථම සංගායනාව

‍ප්‍රථම සංගායනාව[සංස්කරණය]

ධර්මය හා විනය දැනට තිබෙන පරිදි ත්‍රිපිටකයට බෙදා කට පාඩමින් පවත්වාගෙන ඒමට හැකි ලෙස සකස් කරන ලද්දේ මෙම ප්‍රථම සංගායනාවේදී ය. මෙහිදී ප්‍රථමයෙන් විනය සංගායනා කරන ලදී. දෙවනුව සූත්‍ර පිටකය සංගායනා කරන ලද අතර තෙවණුව අභිධර්ම පිටකය සියලු ම රහතන් වහන්සේ විසින් සංගායනා කරන ලදී.

නිදානය[සංස්කරණය]

‍බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සත් දින කට පසු පෘථග්ජන භික්ෂූන් ශෝක වන විට, එය දුටු සුභද්‍ර නම් මහලු කල පැවිදි වූ භික්ෂුවක විසින් කල අභද්‍ර ප්‍රකාශය (නොමනා ප්‍රකාශය)
             අලං ආවුසෝ මා සෝචිත්ත මා පරිදෙවිත්ත
             සුමුත්තාතේන මහා සමනේන
             උප්පද්දතාච හෝම ඉදං වෝ කප්පති  
             ඉදං වෝන කප්පති  
"ඇවැත්නි-‍ශෝක නොකරනු. නො වැළැපෙනු. ඒ මහ මහණහු ගෙන් අප මිදුණෝ වම්හ. ‘මෙය තොපට කැපය. මෙය නො කැපය’ යී කියනු ලැබ අපි වෙහෙසුණෝ වම්හ. දැන් අපි කැමැත්තක් කරම් හ, නො කැමැත්තක් නොකරම් හ"

කාලය[සංස්කරණය]

‍ආරම්භය : බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව, අජාසත් රජුගේ රාජාභිෂේකයෙන් 8වන වසර දී සංගායනාව පැවති කාලය : මාස තුනකි

ස්ථානය[සංස්කරණය]

රජගහ නුවර ‍‍විහාර පර්වත ප්‍රාන්තයේ පිහිටි සප්තපර්ණී ගල්ගුහා ද්වාරයෙහි.

ප්‍රධානත්වය[සංස්කරණය]

තෘතිය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දායකත්වය අජාසත් රජතුමා

ප්‍රතඵල[සංස්කරණය]

පළමුවන ධර්ම සංඝායනාවේ ප්‍රතඵලයක් ලෙස සූත්‍ර දේශනාවන් සමූහය හෙවත් ධර්මය නිකාය වශයෙන් පහකට වෙන් කරන ලදී.
         1.දීඝ නිකාය
         2.මජ්ඣිම නිකාය
         3.අංගුත්තර නිකාය
         4.සංයුක්ත නිකාය
         5.ඛුද්දක නිකාය
එමෙන්ම ධර්ම විනය මුඛ පරපුරෙන් රැකගෙන යාමට භාණක පරමිපරාවට නියම විය.ඒ අනුව
 *ආනන්ද රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට දීඝ නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
 *සැරියුත්  රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට මජ්ඣිම නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
 *අනුරුර්‍ද්ධ  රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට අංගුත්තර නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
 *කාශ්‍යප රහතන්වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරමිපරාවට සංයුක්ත නිකාය මුඛ පරපුරෙන් රැකගෙන යාමටද
 *ඛුද්දකනිකාය සියලු භික්ෂූන් වහන්සේලාටද පැවරිණි.
පළමුවන ධර්ම සංඝායනාවේ තවත් ප්‍රතඵලයක් ලෙස විනය පිටකය පස් ආකාරයෙන් සංග්‍රහ කරන ලදී.
         1.පාරාජික පාලි 
         2.චුල්ලවග්ග පාලි 
         3.පාචිත්තිය පාලි 
         4.මහාවග්ග පාලි 
         5.පරිවාර පාලි 
එමෙන්ම විනය පිටකය උපාලි හිමියන් ඇතුලු උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට මුඛ පරපුරෙන් රැකගෙන යාමට පැවරිණි.

