Monday, October 27, 2014

ගඩලාදෙණිය රජ මහා විහාරය

ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය වශයෙන් ද වහරනු ලැබෙයි.
කොළඹ සිට මහනුවර දක්වාදිවෙන ප්‍රධාන මාර්ගයේ 104 වැනි කි. මී.කණුව ( සැතැ. 65) අසලින් දකුණට ඇති දවුලගල පාරේ මීටර 900 ක් පමණ පැමිණ මෙම ස්ථානයට සමීප විය හැකි ය. ගම්පොල යුගයේ ඔටුණු පලන් රජවරයෙකු වූ iv වන බුවනෙකබාහු ( රාජ්‍ය වර්ෂ 1341 – 1351 ) රජතුමාගේ අනුග්‍රහයෙන් 1වන ධර්මකීර්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සේනාධිලංකාර ඇමැතිතුමා විසින් මෙය කරවන ලද බව වෙහෙරබිම ඇති ශිලා ලේඛණයේ සටහනින් සනාථ වෙයි. මෙය ගොඩනංවන ලද්දේ ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැළසුමකට අනුව ය.
ගම්පොළ යුගයේදී කරවන ලද විශේෂිත වූ විහාරස්ථාන ඇත්තේ ගඩලාදෙණිය රජ මහා විහාරය සහ ලංකාතිලක රජ මහා විහාරය පමණි. ගඩලාදෙණිය විහාරය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින්ම නිමවා ඇති නිසාම මෙහි විශේෂිත ආකර්ශනීය පෙනුමකින් අලංකෘත වී තිබේ. අපගේ පැරැණි විහාර ආකෘතියට වෙනස් වූ හින්දු දේවාල ගෘහ නිර්මාණ ශිල්පයට සමීප සම්බන්ධතාවයකින් මෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ දැක ගැනීමට ලැබෙයි. එම යුගයේ බෞද්ධාගමට හින්දු ආභාෂය කාන්දු වූ වටාපිටාවක් තුළ මෙම විහාරයට ද හින්දු දේවාලයක හැඩරුවට අනුගතවී ඇත. මෙම වකවානුවෙහි සිංහල රජවරු ඉන්දියාවෙන් ආනයනය කළ බිසෝවරුන් සරණ පාවා ගත් බැවින් රජතුමා විහාර වන්දනාවට යනවිට දේවියට හුරු පුරුදු වටාපිටාවක් ඇතිකිරීමේ න්‍යායෙන් මෙවන් විහාරස්ථානයකට හින්දු ලක්‍ෂණ සම්බන්ධ කළා විය හැක. මේ වකවානුවේම කළ මෙයට ආසන්නයේම ඇති ලංකාතිලක රජ මහා විහාරයේ ආකෘතියෙහි ද මෙවැනි ලක්‍ෂණ දැකගත හැකි වුව
ද එහි අපගේ සම්ප්‍රදායික ආකෘතියේ ස්පර්ෂයන් ද හඳුනාගත හැකිය.
එහෙත් ගඩලාදෙණිය විහාරය මතින් දිස්වන්නේ හින්දු දේවාලයකට ආවේනික වු බහුතර ලක්‍ෂණයන් ය. එක අතකින් මෙය අපගේ සම්ප්‍රදායික විහාර ආකෘතියට හිතුවක්කාර පෙනුමක් එක් කළ අභියෝගාත්මක ව්‍යායාමයක් ලෙස ද හැඳින්විය හැකි ය. එමෙන්ම ජාතීන් අතර විරසකය ආගමානුකූලව සමනය කළ සාමයේ සංකේතයක් ලෙසින් ද කෙනෙකුට සිතිය හැකි වේ. කැටයම් සහිත කළු ගලින් කළ විහාරය එකක් පස එකක් පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් ද සමන්විතව තිබෙ යි. එහි ඇතුල් කාමරය රියන් 12 ක් පමණ ලෙස විශේෂ ඔත් පිළිමයකින් හා හිටි පිළිම වහන්සේ සිව් නමකින් ද බිතු සිතුවමින් ද සැදුනේ වෙයි. පිට කුටියේ දකුණු පස බිත්තියෙන් පිටතට පන්නා ඇති කුඩා කුටිය මහා විෂ්ණු දේවාලය තනා ඇත.
විසිතුරු කැටයමින් යුතු ත්‍රිත්ව ගල් කණු දෙකකින් සමන්විත පිටත මණ්ඩපය ආකර්ශණීය වෙයි. කැපූ කළු ගලින් නිමැවූ විහාරයේ  පියස්ස ද නිමවා ඇත්තේ කළු ගලින්ම ය. උඩුමහලෙහි අටැස්කොට කැපූ ගලින් නිර්මාණය කර ඇති දාගැබ හැඩරුවින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය සිහි ගන්ව යි. මෙහි ප්‍රධාන පිළිම වහන්සේ හිඳි පිළිමයකි. ‘සෙල් ලිපියට අනුව මෙම පිළිමය හඳුන්වන්නේ ශක, බ්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරණ ලද වජ්‍රාසනාරූඩව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සාධාතුක මහ පිළිමය වශයෙනි. ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩහුන් පිළිමය තනා ඇත්තේ ගඩොල් සහ බදාම භාවිත කරමිනි. (ලක්දිව සුපතල බුදු පිළිම – මාලිංග අමරසිංහ ) ‘ගඩලාදෙනිය ඉතිහාසය’ නමැති පොත් පිංචෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කත්ඩක්කුලමේ ධර්‍මකීර්ති නාහිමි සඳහන් කර ඇත්තේ මෙය ශෛලමය පිළිමයක් බව යි. එහි මෙසේ ද සඳහන් වෙයි.
“ එතැන් පත්ව තිබූ ප්‍රතිමා වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ තව්තිසා දෙව් වැසි දෙවියන්ට විජම් බණ දෙසන අයුරු දැක්වෙන ස්වර්ණමය ප්‍රතිමාවකි. එම පිලිමය 1412 දී කෝට්ටේ රජ පැමිණි මඪ වැනි පැරකුම්බා රජු විසින් උළු සෙවිලි පියස්සක් කොට වටදා ගෙයක් සාදා මුළු ගොඩනැගිල්ලම කපරාරු කොට සිතියම් කිරීමෙන් ගොඩනැගිල්ලේ ශොභාන්විතත්වය පිරිහී ගිය නමුදු එහි චිරස්ථිතියට එය උපකාරයක් වී තිබේ” යනුවෙනි. “ ප්‍රතිමා ලක්‍ෂණ අනුව මෙය බොහෝවිට ලාංකීය බුදුපිළිමවල ඇති ලක්‍ෂණයන්ට පටහැනිව තනා තිබේ. බුදු පිළිමයේ ලක්‍ෂණ හින්දු දේව රූපවල දැකිය හැකි ලක්‍ෂණයන්ට බෙහෙවින්ම සමාන වන අතර කිසිඳු ආකාරයකින් එහි ශාන්ත බවක් නො පිහිටා තිබේ” (ලක්දිව සුපතල බුදු පිළිම මාලිංග අමරසිංහ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – පුරාවිද්‍යා අධ්‍යයන අංශය) සිද්ධස්ථානයේ ඇති තවත් විශේෂ සැමරුමක් වන්නෙ ඉදිරිපිට ගල් තලාවේ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය යි. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යොදා චෛත්‍යයට ආරක්‍ෂාව සළසා දී තිබේ. මෙය විජයොත්පහය චෛත්‍ය රාජයා වශයෙන් හඳුන්වයි.
ගලින් නිමවූ විහාර ගෙවල් 4 ක් සහ ඇත් රූප 8 ක් අට පැත්තෙන් තිබෙන සේ අඩි 12ක් පමණ උසට සෑදූ අඩිතාලමක් මත නිමැවූ මේ අපූරු නිර්මාණය පිළිසකර කරවා ඇත්තේ මඪ වන පරාක්‍රමබාහු
රජතුමා විසින් බව සඳහන් වෙයි. ඇත් රූ දළ පෘතුගීසීන් විසින් විනාශ කළ බවක් ද කියැවෙයි. ඓතිහාසික වටිනාකමකින් යුතු විහාර භූමියේ බෝධීන් වහන්සේ වටව ඇත්තේ ශෛලමය බෝධි ඝරයකිනි.
දඹදිව දෙව්රම් වෙහෙර සමීපයේ ආනන්ද බෝධියේ අංකුරයක් මගින් මෙය රෝපණය කර ඇත්තේ ද 1 ධර්මකීර්ති මාහිමි පාණන් විසිනි. උපෝසථාගාරය සහ සංඝාවාසය ද කලින් කළ ප්‍රතිසංස්කරණය වි
ඇතත් පැරැණි මුහුණුවර නොවෙනස්ව පැවැතීම භාගයකි.
කෙසේ වෙතත් ගඩලාදෙනිය රජ මහා විහාරය අපගේ විහාර වංශ කතාවේ තවත් එක්තරා විශේෂත්වයකින් හෙබි ජාතික උරුමයකි. යුගයක පිය සටහන් හඳුනා ගැනීමට අවැසි සාධක සොයා යන ගමනේදී ගවේෂකයකුට, නිරීක්‍ෂකයකුට ගඩලාදෙණිය ගල්තලාව මත නැවතී විමසීමට බොහෝ දේ ඉතිරිකර තබා තිබේ. මොනයම් වූ සමාජ පසුබිමක දමිළ වූ ආකෘතියකට සෑදුව ද නොසෙල්වන ශෛලමය ස්මාරකය සහිත. වෙහෙර බිමෙන් හමා එන්නේ සිත සංහිඳියාවට පමුණුවන සාමකාමී බව සන්නිවේදනය කරණා සුළං රැල්ලකි. ගඩලාදෙණිය ජාතික උරුමය අදත් නොනැසී පවතින්නේ විරසක
නොවූ එදා මිනිසුන්ගේ හිත් තුළ පැවැති සංයමයට පින්සිදු වන්නටය. එය හෙටත් සුරැකෙන්නේ එවන් මිනිසුන් නිසාම ය.

