Monday, October 27, 2014

පත්තිනි දේව පූජා

පත්තිනි දේව පූජා



This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.

හැඳින්වීම

පතිවෘත්තාවට බලවත් පත්තිනි දේවිය ඇදහීම සාම්ප්‍රදායික ජන ජීවිතයේ ඉතාමත් දේවත්වයෙන් මෙන්ම ඉතාමත් ගෞරවණීයත්වයකින් සිදු වූවකි. බොහෝවිට යම් යම් ලෙඩ රෝග ව්‍යාධි ආදීන් දුරු කරගැනීම සඳහා දෙවියන්ට භාර වීමෙන් පසු එම පොරොන්දු ඉටු කිරීමත්, ගමේ සියලු දෙනාම එකතු වී ගමට සෙතක් ශාන්තියක් සලස්වා ගැනීමත්, ගමේ සාමය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමත්, පත්තිනි දේව පූජා වලින් බලාපොරොත්තු විය. විශේෂයෙන්ම වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම පත්තිනි දේවිය ඇදහීම වැඩි වශයෙන් සිදුවන අතර එහිදී වඩා වැදගත් වන කිරි අම්මාවරුන්ගේ දානය, අං කෙළිය හා පොල් කෙළිය සම්බන්ධයෙන් විමසීමක් කෙරේ.

කිරි අම්මාවරුන්ගේ දානය


This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
ඉතා පුරාණයේ සිටම ගම් වල පැවත එන චාරිත්‍රයකි කිරිඅම්මාවරුන්ගේ දානය. බොහෝ විට කාන්තාවකට දරු උපතක් සිදුවීමට පෙරාතුව හෝ පැපොල සරම්ප වැනි බෝවන රෝගයක් වැලඳුන විට හෝ කුඩා දරුවකුගේ කිසියම් අසනීප තත්වයක් නිසා හෝ එබඳුවූ අවස්ථාවක ඉක්මනින් නිරෝගී සුවය පතා කිරි අම්මාවරුන් සඳහා බාරයක් ගැට ගැසීම සිරිතකි.
බොහෝවිට බාරය සිදුවන්නේ බදාදා හෝ සෙනසුරාදා දිනකය. බාරය පිරිමහන්නේද එවැනිම වූ කෙම්මර දිනකදීය. මෙම බාරය සඳහා කිරි අම්මාවරු හත්දෙනෙක් යොදා ගැනීම වඩා ප්‍රකටය. කිරි අම්මාවරුන්ගේ දානයට අනිවාර්යෙන්ම සහභාගි කර ගනු ලබන්නේ දරුවන් වැදූ මව්වරුන් පමණය.
ආරාධනා ලැබූ කිරි අම්මාවරු උදෑසනම අදාල නිවසට පැමිණේ. ඔවුන්ට වාඩි වීම සඳහා බිම පැදුරු එලා ඊට උඩින් සුදු රෙදි පිරුවට අතුරා තබා තිබේ. වාඩි වූ පිරිසට කැවුම් කිරිබත් කෙසෙල් ගෙඩි ආදිය එක් වර්ගයකින් තුනක් බැඟින් ලැබෙන ලෙස තුන්වරක් බෙදයි. බොහෝවිට එය කරන්නේ අදාල බාරයට හේතු වූ පුද්ගලයා විසිනි.එසේම කිරිපැණි භාජනය බැඟින්ද ඒ කිරි අම්මාවරුන්ට පූජා කෙරේ. තවද බුලත් කොලයක් පුවක් ඉරුවක් කාසි වලින් පඬුරක්ද මෙසේ දෙනු ලැබේ. මේ කටයුතු සිදු කිරීමට පෙර හඳුන්කූරු දුම්මල වැනි සුවඳ වර්ග හා බුද්ධ පින්තූරයක් සමඟ පොල්තෙල් පහනක්ද දල්වා අම්මාවරුන් සමීපයේ තබනු ලබයි. මෙසේ මූලික කටයුතු අවසන් වීමෙන් වූ පසු කිරි අම්මලා ගෙදර අයද සමඟ පන්සිල් සමාදන්ව බුදුන් වැඳීමක් කරනු ලැබේ. එයින් පසු තෙරුවන් වැඳ පත්තිනි දේවිය සිහිපත් කරමින් යාතිකාවක් පලපුරුදු කිරි අම්මා කෙනෙකු විසින් සිදුකරනු ලැබේ.
සෙත් පැතීම සඳහා යොදා ගන්නා කවියක්
  එර්දි වෙලා උඩු ගුවනේ වඩින්නේ
  එර්දි සලුව ගෙන පවන් සලන්නේ
  සුද්ද ඇතිව දෙන දන් පිලිගන්නේ
  සිද්ධ පතිනි දෙවි මේ පින් ගන්නේ

අං කෙළිය


This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
පත්තිනි දේවියට කෙරෙන උපහාරයක් හැටියට පැවැත්වෙන්නකි. ගම් දෙකක (උඩුපිල හා යටිපිල) දෙපිරිසක් එක්ව අන්දර කොවුලින් සකස් කරන ලද අං "අං රිකිල්ල" නම් තවත් ලොකු කඳක බැදගෙන අවුත් එකිනෙක ක්‍රමවත්ව පටලවා ගහක හා කඳක බැඳ රඳවා ඇද කඩා දැමීම එහි මූලික ක්‍රියාදාමයයි.
පත්තිනි දේවියගේ කතාවක එන සිද්ධියක් මෙම ක්‍රීඩාවට මුල් වූ සේ සලකනු ලැබේ. ඇය තම සැමියා වන පාලගයාර් සමඟ මල් නෙලන්නට ගියාය. පාලගයාර් ගසට නැග මල් කඩද්දී පත්තිනි බිම සිට මල් නෙළුවාය. ඒ අතර ඔවුන් මල් නෙළු කෙකි එකට පැටළිණි. එය ගලවා ගන්නට දෙදෙනාම නොකැමති වූහ. දෙදෙනා දෙපසට අදිද්දී පාලගයාර්ගේ කෙක්ක කැඩී ගියේය. අං කෙළිය පවත්වනු ලබන්නේ එම සිද්ධිය අනුස්මරණය කරන්නටය.
  පා ලඟ ගස උඩ ඉඳ මල් ඉත්තට කෙකි ලා
  ඊ ළඟ පත්තිනි මදවියගේ රන් කෙකි අවු ලා
  මෙ ලක්දිවේ හැම දෙවියෝ අදිති එක් වෙ ලා
  එදා පටන් මේ අං කෙළිය උපත ඇති වෙ ලා
මුළු ක්‍රීඩාව තුළම ඇත්තේ ආගමික මුහුණුවරකි. මල්පැල ඉදිකිරීම, පහන් දැල්වීම, සුවඳ දුම් ඇල්ලීම, කෙම්මර කිරීම ආදියෙන් ඒ වග පැහැදිලි වෙයි. එක් පිලක අඟ බිඳියාමෙන් ක්‍රීඩාව අවසන් වෙයි. එහෙත් ක්‍රීඩා වාරයක් අවසන් වීමට එක් අඟක් පිට පිට වාර තුනක් දිනිය යුතුය. එ

=[සංස්කරණය]

=====
සේ තුන්වරක් දිනන ලද අඟ රිදී මුදුවක් පලඳවා ගමේ දේවාලයේ තැන්පත් කරනු ලැබේ.

පොල් කෙළිය


This file is a candidate for speedy deletion. It may be deleted after බදාදා, 1 ඔක්තොම්බර් 2014.
මෙයද පත්තිනි දේවියට කෙරෙන පූජාවක් හැටියට සලකනු ලබන්නකි. අං කෙළියේදී මෙන්ම පොල් කෙළියේදීද පොල් මල්පැල වල තබා දුම්මල අල්ලා පේ කොට වත් පිළිවෙත් අනුව සිදු කරනු ලැබේ. මෙහිදීද උඩුපිල යටිපිල වශයෙන් දෙපිලක් එක්ව තරඟ කරනු ලැබේ. එක් පිලකින් එවනු ලබන පොල් ගෙඩිය අනෙක් පිලේ අයකු විසින් පොල් ගෙඩියකින්ම ගසා බිඳ දැමීම මෙහිදී කරනු ලබන ක්‍රියාවයි.
පහරදීම සඳහා පොල් එවන්නාද පහර දෙන්නාද යන දෙදෙනාම හොඳ පලපුරුදුකාරයන් වීම මෙහිදී අත්‍යවශ්‍යවෙයි. එමෙන්ම මෙම ක්‍රීඩාවද සිදු කරනු ලබන්නේ කෙම්මර දවස්වල පමණකි.
  සෙල්ලම් සිරිපද මෙ අප රකිනවා
  පුල්වන් දෙවිරජ වරම් ලැබෙනවා
  පුල් පියුමක් දෙවි සුරත දරනවා
  පොල් පූජාවට වරම් ලැබෙනවා

  පද කර කවි කීව්වේ ඔබෙ නාමෙට
  ලෙඩ රෝ දුක් දුරුවෙයි ඔබෙ නාමෙට
  සියළු රෝග දුරුවෙයි තෙද හළඹට
  තෙද වරමක් ලැබුණා පොල් කෙළියට

පත්තිනි දේවිය

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • දැදුරු ඔය බඩ විත්ති. ඇන්.ටී.කරුණාතිලක
  • අපේ විත්ති. කේ.ඇම්.ධර්මදාස
  • විවිධත්ව‍යෙන් යුතු වයඹ සාහිත්‍ය වංශය. කේ.ඇම්.ධර්මදාස

