තුන්වන ධර්ම සංගායනාව[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: තුන්වන ධර්ම සංගායනාව
බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීයතිස්හයකට පසුව මාස නවයක් පුරා සිදු කළහ.
ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු,[සංස්කරණය]
සංඝයා අතර අසමගිය ඇතිවීම හා ලාභ අපේක්ෂාවෙන් අන්‍යතීර්ථකයන් සසුනට ඇතුළුවීම.
සංගායනාව පැවැත්වූ ස්ථානය[සංස්කරණය]
පැළලුප් නුවර අශෝකාරාමය
සංගායනාව සඳහා සහභාගිත්වය[සංස්කරණය]
රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගිත්වයඇතිව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙනි.(රහතන් වහන්සේලා දහස් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බැවින් මෙයට සාහස්සිකා සංගීති යැයි ද කියනු ලැබෙ)
ධර්ම සංගායනාවේ ප්‍රතිඵල[සංස්කරණය]
- මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කථාවත්ථුප්පකරණය රචනා කිරීම
 - අභිධර්ම පිටකයසප්තප්‍රකරණයෙන් යුතුව සම්පූර්ණ කිරීම
 - ථෙරවාද සම්ප්‍රදාය සතු පාලි ත්‍රිපිටකය සම්පූර්ණ කිරීම
 - ධර්ම දූත සේවාව ආරම්භ කිරීම.
 
ධර්ම විනයධර ප්‍රබල තෙර නමකගේ නායකත්වය යටතේ රටවල් නවයකට ධර්මදුත පිරිස් පිටත්කර යැවූ බව වංස කතාවල සඳහන් වෙයි. රට ප්‍රධානත්වය
- කාශ්මීර-ගන්ධාර -මජ්ඣන්තික තෙරණුවෝ
 - මහිස මණ්ඩලය- මහාදේව තෙරණුවෝ
 - වනවාස දේශය -රක්ඛිත තෙරණුවෝ
 - අපරන්ත දේශය- යෝනක ධම්මරක්ඛිත තෙරණුවෝ
 - මහාරට්ඨය -මහාධම්ම රක්ඛිත තෙරණුවෝ
 - යෝනක දේශය- මහාරක්ඛිත තෙරණුවෝ
 - සුවණ්ණ භූමිය -සෝණ හා උත්තර තෙරණුවෝ
 - හිමවන්ත ප්‍රදේශය -මජ්ඣිම තෙරණුවෝ
 - තම්බපණ්ණි දීප -මහා මහින්ද තෙරණුවෝ
 
මුලාශ්‍ර[සංස්කරණය]
- "ශාසන ඉතිහාසය",බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව,රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව,පාදුක්ක.
 
No comments:
Post a Comment