තුන්වන ධර්ම සංගායනාව

තුන්වන ධර්ම සංගායනාව[සංස්කරණය]

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයතිස්හයකට පසුව මාස නවයක් පුරා සිදු කළහ.

ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු,[සංස්කරණය]

සංඝයා අතර අසමගිය ඇතිවීම හා ලාභ අපේක්ෂාවෙන් අන්‍යතීර්ථකයන් සසුනට ඇතුළුවීම.

සංගායනාව පැවැත්වූ ස්ථානය[සංස්කරණය]

පැළලුප් නුවර අශෝකාරාමය

සංගායනාව සඳහා සහභාගිත්වය[සංස්කරණය]

රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.(රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බැවින් මෙයට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ)

ධර්ම සංගායනාවේ ප්‍රතිඵල[සංස්කරණය]

  1. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවත්ථුප්පකරණය රචනා කිරීම
  2. අභිධර්ම පිටකයසප්තප්‍රකරණයෙන් යුතුව සම්පූර්ණ කිරීම
  3. ථෙරවාද සම්ප්‍රදාය සතු පාලි ත්‍රිපිටකය සම්පූර්ණ කිරීම
  4. ධර්ම දූත සේවාව ආරම්භ කිරීම.
ධර්ම විනයධර ප්‍රබල තෙර නමකගේ නායකත්වය යටතේ රටවල් නවයකට ධර්මදුත පිරිස් පිටත්කර යැවූ බව වංස කතාවල සඳහන් වෙයි. රට ප්‍රධානත්වය
  1. කාශ්මීර-ගන්ධාර -මජ්ඣන්තික තෙරණුවෝ
  2. මහිස මණ්ඩලය- මහාදේව තෙරණුවෝ
  3. වනවාස දේශය -රක්ඛිත තෙරණුවෝ
  4. අපරන්ත දේශය- යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ
  5. මහාරට්ඨය -මහාධම්ම රක්ඛිත තෙරණුවෝ
  6. යෝනක දේශය- මහාරක්ඛිත තෙරණුවෝ
  7. සුවණ්ණ භූමිය -සෝණ හා උත්තර තෙරණුවෝ
  8. හිමවන්ත ප්‍රදේශය -මජ්ඣිම තෙරණුවෝ
  9. තම්බපණ්ණි දීප -මහා මහින්ද තෙරණුවෝ

මුලාශ්‍ර[සංස්කරණය]

  1. "ශාසන ඉතිහාසය",බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,පාදුක්ක.

සබැදි පිටු[සංස්කරණය]

දෙවන ධර්ම සංගායනාව.

දෙවන ධර්ම සංගායනාව.[සංස්කරණය]

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.

දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව;[සංස්කරණය]

