ප්‍රථම ධර්ම සංගායනාව[සංස්කරණය]
ප්‍රධාන ලිපිය: ප්‍රථම ධර්ම සංගායනාව
විනය සංගීති නමින්ද මෙම සංගායනාව හඳුන්වයි.සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මෙම සංගායනාව පවත්වා ඇත.මෙහි අරමුණ වූයේ විසිරී ඇති ධර්ම විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය වීමට ඉඩ නොදී ආරක්ෂා කර තබා ගැනීමය.
ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීමට හේතුව;[සංස්කරණය]
චුල්ලවග්ගයේ එන වාර්තාව අනුව ප්‍රථම සංගීතියට මුලික ලෙස හේතු දෙකක් පාදක වීඇත.
- සුභද්ද භික්ෂුවගේ වගකීමෙන් තොර ප්‍රකාශය.
බුදු රජාණන් වහන්සේගේ පිරිනිවීම අසා සොවින් වැළපෙන පෘතග්ජන භික්ෂුන් අස්වැසීමට සුභද්ද භික්ෂුව කළ ප්‍රකාශය වුයේ "ඇවැත්නි; සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු."යි යන්නය.(ශාසන ඉතිහාසය,2007)
2.ධර්මය හා විනය අනාගතයෙහිදී පිරිහී අධර්මය,අවිනය රජ වෙතැයි ඇතිවූ භීතිය, බුද්ධ භාෂිත ලෙස බොරු සූත්‍ර සකස් කර ධර්මයට වැරදි අර්ථ විවරණ ඉදිරිපත් කෙරෙනු ඇතැයි ද එකළ තෙරවරු බිය වූහ.
මහා සාංඝික, මහීසාසක, ධර්මගුප්තික හා සර්වාස්තිවාදී සම්ප්‍රදායන්ට අයත් විනය ග්‍රන්ථ වලද ප්‍රථම ධර්ම සංගායනාවට හේතු මෙලෙස සඳහන්වේ.මෙම මුලික හේතුවට අමතරව තවත් හේතු රාශියක් පළමු සංගායනාව පැවැත් විමට හේතු වු බව මුලාශ්‍ර වළ හදුනාගත හැකිය.ඒ අතර මුලික වන්නේ බුදුන් ජිවමාන කලයේදි සංඝ සමාජය තුල විවිද ගැටලු පැවති අතර ඒම ගැටලු උන්වහනසේගෙන් පසුව තව තවත් බහුල විය හැකි නිසා සංගායනාවක් පවත්වන්නට අවශ්‍ය වන්නට ඇත.මන්ද සුභද්ද වුව ඉහත ආකාරයේ ප්‍රකාශයක් බුද්ධ පරිනිර්වාණයත් සමගම සිදු කිරිම බුදුන් ජිවමාන කාලයේ පැවති ගැටලු වල ප්‍රතිඵලක් බව සිතිය හැකිය.
සංගායනාව සඳහා සහභාගිත්වය,[සංස්කරණය]
මහරහන් වහන්සේලා 500 නමකගේ සහභාගිත්වය තිබූ අතර මුලිකත්වය ගෙන කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය.(භික්ෂුන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සංගායනාවට පංචසතිකා සංගීති යැයි ද කියනු ලැබෙ.)
සංගායනාව පැවැත්වු ස්ථානය[සංස්කරණය]
ථෙරවාදී මුලාශ්‍රවල සඳහන් පරිදි රජගහ නුවර වේහාර පර්වතප්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරය.
සංගායනාව සඳහා රාජඅනුග්‍රහය[සංස්කරණය]
වංශ කථාවන්හි හා සමන්තපාසාදිකා විනය අටුවාවේ සඳහන් පරිදි අජාසත් රජතුමාගෙනි.