පින

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
චිරප්පවාසිං පුරිසං දුරතො සෝතථිමාගතං
ඤාති මිත්තා සුභජ්ජා ච අභිනන්දන්ති ආගතං
තථෙව කතපුඤ්ඤම්පි අස්මා ලොකෙ පරං ගතං
පුඤ්ඤානි පතිගණ්හන්ති පියං ඤාතිං ච ආගතංති
සුබුද්ධික සුපින්වත,
මේ වස් කාලය යි. වස්කාලය යනු ගිහි, පැවිදි දෙපක්ෂයම පින් රැස්කර ගන්නා අවධියයි. දුරු රට බොහෝ කලක් විසූ අයකු තම රටට ආ විට ඤාතීහු, මිත්‍රයෝ ,සුහදයෝ ඉදිරියට ගොස් සිප වැළඳ පිළිගනිත් ද, පි‍්‍රය බස් කියත් ද, සතුටු වෙත් ද එසේම පුද්ගලයා පරලොව යද්දි පින පිළිගනියි. එසේ හෙයින් පින වනාහි සෙනෙහෙ ඇති ඤාතියා වෙයි.හිතැති මිතුරායි, යහපත් වූ සුහදයා යි. පුද්ගලයා පරලොව යන කල ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යන තෑගි, සම්පත් නමැති අතෙහි දරා පිළිගන්නේ පිනයි.
ජීවිතය ඉපදීම හා මරණය උරුම කොට ඇත. සසර සැරිසරනා සියලු සත්වයෝ උපදිති; මැරෙති. මේ උපත හා මරණය අතර කාල පරාසය තුළ රැස් කරති. රැස් කරන දේ කර්ම නම් වේ. කර්ම පදනම් කොටගෙන උපත හා මරණය සිදුවෙයි. කර්මය සත්වයාට උපතයි. නෑයා ද වෙයි. පිළිසරණයි. එයම උරුම දායාදය වේ. කළණ වූ කර්ම හා පාපී කර්ම ඇත. කළණ වූ කර්මය පින නම් වේ. පින, පිනවීම, පිනායෑම වේ. එය සතුටයි. ‘චිත්තං පුණාතීති පුඤ්ඤං’ සිත පිනා යෑම පිනයි.’හදයං පුණාතීති පුඤ්ඤං’ හදවත පිනා යෑම පිනයි.
බණ නම් නිබොරුය මුනිවර යින්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ
පින නම් නොපමාව ම කර ගන්නේ
ලෝවැඩ සඟරා කතුවරයා අපට කියන්නේ මේ නිසයි. මිනිසා පින් කළ යුතුයි. නිතර නිතර පින් කළ යුතුයි. පිනට කැමැත්ත, මනාපය, ඡන්දය, ඇති කර ගත යුතුයි.පින් කිරීම සතුටට කාරණයකි. පින් කළ කල සතුට මෙලොව පරලොව දෙලොව ලබයි. මා විසින් පින් කරන ලදැයි සුගතියට ගොස් වඩාත් සතුටු වෙයි. තමා කළ යහපත් කර්මය බලා තවත් සතුටු වෙයි.
පෙරභවයන් හි රැස් කළ පින් මේ භවයේ දී පරිභෝජනයට ගනියි.මේ භවයේ රැස්කරන පින් මේ භවය තුළ හා ඊළඟ භවය තුළ පරිභෝජනය කරයි. භව සංසාර ගමනේදි අප අත නොහරින අපේ සෙවනැල්ල සේ සිටින්නේ පිනයි.
විමානවත්තු ප්‍රකරණයෙහි එන රේවතී විමාන වස්තුව, පින හා පව පුද්ගලයාට බලපාන ආකාරය මැනැවින් කියා පායි. බරණැස ඉසිපතනය අසල නන්දික නම් තරුණයෙක් වෙයි. නන්දික ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන කෙරෙහි ප්‍රසන්නයි. පන්සල අමදියි. භික්ෂූන්ට උපස්ථාන කරයි. දන් දෙයි. දුගී මගී යාචකයනට සලකයි. මවුපියන්ට ඇප උපස්ථාන කරයි. ඔහුගේ ඇවැස්ස නෑනා රේවතීය. ඇයට මේ ගුණ නැත. පවිටු අදහස් ඇත්ති ය.ඇවැස්ස නෑනා විවාහ කරගත යුතු වුවත් ඇගේ පවිටු ගති නිසා ඊට කැමැති නැත. නන්දිකගේ මව රේවතියගේ නැන්දා රේවතියට කියන්නේ ඔබත් නන්දික මෙන් යහපත් වන්න, එවිට නන්දික ඔබට කැමැති වෙයි කියා ය. නන්දික ගේ කැමැත්ත ගන්න ඕ ද යහපත්ව කටයුතු කරයි.මෙසේ වෙනස් වූ විට නන්දික ද ඈ සරණපාවා ගන්නට කැමැති විය. සරණපාවා ගත් ඈට නන්දික කියන්නේ මේ පින්කම්වල නිරතවන ලෙසයි.ඕ ද එය පිළිගෙන ඉටු කරයි. මවුපියන් කලුරිය කළ පසු ඔවුන්ට සියලු ධනය හිමි විය.රේවති ය එම නිවෙසෙහි ගෘහණිය විය. දරු දෙදෙනකුද ලැබීය.
නන්දික ඉසිපතනාරාමයට ගබඩා සතරකින් යුත් සියලු උපභෝග පරිභෝග සහිත තට්ටු සතරක සංඝාවාසයක් ඉදිකොට පිදීය. මේ පූජාවත් සමගම දිව්‍ය ලෝකයෙහි ඔහු වෙනුවෙන් සප්තරත්නයෙන් බබළන සුවඳ විහිදෙන රන් විමානයක් පහළ විය. දිව්‍යාංගනාවෝ දහසක් එහි වෙසෙති. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිය විට මේ බබළන දිව්‍ය විමානය දැක, දෙවියකු නැති දෙවඟණන් පිරිවැරූ, රනින් බබළන මේ විමන කාගේ දැයි ඇසූ කල, තවමත් මිනිස් ලොව වසන, සංඝාවාස තනා පූජා කළ පින්වත් නන්දිකයන්ට වෙන් කළ විමානය බව දැක් වී ය.මෙය මුගලන් හිමි පිරිස් මැද දී බුදුන්ට දැන්වූ කල එය එසේ වන්නේ යැයි බුදුරජාණන් වහන්සේ දැන් වූ සේක.
නන්දික දුරක වෙළෙඳාම පිණිස යන්නේ රේවතියට මෙසේ කීය. “මා පිටතට ගිය පසුත් භික්ෂූන් වහන්සේට, දුගී මගී යාචකාදීන්ට දෙන දන්වැට පවත්වාගෙන යන්න.” එහෙත් නන්දික ගිය පසු එම දන්වැට නවත්වයි. ඕ ආහාර ගෙන ඉඳුල් පරිසරයෙහි විසුරුවා අන් අය කැඳවා පෙන්වා භික්ෂුන් දන් වළඳන හැටි මේ බලාපල්ලා’ යි භික්ෂූන්ට නින්දා අපහාස වන අයුරින් දොස් පරොස් පවරයි.
නන්දික පැමිණි පසු ඔහු මේ සිද්ධි දැන ගනියි. රේවතිය නිවෙසින් එළවා දමයි. නැවත දන් වැට ආරම්භ කරයි. භික්ෂූන් වහන්සේට ගරු සත්කාර සම්මාන දක්වයි. හිතමිතුරන්ගේ නෑයන්ගේ ඉල්ලීම මත රේවතිය ගෙන්වා ඇයට ආහාර පාන පමණක් ලබා දෙයි. රේවතිය ද තමන්ගේ යස ඉසුර නැති කළේ භික්ෂූන් වහන්සේ යැයි උන්වහන්සේට ගර්හා කරමින් කතා කරයි.
නන්දික කලුරිය කොට දිව්‍ය ලෝකයෙහි තමන්ට මුලින් ම ඉදි වූ විමානයෙහි වෙසෙයි. රේවතියගේ නරක ක්‍රියා කලාපය දකින වෙසමුණි රජු රේවතිය පණ පිටින්ම අපාගත කරන්නේ යැයි මුලින් ප්‍රසිද්ධ කොට යක්ෂයන් දදෙනෙකු යවා ඈ බලහත්කාරයෙන් ගෙන ගම් දනව් විථිවල ඇවිදවා පසුව දිව්‍ය ලෝකයට ගෙන ගොස් නන්දිකගේ සුවඳ පැතිරී, දෙවඟණන් පිරිවැරි, රනින් යුත් දිව්‍ය විමානය පෙන්වයි. ඒ කාගේ දැයි ඇසූ විට නන්දික ගේ යැයි කියයි. “ඒ මගේ පැරැණි සැමියා. මා මෙහි රඳවන්න යැ’යි රේවතිය ඉල්වයි. මෙහි සිටින්නේ පින් කළ අයයි, ඔබට මෙහි උරුම නැත. ඔබට උරුම තැනට ගෙන යන්නේ යැ’යි කියා සංසවක නම් අපායට ගෙන යයි.
ඒ අපාය කෙබඳු ද යත් අසූචි හා මුත්‍ර වලින් යුත්, ඔරු නැව් හා සමාන පණුවන්ගෙන් යුක්ත වූ ,නහය පැලී යන තරම් දුගන්ධය ඇති තැනකි.යොදුන් සියයක් උසය. යොදුන් සියයක් වටය. මේ ගුථ නම් නරකයෙහි වැටුණ සත්වයන් තියුණ තුඩු ඇති ඉහත දැක්වූ පණුවන් විසින් හාත්පසින්ම සිඳ මස් කනු ලැබෙයි. සම සිඳ, නහර සිඳ, ඇටය, ඇට මිදිලු සිඳ මස් ලිය ලියා කයි. සියලු ශරීරය ගුල්ලන් ගැසූවක් හා සම වෙයි. කපුටන් වැනි සතුන් මස් උගුලා කන්නේය. මිනිස් ලොව අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් මෙහි එක දවසකි. එයින් තිහක් මාසයකි. එයින් මාස දොළහක් අවුරුද්දකි. එයින් අවුරුදු දහස් ගණනක් මෙහි දිවි කාලය වෙයි. පව් කළ රේවතිය මෙම අපායට ගොස් දැමීය. මේ කතා පුවත් තුළින් මතු දැක්වෙන අදහස් අපට ලැබෙයි.
පින් මෙලොව දීම සැප ලබා දෙයි. පින් කළ සැනින් යහපත් තැන්හි විමාන ඉදිවෙයි.මරණින් මතු එහි අනේක විධ වූ සැප වින්දනය කරයි.එහෙත් ශ්‍රද්ධාවෙන් තොරව වෙනත් පටු අරමණු වලින් කරන පින එතරම් සාර්ථක නොවේ. පවද මෙලොව දී විපාක දෙයි. විපාක දුන් කල හෝ එය සකසා නොගත්තොත් පණ පිටින්ම අපාගත වෙයි. එහි බොහෝ කලක් දුක් විඳියි.
එසේනම් දුර්ලභව මිනිස් භවයක් ලැබූ අප සිතිය යුත්තේ සිත, කය, වචන යන තිදොරින් පින් කිරීමටයි. සතුන්ට ආදරය කරුණාව දැක්වීම, කායිකව, වාචසිකව, මානසිකව සතුන්ට හිංසා නොපැමිණවීම, හොරකම් නොකිරීම, අන් දේපළ රැකීම, සමාජ සම්මත නීති රීතින්ට අනුව කම් සැප විඳීම, සත්‍ය වූ සමඟිය ඇති කරන්නා වූ ද ප්‍රිය වූ ද අර්ථවත් වචන කතා කිරීම,ලෝභි නොවීම, නිවැරැදි දැක්ම ආදි වශයෙන් වූ පින් කළ යුතුයි. කඨින චිවර, අටපිරිකර , සංඝාවාස, බණ පොත්, බුදුපිළිම හා වච්චකුටි පූජාව, සඟසතුව දන් දීම මේ ආදිය අට මහා පින්ය. ළිං පොකුණු, ශාලා,ඒ දඬු පාලම්, මල්වතු ,උයන්වතු ඉදිකිරීම දිවා රාත්‍රි‍්‍ර දෙක්හි පින් වැඩෙන පින්කම්ය. විහාර ආරාම අතුපතු ගා පිරිසුදු කිරීම, මං මාවත් පිරිසුදු කිරීම, පොදු ස්ථාන පිරිසුදු කිරීම, ආරක්ෂා කිරීම පිනකි. රත්නත්‍රයට ගරුකිරීම, මවුපිය නැඳිමයිලන්, වැඩිහිටියන් හා ගුරුන් නැමදීම, ගරු සත්කාර දැක්වීම පිනකි. තමන්ටත්, අන් අයටත් සතුටු විය හැකි යහපතක් වූ සියල්ල පින්ය.
එසේ නොවන දේ පව් ය. පව් කළ කල මෙලොව තැවේ. පරලොව තැවේ.දෙලොවම තැවී අපාගතව වඩාත් තැවේ.අපගේ සිත අප මුළා කරයි. පසිඳුරන් රවටයි. අරමුණ තුළ ඇති තතු නොකියයි.මේ නිසා වැරැදි වින්දනයක් ලබා දෙයි. ඒ වින්දනයට ඇලුම් කරන අපි එයම අයිති කරගන්නට සිතමු. මේ දැකීම නිවැරැදි නොවේ. මිරිඟුවකි. මේ නිසා රාගාදි කෙලෙස් තුළින් හරයක් නැති දේ රැස් කරයි.නොදැනීම කරණ කොට ගෙන දුකට පත්වෙයි.
අපා දුකිනුත්, සම්පූර්ණ සසර දුකිනුත් මිදිය හැකි මඟ බුදු මඟයි.ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එහි ගමන් කිරීමෙන් සීල, සමාධි, ප්‍රඥා වැඩේ. ඉන් පිනෙහි නිරතව සසරට අයිති පි‍්‍රය වූ නෑයා ලබයි. සුගතිවල උපදියි. පින් මෝරා ගොස් සසර මඟ තරණය කොට විමුක්තිය ලබයි. නිවනින් සැනසෙයි. බුදුමඟම යමු. නිවනින් සැනසෙමු.

