බෞද්ධ විග්‍රහයට අනුව රටක පාලකයා හෙවත් රජු ධාර්මික විය යුතුය. "ධම්මිකෝ ධම්ම රාජා" යන්නෙන් එය කියැවේ. රටේ මිනිසුන්ට මෙන්ම සතා සීපාවාටද රජු විසින් ආරක්ෂාව සැපයිය යුතුය. දැහැමි රජු පිළිබඳ බුදු දහමේ එන පරමාදර්ශී චරිතය සක්විති රජුය. දැහැමි පාලනය පිළිබඳව තව කියවන්න.
ගෞතම බුදුන් වහන්සේ හා සබැඳි බෞද්ධ ඉතිහාසය තුළ හමුවන ප්‍රථම ධාර්මික ප්‍රතිපත්තිය අනුගමනය කළ රජු වන්නේ ධර්මාශෝක රජුය. යුදයෙන් රටවල් ආක්‍රමණ කර යටත් කරගැනීමේ ප්‍රතිපත්තිය අත්හැර ධාර්මිකව රාජ්‍යය පාලනය කිරීමේ ප්‍රතිපත්තියක් හෙතෙම සකස් කර ගත්තේය. එය වනාහී "ධර්ම විජය" ප්‍රතිපත්තියයි.
ධර්ම විජය ප්‍රතිපත්තිය
සියලු භීෂණයෙන් තොර, හිංසාවෙන් තොර පාලන ප්‍රතිපත්තියකි. "සියලු මිනිසුන් මාගේ දරුවෝය.." හෙතෙම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ. ධර්ම විජය ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කර දැක්විය හැකිය.
1. මහජන සුභසාධනය

- මහජන සුභසාධනය
- ධර්ම යාත්‍රා සංකල්පය
- සතුන්/ ගහකොළ කෙරේ දැක්වූ මනුෂ්‍යත්වය
1. මහජන සුභසාධනය
- රජු පරාර්ථය මුල් කරගත් පාලකයෙක් විය.
- ආරෝග්‍යශාලා පිහිටවීය (ගිරිනාර් සෙල් ලිපිය ).
- ඖෂධ වෘක්ෂ වගා කළේය(ගිරිනාර් සෙල් ලිපිය 2).
- ජලාශ කරවීය (ගිරිනාර් සෙල් ලිපිය 2).
- සෙවණ පිණිස රුක් රෝපණය කළේය (ගිරිනාර් සෙල් ලිපිය 2).
- ළිං කැණවීය.
- අභිශේකය ලබා 27 වසරක් තුළ 25 වතාවක් සිරකරුවන් නිදහස් කළේය.
- දසරාජ ධර්මයන්ගෙන් එකක් වන "අවිරෝධතාව" හෙවත් පරස්පර මතධාරීන් හා සුහදව විසීමත්, සප්ත අපරිහානී ධර්මයන්ගෙන් එකක් වන ආගමික සහනශීලිත්වයත් අනුගමනය කළේය.
2. ධර්ම යාත්‍රා සංකල්පය
"යුක්ත", "රාජුක" හා "ප්‍රාදේශික" යන නිලධාරීන් පත්කර මුළු භාරතය පුරාම ආර්ථික හා සදාචාරාත්මක සැලසුම් දියත් කළේය.ඒවා රජුගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක විය.
3. සතුන්/ ගහකොළ කෙරේ දැක්වූ මනුෂ්‍යත්වය
- රජ මාළිගාවේ මුළුතැන් ගෙහි ආහාරය පිණිස විශාල ලෙස සතුන් මැරීමේ පිළිවෙත බොහෝ ලෙසින් අඩුවිණි. එය සම්පූර්ණයෙන්ම නැතිවන මට්ටමට ගෙන එන බව රජු 1-ගිරි ලිපියේ සටහන් කරයි.
- "මෙහි කිසි සතකු නසා යාග නොකළ යුතුය. සමාජ (උත්සව) නොපැවත්විය යුතුය."(1 ගිරි ලිපිය)
- "දෙවියන්ට ප්‍රිය වූ රජතුමා සියලු සතුන්ගේ පීඩා රහිත බවද සංයමයද සමචර්යාවද සතුටින් විසීමද කැමැති වෙයි."(12 ගිරි ලිපිය)
- "තම තමන් ගැන සිතා බැලීම කරණ කොට ගෙන සත්වයන් නොමැරීම නිසාද මිනිසුන්ගේ ධාර්මික දියුණුව වැඩිවිය."(7 ටැම් ලිපිය)
- "ධර්මාශෝක රජතුමා මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආරෝග්‍යශාලා පිහිටවීය. මිනිසුන්ට හා සතුන්ට බෙහෙත් සඳහා අවශ්‍යයවන වෘක්ෂලතා රෝපණය කරවීය."(ගිරිනාර් අංක 2)
- "මාඝාතය" හෙවත් සතුන් නොමැරීම , පැනවූ ප්‍රථම බෞද්ධ අධිරාජයා අශෝක රජතුමාය. සතුන් පමණක් නොව වෘක්ෂලතා ආදියද ආරක්ෂා කළ යුතු බව එහි සඳහන් වේ.
No comments:
Post a Comment