සංගායනාව පැවැත්වූ ආකාරය[සංස්කරණය]
උපාලි හිමියන්ගෙන් පළමුව විනය ප්‍රශ්න විචාළහ. නිදාන පුග්ගල, වස්තු, ප්‍රඥප්ති,අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති යනාදී විස්තර සහිතව භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද සියල්ලම පුජ්ජාවිස්සජ්න ක්‍රමයෙන් විනය සංගායනා කළහ. අනතුරුව, ධර්ම සංගායනා කළහ. ප්‍රශ්නෝත්තර ක්‍රමය මේ සඳහා යොදා ගත්හ. අනඳ තෙරණුවන් ලවා පංචනිකායම සංගායනා කළහ.සුත්‍ර පිටකය හා අභිධර්මය මෙහිදී සංගායනාවට භාජනය විය.
ඛුද්දානු ඛුද්දක ශික්ෂාපද පිළිබඳව සාකච්ජා කළහ.සංගායනාවෙන් පසුව ඡන්න තෙරුන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවීය.
අනඳ තෙරුන්ට එරෙහිව චෝදනා 5ක් සංගීතිය අවසානයේඑල්ල වූ අතර තමන් එයට නිර්දෝශී වීමට හේතු සාධකද අනඳ තෙරුන් විසින් ඉදිරිපත් කළහ.
1.ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද බුදුන්ගෙන් නොවිචාරීම. බුදු රදුන් ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද පිළිබඳව ප්‍රකාශ කරන අවස්ථාවේදී තමන් ඉතා ශෝකාතුරව සිටි නිසා අසා දැන ගැනීමට නොහැකිවූ බව.
2.බුදු රදුන්ගේ වැසි සළුව පයින් මැඩ ගෙන මැසීම. සිවුර මසද්දී සහාය වීමට කිසිවෙකු නොසිටි බැවින් එසේ කරන්නට සිදු විය.
3.බුද්ධ ශරීරය පළමුව කාන්තාවන් ලවා වැන්ද වීම. බුදු රදුන්ගේ ශ්‍රි දේහයට බුහුමන් දැක්වීමට පැමිණි මහා ජනකාය බහුල වීම නිසා කාන්තාවන්ට කල්වේලා ඇතිව නිවෙස් වලට යාමට ඉඩ සැලැස්වීම.
4චේතියේ දී බුදුන් පිරිනිවි පාන බව අඟවද් දී කල්පයක් ඡීවත් වන ලෙසට බුදුන් වහන්සේට ආරාධනා නොකිරීම. තමන්ගේ සිත ද එවෙළෙහි මරුට වසඟව තිබු හෙයින් එසේ ඉල්ලා සිටීමට නොහැකි වීම.
5.තථාගත ශාසනයේ ස්ත්‍රීන්ට පැවිද්ද ලබා දීමට උත්සාහවත්වීම. ප්‍රජාපතී ගෝතමිය කෙරෙහි තිබූ මහත් ගෞරවය නිසා එලෙස කිරීම.
අනඳ හිමියන්ට එරෙහිව පැවති චෝදනා 5ට අතිරේකව ටිබෙට් දුල්වා ග්‍රන්ථයෙහි තවත් චෝදනා 2ක් දක්වා ඇත.
- පිරිනිවන් පෑමට සිටියදී බුදුරදුන් පිපාසිතව වතුර ස්වල්පයක් ඉල්ලූ අවස්ථාවෙහි පැන් නොදී සිටීම.
- බුදු සිරුරේ රහස් ස්ථාන රාගී ගිහියනට පෙන්වීම.
පළමු සංගායනාවේ ප්‍රතිඵල:,[සංස්කරණය]
- එක් එක් ධර්ම කොටස් භික්ෂු පරම්පරාවන්ට ආරක්ෂා කොට පවත්වා ගෙන යාම සඳහා පැනවීම.
- දීඝ නිකාය- ආනන්ද හිමි ඇතුළු ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට
- සංයුත්ත නිකාය- මහා කාෂ්‍යප හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
- අංගුත්තර නිකාය -අනුරුද්ධ හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
- මජ්ඣිම නිකාය- සැරියුත් හිමි ඇතුළු ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට
- ඛුද්දක නිකාය -සියලුම වහන්සේලා එක්ව මුඛ පරම්පරාගතව
- ඛුද්දානු ඛුද්දක ශික්ෂා පද වෙනස් නොකිරීම.
No comments:
Post a Comment