ගඩලාදෙණිය රජ මහා විහාරය

ලාංකේය පුණ්‍ය භූමියේ පවතින ඓතිහාසික වශයෙන් වැදගත් වූ සිද්ධස්ථානයන් අතර තවත් එක් විශේෂිත වූ විහාරස්ථානයක් වශයෙන් ගඩලාදෙණිය රජ මහා විහාරය හඳුනා ගැනිමට හැකිව තිබේ. මෙය සද්ධර්මතිලක රජ මහා විහාරය වශයෙන් ද වහරනු ලැබෙයි.
කොළඹ සිට මහනුවර දක්වාදිවෙන ප්‍රධාන මාර්ගයේ 104 වැනි කි. මී.කණුව ( සැතැ. 65) අසලින් දකුණට ඇති දවුලගල පාරේ මීටර 900 ක් පමණ පැමිණ මෙම ස්ථානයට සමීප විය හැකි ය. ගම්පොල යුගයේ ඔටුණු පලන් රජවරයෙකු වූ iv වන බුවනෙකබාහු ( රාජ්‍ය වර්ෂ 1341 – 1351 ) රජතුමාගේ අනුග්‍රහයෙන් 1වන ධර්මකීර්ති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සේනාධිලංකාර ඇමැතිතුමා විසින් මෙය කරවන ලද බව වෙහෙරබිම ඇති ශිලා ලේඛණයේ සටහනින් සනාථ වෙයි. මෙය ගොඩනංවන ලද්දේ ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැළසුමකට අනුව ය.
ගම්පොළ යුගයේදී කරවන ලද විශේෂිත වූ විහාරස්ථාන ඇත්තේ ගඩලාදෙණිය රජ මහා විහාරය සහ ලංකාතිලක රජ මහා විහාරය පමණි. ගඩලාදෙණිය විහාරය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින්ම නිමවා ඇති නිසාම මෙහි විශේෂිත ආකර්ශනීය පෙනුමකින් අලංකෘත වී තිබේ. අපගේ පැරැණි විහාර ආකෘතියට වෙනස් වූ හින්දු දේවාල ගෘහ නිර්මාණ ශිල්පයට සමීප සම්බන්ධතාවයකින් මෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ දැක ගැනීමට ලැබෙයි. එම යුගයේ බෞද්ධාගමට හින්දු ආභාෂය කාන්දු වූ වටාපිටාවක් තුළ මෙම විහාරයට ද හින්දු දේවාලයක හැඩරුවට අනුගතවී ඇත. මෙම වකවානුවෙහි සිංහල රජවරු ඉන්දියාවෙන් ආනයනය කළ බිසෝවරුන් සරණ පාවා ගත් බැවින් රජතුමා විහාර වන්දනාවට යනවිට දේවියට හුරු පුරුදු වටාපිටාවක් ඇතිකිරීමේ න්‍යායෙන් මෙවන් විහාරස්ථානයකට හින්දු ලක්‍ෂණ සම්බන්ධ කළා විය හැක. මේ වකවානුවේම කළ මෙයට ආසන්නයේම ඇති ලංකාතිලක රජ මහා විහාරයේ ආකෘතියෙහි ද මෙවැනි ලක්‍ෂණ දැකගත හැකි වුව
ද එහි අපගේ සම්ප්‍රදායික ආකෘතියේ ස්පර්ෂයන් ද හඳුනාගත හැකිය.
එහෙත් ගඩලාදෙණිය විහාරය මතින් දිස්වන්නේ හින්දු දේවාලයකට ආවේනික වු බහුතර ලක්‍ෂණයන් ය. එක අතකින් මෙය අපගේ සම්ප්‍රදායික විහාර ආකෘතියට හිතුවක්කාර පෙනුමක් එක් කළ අභියෝගාත්මක ව්‍යායාමයක් ලෙස ද හැඳින්විය හැකි ය. එමෙන්ම ජාතීන් අතර විරසකය ආගමානුකූලව සමනය කළ සාමයේ සංකේතයක් ලෙසින් ද කෙනෙකුට සිතිය හැකි වේ. කැටයම් සහිත කළු ගලින් කළ විහාරය එකක් පස එකක් පරිද්දෙන් කාමර දෙකකින් සහ පිට මණ්ඩපයකින් ද සමන්විතව තිබෙ යි. එහි ඇතුල් කාමරය රියන් 12 ක් පමණ ලෙස විශේෂ ඔත් පිළිමයකින් හා හිටි පිළිම වහන්සේ සිව් නමකින් ද බිතු සිතුවමින් ද සැදුනේ වෙයි. පිට කුටියේ දකුණු පස බිත්තියෙන් පිටතට පන්නා ඇති කුඩා කුටිය මහා විෂ්ණු දේවාලය තනා ඇත.
විසිතුරු කැටයමින් යුතු ත්‍රිත්ව ගල් කණු දෙකකින් සමන්විත පිටත මණ්ඩපය ආකර්ශණීය වෙයි. කැපූ කළු ගලින් නිමැවූ විහාරයේ  පියස්ස ද නිමවා ඇත්තේ කළු ගලින්ම ය. උඩුමහලෙහි අටැස්කොට කැපූ ගලින් නිර්මාණය කර ඇති දාගැබ හැඩරුවින් ගෙඩිගේ විහාර සම්ප්‍රදාය සිහි ගන්ව යි. මෙහි ප්‍රධාන පිළිම වහන්සේ හිඳි පිළිමයකි. ‘සෙල් ලිපියට අනුව මෙම පිළිමය හඳුන්වන්නේ ශක, බ්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරණ ලද වජ්‍රාසනාරූඩව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සාධාතුක මහ පිළිමය වශයෙනි. ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩහුන් පිළිමය තනා ඇත්තේ ගඩොල් සහ බදාම භාවිත කරමිනි. (ලක්දිව සුපතල බුදු පිළිම – මාලිංග අමරසිංහ ) ‘ගඩලාදෙනිය ඉතිහාසය’ නමැති පොත් පිංචෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී කත්ඩක්කුලමේ ධර්‍මකීර්ති නාහිමි සඳහන් කර ඇත්තේ මෙය ශෛලමය පිළිමයක් බව යි. එහි මෙසේ ද සඳහන් වෙයි.
“ එතැන් පත්ව තිබූ ප්‍රතිමා වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ තව්තිසා දෙව් වැසි දෙවියන්ට විජම් බණ දෙසන අයුරු දැක්වෙන ස්වර්ණමය ප්‍රතිමාවකි. එම පිලිමය 1412 දී කෝට්ටේ රජ පැමිණි මඪ වැනි පැරකුම්බා රජු විසින් උළු සෙවිලි පියස්සක් කොට වටදා ගෙයක් සාදා මුළු ගොඩනැගිල්ලම කපරාරු කොට සිතියම් කිරීමෙන් ගොඩනැගිල්ලේ ශොභාන්විතත්වය පිරිහී ගිය නමුදු එහි චිරස්ථිතියට එය උපකාරයක් වී තිබේ” යනුවෙනි. “ ප්‍රතිමා ලක්‍ෂණ අනුව මෙය බොහෝවිට ලාංකීය බුදුපිළිමවල ඇති ලක්‍ෂණයන්ට පටහැනිව තනා තිබේ. බුදු පිළිමයේ ලක්‍ෂණ හින්දු දේව රූපවල දැකිය හැකි ලක්‍ෂණයන්ට බෙහෙවින්ම සමාන වන අතර කිසිඳු ආකාරයකින් එහි ශාන්ත බවක් නො පිහිටා තිබේ” (ලක්දිව සුපතල බුදු පිළිම මාලිංග අමරසිංහ - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – පුරාවිද්‍යා අධ්‍යයන අංශය) සිද්ධස්ථානයේ ඇති තවත් විශේෂ සැමරුමක් වන්නෙ ඉදිරිපිට ගල් තලාවේ අඩි 40ක් පමණ උසට ගොඩ නංවා ඇති චෛත්‍යය යි. උස්වූ කුළුණු 4 ක් මත පියස්සක් යොදා චෛත්‍යයට ආරක්‍ෂාව සළසා දී තිබේ. මෙය විජයොත්පහය චෛත්‍ය රාජයා වශයෙන් හඳුන්වයි.
ගලින් නිමවූ විහාර ගෙවල් 4 ක් සහ ඇත් රූප 8 ක් අට පැත්තෙන් තිබෙන සේ අඩි 12ක් පමණ උසට සෑදූ අඩිතාලමක් මත නිමැවූ මේ අපූරු නිර්මාණය පිළිසකර කරවා ඇත්තේ මඪ වන පරාක්‍රමබාහු
රජතුමා විසින් බව සඳහන් වෙයි. ඇත් රූ දළ පෘතුගීසීන් විසින් විනාශ කළ බවක් ද කියැවෙයි. ඓතිහාසික වටිනාකමකින් යුතු විහාර භූමියේ බෝධීන් වහන්සේ වටව ඇත්තේ ශෛලමය බෝධි ඝරයකිනි.
දඹදිව දෙව්රම් වෙහෙර සමීපයේ ආනන්ද බෝධියේ අංකුරයක් මගින් මෙය රෝපණය කර ඇත්තේ ද 1 ධර්මකීර්ති මාහිමි පාණන් විසිනි. උපෝසථාගාරය සහ සංඝාවාසය ද කලින් කළ ප්‍රතිසංස්කරණය වි
ඇතත් පැරැණි මුහුණුවර නොවෙනස්ව පැවැතීම භාගයකි.
කෙසේ වෙතත් ගඩලාදෙනිය රජ මහා විහාරය අපගේ විහාර වංශ කතාවේ තවත් එක්තරා විශේෂත්වයකින් හෙබි ජාතික උරුමයකි. යුගයක පිය සටහන් හඳුනා ගැනීමට අවැසි සාධක සොයා යන ගමනේදී ගවේෂකයකුට, නිරීක්‍ෂකයකුට ගඩලාදෙණිය ගල්තලාව මත නැවතී විමසීමට බොහෝ දේ ඉතිරිකර තබා තිබේ. මොනයම් වූ සමාජ පසුබිමක දමිළ වූ ආකෘතියකට සෑදුව ද නොසෙල්වන ශෛලමය ස්මාරකය සහිත. වෙහෙර බිමෙන් හමා එන්නේ සිත සංහිඳියාවට පමුණුවන සාමකාමී බව සන්නිවේදනය කරණා සුළං රැල්ලකි. ගඩලාදෙණිය ජාතික උරුමය අදත් නොනැසී පවතින්නේ විරසක
නොවූ එදා මිනිසුන්ගේ හිත් තුළ පැවැති සංයමයට පින්සිදු වන්නටය. එය හෙටත් සුරැකෙන්නේ එවන් මිනිසුන් නිසාම ය.

