අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.
මාස 03ක් මුළුල්ලෙහිම භික්ෂුව සහ ගිහියාගේ ක්‍රියාකාරකම් විනය ප්‍රඥප්ති කඩ නොකොට ආරක්ෂා වන්නේ නම් ඒ තුළ කඨින පින්කමක් චීවර මාසය තුළ සිදුකළ හැකිය. මේ නිසාම වස් වසන සෑම තැනකම කඨිනයක් නියමාකාරයෙන් සිදුකිරීමේ වාතාවරණ සැලසෙන්නේ නැත. භික්ෂුව මෙන්ම ගිහියා විසින්ද මේ ස්වභාවය පිළිබඳ නිවැරදි අවබෝධය සකසාගත යුතුය. ලෝකමානයෙන් පින්කම් කිරීම අතහැර අවබෝධයෙන්ම පින්කම්හි නිරත වීම වඩාත් කුසල් සම්පාදනයට හේතුවේ.
වස් විසීමේදී සෙනසුන් තෝරා ගැනීමේ සිට විනයානුකූලව කටයුතු කිරීම අවශ්‍යය. මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි සෙනසුන් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණාවන් කිහිපයක් මෙසේ දක්වා ඇත.

1. වන සතුන්ගෙන් හිරිහැර වන ස්ථාන
2. සොරුන්ගෙන් කරදර ඇතිවන ස්ථාන
3. අමනුෂ්‍ය කරදර ඇති ස්ථාන
4. දායකගම (ගොදුරුගම) ගින්නෙන් විනාශ වීම
5. ගොදුරුගම ජලයෙන් යටවීම
6. වැඩ වෙසෙන සෙනසුන ජලයෙන් යටවීම
මෙවැනි ස්වභාවික විපත් ඇති වුවහොත් භික්ෂුවට සෙනසුනේ සිටීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. එහෙයින් සමාදන් වූ ශික්ෂාව ජේදනය විය හැකිය. වස් විසීමේදී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
වස් විසීම ආරම්භ කළ දින සිටම පවාරණය දක්වාම දායකයා පැහැදෙන අයුරින් භික්ෂුව සිටිය යුතු වේ. ධර්මයට අනුව භික්ෂුව නිරන්තරවම ගිහියාගේ ශ්‍රද්ධාව වැඩි වන ලෙස සිටීම අතිශය වැදගත්ය. වස් කාලසීමාව නිරන්තරවම පැහැදීම ජනිත වන ලෙස විසිය යුතුවේ.
අප්පසන්නානං වා පසාදාය
පසන්නානං වා භීයේයාභාවය
“නුපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම පිණිසත් භික්ෂුව ක්‍රියා කළ යුතුය”
වස් ආරාධනා කරනු ලබන දායක පිරිස මෙන්ම සමාදන් වන භික්ෂුවද තම තත්ත්වයට නොසුදුසු කතාවෙන් ඉවත්විය යුතුය. විශේෂයෙන් ඒ බව ධම්ම පදයේදී පවා නිරන්තරව සඳහන් වේ. අනුන්ගේ අඩුලුහුඬුකම් සෙවීමෙන් ඉවත්ව තම තමන්ගේ දුර්වලතාවයන් හඳුනාගත යුතුය. තවෙකු විසින් කළ නොකළ දෑ නොසොයා තමා විසින් කළ යුතු දේ මෙන්ම මතෛක් නොකළ දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
න පරේසං විලෝමානි
නපරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
“අනෙකා කළ නොකළ දෑ වැඩක් නැත. තමා විසින් කළ යුතු දේ පිළිබඳව සොයමින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න”
පරාභව මෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේදීද ඉහත ගුණයම අවධාරිතය ‘නිද්ද්‍රාශීලී සභාසීලී” ලෙස පරාභව සූත්‍රයේදී අවධාරණය කරනුයේ අර්ථ විරහිත වචනයෙන් කාලය වැය කිරීම, පිරිහීම හෙවත් පරාභවයට හේතුවන බවයි. “අප්පකිච්චෝ” යනුවෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙහිදී අවධාරණය වන්නේ නිවන් සාධනයෙහිලා අල්පකෘත්‍ය හෙවත් වැඩ කටයුතු අඩු කෙනෙකු විය යුතු බවය. වැඩකටයුතු අඩු යන්නෙන් පැහැදිලි කරනුයේ තම අරමුණට නොවැදගත් දෑ බැහැර කිරීමයි. වස් සමාදන් වන භික්ෂුව මෙන්ම ගිහියාද තම අරමුණ අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම චතුර්විධ වාග් දුශ්චරිතයෙන් ඉවත් විය යුතුවේ. කඨින පින්කම අරමුණක් කොට ගනිමින් එයම කමටහනක් බවට පත්කර ගැනීම තුළ වෙන අරමුණු තමාට නොයෙයි. එයම චිත්ත සමාධියට මගකි. තුන් මාසය පුරාම යමෙකු එම සිතුවිල්ලෙන් කල් ගෙවන්නේද එයම කඨිනානිසංස වර්ධනයට හේතුවක් වේ.
