|
Showing posts with label ගෞතම බුදුරජාණන් වහන්සේ. Show all posts
Showing posts with label ගෞතම බුදුරජාණන් වහන්සේ. Show all posts
Sunday, October 19, 2014
බුදුරජාණන් වහන්සේ උත්තරීතර මිනිසෙකි
Saturday, October 18, 2014
බුද්ධත්වයට පත්වීම
ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ.
උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. ඇතැමුන් පවසන පරිදි එය සිදුවුයේ පස්වන චන්ද්‍ර මාසේ වන අතර, තවත් සමරෙක්ට අනුව දොළොස්වන මාසයේදී එය සිදුවිය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව බුද්ධ හෙවත් "අවබෝධය ලබාගත් තැනැත්තා" ලෙස හැඳින්විණි. බුද්ධ ධර්මයේ එතුමාශාක්‍ය මුනි බුද්ධ හෙවත් "ශාක්‍ය කුලයේ" අවබෝධය ලබාගත් තැනැත්තා ලෙස හැඳින්වේ.
එම අවස්ථාවේදී උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.
ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සඳහන් වන කථාවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සඳහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.
මුල් ජීවිතය හා විවාහය
සුඛෝපභෝගී ජීවිතයකට උරුම ලද සිද්ධාර්ථ කුමරුට විවිධ සෘතු වලදී විසීමට විශේෂයෙන් තැනු මාළිගා තුනක් තිබුණි. එම මාළිගා තුන රම්‍ය, සුරම්‍ය, සුභ යනුවෙන් හැඳින්විණි. සිද්ධාර්ථ කුමරු බලවත් රජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ආගමික ඉගැන්වීම් හා මිනිසුන්ගේ දුක් කම්කටොළු පිළිබඳව සිද්ධාර්ථ කුමරුට දැනගැනීමට ඉඩ නොතැබුවේය. සිද්ධාර්ථ කුමරුන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වූ මහාප්‍රජාපතී ගෝතමී දේවියයි.
සිදුහත් කුමරුට වයස 16 ක් සම්පූර්ණ වූ පසු සුද්දෝදන රජතුමා විසින් ඔහුව යශෝධරා කුමරියට විවාහ කර දෙන ලදි. යශෝධරා කුමරිය සිද්ධාර්ථ කුමරුගේ සම වයසේ පසු වූ ඔහුගේ ඥාති සොහොයුරියකි. ඇය පුතෙක් බිහි කළාය. ඔහු රාහුල නම් විය. අවුරුදු 29 ක් ගිහිගෙහි සැපවිඳි සිද්ධාර්ථ කුමරු සතර පෙරනිමිති දැක ගිහිගෙයින් නික්ම ගියේය.
සිද්ධාර්ථ කුමරු
මෞර්ය පෙළපතේ ආශෝක රජතුමාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 කට පමණ පෙර සිදුහත් කුමරු උපත ලැබුවේ ය.සිදුහත් කුමරු ලුම්බිණියේ උපත ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වූ සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු එතුමාගේ පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතට අනුව සිදුහත්කුමරුගේ මව වන මහාමයා දේවීය දරු ප්‍රසූතියට ආසන්න වූ පසු තම පියාගේ රාජධානිය බලා පිටත්ව ගියාය. ඒ යන අතරමඟදී ලුම්බිණි සල් උයනේදී සල් ගසක් යට දී ඇය සිදුහත් කුමරුව මෙලොවට බිහි කළාය.
සිදුහත් කුමරු උපත ලැබු දිනය නිමිති කරගෙන ථේරවාද බුදුදහම පවතින රටවල වෙසක් උත්සවය සැමරේ. සිදුහත් කුමරුගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරුවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තැබිණි. අසිත තාපසතුමා මෙම දරුවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ සිද්ධාර්ථ කුමරු අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම හේතුකර ගෙන සහ කුමරුගේ ශරීර ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. සුද්ධෝදන රජතුමා කුමරුගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙකුට ආරාධනා කළේය. ඒ සියළු දෙනාම කුමරු බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කළහ.