කුසල් දහමෙහි පමා නොවෙමු

තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරු විය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බව ය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දිවි මඟ අර්ථවත් කරගත යුතු ය.
නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
අත්තානං චෙ පියං ජඤ්ඤා
රක්ඛෙය්‍ය නං සුරක්ඛිතං
තිණ්ණමඤ්ඤතරං යාමං
පටිජග්ගෙය්‍ය පණ්ඩිතො
පින්වත්නි,
ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් වෙයි. ළමා, තරුණ සහ මහලු වශයෙනි. දිවියක සාර්ථකත්වය සඳහා මෙකී අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් කුසල් දහම් රැස්කරගත යුතු ය. තුන් අවස්ථාවේදීම කුසල් සිද්ධකරගත හැකිනම් ඉතාමත් හොඳයි.එසේ කුසලයෙන් පෝෂණය කරන ලද ජීවිතය බෙහෙවින්ම සාර්ථකය.
ජීවිතයක ප්‍රාථමික අවස්ථාව වන බාලවිය ශබ්ද ශාස්ත්‍ර උගෙනීමට පමණක් නොව, පිනට දහමට යොමුවීමට ද බාධාවක් නැත. ඒ සඳහා විශේෂයෙන් මවුපිය, ගුරුවර ආදි වැඩිහිටි පිරිසගේ මඟ පෙන්වීම ඉතා අවශ්‍යයි. සසරේදී ගුණදම්පුරා, බැවුම් වඩා කළණ මිතුරු ඇසුරක් ලබා ඇත්නම් ළමා අවධියේ වුවත් මඟ පල ලබාගත හැකිය. බුදුසසුනේ එවන් උත්තරීතර තත්ත්වයට පත් කුඩා තෙරණුන් වහන්සේ ගැන කොපමණවත් කරුණු සඳහන්ව ඇත. සුමන, සෝපාක, සංකිච්ඡ, රේවත සහ පණ්ඩිත වැනි තෙරුණුන් වහන්සේ සත් හැවිරිදි වියේදීම රහත් බවට පත් උතුමෝ වූහ.
සත් හැවිරිදි රාහුල පොඩිහාමුදුරුවෝ ද උතුම් රහත්ඵලයට පත්ව සිටියහ. දොළොස් හැවිරිදි නිග්‍රෝධ රහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ ධර්මාශෝක මහ අධිරාජයා බුදුසමය වැළඳගෙන සසුන් දියුණුවට සිදුකළ මෙහෙවර සදානුස්මරණීය වේ.
ජීවිතයේ දෙවැනි අදියර වශයෙන් සැලකෙන තරුණ අවධිය ඉතා වැදගත්ම කාලයයි. කායික, මානසික ශක්තිය ඉහළින්ම පවතින මෙම අවස්ථාව කුසලට දහමට නැඹුරු කිරීමෙන් සියලු අර්ථ සිද්ධීන් සපුරාගත හැකිය. බුදුසමයේ ප්‍රාථමික අවධියේ සසුන්ගතවූවන්ගෙන් වැඩිදෙනා යොවුන් වියේ පසුවූ අයයි. බරණැස් සිටුපුත් සහ යසකුල පුත්‍රයාත් ඔහුගේ සගයන් සිව්පනස් දෙනාත් තරුණයෝ ය. භද්දවග්ගිය කුමරුන් හා උපතිස්ස, කෝලිත දෙයහළුවන් ද එසේමය. මේ ආදී දහස් සංඛ්‍යාත තරුණ පිරිස් බුදු සසුනේ පැවිදිව උත්තරීතර අරහත්ඵලය සාක්‍ෂාත් කරගත්හ. අප සිදුහත් කුමරාණන් ද ගිහිගෙය අතහැර ගියේ එකුන්තිස්වැනි වයසේදී බව බුද්ධචරිතයෙහි ප්‍රකට කරුණකි.
මහලු වයස හෙවත් පශ්චිම අවධිය වැඩි වැඩියෙන් පින් කිරීමට යොමුවන කාලයකි. පොහෝ දිනවල විහාරස්ථානවල ධර්මශාලා පිරී පවතින්නේ මහලු උවැසි උවසුවන්ගෙනි. උපාසක අම්මා, උපාසක මහත්මයා යන බෞද්ධ ආගමික ගෞරව නාමයෙන්ද ඔවුහු හැඳින්වෙති. යොවුන් වියේ පසුවන ඇතැම් අය එයට අකැමැත්තක් දක්වති. සමහර තරුණ පිරිස් එම නාමය ලජ්ජාවට කාරණයක් ලෙස සලකති. එහෙත් එය සාවද්‍යය. බෞද්ධ ගිහියාට උරුමවූ උසස්ම වචනය එයයි. ඉන්ද්‍රිය දුබලත්වය නිසා මහලුවිය සිල් පිරීමට හෝ බැවුම් වැඩීමට අපහසු වූවත් උනන්දුවීම හොඳයි.
ඉහත සඳහන් ගාථාවට අනුව ජීවිතයේ අවස්ථා තුනෙන් එක් අවස්ථාවක හෝ කුසලට නැඹුරුවිය යුතු බව දැක්වේ. එහි සම්පූර්ණ තේරුම මෙසේයි.
“තමන්ගේ ජීවිතය තමන්ට පි‍්‍රය නම්, බාල, තරුණ, මහලු යන අවස්ථා තුනෙන් එක් අවස්ථාවකදීවත් නුවණින් යුතුව කුසලයට නැඹුරුවිය යුතු ය. කුසලයෙන් තම ජීවිතය පෝෂණය කරගත යුතු ය.”
මෙම ගාථාව බෝධිරාජ කුමාරයා ඇරැබ දේශන කරන ලද්දකි. එහෙත් සසර සැරිසරන අප හැමදෙනා උදෙසාම දේශනා කරන ලද්දකැයි සිතිය යුතු ය. උපත ලැබූ සැමදෙනාම තමාගේ ජීවිතයට කැමැතිය. ගෙල වැල දමාගත් පුද්ගලයකු වුවත් අන්තිමට දඟලන්නේ එයින් මිදීමටය. විශේෂයෙන් මිනිසත්බවක් ලබාගත් සැමදෙනම සිතිය යුත්තේ දුර්ලභව ලැබූ මේ මිනිසත් බව සාර්ථක කර ගැනීම පිළිබඳවය. “කිච්ඡො මනුස්ස පටිලාභො” යනුවෙන් දැක්වෙන්නේ මිනිසත් බව ලබාගැනීම දුෂ්කර බවය. එය අපට ලැබී ඇත්තේ අතීත භවයන්හි කුසල් කළ නිසා ය. ඒ බව සිහියට ගෙන දස අකුසලින් වැළැකී දස කුසල්හි යෙදෙමින් දිවිමඟ අර්ථවත් කරගත යුතු ය.
කුසල් හෝ අකුසල් සිදුවීමට හේතුවන ප්‍රධාන දොරටු තුනක් ඇත. කය, වචන හා මන යනුවෙන් එම ද්වාර ත්‍රය දැක්වේ. කාය ද්වාරික අකුසල් තුනකි. සතුන් මැරීම, සොරකම් කිරීම හා පරදාරසේවනයයි. වාග් ද්වාරයෙන් සිදුවන අකුසල සතරකි. බොරුකීම, කේලම්කීම, පරුෂ වචනකීම සහ නිසරු වචන දෙඩීම යනු එම සතරයි. මනැස මූලික අකුසල තුනකි. විෂමලෝභය, ව්‍යාපාදය හා මිථ්‍යා දෘෂ්ඨිය යනුයි. මේ දස අකුසල් වලින් වැළැකී දාන ශීලාදී කුසල ධර්මයන්හි යෙදී වාසය කිරීම දෙලොව යහපත පිණිස හේතු වේ.
ඉහත සඳහන් කළ තුන්කාලයෙන් එක් අවස්ථාවකදී හෝ එබඳු යහගුණ වඩා අරි අටඟි මඟට පිවිස උතුම් නිවන්සුවය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට අදිටන් කරගත යුතු ය.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

මහ රහතුන් වැඩි මග



අරන්කැලේ වන සෙනසුන දැක පැහැද වැඳ නැමැද සැනසිය හැකි අපූරු කෙම් බිමකි. ක්‍රි. පූ. යුගයේ සිට පැවැතෙන්නේ යැයි අනුමාන කිරීමට අවශ්‍ය ලකුණු ඇති මෙම ආරණ්‍ය සේනාසනය ජෙට්ථතිස්ස රජතුමා (ක්‍රි. ව. 331 – 340) විසින් සාදවා සඟ සතු කොට පූජා කළ බව සඳහන්ව තිබේ.