වජ්ජිපුත්තක භික්ෂූන් විසින් ඉදිරිපත් කළ දස අකැප වස්තුව චුල්ලවග්ග පාලියේ සඳහන් දස අකැප වස්තුව
  1. සිංගිලෝන කප්ප-ආහාර වලට මිශ්‍රකර ගැනීම සඳහා අඟක දමා ලුණු තබා ගැනීම සුදුසුය.
  2. ද්වංගුල කප්ප-ඉර හැරී සෙවනැල්ල දෑඟුල්වූ පසු ආහාර වැළදීම කැපය.
  3. ගාමන්තර කප්ප-වරක් වළදා අවසන් කොට තවත් ගමකට ගොස් දන් වැළදීම කැපය.
  4. ආවාස කප්ප-මහා සීමාව තුළ පිහිටි කුඩා කුඩා ආවාසයන්හි වෙන වෙනම පොහොය කිරීම කැපය.
  5. අනුමති කප්ප-එක සීමාවක් ඇතුළත වාසය කරන භික්ෂූන්ගේ කැමැත්ත නොගෙන වෙන් වෙන්ව පොහොය කොට නැවත කැමැත්ත ගැනීම කැපය.
  6. ආචින්න කප්ප-කැප අකැප දෙයක් ගැන නොසලකා චිරාගත දේ පිළිගැනීම කැපය.
  7. අමථිත කප්ප-කිරිත් නොවූ දීත් නොවූ කිරි වැළදීම කැපය.
  8. ජලෝගි කප්ප-රා බවට නොපැමිණි මීරා බීම කැපය.
  9. අදසක නිසීදන කප්ප-දාවලු නැති ඇතිරිලි පරිහරණය කැපය.
  10. ජාත රූප රජත කප්ප-රන් රිදී පිළිගැනීම කැපය.
මහාසාංඝික දශ වස්තුව
  1. අලල යයි කීම කැපය;
  2. තමාම විනෝද වීම කැපය;
  3. තමාම පොළව සෑරීම කැපය;
  4. දුර හුදෙකලාවාසීන්ට ලුණු තැන්පත් කිරීම කැපය;
  5. තම ආරාමයෙන් යොදුන් අඩ යොදුන් දුර ගමන් යන භික්ෂුවට ආහාර ගෙනයාම කැපය;
  6. ඉර අවරට ගිය පසු ඇඟිල්ලෙන් වැළදීම කැපය;
  7. රෝගීන්ට මධ්‍යපානය කැපය;
  8. කිරිත් නොවු දීත් නොවූ කිරි බීම කැපය;
  9. දාවලු නැති ඇතිරිලි කැපය;
  10. රන් රිදී මසු කහවනු කැපය;
සර්වාස්ථිවාදීන්ගේ විනය ක්ෂුද්‍රක ග්‍රන්ථයෙහි දශ වස්තුව මෙලෙස දක්වා ඇත.
  1. යාවජීවක ලුණු යාවකාලික ආහාර හා මිශ්‍රකර වැළදීම කැපය;
  2. අතිරික්ත නොවූ ආහාර ඇඟිලි දෙකින් ගෙන වැළදීම කැපය;
  3. යොදුනක් හෝ අඩ යොදුනක් හෝ ගොස් එකට ආහාර ගැනීම කැපය;
  4. කිරි ද්‍රෝනයක් පමණ ගෙන දී කිරි හා මිශ්‍ර කර විකාලයේ වැළදීම කැපය;
  5. ලෙඩකුට කූඩැල්ලන්සේ උරා සුරා පානය කිරීම කැපය;
  6. පැරණි නිසීදනයේ සුගත් වියතක් පමණ කෑල්ලක් නොඅළලා අලුත් ඇතිරිල්ලක් පරිභෝග කිරීම කැපය;
  7. සුවඳවත් කළ පාත්‍රයක් මහාජනයා නිතර ගැවසෙන තැනක තබා පින් පිණිස රන් රිදී වලින් පාත්‍රය පුරවන ලෙස දන්වා සිටීම කැපය;
  8. සියතින් පොළව කැණීම කැපය;
  9. ආගමික කාර්යයන් කිරීමෙන් පසු පැමිණි සංඝයා ඒ පිළිබඳ සතුටුවන ලෙස පෙළඹවීම කැපය.
  10. ආගමික කාර්යයන්ගෙන් පසු "අහෝ" යයි හඬ නඟා ප්‍රකාශ කිරීම කැපය;
මෙලෙස ථෙරවාද, මහාසාංඝික, මූලසාර්වස්ථිවාදී යන සම්ප්‍රධායන්වල දශ වස්තුව අතර සුලුළු සුළු ලවෙනස්කම් පැවතියද මේවායෙහි එක්තරා පොදු බවක් විද්‍යමාන වෙයි.