කුසල් දහමෙහි පමා නොවෙමු

තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බව ය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දිවි මඟ අර්ථවත් කරගත යුතු ය.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො
පින්වත්නි,
ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් වෙයි. ළමා, තරුණ සහ මහලු වශයෙනි. දිවියක සාර්ථකත්වය සඳහා මෙකී අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් කුසල් දහම් රැස්කරගත යුතු ය. තුන් අවස්ථාවේදීම කුසල් සිද්ධකරගත හැකිනම් ඉතාමත් හොඳයි.එසේ කුසලයෙන් පෝෂණය කරන ලද ජීවිතය බෙහෙවින්ම සාර්ථකය.
ජීවිතයක ප්‍රාථමික අවස්ථාව වන බාලවිය ශබ්ද ශාස්ත්‍ර උගෙනීමට පමණක් නොව, පිනට දහමට යොමුවීමට ද බාධාවක් නැත. ඒ සඳහා විශේෂයෙන් මවුපිය, ගුරුවර ආදි වැඩිහිටි පිරිසගේ මඟ පෙන්වීම ඉතා අවශ්‍යයි. සසරේදී ගුණදම්පුරා, බැවුම් වඩා කළණ මිතුරු ඇසුරක් ලබා ඇත්නම් ළමා අවධියේ වුවත් මඟ පල ලබාගත හැකිය. බුදුසසුනේ එවන් උත්තරීතර තත්ත්වයට පත් කුඩා තෙරණුන් වහන්සේ ගැන කොපමණවත් කරුණු සඳහන්ව ඇත. සුමන, සෝපාක, සංකිච්ඡ, රේවත සහ පණ්ඩිත වැනි තෙරුණුන් වහන්සේ සත් හැවිරිදි වියේදීම රහත් බවට පත් උතුමෝ වූහ.
සත් හැවිරිදි රාහුල පොඩිහාමුදුරුවෝ ද උතුම් රහත්ඵලයට පත්ව සිටියහ. දොළොස් හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ ධර්මාශෝක මහ අධිරාජයා බුදුසමය වැළඳගෙන සසුන් දියුණුවට සිදුකළ මෙහෙවර සදානුස්මරණීය වේ.
ජීවිතයේ දෙවැනි අදියර වශයෙන් සැලකෙන තරුණ අවධිය ඉතා වැදගත්ම කාලයයි. කායික, මානසික ශක්තිය ඉහළින්ම පවතින මෙම අවස්ථාව කුසලට දහමට නැඹුරු කිරීමෙන් සියලු අර්ථ සිද්ධීන් සපුරාගත හැකිය. බුදුසමයේ ප්‍රාථමික අවධියේ සසුන්ගතවූවන්ගෙන් වැඩිදෙනා යොවුන් වියේ පසුවූ අයයි. බරණැස් සිටුපුත් සහ යසකුල පුත්‍රයාත් ඔහුගේ සගයන් සිව්පනස් දෙනාත් තරුණයෝ ය. භද්දවග්ගිය කුමරුන් හා උපතිස්ස, කෝලිත දෙයහළුවන් ද එසේමය. මේ ආදී දහස් සංඛ්‍යාත තරුණ පිරිස් බුදු සසුනේ පැවිදිව උත්තරීතර අරහත්ඵලය සාක්‍ෂාත් කරගත්හ. අප සිදුහත් කුමරාණන් ද ගිහිගෙය අතහැර ගියේ එකුන්තිස්වැනි වයසේදී බව බුද්ධචරිතයෙහි ප්‍රකට කරුණකි.
මහලු වයස හෙවත් පශ්චිම අවධිය වැඩි වැඩියෙන් පින් කිරීමට යොමුවන කාලයකි. පොහෝ දිනවල විහාරස්ථානවල ධර්මශාලා පිරී පවතින්නේ මහලු උවැසි උවසුවන්ගෙනි. උපාසක අම්මා, උපාසක මහත්මයා යන බෞද්ධ ආගමික ගෞරව නාමයෙන්ද ඔවුහු හැඳින්වෙති. යොවුන් වියේ පසුවන ඇතැම් අය එයට අකැමැත්තක් දක්වති. සමහර තරුණ පිරිස් එම නාමය ලජ්ජාවට කාරණයක් ලෙස සලකති. එහෙත් එය සාවද්‍යය. බෞද්ධ ගිහියාට උරුමවූ උසස්ම වචනය එයයි. ඉන්ද්‍රිය දුබලත්වය නිසා මහලුවිය සිල් පිරීමට හෝ බැවුම් වැඩීමට අපහසු වූවත් උනන්දුවීම හොඳයි.
ඉහත සඳහන් ගාථාවට අනුව ජීවිතයේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවක හෝ කුසලට නැඹුරුවිය යුතු බව දැක්වේ. එහි සම්පූර්ණ තේරුම මෙසේයි.
“තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරුවිය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය.”
මෙම ගාථාව බෝධිරාජ කුමාරයා ඇරැබ දේශන කරන ලද්දකි. එහෙත් සසර සැරිසරන අප හැමදෙනා උදෙසාම දේශනා කරන ලද්දකැයි සිතිය යුතු ය. උපත ලැබූ සැමදෙනාම තමාගේ ජීවිතයට කැමැතිය. ගෙල වැල දමාගත් පුද්ගලයකු වුවත් අන්තිමට දඟලන්නේ එයින් මිදීමටය. විශේෂයෙන් මිනිසත්බවක් ලබාගත් සැමදෙනම සිතිය යුත්තේ දුර්ලභව ලැබූ මේ මිනිසත් බව සාර්ථක කර ගැනීම පිළිබඳවය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බවය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දස අකුසලින් වැළැකී දස කුසල්හි යෙදෙමින් දිවිමඟ අර්ථවත් කරගත යුතු ය.
කුසල් හෝ අකුසල් සිදුවීමට හේතුවන ප්‍රධාන දොරටු තුනක් ඇත. කය, වචන හා මන යනුවෙන් එම ද්වාර ත්‍රය දැක්වේ. කාය ද්වාරික අකුසල් තුනකි. සතුන් මැරීම, සොරකම් කිරීම හා පරදාරසේවනයයි. වාග් ද්වාරයෙන් සිදුවන අකුසල සතරකි. බොරුකීම, කේලම්කීම, පරුෂ වචනකීම සහ නිසරු වචන දෙඩීම යනු එම සතරයි. මනැස මූලික අකුසල තුනකි. විෂමලෝභය, ව්‍යාපාදය හා මිථ්‍යා දෘෂ්ඨිය යනුයි. මේ දස අකුසල් වලින් වැළැකී දාන ශීලාදී කුසල ධර්මයන්හි යෙදී වාසය කිරීම දෙලොව යහපත පිණිස හේතු වේ.
ඉහත සඳහන් කළ තුන්කාලයෙන් එක් අවස්ථාවකදී හෝ එබඳු යහගුණ වඩා අරි අටඟි මඟට පිවිස උතුම් නිවන්සුවය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අදිටන් කරගත යුතු ය.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