ගිහියා හෝ පැවිද්දා නිවන අරමුණු කරන්නේ නම් ඔහු විසින් අත්හළ යුතු කතා 32ක් (දෙතිස් කතා) ධර්මයෙහි සඳහන්ය. මෙම අනවශ්‍ය කතා වෙනත් කාලයන්ටත් වඩා වස් කාල සීමාවට බොහෝ සෙයින්ම අදාළ කරගත හැකිය. එය මෙසේ දැක්විය හැකිය.
1. රාජ කතා - රජුන් පිළිබඳ කතා 2. චෝර කතා - සොරුන් පිළිබඳ කතා 3. මහ ඇමැතිවරුන් පිළිබඳ කතා 4. යුද්ධ සේනාවන් පිළිබඳ කතා 5. බියවීම පිළිබඳ කතා 6. යුද්ධයන් පිළිබඳ කතා 7. ආහාර පිළිබඳ කතා 8. පාන වර්ග පිළිබඳ කතා 9. ඇඳුම් පිළිබඳ කතා 10. මල් මාලා ආදිය පිළිබඳ කතා 11. සුවඳ වර්ග පිළිබඳ කතා 12. නෑයන් පිළිබඳ කතා 13. රථවාහන පිළිබඳ කතා 14. ගම් පිළිබඳ කතා 15. නියම් ගම් පිළිබඳ කතා 16. නගරයන් හි සුන්දරත්වය පිළිබඳ කතා 17. ජනපදයන් පිළිබඳ කතා 18. ස්ත්‍රීන් පිළිබඳ කතා 19. ශූර ක්‍රියා පිළිබඳ කතා 20. මත්පැන් පිළිබඳ කතා 21. වීථි හෙවත් මාර්ග පිළිබඳ
කතා 22. පැන් තොටට එන ස්ත්‍රීන් පිළිබඳ කතා 23. පූර්ව ප්‍රේතයන් පිළිබඳ කතා 24. නිශ්චල දේ පිළිබඳ කතා 25. ලෝකය පිළිබඳ අර්ථ විරහිත කතා 26. සාගර පිළිබඳ කතා 27. නොනැසී පවතින ආත්මයක් පිළිබඳ කතා 28. සියල්ල මරණයෙන් කෙළවර වේ නැවත භවයක් නැත පිළිබඳ කතා 29. ධන ධාන්‍යයෙන් සම්පත්වලින් වැඩේ යැයි අනෙකාගේ දියුණුව පිළිබඳ හිස් කතා 30. බොහෝ දෙනාගේ විනාශය පිළිබඳ කතා 31. පස්කම් සුවය පිළිබඳ කතා 32. ශරීරයට දුක්දීම නිවනට හේතුවේ ආදී වශයෙන් සිදුවන නිරර්ථක කතා
ඉහත දක්වන ලද කතා තුළින් ලෝභය වැඩි වී ද්වේෂය
ඉපදීම සිදුවේ. එය මෝහය වර්ධනය වීමකි. ආධ්‍යාත්මික පාරිශුද්ධිය මගහර වන්නකි. ධර්ම දේශන උපදෙස් දීමේදී අදාළ කරුණු ඔප්පු කිරීම විෂයෙහි සත් ච්ෙතනාවෙන් සිදුකරන එවැනි කතා අකුසල් නොවේ. අයහපතින් වැළකීම චාරිත්‍ර ශීලයට අයත් අතර යහපත් යමක යෙදීම චාරිත්‍ර ශීලයයි. වස් සමය චාරිත්‍ර ශීලය වර්ධනය කරන කාලසීමාවක් කරගත යුතුය.
වස් ආරාධනා කර වස් සීලයෙහි පිහිටීම, ස්තූපයක අත්තිවාරම හා සමානය, කඨින චීවරය පූජාව කොත් පැළඳවීම වැනිය. එසේ නම් කොතක් පැළඳවීමට අංගසම්පූර්ණ ස්තූපයක් අවශ්‍ය වේ. වස් තුන් මාසය පුරාම ගිහියා මෙන්ම පැවිද්දා විසින් කඨිනය, අරමුණු කර ගනිමින් යහපත් බාහිර ක්‍රියාකාරකම් මගින් ආධ්‍යාත්මය සංවර්ධනය කරගත යුතුවේ. ඉහත දැක්වූ අයහපතෙන් ඈත්ව යහපතෙහි පිහිටීම වැදගත් වේ. වස් ශික්ෂාව නැවත නැවත ස්මරණය කළ යුතුය. භික්ෂුවට සිව් පසයෙන් උපස්ථාන කළ යුතුය. රාත්‍රියට පමණක් නොව උදේ දවල් දානය ලැබුණේදැයි සෙවිය යුතුය. මෙය ස්තූපයේ ආසනය, පේසාවළලු, දේවතාකොටුව, හතරැස් කොටුව, කොත් කැරැල්ල වේ. භික්ෂුව නිරන්තර දායක පිරිසට ධර්මය කියා දිය යුතුය. එය ස්තූපයේ ගර්භයයි. මෙලෙස ගිහි පැවිදි දෙපක්ෂයම වස් කාලය ගත කරන්නේ නම් කඨිනය නැමති කොත පළඳවා දෙව් මිනිස් සැප කෙළවර උතුම් නිවන සාක්ෂාත් කරගත හැකිවේ.

No comments:
Post a Comment