සංගායනාව පැවැත්වූ ස්ථානය,[සංස්කරණය]

විශාලා මහනුවර වාලුකාරාමය

සංගායනාව සඳහා සහභාගිත්වය[සංස්කරණය]

ධර්මධර, විනයධර තෙරවරුන් 700නමකගේ සහභාගිත්වය ඇතුව සබ්බකාමී මහරහතන්වහන්සේ ප්‍රධානත්වය ගෙන ක්‍රීයා කළහ.(භික්ෂූන් වහන්සේලා හත්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට සත්තසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)

රාජ අනුග්‍රහය[සංස්කරණය]

කාලාශෝක රජතුමා

සංගායනාව පැවැත්වීම හා ප්‍රතිඵල[සංස්කරණය]

අට සක් පුරාවට පැවැත්වූ ඹමෙම සංගායනාවේ ප්‍රතිඵල වූයේ සංඝ සමාජය ප්‍රථම වතාවට නිකායවලට බෙදීම. අභිධර්ම ග්‍රන්ථයක්වූ කථාවත්ථුප්පකරණ සාකච්ජා කිරීම. මුල්ම සංඝ සමාජය ස්ථවිරවාදය හා මහා සාංඝික ලෙස ප්‍රධාන නිකායන් දෙකකට බෙදුණි.පසුව මෙය තවත් අනු නිකායන් කිහිපයකට බෙදී ගියහ.එය පහත සටහනින් නිරූපණයවේ.

Rohika Damma.JPG

ප්‍රථම ධර්ම සංගායනාව

ප්‍රථම ධර්ම සංගායනාව[සංස්කරණය]

විනය සංගීති නමින්ද මෙම සංගායනාව හඳුන්වයි.සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය.

ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව;[සංස්කරණය]

චුල්ලවග්ගයේ එන වාර්තාව අනුව ප්‍රථම සංගීතියට මුලික ලෙස හේතු දෙකක් පාදක වීඇත.
  1. සුභද්ද භික්ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය.
බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීම අසා සොවින් වැළපෙන පෘතග්ජන භික්ෂුන් අස්වැසීමට සුභද්ද භික්ෂුව කළ ප්‍රකාශය වුයේ "ඇවැත්නි; සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු."යි යන්නය.(ශාසන ඉතිහාසය,2007)
2.ධර්මය හා විනය අනාගතයෙහිදී පිරිහී අධර්මය,අවිනය රජ වෙතැයි ඇතිවූ භීතිය, බුද්ධ භාෂිත ලෙස බොරු සූත්‍ර සකස් කර ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එකළ තෙරවරු බිය වූහ.
මහා සාංඝික, මහීසාසක, ධර්මගුප්තික හා සර්වාස්තිවාදී සම්ප්‍රදායන්ට අයත් විනය ග්‍රන්ථ වලද ප්‍රථම ධර්ම සංගායනාවට හේතු මෙලෙස සඳහන්වේ.මෙම මුලික හේතුවට අමතරව තවත් හේතු රාශියක් පළමු සංගායනාව පැවැත් විමට හේතු වු බව මුලාශ්‍ර වළ හදුනාගත හැකිය.ඒ අතර මුලික වන්නේ බුදුන් ජිවමාන කලයේදි සංඝ සමාජය තුල විවිද ගැටලු පැවති අතර ඒම ගැටලු උන්වහනසේගෙන් පසුව තව තවත් බහුල විය හැකි නිසා සංගායනාවක් පවත්වන්නට අවශ්‍ය වන්නට ඇත.මන්ද සුභද්ද වුව ඉහත ආකාරයේ ප්‍රකාශයක් බුද්ධ පරිනිර්වාණයත් සමගම සිදු කිරිම බුදුන් ජිවමාන කාලයේ පැවති ගැටලු වල ප්‍රතිඵලක් බව සිතිය හැකිය.

සංගායනාව සඳහා සහභාගිත්වය,[සංස්කරණය]

මහරහන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වය තිබූ අතර මුලිකත්වය ගෙන කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය.(භික්ෂුන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට පංචසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)

සංගායනාව පැවැත්වු ස්ථානය[සංස්කරණය]

ථෙරවාදී මුලාශ්‍රවල සඳහන් පරිදි රජගහ නුවර වේහාර පර්වතප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරය.