ඇත්තෙන්ම අරන්කැලේ ආරණ්‍ය සේනාසනය ගම්මැදි ඓතිහාසික විහාරස්ථානයක් නොවන බවත් එය ස්ථිර වශයෙන්ම යෝගාවචර භික්‍ෂූන් වෙනුවෙන් පරිසර පද්ධතියට අනුකූලව ගොඩනංවන ලද වන සෙනසුනක් බව සාක්‍ෂි දත්ත, නටබුන් ආදිය පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි නිගමනයකට එළඹිය හැකිව තිබේ.
මෙය පිහිටා ඇත්තේ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ය. කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කි. මී. 20 ක් පමණ ගිය තැන දී හමුවන ‘ඉබ්බාගමුව‘ මංසන්දියෙන් ‘මඩගල්ල’ පාරේ පැමිණ ‘අරන්කැලේ’ ග්‍රාමයට ළඟා වීමෙන් අරණට පිවිසිය හැකි ය. වටව ඇති කඳු පන්ති මධ්‍යයේ, විශේෂයෙන් ඓතිහාසික වශයෙන් වටිනා දොළුකන්ද කඳු මෙවුලට ආසන්නව දුම්කන්ද සමීපයේ මෙම වන අරණ පිහිටා තිබෙයි.
වියළි කලාපයට අයත් වසරේ වැඩි මාස ගණනක් වියලි කටුක පරිසර ලක්‍ෂණ මතු කරන පසුබිමක වැඩිමනක් දකින්නට ලැබෙන්නේ හරිත පැහැ පත් නොමැති වියළි ගහ කොළ ය. එහෙත් සසුන් මඟ සන්සුන් ගමන් ඇති පහන් සිතිවිල්ලෙන් පොහොසත් සිත් ඇති අවුල් වියැවුලින් තොර නිවුණු මනසකට අවැසි සුව ඇති භූමියක මෙම වන සෙනසුන ඉදිවී තිබීමෙන් පෙනී යන්නේ අවශ්‍යතාවයට ඉතා උචිත සුදුසු පරිසරයක් අරණ්‍ය සඳහා තෝරා ගෙන ඇති බවකි.
ගිරි සිඛර ඉහැත්තෑවේ සිට වැසි සමයට ඇද හැළෙන ජල ධාරාවෝ අපතේ නොහරිමින් සුරක්‍ෂිත කරමින් සෑදූ ජල පොකුණු තටාංගනාදියෙන් අරන්කැලේ පොහොසත් කර තිබෙ යි.
නිරන්තරයෙන් සිහිල් පරිසරයක ස්වාභාවය රඳවමින් මේ බිමේ වැඩෙනා ගහ කොළ පවා කටුක චිත්‍ර නො මවමින් සොඳුරු පරිසරයක චමත්කාරය සිතට ප්‍රදානය කර යි. රූස්ස හැඩ ඇති රුක් පෙළ මෙන්ම නෙක අතට විහිදුණු සොබා සොඳුරු බව වඩවන ලතාවෝ පරිසරයක විචිත්‍රවත් බව සුරැකීමට රටා මෝස්තර මව යි.
ජනප්‍රවාදයේ පැවැසෙන්නේ දුරාතීතයේදී මෙය දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වෙනුවෙන් කැපවූ පින් බිමක් බව ය.
එය අතිශෝක්තියක් වුව ද, නැති වුව ද මෙය යෝගාවචර භික්‍ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක් වැඩසිටි විහාර සංකීර්ණයක්ව පැවැති බව පුරාවිද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. අරන්කැලේ වන සෙනසුන් බිමේ ඇති සුවිශේෂීම ලක්‍ෂණය නම් කිලෝ මීටරයකට ආසන්න දිගක් සහිත පෙත් මග ය. එය සෙනසුන රමණීය කළ අප සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් වූ අපූරු ඉදිකිරීමක්ම ය. මෙවන් දිගු පෙත් මගක් වෙනත් වන අරණකදී දැක ගැනීම උගහට ය.
වන සෙනසුන මැදින් දිවෙන පෙත් මගෙහි, සම බිමේ ගමන් කර තැනකදී පිය ගැට කීපයක් නැග නැවත සම බිමට පා තැබිය හැකි ය. එසේ දිගු සක්මනකින් පසු වක්‍රාකාර වූ වටරවුමකට පිවිසිය හැකි වෙයි. ගමන වෙහෙස නම් වෘත්ත කණ්ඩියේ හිඳගෙන විඩා නිවා ගැනීමට පුළුවන. වන අරණේ ආවාස කුටි වෙතට පිවිසෙන මංසන්දියක් වශයෙන් ද පෙරදී මෙතැන සැකසුනා විය හැකි ය. පෙත් මග දෑළ මහා රුක් පෙළ මේ යන සන්සුන් ගමනේ දී ඔබට සිසිලස ද සෙවණ ද සළසනු ඇත. අද අප දකින මාර්ගයක වටරවුම් තාක්‍ෂණය දුරාතීතයේදීත් භාවිතයට ගැනුණු හැටි මෙතැන දී අපට දැක ගැනීමට ලැබීම ද විශේෂයකි.
පෙත්මග යනු පා යුග්මයෙන් යනෙන මග ය. එදා මේ වන සෙනසුන විහාර සංකීර්ණයේ ඔබ මොබ වැඩියේ විමුක්ති මාර්ගයට පිළිපන් යෝගාවචර භික්‍ෂූන් වහන්සේ ය. එවන් භික්ෂූන් වහන්සේ නිබඳව ගමන් කරන්නේ, සයන ගත වන්නේ, යහන් ගත වන්නේ, සිටගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ය.
අද හෝ හෙට හෝ මතු දිනක අරන්කැලේ වන සෙනසුන වෙත පැමිණ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ඔබ ද ගමන් කරනු ඇත. දුවන්නන් වාලේ දුවන්නට සිත් නොදෙන සන්සුන් ගමනකට ආරාධනා කරනා අරන්කැලේ පෙත් මඟ මත දී ඔබගේ විසිරුණු සිත එක් අරමුණක රැඳෙන බව නම් නො අනුමාන ය. එයම භාවනාවකි. නිබඳ දිවෙන, කැළඹෙන සැලෙන අප මනසට ද මෙවැනි සන්සුන් ගමන් යන්නට පා යුගලට ආරාධනා කරන මේ පෙත් මග මත දී ඔබේ සිත ඔබට විදානයක් දෙනු ඇත.
‘නොදුවන්න සකි සඳ
යන්න සන්සුන් ගමනින්ම’
ඒ අසිරිය විඳින්නට අරන්කැලේ පෙත් මඟ දිගේ දිනෙක ඔබත් ඇවිද යන්න. යෝගාවචර භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන්ම සුසැඳි උණු පැන් හල, පධාන ඝර, සම්මුඛ ශාලා, පියසක් සහිත සක්මන් කුටි, චක්‍ර මණ්ඩප, සෝපාන පන්ති, භාවනා කුටි, දිය පොකුණු, සීමා මාලකාදියෙන් පොහොසත් අරන්කැලේ වන සෙනසුන පෙත් මග අග ඇති කටාරම් ලකුණු ඇති ස්වාභාවික ගල් ලෙන මතින් කියැවෙන්නේ මෙය ක්‍රි. පූ. 2 – 1 වැනි සියවස දක්වා දුරාතීතයකට නෑකම් කියන බවකි.
ලක් බිමේ අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේ වැඩ සිටියේ මේ කුටියේ බව ජනප්‍රවාදයේ පැවැසෙයි. එය අරන් කැලේ අරණ සේනාසනයට තවත් ගෞරවයකි.
මා දැන් ඔබ සමඟම අරන්කැලේ අරණ වෙත පිවිසුනේ මේ අසිරිමත් පෙත් මඟ දිගේ ය. තව දුර යන්නට බොහෝ තැන් ඇතත් විමැසීමට බොහෝ දේ ඉතිරි වී ඇතත් පිටුවේ සීමා ඉමට පැමිණ ඇති බැවින් විරාමය තබන්නට අදට අවසර පතමි.
අපි ඉතින් ආපසු හැරී එමු. එහෙත් මේ පෙත් මග ස්පර්ශ කළ ඔබ පා යුග්මය ද පින්වන්ත බව සිතන්න.
සබඳ, ඇත්තෙන්ම මේ අප දැන් පසු ගමන් යන්නේ, සංසාර විමුක්තිය සොයා යන මඟ ඇලීම්, බැඳීම්, ගැටීම්, කිසිත් නොමැති නිවන් පින් බිම වෙතට පිවිස මරු පැරැදූ මහ රහතන් වහන්සේ වැඩි පෙත් මඟ ඔස්සේම නොවේදැයි මොහොතක් නැවැතී සිතන්න.