මහ රහතුන් වැඩි මග



අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම් බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340) විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
ඇත්තෙන්ම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය ගම්මැදි ඓතිහාසික විහාරස්ථානයක් නොවන බවත් එය ස්ථිර වශයෙන්ම යෝගාවචර භික්‍ෂූන් වෙනුවෙන් පරිසර පද්ධතියට අනුකූලව ගොඩනංවන ලද වන සෙනසුනක් බව සාක්‍ෂි දත්ත, නටබුන් ආදිය පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි නිගමනයකට එළඹිය හැකිව තිබේ.
මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කි. මී. 20 ක් පමණ ගිය තැන දී හමුවන ‘ඉබ්බාගමුව‘ මංසන්දියෙන් ‘මඩගල්ල’ පාරේ පැමිණ ‘අරන්කැලේ’ ග්‍රාමයට ළඟා වීමෙන් අරණට පිවිසිය හැකි ය. වටව ඇති කඳු පන්ති මධ්‍යයේ, විශේෂයෙන් ඓතිහාසික වශයෙන් වටිනා දොළුකන්ද කඳු මෙවුලට ආසන්නව දුම්කන්ද සමීපයේ මෙම වන අරණ පිහිටා තිබෙයි.
වියළි කලාපයට අයත් වසරේ වැඩි මාස ගණනක් වියලි කටුක පරිසර ලක්‍ෂණ මතු කරන පසුබිමක වැඩිමනක් දකින්නට ලැබෙන්නේ හරිත පැහැ පත් නොමැති වියළි ගහ කොළ ය. එහෙත් සසුන් මඟ සන්සුන් ගමන් ඇති පහන් සිතිවිල්ලෙන් පොහොසත් සිත් ඇති අවුල් වියැවුලින් තොර නිවුණු මනසකට අවැසි සුව ඇති භූමියක මෙම වන සෙනසුන ඉදිවී තිබීමෙන් පෙනී යන්නේ අවශ්‍යතාවයට ඉතා උචිත සුදුසු පරිසරයක් අරණ්‍ය සඳහා තෝරා ගෙන ඇති බවකි.
ගිරි සිඛර ඉහැත්තෑවේ සිට වැසි සමයට ඇද හැළෙන ජල ධාරාවෝ අපතේ නොහරිමින් සුරක්‍ෂිත කරමින් සෑදූ ජල පොකුණු තටාංගනාදියෙන් අරන්කැලේ පොහොසත් කර තිබෙ යි.
නිරන්තරයෙන් සිහිල් පරිසරයක ස්වාභාවය රඳවමින් මේ බිමේ වැඩෙනා ගහ කොළ පවා කටුක චිත්‍ර නො මවමින් සොඳුරු පරිසරයක චමත්කාරය සිතට ප්‍රදානය කර යි. රූස්ස හැඩ ඇති රුක් පෙළ මෙන්ම නෙක අතට විහිදුණු සොබා සොඳුරු බව වඩවන ලතාවෝ පරිසරයක විචිත්‍රවත් බව සුරැකීමට රටා මෝස්තර මව යි.
ජනප්‍රවාදයේ පැවැසෙන්නේ දුරාතීතයේදී මෙය දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වෙනුවෙන් කැපවූ පින් බිමක් බව ය.
එය අතිශෝක්තියක් වුව ද, නැති වුව ද මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක් වැඩසිටි විහාර සංකීර්ණයක්ව පැවැති බව පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. අරන්කැලේ වන සෙනසුන් බිමේ ඇති සුවිශේෂීම ලක්‍ෂණය නම් කිලෝ මීටරයකට ආසන්න දිගක් සහිත පෙත් මග ය. එය සෙනසුන රමණීය කළ අප සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අපූරු ඉදිකිරීමක්ම ය. මෙවන් දිගු පෙත් මගක් වෙනත් වන අරණකදී දැක ගැනීම උගහට ය.
වන සෙනසුන මැදින් දිවෙන පෙත් මගෙහි, සම බිමේ ගමන් කර තැනකදී පිය ගැට කීපයක් නැග නැවත සම බිමට පා තැබිය හැකි ය. එසේ දිගු සක්මනකින් පසු වක්‍රාකාර වූ වටරවුමකට පිවිසිය හැකි වෙයි. ගමන වෙහෙස නම් වෘත්ත කණ්ඩියේ හිඳගෙන විඩා නිවා ගැනීමට පුළුවන. වන අරණේ ආවාස කුටි වෙතට පිවිසෙන මංසන්දියක් වශයෙන් ද පෙරදී මෙතැන සැකසුනා විය හැකි ය. පෙත් මග දෑළ මහා රුක් පෙළ මේ යන සන්සුන් ගමනේ දී ඔබට සිසිලස ද සෙවණ ද සළසනු ඇත. අද අප දකින මාර්ගයක වටරවුම් තාක්‍ෂණය දුරාතීතයේදීත් භාවිතයට ගැනුණු හැටි මෙතැන දී අපට දැක ගැනීමට ලැබීම ද විශේෂයකි.
පෙත්මග යනු පා යුග්මයෙන් යනෙන මග ය. එදා මේ වන සෙනසුන විහාර සංකීර්ණයේ ඔබ මොබ වැඩියේ විමුක්ති මාර්ගයට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ ය. එවන් භික්ෂූන් වහන්සේ නිබඳව ගමන් කරන්නේ, සයන ගත වන්නේ, යහන් ගත වන්නේ, සිටගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ය.
අද හෝ හෙට හෝ මතු දිනක අරන්කැලේ වන සෙනසුන වෙත පැමිණ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ඔබ ද ගමන් කරනු ඇත. දුවන්නන් වාලේ දුවන්නට සිත් නොදෙන සන්සුන් ගමනකට ආරාධනා කරනා අරන්කැලේ පෙත් මඟ මත දී ඔබගේ විසිරුණු සිත එක් අරමුණක රැඳෙන බව නම් නො අනුමාන ය. එයම භාවනාවකි. නිබඳ දිවෙන, කැළඹෙන සැලෙන අප මනසට ද මෙවැනි සන්සුන් ගමන් යන්නට පා යුගලට ආරාධනා කරන මේ පෙත් මග මත දී ඔබේ සිත ඔබට විදානයක් දෙනු ඇත.
‘නොදුවන්න සකි සඳ
යන්න සන්සුන් ගමනින්ම’
ඒ අසිරිය විඳින්නට අරන්කැලේ පෙත් මඟ දිගේ දිනෙක ඔබත් ඇවිද යන්න. යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්ම සුසැඳි උණු පැන් හල, පධාන ඝර, සම්මුඛ ශාලා, පියසක් සහිත සක්මන් කුටි, චක්‍ර මණ්ඩප, සෝපාන පන්ති, භාවනා කුටි, දිය පොකුණු, සීමා මාලකාදියෙන් පොහොසත් අරන්කැලේ වන සෙනසුන පෙත් මග අග ඇති කටාරම් ලකුණු ඇති ස්වාභාවික ගල් ලෙන මතින් කියැවෙන්නේ මෙය ක්‍රි. පූ. 2 – 1 වැනි සියවස දක්වා දුරාතීතයකට නෑකම් කියන බවකි.
ලක් බිමේ අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ මේ කුටියේ බව ජනප්‍රවාදයේ පැවැසෙයි. එය අරන් කැලේ අරණ සේනාසනයට තවත් ගෞරවයකි.
මා දැන් ඔබ සමඟම අරන්කැලේ අරණ වෙත පිවිසුනේ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ය. තව දුර යන්නට බොහෝ තැන් ඇතත් විමැසීමට බොහෝ දේ ඉතිරි වී ඇතත් පිටුවේ සීමා ඉමට පැමිණ ඇති බැවින් විරාමය තබන්නට අදට අවසර පතමි.
අපි ඉතින් ආපසු හැරී එමු. එහෙත් මේ පෙත් මග ස්පර්ශ කළ ඔබ පා යුග්මය ද පින්වන්ත බව සිතන්න.
සබඳ, ඇත්තෙන්ම මේ අප දැන් පසු ගමන් යන්නේ, සංසාර විමුක්තිය සොයා යන මඟ ඇලීම්, බැඳීම්, ගැටීම්, කිසිත් නොමැති නිවන් පින් බිම වෙතට පිවිස මරු පැරැදූ මහ රහතන් වහන්සේ වැඩි පෙත් මඟ ඔස්සේම නොවේදැයි මොහොතක් නැවැතී සිතන්න.

Thursday, October 23, 2014

නිවන




නිර්වාණය යනු සියලු බෞද්ධයන් විසින් දැකීමට බලාපොරොත්තුවන, සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම (ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය. නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.

  • අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි(කිසිවක් නොමැති හිස් බව නොවේ).
  • සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.
  • සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.
  • මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.
  • බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.
  • බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.
  • තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.
  • මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.
  • නිර්වානයේ අළුත්‍ පරණ ආදී වශයෙන් බේදයක් නොමැත.(වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)
නිර්වාණය (Nirvāṇa) යනු නිවන යන්නට සංස්කෘත බසින් යෙදෙන පදයයි. පාලි බසින් නිබ්බාන යනුවෙන් හඳුන්වයි. සත්වයා භවයෙන් භවයට වියන තණ්හාව නැමැති ගෙතුමෙන් ඉක්මීම නිබ්බාන වේ.
නි + වාන = නිබන = නිබ්බාන
නි = නික්මීම
වාන = තෘෂ්ණාව
නිර්වාණය පිළිබඳ විෂය බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගනී. නිර්වාණය පිළිබඳ හීනයානිකයින් සහ මහායානිකයින් අතර වෙනස්කම් පවති. නිර්වාණය පිළිබඳ සහ නිර්වාණය යනු භාව රූපයක් ද නැතහොත් අභාව රූපයක් ද යන්න පිළිබඳ බුදු දහමේ සෑම සම්ප්‍රදායක්ම සෑහෙන තරම් විමසීමක් කර තිබේ.