සංගායනාව සඳහා රාජඅනුග්‍රහය[සංස්කරණය]

වංශ කථාවන්හි හා සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් පරිදි අජාසත් රජතුමාගෙනි.

සංගායනාව පැවැත්වූ ආකාරය[සංස්කරණය]

උපාලි හිමියන්ගෙන් පළමුව විනය ප්‍රශ්න විචාළහ. නිදාන පුග්ගල, වස්තු, ප්‍රඥප්ති,අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති යනාදී විස්තර සහිතව භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද සියල්ලම පුජ්ජාවිස්සජ්න ක්‍රමයෙන් විනය සංගායනා කළහ. අනතුරුව, ධර්ම සංගායනා කළහ. ප්‍රශ්නෝත්තර ක්‍රමය මේ සඳහා යොදා ගත්හ. අනඳ තෙරණුවන් ලවා පංචනිකායම සංගායනා කළහ.සුත්‍ර පිටකය හා අභිධර්මය මෙහිදී සංගායනාවට භාජනය විය.
ඛුද්දානු ඛුද්දක ශික්ෂාපද පිළිබඳව සාකච්ජා කළහ.සංගායනාවෙන් පසුව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවීය.
අනඳ තෙරුන්ට එරෙහිව චෝදනා 5ක් සංගීතිය අවසානයේඑල්ල වූ අතර තමන් එයට නිර්දෝශී වීමට හේතු සාධකද අනඳ තෙරුන් විසින් ඉදිරිපත් කළහ.
1.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම. බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව.
2.බුදු රදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම. සිවුර මසද්දී සහාය වීමට කිසිවෙකු නොසිටි බැවින් එසේ කරන්නට සිදු විය.
3.බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම. බුදු රදුන්ගේ ශ්‍රි දේහයට බුහුමන් දැක්වීමට පැමිණි මහා ජනකාය බහුල වීම නිසා කාන්තාවන්ට කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට ඉඩ සැලැස්වීම.
4චේතියේ දී බුදුන් පිරිනිවි පාන බව අඟවද් දී කල්පයක් ඡීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම. තමන්ගේ සිත ද එවෙළෙහි මරුට වසඟව තිබු හෙයින් එසේ ඉල්ලා සිටීමට නොහැකි වීම.
5.තථාගත ශාසනයේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත්වීම. ප්‍රජාපතී ගෝතමිය කෙරෙහි තිබූ මහත් ගෞරවය නිසා එලෙස කිරීම.
අනඳ හිමියන්ට එරෙහිව පැවති චෝදනා 5ට අතිරේකව ටිබෙට් දුල්වා ග්‍රන්ථයෙහි තවත් චෝදනා 2ක් දක්වා ඇත.
  1. පිරිනිවන් පෑමට සිටියදී බුදුරදුන් පිපාසිතව වතුර ස්වල්පයක් ඉල්ලූ අවස්ථාවෙහි පැන් නොදී සිටීම.
  2. බුදු සිරුරේ රහස් ස්ථාන රාගී ගිහියනට පෙන්වීම.

පළමු සංගායනාවේ ප්‍රතිඵල:,[සංස්කරණය]

  1. එක් එක් ධර්ම කොටස් භික්ෂු පරම්පරාවන්ට ආරක්ෂා කොට පවත්වා ගෙන යාම සඳහා පැනවීම.
  • දීඝ නිකාය- ආනන්ද හිමි ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
  • සංයුත්ත නිකාය- මහා කාෂ්‍යප හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
  • අංගුත්තර නිකාය -අනුරුද්ධ හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
  • මජ්ඣිම නිකාය- සැරියුත් හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
  • ඛුද්දක නිකාය -සියලුම වහන්සේලා එක්ව මුඛ පරම්පරාගතව
Sadaham-080708.jpg
  1. ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද වෙනස් නොකිරීම.