Thursday, October 23, 2014

නිවන




නිර්වාණය යනු සියලු බෞද්ධයන් විසින් දැකීමට බලාපොරොත්තුවන, සියලු දුක්ඛයන්ගෙන් නිදහස්වූ, එකම සදාකාලික සැපයවූ ධර්මතාවයයි. දුකම ස්වභාව කොට ඇත්තාවූ සංසාරයෙන් නිදහස්වීමට ඇති එකම මාර්ගය නිර්වාණයයි. නිවන වචනයෙන් ප්‍රකාශ කල නොහැකි ධර්මතාවක් වන අතර දැකීමෙන්ම (ලබාගැනීමෙන්ම) පමණක් සම්පූර්ණයෙන් අවබෝධ කරගත හැකිය. නිවනෙහි ස්වභායන් වශයෙන් පහත කරුණු දැක්විය හැකිය.

  • අනන්ත සුඛ සුබ ගුනයෙන් යුක්තව පරමාර්ථ වශයෙන් ඇති ධර්මතාවයකි(කිසිවක් නොමැති හිස් බව නොවේ).
  • සදාකාලික වන බැවින් හටගැනීමක් හෝ අභාවයක් හෝ නොමැති ධර්මතාවයකි.
  • සටහනක් (රූපයක්) නොමැත ධර්මතාවයකි.
  • මෙම ලෝකයෙහි හෝ වෙනත් ලෝකයක හෝ දිශාවකහෝ නොපිහිටන ධර්මතාවයකි.
  • බොහෝ සත්වයන් නිලීයන ස්ථානය උවත් තමාකෙරෙහි එකම සත්වයෙකු වත් නැති ධර්මතාවකි.
  • බොහෝසත්වයන් පැමිණෙන නමුත් පැමිණීමෙන් පූර්ණත්වයක් හෝ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ නැත්තාවූ ධර්මතාවයකි.
  • තමාකෙරෙහි කිසි විඳියයුතු සුවයක් නොමැතිව පරම සුඛයක්වූ ධර්මයකි.
  • මාර්ගඵල ඤානයෙන්ම පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ධර්මතාවයකි.
  • නිර්වානයේ අළුත්‍ පරණ ආදී වශයෙන් බේදයක් නොමැත.(වර්ශ අසංඛය කට පෙර දක්නාලද නිර්වාණයත් මේශාසනයේදී දක්නාලද නිර්වානයත් අතර භේදයක් නොමැත)
නිර්වාණය (Nirvāṇa) යනු නිවන යන්නට සංස්කෘත බසින් යෙදෙන පදයයි. පාලි බසින් නිබ්බාන යනුවෙන් හඳුන්වයි. සත්වයා භවයෙන් භවයට වියන තණ්හාව නැමැති ගෙතුමෙන් ඉක්මීම නිබ්බාන වේ.
නි + වාන = නිබන = නිබ්බාන
නි = නික්මීම
වාන = තෘෂ්ණාව
නිර්වාණය පිළිබඳ විෂය බෞද්ධ දර්ශනයේ ඉතා වැදගත් තැනක් ගනී. නිර්වාණය පිළිබඳ හීනයානිකයින් සහ මහායානිකයින් අතර වෙනස්කම් පවති. නිර්වාණය පිළිබඳ සහ නිර්වාණය යනු භාව රූපයක් ද නැතහොත් අභාව රූපයක් ද යන්න පිළිබඳ බුදු දහමේ සෑම සම්ප්‍රදායක්ම සෑහෙන තරම් විමසීමක් කර තිබේ.

ථේරවාද බුද්ධ ධර්මය අනුව නිර්වාණය


හීනයාන සම්ප්‍රදායට අනුව සත්ත්වයා තුන් ආකාර දුක්වලින් පීඩාවිඳියි.
  • දුඃඛ දුඃඛතා - භෞතික සහ මානසික හේතු නිසා උපන් ක්ලේශයන්
  • සංසාර දුඃඛතා - උපත සහ විනාශ ස්වභාවය ඇති ලෝකයේ වස්තූන් නිසා උපන් ක්ලේශයන්
  • විපරිණාම දුඃඛතා - සැපය දුකට පෙරලීම නිසා උපන් ක්ලේශයන්
චතුරාර්ය සත්‍යය පිළිබඳ ඥානයෙන් ද,ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරිමෙන් ද හීනයාන සම්ප්‍රදායට අනුව මෙම ක්ලේශයන්ගෙන් සදාකාලිකවම විමුක්තිය ලබාගත හැක. මෙය නිර්වාණය වන අතර නිර්වාණය ක්ලේශාභාව රූපයක් සහ සුඛ රූපයක් ලෙස හීනයානය දක්වා තිබේ.