ථේරවාද බුද්ධ ධර්මය අනුව නිර්වාණය


හීනයාන සම්ප්‍රදායට අනුව සත්ත්වයා තුන් ආකාර දුක්වලින් පීඩාවිඳියි.
  • දුඃඛ දුඃඛතා - භෞතික සහ මානසික හේතු නිසා උපන් ක්ලේශයන්
  • සංසාර දුඃඛතා - උපත සහ විනාශ ස්වභාවය ඇති ලෝකයේ වස්තූන් නිසා උපන් ක්ලේශයන්
  • විපරිණාම දුඃඛතා - සැපය දුකට පෙරලීම නිසා උපන් ක්ලේශයන්
චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයෙන් ද,ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරිමෙන් ද හීනයාන සම්ප්‍රදායට අනුව මෙම ක්ලේශයන්ගෙන් සදාකාලිකවම විමුක්තිය ලබාගත හැක. මෙය නිර්වාණය වන අතර නිර්වාණය ක්ලේශාභාව රූපයක් සහ සුඛ රූපයක් ලෙස හීනයානය දක්වා තිබේ.

බොහෝ හීනයාන නිකායන් නිර්වාණය අභාවාත්මක බව පිළිගනියි. මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියන් පැහැදිලිවම ප්‍රකාෂ කර ඇත්තේ නිරෝධයට පත්වීම නිර්වාණය බවයි. සත්ත්වයා ඉන්ද්‍රියන් පිනවීමේ සහ විෂයන් උපභෝග කිරිමෙහි ඇලී සිටිම නිසා නිරන්තරයෙන් දුකට පත්වෙයි. එහෙත් ඥානවන්ත ආර්‍ය ශ්‍රාවකයා මේවා සමඟ කිසිවිටෙකත් නොඇලෙයි. එසේම එය සතුටක් ලෙසද නොගනී. එහි ප්‍රතිඵලය නම් ඔහුගේ තණ්හාව නැතිවීමයි. තෘෂ්ණා නිරෝධය (තණ්හාව නැතිවීම) සමග උපාදාන සහ භව නිරෝධය වෙයි. එවිට පුනර්භවයෙන් බැඳුනු සියලු දුක් නවති. මෙසේ තණ්හාධික ක්ලේශයන්ගෙන් නිරෝධයට පත්වීම නිර්වාණයි. නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. එයට හේතුව පුද්ගලත්වය තනා රැකීමට කිසිවක් ඉතිරි නොවීමයි.

සංසාරයේ හටගන්නා සියලුම වස්තුන් කර්මය නිසා හෝ හේතුවක් නිසා හෝ සෘතු අනුව හෝ හටගනී. එහෙත් නිර්වාණය මේ කිසිවක් නිසා උපදින්නක් නොවේ. එය හේතු රහිත ත්‍රිකාලාතීත, ඉන්ද්‍රයාතීත, වචනයෙන් විස්තර කළ නොහැකි පදාර්ථයකි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ක්‍රමයක් ඇතත් එය ඉපදවීමට ක්‍රමයක් නොමැත. එහි උත්පාදක හේතුව දැක්විය නොහැකි අතර උත්පාද රහිත වේ. එයට හේතුව නිර්වාණය නිර්ගුණ වීමයි. එය අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් නොවන අතර ඉන්ද්‍රිය ගෝචර ද නොවේ.
තේරවාදී දෘශ්ටිය අනුව, බුදුන් විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලුත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයිද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ. ථේරවාදයට අනුවද නිර්වාණය අභාවාත්මකයි.

මහායානයට අනුව නිර්වාණය


හීනයානිකයින් විසින් දක්වන නිර්වාණය වාස්තවික වශයෙන් නිර්වාණය ලෙස මහායානිකයන් පිළිනොගන්නා අතර එය හුදෙක් ක්‍ලේශාවරණයේන් පමණක් ක්ෂයවීම ලෙස සලකයි.ඥෙයාවරණයේ පැවැත්ම ඉතිරිව තිබෙන්නේය. මහායානිකයන්ට සර්වඥතාවය (නිර්වාණය) යනු මෙම ‍දෙයාවරණයම දුරු කිරිම වේ.

නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන සමානතා

  • මෙය වචනවලින් ප්‍රකාෂ කල නොහැක. මෙය අසංකෘත ධර්මයකි. එනිසා උත්පත්තියක්, විනාශ වීමක්, පරිවර්තනය වීමක් නොමැත.
  • මෙහි අනුභූතිය තමා විසින්ම ලබා ගත යුතුය.
  • මෙය අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් බුදුවරුන් සඳහා එකක් වේ. එසේම සම වේ.
  • මාර්ගය තුලින් නිර්වාණය ලැබිය හැක.
  • නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි.
  • බුදුන්ගේ ඥානය සහ ලෝකෝත්තර තත්ත්වය රහතුන්ගේ ඥානයට සහ තත්ත්වයට වඩා ඉතාමත් උසස් වේ. නිර්වාණය සඳහා ද එසේම වේ.

නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන අසමානතා

ථේරවාදයමහායානය
නිර්වාණය සත්‍ය නිත්‍ය දුක්ඛාභාව සහ පිවිතුරුයිනිර්වාණය දුක්ඛාභාවයක් නොවන අතර සුඛස්වරූපයෙන් යුක්තයි. මාධ්‍යමිකයින් සහ යෝගාචාරින් නිත්‍ය, අනිත්‍ය, සුබ සහ දුක්ඛ පිළිනොගන්නා අතර නිර්වාණය අනිර්වචනීය වෙයි.
නිර්වාණය ලබා ගැනීමේ වස්තුවකි (ප්‍රාප්තම්)නිර්වාණය අප්‍රාප්තයි
නිර්වාණය භික්ෂුන්ගේ ධ්‍යාන සහ ඥානය සඳහා අරමුණු වන්නකිඥාතා-ඥෙය, විෂයි-විෂය නිර්වාණය සහ භික්ෂුවකගේ කිසම අයුරකින් අන්තරයක් නොවේ.
නිර්වාණය ලෝකෝත්තර තත්ත්වයකි. සත්වයන්ට සියල්ලට වඩා උසස් තත්ත්වය මෙයයිලෝකෝත්තර තත්ත්වයට වඩා උසස් තත්ත්වයකි. යෝගාචර සහ හීනමාන මත දරන්නන් විමුක්තිකාය (මෝක්ෂය) ලබයි. මහායානිකයෝ ධර්මකාය සහ සර්වඥත්වය (නිර්වාණය) ලබති.
නිර්වාණයේ කොටස් දෙකකි. සොපධි ශේෂ (ප්‍රතිසංඛ්‍යා නිරෝධ) සහ නිරුපධි ශේෂ (අප්‍රතිසංඛ්‍යා නිරෝධ)යෝගාචරයන්ගේ මතයට අනුව නිර්වාණය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රකෘති ශුද්ධ සහ අප්‍රතිෂ්ඨීත
නිර්වාණය සහ සංසාරයේ ධර්ම සමතාව පිළි නොගනීමාධ්‍යමිකයින්ට අනුව නිර්වාණය නිරාකාර පරමාර්ථ භූතයයි. අනෙක් පදාර්ථ හුදෙක් සිතේ විකල්ප මාත්‍රයි. එහෙයින් නිර්වාණයේ සහ සංසාරයේ ධර්ම සමතාවක් වේ.
ලෝකයේ පදාර්ථයන්ගේ සත්තාව පිළිගනී. නිර්වාණය සේම ලෝකය ද සත්‍යයිමාධ්‍යමිකයින්ට සහ යෝගාචාරින්ට අනුව නිර්වාණය අද්වෛතයි. ලෝකයේ ප්‍රපංචයන් මායාවෙන් සහ මිත්‍යාවෙන් යුක්තයි.
දෙවැදැරුම් ආවරණයන් පිළිනොගනී.දෙවැදැරුම් ආවරණයන් පිළිගනී. ඒවා නම් ක්ලේශාවරණය සහ ඥෙයාවරණයයි. මහායානික මතය අනුව ඔවුන්ට මේ ‍ආවරණ දෙකෙන්ම මිදිය හැකි අතර හීනයානිකයින්ට මිදිය හැක්කේ ක්ලේශාවරණයෙන් පමණි.

