ශ්‍රමණ භාවයට පත්වු සිද්ධාර්ථ තවුසා ආනාපානසති භාවනාවට (හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ අවධානය) යොමු වීමෙන් පසු මධ්‍යම ප්‍රතිපදාව (සැප විඳීමට ඇති දැඩි ඇල්ම හා අධික ලෙස දුක් විඳීම යන අන්ත දෙකෙන්ම ඈත්ව මධ්‍ය මාර්ගයේ ගමන් කිරීම) අවබෝධ කරගත් සේක. දුක්ෂර ක්‍රියාකිරීමෙන් ඇතිවූ කෘෂ වු පෙනුම නිසා උන්වන්සේව දැක මේ තමාගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරදුන් දෙවියෙකු යැයි වරදවා වටහාගත් සුජාතා නම් සිටු දේවිය උන්වහන්සේට කිරිපිඬු දානයක් පිළිගැන්නුවාය. ඉන්පසු වර්තමානයේ බුද්ධගයාවේ බෝධි වෘක්ෂය නමින් හැඳින්වෙන ඇසතු ගස මුල හිඳගෙන සත්‍ය සොයා ගන්නා තුරු නොනැගිටිමියි යැයි සිද්ධාර්ථ තවුසාණෝ අධිෂ්ඨාන කරගත්හ.
උන්වහන්සේ සත්‍ය සෙවීම අතහැරිය බව සිතූ කොන්ඩඤ්ඤ හා අනෙක් තවුසන් සතරදෙනා උන්වහන්සේගේ ශිෂ්‍ය භාවය අතහැර ගියහ. එලෙස දින 49 ක් භාවනා කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 35 දී උන්වහන්සේ බුද්ධත්වයට පත්වුහ. ඇතැමුන් පවසන පරිදි එය සිදුවුයේ පස්වන චන්ද්‍ර මාසේ වන අතර, තවත් සමරෙක්ට අනුව දොළොස්වන මාසයේදී එය සිදුවිය. ගෞතම බෝධිසත්වයෝ ඉන්පසුව බුද්ධ හෙවත් "අවබෝධය ලබාගත් තැනැත්තා" ලෙස හැඳින්විණි. බුද්ධ ධර්මයේ එතුමාශාක්‍ය මුනි බුද්ධ හෙවත් "ශාක්‍ය කුලයේ" අවබෝධය ලබාගත් තැනැත්තා ලෙස හැඳින්වේ.
එම අවස්ථාවේදී උන්වහන්සේ සත්වයාගේ දුක් විදීමේ ස්වභාවය හා එයට හේතු පිළිබඳ අවබෝධ කර ගත්හ. එයට හේතුව වන අවිද්‍යාව හා එය නැතිකිරීමට අවශ්‍ය පියවර ද උන්වහන්සේ අවබෝධ කරගත් සේක. එලෙස අවබෝධ කරගත් සත්‍යය චතුරාර්ය සත්‍ය ලෙස කොටස් හතරකට වර්ග කෙරේ. සියළුම සත්වයන්ට ලබාගත හැකි අති ශ්‍රේෂ්ඨ විමුක්තිය නිර්වාණය නම් වේ. සියළුම බුදුවරුන් තුළ පවතින උතුම් ගුණ නවය (නව අරහාදී බුදුගුණ) උන්වහන්සේ තුළ ද විය.
ආයචන සුත්‍රයේ (සංයුක්ත නිකාය vi - i) සඳහන් වන කථාවකට අනුව (පාලි ධර්ම ග්‍රන්ථ වල සඳහන් ) බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පැමිණිමෙන් අනතුරුව තමන් අවබෝධ කරගත් ධර්මය අන්‍යන්ට දේශනා කළ යුතුද, නැද්ද, යන්න කල්පනා කළ සේක. තණ්හාව, වෛරය හා මෝහයෙන් මුලාව සිටින මිනිසාට සියුම්, ගැඹුරු හා තේරුම් ගැනීමට අපහසු මෙම ධර්මය නියමාකාරයෙන් අවබෝධ කරගත හැකිවේදැයි උන්වහන්සේ සිතූහ. එහෙත් සහම්පතී නම් බ්‍රහ්මයා මැදිහත් වී ධර්මය අවබෝධ කර ගැනීමට සමත් පිරිසක් ද සිටිය හැකි බව පැවසීය. බුදුරාජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්ත නිසා ලෝක සත්වයින්ගේ ගුරුවරයා බවට පත්වීමට එකඟ වූහ.
No comments:
Post a Comment