ඒ අතරින් කොන්ඩඤ්ඤ බමුණා පමණක් සිද්ධාර්ථ කුමරු අනිවාර්යෙන්ම බුද්ධත්වය ලබාගන්න බව ස්ථීරවම ප්‍රකාශ කළේය. පසුව ඇතිවු පුරවෘත්ත වලට අනුව සුද්දෝධන රජතුමා සූර්ය රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගෙන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකිණි. බොහෝ විද්වතුන් විශ්වාසය වන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයකින් තෝරාපත්කර ගත් නායකයකු බවයි.
සිද්ධාර්ථ කුමරු
කපිලවස්තු නුවර පාලනය කල සුද්ධෝදන රජතුමා, කෝලිය වංශික කුමාරියක වූ මහමායා කුමාරිය හා විවාහ වී සිටියේය. ඔවුන් දැහැමෙන් සෙමෙන් රට පාලනය කල අතර රට වැස්සෝද ඔවුන්ට ආදරය කළහ. ඔවුන් දරුවෙකු බලාපොරොත්තුවෙන් දීර්ඝ කාලයක් බලා සිටියහ.
එක් පෝය දිනක මහමායා දේවිය අපූරු සිහිනයක් දුටුවේය. එනම්, "ඇය නිදා සිටි ඇඳ දෙවිවරු සතරදෙනෙක් විසින් ඔසවාගෙන හිමාලය වනයේ වූ අනෝතත්ත අසලට ගෙන ගියේය. ඉන්පසු ඇය එම විලෙන් ස්නානය කල පසු එම දෙවිවරු ඇය ඉතා සිනිදු සළු පිළි හැන්දුවේය. ඉන්පසු සුදු පාට ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් හොඬයෙන් ගෙන ඇය නිදා සිටි ඇද වට තුන් වරක් පැදකුණු කර දකුණු පසින් තම කුසතුලට ඇතුලු වනු ඇය දුටුවාය."
පසු දින ඇය මේ බව රජතුමාට පැවසුවාය. එවිට රජතුමා සිහින පලාඵල දත් බමුණන් කැඳවා සිහිනය විමසූ අතර ඔවුන් පැවසුවේ "දේවිය පිළිසඳ ගෙන ඇති බවත්, දේවිය ඉතාමත් පින්වත් කුමරෙකු බිහි කරන් බවත්ය". එය ඇසූ රජ හා දේවිය බොහෝ සේ ප්‍රීතියට පත්විය.
මාස දහයකට පසු එක දිනක මහමායා දේවිය දරුවා ලැබීම සඳහා තම දෙමාපියන් හමුවීමට යෑමට සුදානම් වූවාය. සුද්ධෝදන රජතුමා ඒ සඳහා අවශ්‍ය සියලුම දේ සකස් කර දුන් පසු මහමායා දේවිය තම පියාගේ රාජධානියට යන්නට පටන් ගත්තාය.
මෙලෙස බොහෝ දුරක් ගිය පසු ඇය සල් ගස් පිරුණු, කුරුල්ලන් ගී ගයන මනරම් උයනක් දැක්කාය. ඇය විඩා නිවා ගැනීමට එහි නතර වූවාය. එහි නතර වූ ඇයට ටික වෙලාවකින් විළිරුදා දැණුනි(විළිරුදා යනුවෙන් සඳහන් කළද සැබෑවටම මවට සහ දරුවාට වේදනාවක් නොවීය). රාජ සේවිකාවෝ ඇය වට තිර රෙදි ඇද්දාහ. ටික වේලාවකින් පින්වත් කුමරෙකු මෙලොවට බිහි විය. (ක්‍රි.පූ 623 ) එම දිනය වෙසක් පොහොය ලෙස හඳුන්වයි.
උපත් ලැබූ සිදුහත් කුමරා සත් පියවරක් ඉදිරියට තබා ,
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
පුට්ඨෝ හමස්මි ලෝකස්ස
ආය මන්තිමා ජාති නත්ථි දානි පුනර්භවෝ
යනුවෙන් පැවසීය.
අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස
පුට්ඨෝ හමස්මි ලෝකස්ස
ආය මන්තිමා ජාති නත්ථි දානි පුනර්භවෝ
යනුවෙන් පැවසීය.