වස් සමයෙහි පිළිවෙත් පුරමු

අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.
මාස 03ක් මුළුල්ලෙහිම භික්ෂුව සහ ගිහියාගේ ක්‍රියාකාරකම් විනය ප්‍රඥප්ති කඩ නොකොට ආරක්ෂා වන්නේ නම් ඒ තුළ කඨින පින්කමක් චීවර මාසය තුළ සිදුකළ හැකිය. මේ නිසාම වස් වසන සෑම තැනකම කඨිනයක් නියමාකාරයෙන් සිදුකිරීමේ වාතාවරණ සැලසෙන්නේ නැත. භික්ෂුව මෙන්ම ගිහියා විසින්ද මේ ස්වභාවය පිළිබඳ නිවැරදි අවබෝධය සකසාගත යුතුය. ලෝකමානයෙන් පින්කම් කිරීම අතහැර අවබෝධයෙන්ම පින්කම්හි නිරත වීම වඩාත් කුසල් සම්පාදනයට හේතුවේ.
වස් විසීමේදී සෙනසුන් තෝරා ගැනීමේ සිට විනයානුකූලව කටයුතු කිරීම අවශ්‍යය. මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි සෙනසුන් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණාවන් කිහිපයක් මෙසේ දක්වා ඇත.
1. වන සතුන්ගෙන් හිරිහැර වන ස්ථාන
2. සොරුන්ගෙන් කරදර ඇතිවන ස්ථාන
3. අමනුෂ්‍ය කරදර ඇති ස්ථාන
4. දායකගම (ගොදුරුගම) ගින්නෙන් විනාශ වීම
5. ගොදුරුගම ජලයෙන් යටවීම
6. වැඩ වෙසෙන සෙනසුන ජලයෙන් යටවීම
මෙවැනි ස්වභාවික විපත් ඇති වුවහොත් භික්ෂුවට සෙනසුනේ සිටීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. එහෙයින් සමාදන් වූ ශික්ෂාව ජේදනය විය හැකිය. වස් විසීමේදී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
වස් විසීම ආරම්භ කළ දින සිටම පවාරණය දක්වාම දායකයා පැහැදෙන අයුරින් භික්ෂුව සිටිය යුතු වේ. ධර්මයට අනුව භික්ෂුව නිරන්තරවම ගිහියාගේ ශ්‍රද්ධාව වැඩි වන ලෙස සිටීම අතිශය වැදගත්ය. වස් කාලසීමාව නිරන්තරවම පැහැදීම ජනිත වන ලෙස විසිය යුතුවේ.
අප්පසන්නානං වා පසාදාය
පසන්නානං වා භීයේ‍යාභාවය
“නුපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම පිණිසත් භික්ෂුව ක්‍රියා කළ යුතුය”
වස් ආරාධනා කරනු ලබන දායක පිරිස මෙන්ම සමාදන් වන භික්ෂුවද තම තත්ත්වයට නොසුදුසු කතාවෙන් ඉවත්විය යුතුය. විශේෂයෙන් ඒ බව ධම්ම පදයේදී පවා නිරන්තරව සඳහන් වේ. අනුන්ගේ අඩුලුහුඬුකම් සෙවීමෙන් ඉවත්ව තම තමන්ගේ දුර්වලතාවයන් හඳුනාගත යුතුය. තවෙකු විසින් කළ නොකළ දෑ නොසොයා තමා විසින් කළ යුතු දේ මෙන්ම මතෛක් නොකළ දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
න පරේසං විලෝමානි
නපරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
“අනෙකා කළ නොකළ දෑ වැඩක් නැත. තමා විසින් කළ යුතු දේ පිළිබඳව සොයමින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න”
පරාභව මෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේදීද ඉහත ගුණයම අවධාරිතය ‘නිද්ද්‍රාශීලී සභාසීලී” ලෙස පරාභව සූත්‍රයේදී අවධාරණය කරනුයේ අර්ථ විරහිත වචනයෙන් කාලය වැය කිරීම, පිරිහීම හෙවත් පරාභවයට හේතුවන බවයි. “අප්පකිච්චෝ” යනුවෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙහිදී අවධාරණය වන්නේ නිවන් සාධනයෙහිලා අල්පකෘත්‍ය හෙවත් වැඩ කටයුතු අඩු කෙනෙකු විය යුතු බවය. වැඩකටයුතු අඩු යන්නෙන් පැහැදිලි කරනුයේ තම අරමුණට නොවැදගත් දෑ බැහැර කිරීමයි. වස් සමාදන් වන භික්ෂුව මෙන්ම ගිහියාද තම අරමුණ අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම චතුර්විධ වාග් දුශ්චරිතයෙන් ඉවත් විය යුතුවේ. කඨින පින්කම අරමුණක් කොට ගනිමින් එයම කමටහනක් බවට පත්කර ගැනීම තුළ වෙන අරමුණු තමාට නොයෙයි. එයම චිත්ත සමාධියට මගකි. තුන් මාසය පුරාම යමෙකු එම සිතුවිල්ලෙන් කල් ගෙවන්නේද එයම කඨිනානිසංස වර්ධනයට හේතුවක් වේ.
ගිහියා හෝ පැවිද්දා නිවන අරමුණු කරන්නේ නම් ඔහු විසින් අත්හළ යුතු කතා 32ක් (දෙතිස් කතා) ධර්මයෙහි සඳහන්ය. මෙම අනවශ්‍ය කතා වෙනත් කාලයන්ටත් වඩා වස් කාල සීමාවට බොහෝ සෙයින්ම අදාළ කරගත හැකිය. එය මෙසේ දැක්විය හැකිය.
1. රාජ කතා - රජුන් පිළිබඳ කතා 2. චෝර කතා - සොරුන් පිළිබඳ කතා 3. මහ ඇමැතිවරුන් පිළිබඳ කතා 4. යුද්ධ සේනාවන් පිළිබඳ කතා 5. බියවීම පිළිබඳ කතා 6. යුද්ධයන් පිළිබඳ කතා 7. ආහාර පිළිබඳ කතා 8. පාන වර්ග පිළිබඳ කතා 9. ඇඳුම් පිළිබඳ කතා 10. මල් මාලා ආදිය පිළිබඳ කතා 11. සුවඳ වර්ග පිළිබඳ කතා 12. නෑයන් පිළිබඳ කතා 13. රථවාහන පිළිබඳ කතා 14. ගම් පිළිබඳ කතා 15. නියම් ගම් පිළිබඳ කතා 16. නගරයන් හි සුන්දරත්වය පිළිබඳ කතා 17. ජනපදයන් පිළිබඳ කතා 18. ස්ත්‍රීන් පිළිබඳ කතා 19. ශූර ක්‍රියා පිළිබඳ කතා 20. මත්පැන් පිළිබඳ කතා 21. වීථි හෙවත් මාර්ග පිළිබඳ
කතා 22. පැන් තොටට එන ස්ත්‍රීන් පිළිබඳ කතා 23. පූර්ව ප්‍රේතයන් පිළිබඳ කතා 24. නිශ්චල දේ පිළිබඳ කතා 25. ලෝකය පිළිබඳ අර්ථ විරහිත කතා 26. සාගර පිළිබඳ කතා 27. නොනැසී පවතින ආත්මයක් පිළිබඳ කතා 28. සියල්ල මරණයෙන් කෙළවර වේ නැවත භවයක් නැත පිළිබඳ කතා 29. ධන ධාන්‍යයෙන් සම්පත්වලින් වැඩේ යැයි අනෙකාගේ දියුණුව පිළිබඳ හිස් කතා 30. බොහෝ දෙනාගේ විනාශය පිළිබඳ කතා  31. පස්කම් සුවය පිළිබඳ කතා 32. ශරීරයට දුක්දීම නිවනට හේතුවේ ආදී වශයෙන් සිදුවන නිරර්ථක කතා
ඉහත දක්වන ලද කතා තුළින් ලෝභය වැඩි වී ද්වේෂය
ඉපදීම සිදුවේ. එය මෝහය වර්ධනය වීමකි. ආධ්‍යාත්මික පාරිශුද්ධිය මගහර වන්නකි. ධර්ම දේශන උපදෙස් දීමේදී අදාළ කරුණු ඔප්පු කිරීම විෂයෙහි සත් ච්ෙතනාවෙන් සිදුකරන එවැනි කතා අකුසල් නොවේ. අයහපතින් වැළකීම චාරිත්‍ර ශීලයට අයත් අතර යහපත් යමක යෙදීම චාරිත්‍ර ශීලයයි. වස් සමය චාරිත්‍ර ශීලය වර්ධනය කරන කාලසීමාවක් කරගත යුතුය.
වස් ආරාධනා කර වස් සීලයෙහි පිහිටීම, ස්තූපයක අත්තිවාරම හා සමානය, කඨින චීවරය පූජාව කොත් පැළඳවීම වැනිය. එසේ නම් කොතක් පැළඳවීමට අංගසම්පූර්ණ ස්තූපයක් අවශ්‍ය වේ. වස් තුන් මාසය පුරාම ගිහියා මෙන්ම පැවිද්දා විසින් කඨිනය, අරමුණු කර ගනිමින් යහපත් බාහිර ක්‍රියාකාරකම් මගින් ආධ්‍යාත්මය සංවර්ධනය කරගත යුතුවේ. ඉහත දැක්වූ අයහපතෙන් ඈත්ව යහපතෙහි පිහිටීම වැදගත් වේ. වස් ශික්ෂාව නැවත නැවත ස්මරණය කළ යුතුය. භික්ෂුවට සිව් පසයෙන් උපස්ථාන කළ යුතුය. රාත්‍රියට පමණක් නොව උදේ දවල් දානය ලැබුණේදැයි සෙවිය යුතුය. මෙය ස්තූපයේ ආසනය, පේසාවළලු, දේවතාකොටුව, හතරැස් කොටුව, කොත් කැරැල්ල වේ. භික්ෂුව නිරන්තර දායක පිරිසට ධර්මය කියා දිය යුතුය. එය ස්තූපයේ ගර්භයයි. මෙලෙස ගිහි පැවිදි දෙපක්ෂයම වස් කාලය ගත කරන්නේ නම් කඨිනය නැමති කොත පළඳවා දෙව් මිනිස් සැප කෙළවර උතුම් නිවන සාක්ෂාත් කරගත හැකිවේ.