බොහෝ හීනයාන නිකායන් නිර්වාණය අභාවාත්මක බව පිළිගනියි. මිළින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියන් පැහැදිලිවම ප්‍රකාෂ කර ඇත්තේ නිරෝධයට පත්වීම නිර්වාණය බවයි. සත්ත්වයා ඉන්ද්‍රියන් පිනවීමේ සහ විෂයන් උපභෝග කිරිමෙහි ඇලී සිටිම නිසා නිරන්තරයෙන් දුකට පත්වෙයි. එහෙත් ඥානවන්ත ආර්‍ය ශ්‍රාවකයා මේවා සමඟ කිසිවිටෙකත් නොඇලෙයි. එසේම එය සතුටක් ලෙසද නොගනී. එහි ප්‍රතිඵලය නම් ඔහුගේ තණ්හාව නැතිවීමයි. තෘෂ්ණා නිරෝධය (තණ්හාව නැතිවීම) සමග උපාදාන සහ භව නිරෝධය වෙයි. එවිට පුනර්භවයෙන් බැඳුනු සියලු දුක් නවති. මෙසේ තණ්හාධික ක්ලේශයන්ගෙන් නිරෝධයට පත්වීම නිර්වාණයි. නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි. එයට හේතුව පුද්ගලත්වය තනා රැකීමට කිසිවක් ඉතිරි නොවීමයි.

සංසාරයේ හටගන්නා සියලුම වස්තුන් කර්මය නිසා හෝ හේතුවක් නිසා හෝ සෘතු අනුව හෝ හටගනී. එහෙත් නිර්වාණය මේ කිසිවක් නිසා උපදින්නක් නොවේ. එය හේතු රහිත ත්‍රිකාලාතීත, ඉන්ද්‍රයාතීත, වචනයෙන් විස්තර කළ නොහැකි පදාර්ථයකි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගැනීමට ක්‍රමයක් ඇතත් එය ඉපදවීමට ක්‍රමයක් නොමැත. එහි උත්පාදක හේතුව දැක්විය නොහැකි අතර උත්පාද රහිත වේ. එයට හේතුව නිර්වාණය නිර්ගුණ වීමයි. එය අතීත, වර්තමාන, අනාගත කාලයන්ට අයත් නොවන අතර ඉන්ද්‍රිය ගෝචර ද නොවේ.
තේරවාදී දෘශ්ටිය අනුව, බුදුන් විසින් යමක් පිළිබඳව ධර්මය දෙශනා කරණ ලද නම් එහි පරම ඉලක්කය නිර්වාණයයි. යම් විටක අවිද්‍යාව සම්පුර්ණයෙන් නැතිකර දමන ලදද එවිට රහතුන් ලබන තත්ත්වය නිර්වාණයයි. නිර්වාණය මේ ලෝකයේදීම ලබාගත යුත්තකි. නිර්වාණය වනාහි මානසික සහ භෞතික ජීවිතයේ පරම නිරෝධය වන අතර එය ලැබීමෙන් පසු පුද්ගලත්වය සියලු අයුරින්ම නැතිවී යයි. නිර්වාණය නම් නිවීයාමයි. පහනක ආලෝකය පවතින්නේ පහන් වැටියත් තෙලුත් පවත්නා තෙක්ය. මේවා විනාශ වී යාමෙන් පහනේ ආලෝකය නැතිවී යයි. මෙලෙස තෘෂ්ණා ආදී ක්ලේශයන් විනාශ වීමෙන් යම් විටක මේ භෞතික ජීවිතයේ පරම ඉලක්කයට පත්වෙයිද එවිට එය නිර්වාණය යයි කියනු ලැබේ. ථේරවාදයට අනුවද නිර්වාණය අභාවාත්මකයි.

මහායානයට අනුව නිර්වාණය


හීනයානිකයින් විසින් දක්වන නිර්වාණය වාස්තවික වශයෙන් නිර්වාණය ලෙස මහායානිකයන් පිළිනොගන්නා අතර එය හුදෙක් ක්‍ලේශාවරණයේන් පමණක් ක්ෂයවීම ලෙස සලකයි.ඥෙයාවරණයේ පැවැත්ම ඉතිරිව තිබෙන්නේය. මහායානිකයන්ට සර්වඥතාවය (නිර්වාණය) යනු මෙම ‍දෙයාවරණයම දුරු කිරිම වේ.

නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන සමානතා

  • මෙය වචනවලින් ප්‍රකාෂ කල නොහැක. මෙය අසංකෘත ධර්මයකි. එනිසා උත්පත්තියක්, විනාශ වීමක්, පරිවර්තනය වීමක් නොමැත.
  • මෙහි අනුභූතිය තමා විසින්ම ලබා ගත යුතුය.
  • මෙය අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අයත් බුදුවරුන් සඳහා එකක් වේ. එසේම සම වේ.
  • මාර්ගය තුලින් නිර්වාණය ලැබිය හැක.
  • නිර්වාණයෙන් පසුව පුද්ගලත්වය සම්පුර්ණයෙන්ම නැතිවී යයි.
  • බුදුන්ගේ ඥානය සහ ලෝකෝත්තර තත්ත්වය රහතුන්ගේ ඥානයට සහ තත්ත්වයට වඩා ඉතාමත් උසස් වේ. නිර්වාණය සඳහා ද එසේම වේ.

නිර්වාණය පිළිබඳ ථේරවාද සහ මහායාන අසමානතා

ථේරවාදයමහායානය
නිර්වාණය සත්‍ය නිත්‍ය දුක්ඛාභාව සහ පිවිතුරුයිනිර්වාණය දුක්ඛාභාවයක් නොවන අතර සුඛස්වරූපයෙන් යුක්තයි. මාධ්‍යමිකයින් සහ යෝගාචාරින් නිත්‍ය, අනිත්‍ය, සුබ සහ දුක්ඛ පිළිනොගන්නා අතර නිර්වාණය අනිර්වචනීය වෙයි.
නිර්වාණය ලබා ගැනීමේ වස්තුවකි (ප්‍රාප්තම්)නිර්වාණය අප්‍රාප්තයි
නිර්වාණය භික්ෂුන්ගේ ධ්‍යාන සහ ඥානය සඳහා අරමුණු වන්නකිඥාතා-ඥෙය, විෂයි-විෂය නිර්වාණය සහ භික්ෂුවකගේ කිසම අයුරකින් අන්තරයක් නොවේ.
නිර්වාණය ලෝකෝත්තර තත්ත්වයකි. සත්වයන්ට සියල්ලට වඩා උසස් තත්ත්වය මෙයයිලෝකෝත්තර තත්ත්වයට වඩා උසස් තත්ත්වයකි. යෝගාචර සහ හීනමාන මත දරන්නන් විමුක්තිකාය (මෝක්ෂය) ලබයි. මහායානිකයෝ ධර්මකාය සහ සර්වඥත්වය (නිර්වාණය) ලබති.
නිර්වාණයේ කොටස් දෙකකි. සොපධි ශේෂ (ප්‍රතිසංඛ්‍යා නිරෝධ) සහ නිරුපධි ශේෂ (අප්‍රතිසංඛ්‍යා නිරෝධ)යෝගාචරයන්ගේ මතයට අනුව නිර්වාණය කොටස් දෙකකින් යුක්තයි. ප්‍රකෘති ශුද්ධ සහ අප්‍රතිෂ්ඨීත
නිර්වාණය සහ සංසාරයේ ධර්ම සමතාව පිළි නොගනීමාධ්‍යමිකයින්ට අනුව නිර්වාණය නිරාකාර පරමාර්ථ භූතයයි. අනෙක් පදාර්ථ හුදෙක් සිතේ විකල්ප මාත්‍රයි. එහෙයින් නිර්වාණයේ සහ සංසාරයේ ධර්ම සමතාවක් වේ.
ලෝකයේ පදාර්ථයන්ගේ සත්තාව පිළිගනී. නිර්වාණය සේම ලෝකය ද සත්‍යයිමාධ්‍යමිකයින්ට සහ යෝගාචාරින්ට අනුව නිර්වාණය අද්වෛතයි. ලෝකයේ ප්‍රපංචයන් මායාවෙන් සහ මිත්‍යාවෙන් යුක්තයි.
දෙවැදැරුම් ආවරණයන් පිළිනොගනී.දෙවැදැරුම් ආවරණයන් පිළිගනී. ඒවා නම් ක්ලේශාවරණය සහ ඥෙයාවරණයයි. මහායානික මතය අනුව ඔවුන්ට මේ ‍ආවරණ දෙකෙන්ම මිදිය හැකි අතර හීනයානිකයින්ට මිදිය හැක්කේ ක්ලේශාවරණයෙන් පමණි.