එකල සුද්ධෝදන රජුගේ ගුරුවරයෙකු වූ කාල දේවල නම් බ්‍රාහ්මණයෙක් සිටියේය. මිනිසුන් ඔහුව හැඳින්වූයේ "අසිත බමුණා" යන නමිනි. ඔහු වනයට වී තපස් වඩමින් සිටි තාපසයෙකි. කුමරු ඉපදුණු බව අසා පසු දින ඔහු සුද්ධෝදන රජතුමාගේ මාලිගයට පැමිණියේය.
එවිට රජතුමා කුමාරයා ගෙනවිත් බමුණාට පෙන්වූයේය. බමුණා පාද යට අතට සිටින සේ කුමාරයා ගත් නමුත් එකවරම පාද ඉහලට එසවිණි. එවිට අසිත බමුණා කුමාරයාගේ යටි පතුල් පරීක්ෂා කර බලා එහි වූ මඟුල් සලකුණු දැක "මේ කුමාරයා යම් දිනෙක මේ තුන් ලෝකෙටම උතුම් වූ ගුරුවරයෙක් වෙතැයි" පැවසීය. එසේ පවසා අසිත බමුණා කුමාරයාට වැන්දේය. මෙය දුටු සුද්ධෝදන රජතුමාද කුමාරයාට වැන්දේය. මේ පළමුවර වැඳීමයි.
කුමරු ඉපදී දවස් පහකට පසු රජතුමා කුමාරයාට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවීය. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවිට එහි සිටි ලාබාළම කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළලෙහී දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව දැක එක ඇඟිල්ලක් ඉහලට ඔසවා "මේ කුමාරයා මතු යම් දිනෙක ගිහි ගෙයින් නික්මී බුද්ධත්වයම ලබන බව" පැවසීය.
ඉන්පසු එම බමුණන් තුන් ලොවටම යහපතක් කරන තැනැත්තා යන අර්ථයෙන් සිදුහත් (සිද්ධාර්ථ ) යන නම තැබීය.
සිදුහත් කුමරු ඉපදී දවස් හතකට පසු මවු දේවිය වූ මහමායා දේවිය මිය ගියාය. ඒ වනවිට සිදුහත් කුමරු කුඩා ළමයෙකු වූ හෙයින් ඔහුව රැකබලා ගැනීම සිදුහත් කුමාරයාගේ සුළුමව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවියට පැවරුණි. මියගිය මහමායා දේවිය දෙව්ලොව මාතෲ දිව්‍යරාජයා නමින් උපත ලැබුවාය.
ටික කලකට පසු කුඹුරු සී සෑමේ කාලය ලඟා වුණි. මෙය ආරම්භ වන්නේ රජතුමා සහභාගී වන රාජකීය උත්සවයකිනි. එම උත්සවය වප් මඟුල් උත්සවය නමින් හඳුන්වයි. කුමරුට පස් මසක් වන විට වප්මඟුල් උත්සවය සංවිධානය කෙරුණි. කුමාරයාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා අනෙකුත් කිරිමවුවරුන්ද, සේවිකාවන්ද උත්සවයට සහභාගී වූහ. සේවිකාවන්ද කුමාරයාට හිරුරැස් නොවැටෙන සේ තිර රෙදිවලින් ආවරණය කර උත්සවය බැලීම පිණිස ගියහ.
වටපිට බැලූ සිදුහත් කුමාරයාට දැක ගැනීමට හැකිවූයේ තමන් පමණක් සිටින බවත්, අවට කිසිවෙකුත් නැති බවත්ය. එවිට කුමාරයා සංසාරික පුරුද්දට අනුව තමන් පුරුදු පුහුණු කල ආනාපාන සති භාවනාව වඩන්නට වූහ. ටික වෙලාවක් යද්දී ධ්‍යානයක් උපදවා ගත් කුමාරය අහසේ පලක් බැඳ භාවනා කරන්නට විය.
ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක මේ මාගේ දෙවන වැඳීමයි යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.