පෙරහරට පෙර ගමන්.

සෙන්කඩගල පෙරහර උදානය

දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්‍රදාය යි.
දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.
ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.
පෙරහරට පෙර ගමන්..
සෙන්කඩගල පෙරහර උදානය
දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්‍රදාය යි.
දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.
ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.
සුබ නැකතින් තේවා භාර ස්වාමින් වහන්සේ කරඬුව තැන්පත් කර ඇති වැඩ සිටින මාලිගයෙන් පිටතට ගන්නේ පංච තූර්ය නාද මධ්‍යයේය. ඒ අතරතුර කවිකාර මඩුවේ පිරිස් උස් හඬින් ආශිර්වාද ගී ගයති. එසේ කරඬුව වඩමවන මඟ දෙපස සිට පල්ලේමාලේ රාලත්, ගෙපරාලත් සුදු මල් ඉසින්නේ මහත් බැතියකිනි.
එසේ ස්වාමින් වහන්සේ විසින් වඩමවන ලද කරඬුව දියවඩන නිලමේ තුමාගේ සුරතින් තබන්නට පෙර එතුමාගේ දෑත් සදුන් කිරි පැණින් දෝවනය කරගත යුතු වේ. ඉන් අනතුරුව එතුමාගේ සුරතේ පට ලේන්සු දෙකක් අතුරන්නේ කාරියකරවන කෝරාල සහ වට්ටෝරු රාල විසිනි.
තේවා භාර හිමියෝ දියවඩන නිලමේගේ සුරතේ කරඬුව තැන්පත් කරන්නේ ඉන් අනතුරුවයි. මේ මොහොතේ දියවඩන නිලමේ තුමන් සියලු වස්ත්‍රාභරණයෙන් සැරසී සිටීම චිරාගත සම්ප්‍රදාය යි.
දළදා මාලිගයේ ඉදිරිපස දොරටුවෙන් ඇතුළු කරන ලද මංගල හස්ති රාජයා ඒ වන විට රැඳි සිටින්නේ සිරිත් පරිදි පඩිපෙළ මතය. නිලමේ තුමා හස්තිරාජයාගේ පිටෙහි බඳින ලද රන්සිවිගෙයි කරඬුව තැන්පත් කරයි. තම පිට මත කරඬුව තැබීම ඉතා කීකරුව ඉවසමින් ඒ මාහැඟි අවස්ථාවට ඉඩ දෙන හස්තිරාජයා කරඬුව නිසි පරිදි තැන්පත් කිරීමෙන් අනතුරුව පඩිපෙළ බැස යන්නේ ඉතාම පරෙස්සමෙන් ගරු ගම්භීර ලීලාවෙනි. පෙරහර නිල වශයෙන් ආරම්භ වන්නේ මංගල හස්තිරාජයා මාලිගය ඉදිරිපිට සඳකඩ පහණ මතට පැමිණීමෙන් අනතුරුවය.
අලි ඇතුන් කොපමණ සිටියත් කරඬුව වඩම වන්නේ ඊට සුදුසු සද්දන්ත කුලයේ හස්ති රාජයෙකුගේ උර මතයි.
ඒ සඳහා ඉතා පිරිපුන් පි‍්‍රයමනාප පෙනුමකින් යුතු ඇතෙක් තොරා ගනු ලබයි. ඇතුගේ දළ පිහිටීම මෙන්ම පිට මත රන්සිවිගෙය තැන්පත් කරන ‘වත පුටුව‘ නම් ඇතුන්ගේ පිටෙහි පලඳන පුටුවක් ආකාරයේ ආසනය තැන්පත් කළ හැකි පළල් පිටක් තිබීම මෙන්ම කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව කන් සෘජුව තබාගෙන ගම්භීර ලීලාවෙන් යුතු ඇත් ගමනකින් ගමන් කළ හැකි හස්තිරාජයෙකු වීම ද විශේෂත්වයකි.

සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ බෞද්ධ සාහිත්‍යය

සසර දුකින් නිදහස් වීමේ මග පෙන්වූ බෞද්ධ සාහිත්‍යය

පැරැණි බෞද්ධ සාහිත්‍යය, පාලි, සංස්කෘත හා බුදු දහම පැතිර ගිය රටවල භාෂාවලින් ලියැවී ඇත. ටිබෙට් , චීන සිංහල ආදි වශයෙනි. අති උතුම් බෞද්ධ සාහිත්‍ය මුළුමණින්ම ඉදිරිපත් කර ඇත්තේ ත්‍රිපිටකයෙනි. එකල සාහිත්‍යය යන්න යෙදුවේද, සකලවිධ ශාස්ත්‍රීය ඉදිරිපත් කිරීම් පැහැදිළි කිරීමටය. මෙම තුන් පිටකය සෑම බෞද්ධයෙකු විසින්ම ලබා ඇති මිනිස් භවය තුළදී දැන ඉගෙනීම, යහපත් කරුණකි. සසර ගමනට හෝ සසරින් මිදීමට හෝ ඉතාම විශේෂ කාර්යයක් ලෙස තේරුම් ගත යුතුය. මෙම භවයේදී ලැබිය හැකි මෙම උතුම් අවස්ථාව, ඊළඟ භවයකදී හෝ කරගන්නෙමු යැයි සිතීම මුළාවක් හෙයිනි.
එබැවින් කියවා හෝ අසා හෝ දැන ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමට ප්‍රමාද නොවීමත් සුගතිගාමී වීමට හෝ නිවනට මග වන නිසයි. මෙම බුදු දහම අන්තර්ගත තුන් පිටකය බෞද්ධ සාහිත්‍යය ලෙස මෙහිදී හඳුන්වන්නේ, නූතන සාහිත්‍යය, අර්ථයෙන් නොව ඉතා ගරු ගාම්භීර අර්ථයෙනි.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
විනය පිටකය, සුත්ත විභංග , මහා විභංග , භික්ඛුණී විභංග, කන්ධක, මහාවග්ග, චූලවග්ග , පරිවාර යන ග්‍රන්ථ වලින් සමන්විතය.
සූත්‍ර පිටකය , දීඝනිකාය, මජ්ඣිම නිකාය , සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය, ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්ථු, පේත වත්‍ථු, ථෙර ගාථා, ථෙරී ගාථා, ජාතක , නිද්දේශ , පටිසම්බිධා, අපාදාන, බුද්ධවග්ග, චරියා පිටක වලින් සමන්විතය.
අභිධම්ම පිටකය, ධම්ම සංගනී, විභංග , ධාතු කථා, පුද්ගල පඤ්ඤප්ති, කථා වත්ථු, යමක, පට්ඨාන ආදියෙන් යුක්තය. මෙම පාලි සාහිත්‍යයට පරිබාහිරව , මෙම ධර්මය විග්‍රහ කරනුවස් ලියැවුණු සාහිත්‍යයක්ද ඇත. මිලින්ද ප්‍රශ්නය, නෙත්ති ප්‍රකරණය, විනය සහ අභිධර්මය ගැන, බුද්ධදත්ත ථෙර සාමින් ලියනලද, විනය හා අභිධර්මය සම්බන්ධ, ධර්ම ග්‍රන්ථ, පාලි ත්‍රිපිටකය ගැන ලියන ලද විමර්ශන, බුද්ධඝෝෂ හෝ ධර්මපාල ථෙර සාමින් ලියන ලද , පාලි ත්‍රිපිටක හා ජාතක කථා පිළිබඳ විවේචන ග්‍රන්ථ ද ලංකා ඓතිහාසික සම්ප්‍රදාය ගොඩනැගූ දීපවංශය, මහාවංශය හා චූලවංශය හා සංස්කෘත කාව්‍ය සම්ප්‍රදායට අනුගතව ලියන ලද, පසුකාලීන පාලි ග්‍රන්ථ ආදියයි.
මෙයට සම්බන්ධව ,කච්චායන සහ මොග්ගල්ලාන, ව්‍යාකරණ ග්‍රන්ථද , රූපසිද්ධි සහ සද්ධානිති ද අති ප්‍රසිද්ධය. බුද්ධඝෝෂ හිමියන් රචිත විශුද්ධි මාර්ගය , බුදු දහම පිළිබඳ කුඩා විශ්වකෝෂයක් වැනිය. පාලි ග්‍රන්ථ මෙන්ම එකල රචනා කළ සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ දුර්ලභය. මහායාන හා හීනයානයට අයත් සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ දක්නට ඇත. ලෝකෝත්තරවාදීන්ගේ මහාවස්තු විනය ගැන රචනාවූවකි. එහි දීඝ නිකායේ, මජ්ඣිම නිකායේ සූත්‍රද, පාලි ජාතක කතාද දක්නට ඇත. බුදුන්ගේ චරිතය විස්තර කරන ලලිත විස්තරය, මහායාන කෘතියකි. එහි වෛපුල්‍ය සූත්‍රයේ කොටස් දැකිය හැකිය. බුද්ධචරිතය රචනා කළ අශ්වගෝෂද, ජාතක මාලාව ලියූ ආය¸ශූරයන්ද වැදගත්ය.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
පාලි අපාදාන අනුව ලියන ලද, අවාදානයද හොඳ නරක කර්ම නිසා ඇතිවන හොඳ නරක විපාක කියාදෙන කථාන්තර අඩංගු කෘතියකි. මහායාන සූත්‍ර අතර, අෂ්ටසහස්රික ප්‍රඥාපාරමිතා, සද්ධර්මපූන්ඩරිකය, ලලිතවිස්තරය , ලංකාවතාරය, ස්වර්ණ ප්‍රභාෂා, ගන්‍ධව්‍යුහ , තථාගත ග්‍යුහක, සමාධිරාජ හා දශභූමිශ්වර වැදගත්ය. මේවා වෛපුල්ය සූත්‍ර නමි. මෙම බෞද්ධ සාහිත්‍යයේ උසස් නිර්මාණකයන් වූයේ නාගාර්ජුන , වසුබන්ධු , සහ අසංගය.
ඉන්දියානු බෞද්ධ කෘතීන් පරිවර්තනය කර රචිත ටිබෙට් බෞද්ධ කෘතීන් 4,566 ක් පමණ ඇති බව ‘පී.වී.බාපත් ‘ මහතා පෙන්වා දී ඇත. මේවා කොටස් දෙකකි. කන්ජූර් නමින් ප්‍රසිද්ධ අංශයේ කෘතීන් 1,108 ක් ද, බස්තාන් - හ්ග්යුර් නම් තන්ජූර් අංශයේ කෘතීන් 3458 ක් ද වේ.කන්ජූර් අංශ කෘතීන් කොටස් හතකි. 1.විනය ,2.ප්‍රඥා පාරමිතා 3.බුද්ධාවතම්ශාක 4.රත්නකූට ,5.සූත්‍ර ,6.නිර්වාන, 7.තන්ත්‍ර යනුවෙනි. තන්ජූර් තන්ත්‍ර සහ සූත්‍ර යනුවෙන් කොටස් දෙකකි.
ඉන්දියානු කෘතීන්ගෙන් චීන භාෂාවට පරිවර්තිත කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇත. ‘බනියු නන්ජියෝ ‘ සඳහන් කරන අන්දමට කෘතීන් 1662 කි. ඒවා, සූත්‍ර පිටක, විනය පිටක , අභිධම්ම පිටක, සහ විවිධ අංශ වශයෙන් රචනා කොට ඇත. ඊට පසු කලෙක සඳහන් වන අන්දමට බෞද්ධ කෘතීන් 2,184 ක් පමණ ලියැවී ඇත. ඊඒධ්ඉඩ්ර්‍ණ “තයිෂෝ” ගේ මුද්‍රණ වෙළුම් 55 කින් මේවා නිකුත් කොට ඇත.වෙනත් වෙළුම් 25 ක චීන හා ජපන් කෘතීන් රාශියක් පළ කර ඇත. මැන්චූරියන් හා මොන්ගෝලියන් භාෂාවලින්ද ටිබෙට් ‘තන්ජූර්’ පරිවර්තන කර ඇත. මේ අන්දමට බුදු දහම පැතිරුනු බොහෝ රටවල භාෂාවලින් අති විශාල ප්‍රමාණයක් බෞද්ධ ග්‍රන්ථ රචනා කර ඇති අතර ඉන් බලාපොරොත්තු වූයේ මිනිස්කම වර්ධනය කොට සසරදුකින් මුදවා ගැනීමයි.
පාලි හා සංස්කෘත බෞද්ධ සාහිත්‍යය කෘතීන් විමසීමෙන් එය වටහා ගත හැකිය. අනිත්‍ය, දුඞඛ, අනාත්ම , ලෝකයක, ජාති, ජරා, ව්‍යාධි, මරණවලට පත්වන සත්වයා තේරුම් ගැනීමත්, මිනිසාට ඇති මනස නිසි නිවැරදි බුදු මගට යොමුකර දුකින් මිදවීමත්, බෞද්ධ ධර්ම සාහිත්‍යයේ එකම අරමුණ වූ බව පැහැදිලිය. එකලෙක බෞද්ධ කෘතීන් පාලියෙන්ද, ප්‍රාකෘත මිශ්‍ර සංස්කෘත හා පිරිසුදු සංස්කෘත භාෂාවෙන්ද තිබිණ.”මන්ජූශ්‍රී මූලකල්ප හැර වෙනත් කිසිම සාහිත්‍ය කෘතියක් නොමැති අවධියක්ද විය.

තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරයේ බිතුසිතුවමක්
එයට හේතුවූයේ ආරාම වල භික්‍ෂූන්ට හෙරණුන්ට පමණක් බුදු දහම ඉගෙනීම සීමාවූ කලද වූ නිසයි. මෙහි ඵලය වූයේ සතුරු උවදුරු සමග ආරාම විනාශවන විට ග්‍රන්ථ සාහිත්‍ය කෘතීන්ද නැති භංගස්ථාන වූ නිසයි. නූතන අවදියට ඉතිරිවුනු ග්‍රන්ථ ලැබුණේ ඉන්දියාවෙන් පිටත රටවලිනි. ලංකාව, බුරුමය , සියම, සහ නේපාල චීන, ටිබෙට් ,මොන්ගෝලි ග්‍රන්ථ පරිවර්තක වලිනි.
චීන සහ ටිබෙට් ග්‍රන්ථ නාමාවලී වල ග්‍රන්ථ රාශියක් ගැන සඳහන් වේ. ඒ හැරුණු විට මධ්‍යම ආසියාවෙන්ද, මුල් සංස්කෘත කෘතීන් හමුවී ඇත. “රාහුල් සන්ක්‍රිත්යායන් “ හා මහාචාර්ය ජී.ටුකී ගේ සෙවීම් අනුව, මධ්‍යම ආසියාව, ගිල්ගිට් ට්ධ්ඹ්ට්ධ්ඊ හා ටිබෙට් රටවලින් ක්‍රි.ව. 5 , 6 යන සියවස්වලට අයත් ග්‍රන්ථ හමුවී ඇත. මේවා බොහොමයක් ස්තූප හා ආරාමයට ගොඩනගන ලද ගල්කුටිවල තිබී හමුවී ඇත. ඉන් අදහස් වන්නේ මෙම ග්‍රන්ථ කියවීමට නොව වැඳුම් පිදුම් සඳහා පමණක් යොදාගත් බවයි. බොහෝ විහාර පොත්ගුල්ද මේ හා සමානය.
බෞද්ධ සාහිත්‍යය ලෙස සටහන් කෙරෙන ධර්ම ග්‍රන්ථ ලේඛන ඉතා පුළුල් ලෙස කොටස් දෙකකට බෙදේ. පාලි හා මිශ්‍ර සංස්කෘත බසින් ලියා ඇති හීනයාන ග්‍රන්ථ හා පිරිසුදු හා මිශ්‍ර සංස්කෘත බසින් ලියන ලද මහායාන ග්‍රන්ථ වශයෙනි. ඒවා වැඩිදුරටත් හීනයාන හා මහායාන ලෙස නිකාය වලටද බෙදී යයි. බුදුදහම හා බුදුන් තේරුම් ගැනීමට නම් මෙම කෘතීන් කියවීම වැදගත්ය.
සැබෑ බෞද්ධයෙකුට කියවා නිම කළ නොහැකි තරම් ධර්ම විස්තර මෙම කෘතීන්හි අඩංගුය. මනස ධර්ම ස්කන්ධයෙන් පුරවාගෙන සැනසීමට මග මෙම කෘතීන් කියවීමයි. අති විශාල තෘප්තියක් ඉන් ලැබිය හැකිය. වැඩකට ඇති මෙම කෘතීන් කියවීමෙන් සිත පිරිසුදු කර ගත හැකිය.
බෞද්ධ කෘතීන්ගේ ප්‍රධානම අංගය වන්නේ බුදුන්ගේ චරිත විස්තර කථා රචනාය. මෙහිලා ප්‍රධාන ග්‍රන්ථ පහක් ඇත.මහා සාංගික එනම් ලෝකෝත්තරවාදීන්ගේ මහාවස්තු කථාව, සර්වාස්තිවාදීන්ගේ, ලලිත විස්තරය, පිරිසුදු සංස්කෘත භාෂාවෙන් ‘අශ්වකෝෂ’ විසින් රචිත බුද්ධ චරිතය , ජාතක කථාවලට හැඳින්වීමක් වැනිවූ පාලි නිදානකථා, සහ “ ධර්මගුප්ත” විසින් රචිත අභිනිෂ්ක්‍රමණ සූත්‍රයයි. මෙහි චීන පරිවර්තනය”බීල්” නම් ලේඛකයා විසින් 1875 දී”රොමෑන්ටික් ලෙජන්ඩ් ඔෆ් සාක්‍ය බුද්ධ “ නමින් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඇත.