වස් සමයෙහි පිළිවෙත් පුරමු

අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.
මාස 03ක් මුළුල්ලෙහිම භික්ෂුව සහ ගිහියාගේ ක්‍රියාකාරකම් විනය ප්‍රඥප්ති කඩ නොකොට ආරක්ෂා වන්නේ නම් ඒ තුළ කඨින පින්කමක් චීවර මාසය තුළ සිදුකළ හැකිය. මේ නිසාම වස් වසන සෑම තැනකම කඨිනයක් නියමාකාරයෙන් සිදුකිරීමේ වාතාවරණ සැලසෙන්නේ නැත. භික්ෂුව මෙන්ම ගිහියා විසින්ද මේ ස්වභාවය පිළිබඳ නිවැරදි අවබෝධය සකසාගත යුතුය. ලෝකමානයෙන් පින්කම් කිරීම අතහැර අවබෝධයෙන්ම පින්කම්හි නිරත වීම වඩාත් කුසල් සම්පාදනයට හේතුවේ.
වස් විසීමේදී සෙනසුන් තෝරා ගැනීමේ සිට විනයානුකූලව කටයුතු කිරීම අවශ්‍යය. මහාවග්ග පාලියෙහි වස්සූපනායිකක්ඛන්ධකයෙහි සෙනසුන් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කාරණාවන් කිහිපයක් මෙසේ දක්වා ඇත.
1. වන සතුන්ගෙන් හිරිහැර වන ස්ථාන
2. සොරුන්ගෙන් කරදර ඇතිවන ස්ථාන
3. අමනුෂ්‍ය කරදර ඇති ස්ථාන
4. දායකගම (ගොදුරුගම) ගින්නෙන් විනාශ වීම
5. ගොදුරුගම ජලයෙන් යටවීම
6. වැඩ වෙසෙන සෙනසුන ජලයෙන් යටවීම
මෙවැනි ස්වභාවික විපත් ඇති වුවහොත් භික්ෂුවට සෙනසුනේ සිටීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ. එහෙයින් සමාදන් වූ ශික්ෂාව ජේදනය විය හැකිය. වස් විසීමේදී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.
වස් විසීම ආරම්භ කළ දින සිටම පවාරණය දක්වාම දායකයා පැහැදෙන අයුරින් භික්ෂුව සිටිය යුතු වේ. ධර්මයට අනුව භික්ෂුව නිරන්තරවම ගිහියාගේ ශ්‍රද්ධාව වැඩි වන ලෙස සිටීම අතිශය වැදගත්ය. වස් කාලසීමාව නිරන්තරවම පැහැදීම ජනිත වන ලෙස විසිය යුතුවේ.
අප්පසන්නානං වා පසාදාය
පසන්නානං වා භීයේ‍යාභාවය
“නුපැහැදුණු අයගේ පැහැදීම පිණිසත් පැහැදුණු අයගේ පැහැදීම වැඩිවීම පිණිසත් භික්ෂුව ක්‍රියා කළ යුතුය”
වස් ආරාධනා කරනු ලබන දායක පිරිස මෙන්ම සමාදන් වන භික්ෂුවද තම තත්ත්වයට නොසුදුසු කතාවෙන් ඉවත්විය යුතුය. විශේෂයෙන් ඒ බව ධම්ම පදයේදී පවා නිරන්තරව සඳහන් වේ. අනුන්ගේ අඩුලුහුඬුකම් සෙවීමෙන් ඉවත්ව තම තමන්ගේ දුර්වලතාවයන් හඳුනාගත යුතුය. තවෙකු විසින් කළ නොකළ දෑ නොසොයා තමා විසින් කළ යුතු දේ මෙන්ම මතෛක් නොකළ දෑ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
න පරේසං විලෝමානි
නපරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානිච
“අනෙකා කළ නොකළ දෑ වැඩක් නැත. තමා විසින් කළ යුතු දේ පිළිබඳව සොයමින් තම දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න”
පරාභව මෙන්ම කරණීය මෙත්ත සූත්‍රයේදීද ඉහත ගුණයම අවධාරිතය ‘නිද්ද්‍රාශීලී සභාසීලී” ලෙස පරාභව සූත්‍රයේදී අවධාරණය කරනුයේ අර්ථ විරහිත වචනයෙන් කාලය වැය කිරීම, පිරිහීම හෙවත් පරාභවයට හේතුවන බවයි. “අප්පකිච්චෝ” යනුවෙන් කරණීය මෙත්ත සූත්‍ර දේශනාවෙහිදී අවධාරණය වන්නේ නිවන් සාධනයෙහිලා අල්පකෘත්‍ය හෙවත් වැඩ කටයුතු අඩු කෙනෙකු විය යුතු බවය. වැඩකටයුතු අඩු යන්නෙන් පැහැදිලි කරනුයේ තම අරමුණට නොවැදගත් දෑ බැහැර කිරීමයි. වස් සමාදන් වන භික්ෂුව මෙන්ම ගිහියාද තම අරමුණ අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම චතුර්විධ වාග් දුශ්චරිතයෙන් ඉවත් විය යුතුවේ. කඨින පින්කම අරමුණක් කොට ගනිමින් එයම කමටහනක් බවට පත්කර ගැනීම තුළ වෙන අරමුණු තමාට නොයෙයි. එයම චිත්ත සමාධියට මගකි. තුන් මාසය පුරාම යමෙකු එම සිතුවිල්ලෙන් කල් ගෙවන්නේද එයම කඨිනානිසංස වර්ධනයට හේතුවක් වේ.
ගිහියා හෝ පැවිද්දා නිවන අරමුණු කරන්නේ නම් ඔහු විසින් අත්හළ යුතු කතා 32ක් (දෙතිස් කතා) ධර්මයෙහි සඳහන්ය. මෙම අනවශ්‍ය කතා වෙනත් කාලයන්ටත් වඩා වස් කාල සීමාවට බොහෝ සෙයින්ම අදාළ කරගත හැකිය. එය මෙසේ දැක්විය හැකිය.
1. රාජ කතා - රජුන් පිළිබඳ කතා 2. චෝර කතා - සොරුන් පිළිබඳ කතා 3. මහ ඇමැතිවරුන් පිළිබඳ කතා 4. යුද්ධ සේනාවන් පිළිබඳ කතා 5. බියවීම පිළිබඳ කතා 6. යුද්ධයන් පිළිබඳ කතා 7. ආහාර පිළිබඳ කතා 8. පාන වර්ග පිළිබඳ කතා 9. ඇඳුම් පිළිබඳ කතා 10. මල් මාලා ආදිය පිළිබඳ කතා 11. සුවඳ වර්ග පිළිබඳ කතා 12. නෑයන් පිළිබඳ කතා 13. රථවාහන පිළිබඳ කතා 14. ගම් පිළිබඳ කතා 15. නියම් ගම් පිළිබඳ කතා 16. නගරයන් හි සුන්දරත්වය පිළිබඳ කතා 17. ජනපදයන් පිළිබඳ කතා 18. ස්ත්‍රීන් පිළිබඳ කතා 19. ශූර ක්‍රියා පිළිබඳ කතා 20. මත්පැන් පිළිබඳ කතා 21. වීථි හෙවත් මාර්ග පිළිබඳ
කතා 22. පැන් තොටට එන ස්ත්‍රීන් පිළිබඳ කතා 23. පූර්ව ප්‍රේතයන් පිළිබඳ කතා 24. නිශ්චල දේ පිළිබඳ කතා 25. ලෝකය පිළිබඳ අර්ථ විරහිත කතා 26. සාගර පිළිබඳ කතා 27. නොනැසී පවතින ආත්මයක් පිළිබඳ කතා 28. සියල්ල මරණයෙන් කෙළවර වේ නැවත භවයක් නැත පිළිබඳ කතා 29. ධන ධාන්‍යයෙන් සම්පත්වලින් වැඩේ යැයි අනෙකාගේ දියුණුව පිළිබඳ හිස් කතා 30. බොහෝ දෙනාගේ විනාශය පිළිබඳ කතා  31. පස්කම් සුවය පිළිබඳ කතා 32. ශරීරයට දුක්දීම නිවනට හේතුවේ ආදී වශයෙන් සිදුවන නිරර්ථක කතා
ඉහත දක්වන ලද කතා තුළින් ලෝභය වැඩි වී ද්වේෂය
ඉපදීම සිදුවේ. එය මෝහය වර්ධනය වීමකි. ආධ්‍යාත්මික පාරිශුද්ධිය මගහර වන්නකි. ධර්ම දේශන උපදෙස් දීමේදී අදාළ කරුණු ඔප්පු කිරීම විෂයෙහි සත් ච්ෙතනාවෙන් සිදුකරන එවැනි කතා අකුසල් නොවේ. අයහපතින් වැළකීම චාරිත්‍ර ශීලයට අයත් අතර යහපත් යමක යෙදීම චාරිත්‍ර ශීලයයි. වස් සමය චාරිත්‍ර ශීලය වර්ධනය කරන කාලසීමාවක් කරගත යුතුය.
වස් ආරාධනා කර වස් සීලයෙහි පිහිටීම, ස්තූපයක අත්තිවාරම හා සමානය, කඨින චීවරය පූජාව කොත් පැළඳවීම වැනිය. එසේ නම් කොතක් පැළඳවීමට අංගසම්පූර්ණ ස්තූපයක් අවශ්‍ය වේ. වස් තුන් මාසය පුරාම ගිහියා මෙන්ම පැවිද්දා විසින් කඨිනය, අරමුණු කර ගනිමින් යහපත් බාහිර ක්‍රියාකාරකම් මගින් ආධ්‍යාත්මය සංවර්ධනය කරගත යුතුවේ. ඉහත දැක්වූ අයහපතෙන් ඈත්ව යහපතෙහි පිහිටීම වැදගත් වේ. වස් ශික්ෂාව නැවත නැවත ස්මරණය කළ යුතුය. භික්ෂුවට සිව් පසයෙන් උපස්ථාන කළ යුතුය. රාත්‍රියට පමණක් නොව උදේ දවල් දානය ලැබුණේදැයි සෙවිය යුතුය. මෙය ස්තූපයේ ආසනය, පේසාවළලු, දේවතාකොටුව, හතරැස් කොටුව, කොත් කැරැල්ල වේ. භික්ෂුව නිරන්තර දායක පිරිසට ධර්මය කියා දිය යුතුය. එය ස්තූපයේ ගර්භයයි. මෙලෙස ගිහි පැවිදි දෙපක්ෂයම වස් කාලය ගත කරන්නේ නම් කඨිනය නැමති කොත පළඳවා දෙව් මිනිස් සැප කෙළවර උතුම් නිවන සාක්ෂාත් කරගත හැකිවේ.