බමුණන් විසින් සිදුහත් කුමාරයා යම් දිනෙක ගිහි ගෙය හැර යන බව පැවසීම නිසා ඒ පිළිබඳව බියෙන් පසුවූ සුද්ධෝදන රජතුමා කුමාරයාට ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට ඉඩ පහසුකම් සැලසුවේය. සුදුසු කල පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර හැදැරීමට යවා සියලුම ක්ෂේත්‍රයන්හි කෙළ පැමිණියෙක් බවට පත්කලේය. ඔහු මේ සියල්ලම කලේ යම් දිනෙක තමාගෙන් පසු කිඹුල්වත්පුර රාජධානිය ඔහුට පවරා දීමේ අරමුණිනි. එසේම සරත්, ශීත සහ වැසි යන සෘතු තුනේදී විසීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභනමින් මාලිගා තුනක්ද තනා දුන්නේය.
එසේම කොණ්ඩඤ්ඤ සහ අසිත බමුණන් විසින් කුමාරයා යම් දිනෙක මහල්ලෙක් හෝ ලෙඩෙක් හෝ මළමිනියක් හෝ පැවිදි රුවක් හෝ දුටුවොත් ගිහි ගෙයින් නික්මෙන බව පැවසූ නිසා රාජධානියේ සිටි කිසිම මහල්ලෙකුට, ලෙඩෙකුට හෝ පැවිදි අයෙකුට මාළිගවට ඇතුළු වීම තහනම් කලේය. එසේම මිනිසුන්ට ලෙඩ පිළිබඳව, මරණය පිළිබඳව, පැවිදි විම පිළිබඳව කතා කිරීමද තහනම් කලේය. රජතුමා මේ සියල්ලම කලේ ඔහුව ගිහි ගෙයිම රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
කුමාරයා සතුටෙන් තැබීම පිණිස විවාහයක් කර දිය යුතුයැයි පඬිවරු පැවසීය. ඒ අනුව රජතුමා සිදුහත් කුමාරයාට සොළොස් වසක් වූ කල (දහසය අවුරුද්දක් ) කුමාරයා විවාහ කර දිමට තීරණය කලේය. ඒ අනුව කෝලිය වංශික යශෝධරා කුමාරියව සරණ පාව දීමට තීරණය කෙරුණි.
නමුත් සිදුහත් කුමාරයා පිළිබඳව ඔවුන් හොඳන් නොදැන සිටියහ. කුමාරයා ශිල්ප ශාස්ත්‍ර හැදැරූ බවක්වත් ඔවුන් නොදැන සිටියහ. එම නිසා යශෝධරා කුමාරියගේ පියාණන් වන සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය සිදුහත් කුමාරයාට සරණ පාවා දීම ප්‍රතික්ෂේප කළේය.
ඉන්පසු සිදුහත් කුමාරයා තම නෑ සියන්ගේ අනවබෝධය දුරු කිරීම සඳහා ශිල්ප ශාස්ත්‍ර දැක්වීය. එයින් සතුටට පත් සුප්‍රබුද්ධ රජතුමා තම දියණිය වන යශෝධරා දේවියව සිදුහත් කුමාරයාට සරණ පාවා දුන්නේය.
ඉන්පසු සුද්ධෝදන රජතුමා කුමාරයාගේ මාලිගාව සහ උද්‍යානය වටවන පරිදි විශාලා තාප්පයක් තැනුවේය. රජතුමා මේ සියල්ලම කලේ යම් දිනෙක මේ සැප සම්පත් සියල්ලම හැර දමා මහණ වෙතැයි ඇතිවූ බිය නිසාමය. කෙසේ වෙතත් සිදුහත් කුමාරයාට මෙලෙස සිරකාරයෙක් මෙන් ජීවත් වීම අප්‍රිය විය. ඔහු නිතරම සෙවුයේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද යන්නයි.
දිනක් කුමාරයා රජතුමා හමුවට ගොස් තමන් මාළිගයෙන් පිටතට ගොස් අනෙක් ජනතාව ජීවත් වන්නේ කෙසේදැයි සෙවීමට අදහස් කරන බව පැවසීය. රජතුමා එවිට කුමාරයට මඳ වේලාවක් නවතින්න යැයි පවසා තමන්ගේ සේවකයන් ලවා නුවර සම්පූර්ණයෙන්ම සරසා කුමරුට යන්නැයි පැවසුවේය.
Subscribe to:
Comments (Atom)