හික්කඩුව කුමාරකන්ද රජමහා විහාරයේ බිතු සිතුවමක්
මීට අමතර ග්‍රන්ථ රාශියකින් බුදුගුණ හා චරිතය රචනා කර ඇතිවාක් මෙන්ම, පෙරකල සිටියායි සඳහන් විවිධ බුදුන් ගැන, මහාපදාන සූත්‍රයේ විස්තර කර ඇත. නිදසුනක් ලෙස විපස්සී බුදුන්ගේ ප්‍රතිරූපයක් ලෙසගෞතම බුද්ධ චරිතය විවරණය කර ඇත. අරිය පරියේෂණ හා මහා පරිනිබ්බාණ සූත්‍රවලද බුද්ධ චරිතයේ අවස්ථා විග්‍රහ කර ඇත. සුත්තනිපාත, අපාදාන, සහ මහාවංශයේද බුදුන්ගේ ජීවන තොරතුරු විස්තර කර ඇත.
පාලි මහාබෝධිවංශයෙහි සූවිසි බුද්ධ චරිත නිර්මාණය කර ඇත. බුදුන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳ , අවුරුදු 45 ක තොරතුරු ජාතක හා සූත්‍ර හැඳින්වීම්වලද, විනය පිටකයේද විස්තර කෙරේ. බුද්ධ චරිත විස්තර වඩාත් ක්‍රමානුකූලව ලියා ඇත්තේ ‘ලලිත විස්තරයේය’ එහි වන විචිත්‍ර ගාථා හා ගද්‍ය පාඨ මගින් ශ්‍රද්ධා භක්තිය ජනනය කරවයි. විවිධ සම්ප්‍රදාය මගින්, ඉතා පැහැදිළිව චරිත විවරණය කර ඇත. බෞද්ධ ජාතක කථා මේ සඳහා මැනවින් යොදා ගෙන ඇත. බුද්ධ චරිතය විග්‍රහ කරන ‘මහාවස්තුව‘ මුද්‍රිත පිටු 1325 කි. විනය පිටකයට අයත් මුල්ම කෘතිය වන මෙහි මහා සාංගීක අදහස් දැක්වේ.
ඔවුහු විසුවේ ,වෛශාලි හා පාටලීපුත්‍රවලය. පසුකාලයේදී ආන්ද්‍ර දේශයේ, අමරාවතී හා නාගර්ජුන කොණ්ඩයට යන ලදී. මෙම කෘතීන්ගේ ශෛලීන් අනුව ක්‍රි.ව. 1 හෝ 2 සියවස් වල රචිත බව පිළිගැනේ. ජනප්‍රවාද, ඓතිහාසික තොරතුරුද , දක්නට ඇත. මෙම කෘතියේ බුදුබව ලබාගැනීමට හේතු වූ ප්‍රකෘති චර්යාවන් පෙන්වා දෙන බැවින්, කියවන අයට බෞද්ධ වත් පිළිවෙත් මැනවින් අවබෝධ කරවයි.
මිනිස් සමාජය යහ මගට යොමු කරන පුවත්ද නිර්මාණ කර ඇත. අපායන් පිළිබඳ තොරතුරු නිදසුනකි. ශ්‍රමණ බ්‍රාහ්මණයනට අවනතවීම, ගරු කිරීම, උපදෙස් ගැනීම, වැඩිහිටියනට සැලකීම, උපදෙස් ගැනීම, යහපත් ගති පැවතුම් , දාන, ශීල , භාවනාදියද , බුදුන් පිදීම හා ඵලද විවරණය කෙරී ඇත. යහපත් ගති පැවතුම් බෝසත් මගට යොමු කරවන බව පහදා දෙයි. බොහෝ ජාතක කතා ඒ සඳහා නිදසුන් කොට දක්වා ඇත.
සැබෑ බෞද්ධ මග යන්නවුනට මෙම කෘතීන් කියවීම වැදගත්ය. සෑම බෞද්ධ කථාවක්ම කියවීමෙන්, ධර්ම ඤාණය පුළුල්වේ. එය නිවනට මගයි. බුදුවීමට පෙරුම් දම් පිරූ බෝසත් කථා කියවීමෙන්, දුකින් මිදීමට, දුන් ධර්ම මාර්ගය, අනුගමනය කිරීමෙන් මේ ලබා උපන් මිනිස් භවයේදීම නිවන් සාක්ෂාත් කරගැනීමට බුද්ධිමත් මිනිසාට හැකිවෙයි. මෙම බෞද්ධ කෘතීන් රචනා කර ඇත්තේ එය පැහැදිලි කර දීමටය.
සූත්‍ර පිටකයට අයත්, නිකාය ග්‍රන්ථ කියවීමෙන්, බෞද්ධ චරිතයක් ගොඩනගාගත් මිනිසාට , ධර්ම මාවත ඉබේම විවෘත වෙයි. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය , ඛුද්දක නිකාය කියවීමෙන් බුදු මග පසක් වේ. එය නිවනයි. මෙම සූත්‍ර විස්තර කරන්නේ ඒ සඳහා අවශ්‍ය ධර්මයයි. මෙම සූත්‍ර අවබෝධ කර ගැනීමට අද ඕනෑම වුවමනා බෞද්ධයෙකුට පුළුවන. සාමාන්‍ය ලිපියකින් එය විවරණය කළ නොහැකිය.
ධම්මපදය බෞද්ධ සාහිත්‍යයේ, විශිෂ්ඨතම නිර්මාණයයි. එය විශ්ව සාහිත්‍ය කෘතියක් ලෙස විශ්ව විද්වතුන්ගේ විවරණයයි. බෞද්ධ , අබෞද්ධ, සියලු දෙනා අතරම ජනපි‍්‍රය කෘතියකි. බුදුන්ගේ ධර්මය එහි අන්තර්ගත වේ. ආසියානු බෞද්ධයන් එකල මෙය කටපාඩමින් භාවිතා කරන ලද බව සඳහන් වේ. ගාථා 423 ක්ද, “ ධම්මපද වග්ග“ එනම් පරිච්ඡේද 26 කින්ද යුක්ත වේ. යහපත් මිනිසෙකු හැදීම මෙහි අභිමතාර්ථයයි. සීල, සමාධි, ප්‍රඥා ඇති කොට යහපත් මිනිසෙකු බිහි කිරීම එහි උසස් අරමුණයි.
අවිද්‍යාවෙන් මුදා අඳුරෙන් ධර්මාලෝකය වෙත ගෙනයාමට මෙම ධම්මපදය ප්‍රබල කෘතියක් වෙයි. මෙවැනි බෞද්ධ කෘතීන් විශාල සංඛ්‍යාවක් ඇති බැවින් ඒවා වෙනම විමසීමෙන්, බෞද්ධ පාඨකයාට ඉමහත් ප්‍රයෝජනයක් ලබාදෙයි. අනෙකුත් රටවල මෙන්ම ලංකාවේ බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදාය යටතේ ලියවුණු සාහිත්‍ය කෘතීන් විශාල ප්‍රමාණයක් අනුරාධපුර යුගයේ සිට මේ දක්වා ලියවී ඇත.විශේෂයෙන් පාලියෙන් හා සිංහලෙන් ලියා ඇති උසස් සාහිත්‍ය කෘතීන් හා කාමයෙන් මිදුනු යහපත් සමාජයක් ඇති කිරීම බැව් ඒවා මැනවින් කියවීමෙන් වටහා ගත හැකිය. ලාංකික විශිෂ්ඨ සාහිත්‍ය සම්ප්‍රදාය, ගොඩනැගුනේ බුදු දහම පදනම් කරගෙන, මිනිසා සසර දුකින් මුදනු පිණිස මිස, බොළඳ කාමයෙන් අශ්ලීල තෘප්තියක් ලබා දීමට නොවේ.